යාපනය කොටුව

යාපනය කොටුවේ සිරවී සිටි හමුදා සහ සීමිත පොලිස් පිරිස්වලට සහන ලබාදීමටත් බරපතල තුවාලකරුවන් මුදාගැනීමේ අරමුණින් ගුවන් හමුදාව දියත්කල රාජාලියා මෙහෙයුම හෙවත් Operation Eagle මෙහෙයුමට අදට හරියටම වසර 28යි .විං කමාන්ඩර් සුනිල් කබ්රාල්ගේ මෙහෙයුමෙන් දියත් කෙරුණු මේ ක්‍රියාන්විතයට හෙලිකොප්ටර් සහ අනිත් යානා 17ක් යොදා ගැනිනි.ත්‍රස්තයන් සති 5 ක් තිස්සේ විටින් විට දරුනු ප්‍රහාර කොටුවට එල්ලකළ අතර අඛණ්ඩව පැය 72ක් තිස්සේ කොටුවට ඉතා දරුණු ප්‍රහාර එල්ලකරමින් කොටුව අල්ලාගැනීමේ අවසන් මෙහෙයුම අරඹා තිබුණු අතර ඒවනවිටත් කොටුවට ඉතා ආසන්නව ත්‍රස්තයන් භට පිරිස් වටකරගෙන් සිට ඇත.ඉතා දරුණු වෙඩි උණ්ඩ, ආහාර සහ ජලය හිඟයකට අණදෙන නිලධාරී කපිතාන් ජයන්ත පෙරේරා ඇතුළු 200 කට ආසන්න 6 වන සිංහ රෙජිමීන්තු භටපිරිස් සහ පොලිස් පිරිසක්ද මුහුනදී සිටියහ.බොහෝ දෙනෙක් එවෙනවිට තුවාල ලබා සිට ඇති අතර ඉන් 7ක් බරපතල තත්වයේ පසුවිය.ඉක්මනින්ම උණ්ඩ සහ රේඩියෝ බැටරි ලබාදීමත් තුවාලකරුවන් ඉවත්කරගැනීමත් ගුවන්හමුදාවට පැවරිණි. මිට පෙර කීපවිටක්ම හෙලිකොප්ටර් යානා ගොඩබැස්විමට උත්සාහ කල නමුත් දැඩි වෙඩි ප්‍රහාර නිසා ඒ සියල්ලක්ම නිශ්ඵල විය.

එවකට අනුරාධපුරයේ සිටි උතුරු බාර ගුවන් ආඥාදායක සුනිල් කබ්රාල් ක්ෂණිකව සහ ඉතා සුක්ෂමව මෙම මෙහෙයුම ඉතා සුළු කාලෙකින් සැලසුම් කල අතර කොටුවී සිටින භට පිරිස් වලට සහනයක් ලබාදිමට රජයෙන්ද දැඩි පීඩනයක්ද එල්ලවී තිබිණි. 1දා සවස වනටිට කොටුවේ තත්වය ඉතා උග්‍රවී තිබුණි.අණදෙන නිලධාරී ජයන්ත පෙරේරාත් ඒවනවිට තුවාල ලබා සිට ඇත .කටුනායකින් අතිරේක හෙලිකොප්ටර යානා අනුරාධපුර ගුවන්තොටුපළට ඉක්මනින් කැඳවා සියලු නියමුවන් රැස්කර මෙහෙයුම සහ උපාය මාර්ග එහිදී සාකච්ඡා කෙරිණි. මේ සැලැස්ම රහස් සංකේත වලින් ලියා හිස් බෝම්බයක් ඇතුලට දමා ෆ්ලයින් ඔෆිසර් ප්‍රියන්ත අදිකාරම් ඉතාලියේ නිෂ්පාදිත SIAI Marchetti ප්‍රහාරක යානයකින් අනුරාධපුර ගුවන් කදවුරෙන් පිටත්ව ඒවන විට සියලු පණිවුඩ ඇනහිට තිබු යාපනය කොටුව තුලට 2දා දහවල් වනවිට සාර්ථකව පතිත කර තිබුණි.

