• Home »
  • Sinhala »
  • යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ බෞද්ධ ආගමික ඉදිකිරීම් විවෘත කිරීමට දෙන්නේ නෑ – දෙමළ දේශපාලනඥයෝ

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ බෞද්ධ ආගමික ඉදිකිරීම් විවෘත කිරීමට දෙන්නේ නෑ – දෙමළ දේශපාලනඥයෝ

unnamedයාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ විශාල බුදු මැඳුරක් හා වෙනත් බෞද්ධ ඉදිකිරීම්වලට සමාන ලෙස හින්දු ආගමේ ඉදි කිරීම් සිදුකර නැතැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දේශපාලනඥයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.

ඔවුන් කියා සිටින්නේ බෞද්ධාගමේ විශාල ඉදිකිරීම් සිදු වෙද්දී විශ්වවිද්‍යාලයේ ගණ දෙවි කෝවිල ඉදි කිරීමට මුදල් ප‍්‍රතිපාදන ලබා දී නොමැති බවයි.

මේ හේතුව නිසා ගණ දෙවි පිළිමයක් ගසක් යට තබා ටකරන් වලින් වසා ඇති බව කියන දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චියේ දේශපාලනඥයෝ ක‍්‍රිස්තියානි ආගම සඳහා කිසිම ඉදි කිරීමකට මුදල් වෙන් වී නොමැති බව ද කියා සිටිති.

පසුගිය වසරේ මේ විශ්වවිද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට එරෙහිව විරෝධයක් පැන නැගුණු බව කියන දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සියලූම ආගම්වලට සමාන ලෙස සැලකෙන පරිදි සර්ව ආගමික මධ්‍යස්ථාන ඇති කරන බවට පොරොන්දු වූ බවද ඔවුහු පවසති.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපය තුළ ද පසුගිය වසරේ මෙවැනිම ප‍්‍රශ්නයක් ඇති වූ බව කියන දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ වවුනියාවේ හා කිළිනොච්චිය විශ්වවිද්‍යාලවල සර්ව ආගමික ස්ථාන එක හා සමාන ලෙස ඉදි නොකළහොත් ඒවා විවෘත කිරීමට ඉඩ නොතබා විරෝධය පළ කරන බව ද ප‍්‍රකාශ කොට තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා කියා සිටියේ තමන් මේ අසාධාරණය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමටත් දැනුම් දෙන බවයි.

දෙමළ ජාතිවාදී දේශපාලකයින්ම මෙසේ පැවසූවත් විශ්වවිද්‍යාලයිය ආරංච් මාර්ග තහවුරු කරන ලද්දේ රජය විසින් කිසිම ආකාරයක මුදල් ප්‍රතිපාදන මෙම ඉදිකිරීම් සදහ ලබාදි නොමැති බවයි. රජය විසින්  සියලුම  ආගම් සදහ අක්කරයක බැගින්  ඉඩම් ලබා දී  ඇති බවයි.

සියළුම ඉදිකිරීම් සදහා මුදල් ශිෂ්‍යයෝ ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සපයා ගතයුතු වේ.

jaffna2

jaffna3

118 Viewers