ස්කොඩ්‍රන් ලීඩර් ලසන්ත වෛද්‍යරත්න ගොඩබෑම් හෙලිකොප්ටරය වූ Bell 412 (CH 524 ) යානයේ ප්‍රධාන නියමු ලෙස නම්කල අතර ඒ සදහා ඔහු ඉතා උනන්දුවකින් සහභාගීවිය.සහායක නියමු වශයෙන් ෆ්ලයින් ඔෆිසර් අවීන්ද්‍ර මිරැන්ඩෝ ස්වේච්චාවෙන්ම ඉදිරිපත්විය. රාහුල ප්‍රනාන්දු සහ විමලධර්ම සූරියදාස පැති අවිකරුවන් විය.2දා සවස විං කමාන්ඩර් සුනිල් කබ්රාල් ලසන්තට සහ අවීන්ද්‍රට අනුරපුර නාච්චදුව වැව අබියස ගොඩබෑමේ පෙරහුරුවක් පවත්වා සහායක යානය වශයෙන් ස්කොඩ්‍රන් ලීඩර් රොජර් වීරසිංහගේ Bell 412 (CH 522) යානය සමග යාපනයේ පලාලි බලා පිටත් කරවන ලදී. පිටත් විමට පෙර ලසන්තට සුනිල් විසින් අපූරු පොරොන්දුවක් දී තිබුණි.එනම් පසුදා මෙහෙයුමේදී අනතුරක් සිදු වුනොත් ඔහු බේරාගැනීමේ හෙලිකොප්ටරය තමන් විසින්ම පදවාගෙන එන බවත් එහි වෛද්‍ය කන්ඩායමක් සමග මුළු මෙහෙයුමේදීම අඩී 2000 උඩින් ලසන්තට ඉහලින් සිටිමටත් පොරොන්දු විය.මෙය නියමුවන් දෙදෙනාට මහත්වූ අස්වැසිල්ලක් සේම කදිම ශක්තියක්ද විය.මුළු දවස පුරාම ඉතා වෙහෙසට පත්ව සිටි සුනිල් කබ්රාල් රාත්‍රී ආහාර ගන්නවිට සිය බිරිය මෙලනි විසින් අවසන් මෙහෙයුම් ලියකියවිලි ඇයගේ අතින් සටහන් කලාය.

මෙහෙයුමේ මුලික සැලසුම වුයේ ස්කොඩ්‍රන් ලීඩර් ශිරන්ත ගුණතිලක සහ ෆ්ලයින් ඔෆිසර් ප්‍රියන්ත අදිකාරම් ඉතාලියේ නිෂ්පාදිත SIAI Marchetti SF 206TP ප්‍රහාරක ගුවන්යානා දෙකකින් මුලින්ම කොටුව අවට ත්‍රස්තයන් සිටින ස්ථාන වලට පාන්දර 5.14ට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගන්නා අතර ඉතිරි SIAI Marchetti යානා හතරින් මෙහෙයුම අවසන්වනතුරු නොකඩවා ප්‍රහාර එල්ල කිරිමයි. 5.16ට හෙලිකොප්ටරය ගොඩබෑමට සැලසුම් විය.

3 වනදා පාන්දර 4 සිට සියලුම යානා යාපනය බලා අනුරාධපුරයෙන් ගුවන්ගතවූ අතර ලසන්තගේ යානයත් රොජර්ගේ යානයත් පලාලිවලින් පිටත්විය. පාන්දර 5.02 වන විට සියලුම යානා නියමිත ස්ථාන වලට පැමිණ තිබුණි. එහෙත් අවාසනාවකට වලා තිරයක් නිසා හිරු නැගීම ප්‍රමාද විය. 5.15 වන විටත් ශිරන්තට සහ ප්‍රියන්තට ප්‍රහාර එල්ලකිරීමට අඳුර නිසා කොටුව පැහැදිලිව නොපෙනීනි. කෙසේ වෙතත් ලසන්තට යාන්තමට කොටුව දර්ශනය වී තිබුණි .තවදුරටත් මෙහෙයුම ප්‍රමාද කිරීමට නොහැකි නිසා Siai යානා වෙඩිබලය නොමැතිව හෙලිකොප්ටරය කොටුවට යැවීමේ අපහසු තීරණය සුනිල් විසින් නිකුත්කරන ලදී .ලසන්තගේ හෙලිකොප්ටරය හැරුණුවිට අනිකුත් සියලු යානාවල වීදුලි පහන් දල්වීමට උපදෙස් නිකුත් වී තිබුණි. ඒ ත්‍රස්ත වෙඩි ඉහලින් තිබු ඒ යානාදෙසට යොමු කරවා ගැනීමටයි. දෙපසට වෙඩි නිකුත්කරමින් අඳුරේම ව්සතුරා මවිත කරමින් ලසන්ත යානය 5.17වනවිට කොටුවට ගොඩබාන ලදී .සැලසුම් පරිදි ගෙනගිය බෙහෙත් ආහාර සහ උණ්ඩ සහ සහයක් භට කාණ්ඩයත්, ප්‍රධාණ දොරටුව ආරක්ෂා කරගැනීම සදහා ගෙනගිය RCL ගිනි අවියත් ගොඩබස්වා තුවාලකරුවන් 9ක් සමග ලසන්ත සහ අවීන්ද්‍ර විනාඩියකට ආසන්න වෙලාවකින් නැවත ගුවන්ගතවී පලාලි බලා පිටත්විය . ගුවන් ඉතිහාසයට තවත් වික්‍රමන්විතයක් එක් කරමින් කිසිදු හානියක් මිතුරු හමුදාවන්ට සිදුනොවී කිසිම යානයකටද හානියක් නොවී ඊගල් මෙහෙයුම අති සාර්ථකව නිමවිය .

අපේ විරුවන්ට උපහාරයක් වශයෙන් මෙම ලිපිය ශෙයා කරන්න .
රවී ධර්මවික්‍රම 2018

257 Viewers