• Home »
  • Sinhala »
  • යාපනය සරසවියට බුදු කුටියක් ගෙනා හයදෙනා සරසවියට නොගැනීමට තීරණය කරයි.

යාපනය සරසවියට බුදු කුටියක් ගෙනා හයදෙනා සරසවියට නොගැනීමට තීරණය කරයි.

(Courtesy of Lanka Rahas Info)

2-2
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ඉගෙනීම ලබන බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආගමික පුද පූජා සහ වතාවත් පැවැත්වීම සඳහා විශ්වවිiාල භූමියට බුදු කුටියක් ගෙන ඒමේ සිද්ධිය උඩ සිසුන් 06 කට විශ්වවිiාල භූමියට ඇතුළුවීම තහනම් කරමින් පාලක බලධාරීන් ගත් තීරණය අවලංගු කරන ලෙසත් විශ්වවිiාලයේ අධ්‍යාපනය ලැබීමට සහ අවහිරයකින් තොරව විභාගවලට පෙනී සිටීමට ඉඩ දෙන ලෙසට ඔවුන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා එම සිසුන් 06 දෙනා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

ගාල්ල ගිනි මැල්ලගහ තෙලිකඩ පදිංචි වී. එස. ඩී, එදිරිසිංහ, මාකවිට, තම්මිට කසුන් ගයාන් ගලෙන්බිඳුනුවැව උදයකුමාර, අවිස්‌සාවේල්ල පුවක්‌පිටිය එස්‌. උදයප්‍රසාද්, ඉත්තෑපාන ලූල්බද්ද මහගෙදර වත්ත කේ. කේ. කේ. වයි. කන්නන්ගර පෙත්සම ගොනු කළ අය වෙති.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන්, රෙක්‌ටර් ආචාර්ය ටී. මංගලේස්‌වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස්‌ අධ්‍යාපන ඇමැති විඡේදාස රාජපක්‍ෂ සහ නීතිපති ඇතුළු 09 ක්‌ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ

DFT-17-01

පෙත්සමේ සඳහන් අන්දමට වව්නියාව මණ්‌ඩපයේ ව්‍යාපාර කළමනාකාර සහ විද්‍යාව සහ අධ්‍යාපන පීඨ දෙකක අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. ව්‍යාපාර පීඨයේ ඉගෙනීම ලබන සිසුන් 500 න් 350 ක්‌ සිංහල, 100 ක්‌ ද්‍රවිඩ සහ 50 ක්‌ මුස්‌ලිම් අය වන අතර විද්‍යා පීඨයේ 600 න් 400 ක්‌ සිංහල, 140 ක්‌ ද්‍රවිඩ සහ 60 ක්‌ මුස්‌ලිම් සිසුන් වෙති.

පිරිමින් හා කාන්තා සිසුන් සඳහා නේවාසිකාගාර දෙකක පහසුකම් ලබා දී ඇත. කාන්තා නේවාසිකාගාරයේ සිසුන් 650 ක්‌ ද, පිරිමි නේවාසිකාගාරයේ 400 ක්‌ ද නැවතී සිටිති. ඉන් 68 ක්‌ බෞද්ධ, 175 ක්‌ හින්දු, 125 ක්‌ මුස්‌ලිම්, 70 කතෝලික ආගම අදහන සිසු සිසුවියෝ වෙති.

බෞද්ධ සිසුන්ට ආගමික පුද පූජා පැවැත්වීම සඳහා කිලෝමීටර් 6 ක්‌ දුර පිහිටි වව්නියාව නගරයේ විහාරස්‌ථානයට යැමට සිදුවූ නිසා ඔවුන් මුදල් එකතු කර බුදු කුටියක්‌ සහ බුදු රුවක්‌ ගෙනවිත් නේවාසිකාගාරය අසල තැබීමට තීරණය කර ඇත.

පළමුව බුදු කුටිය ගෙනවිත් පසුව වෙසක්‌ පෝය දිනයේදී බුදු රුව ගෙන ඒමට ගත් තීරණය අනුව ඉතා ලස්‌සනට ලීයෙන් තැනූ බුදු කුටියක්‌ 2018 අප්‍රේල් 21 වැනිදා අනුරාධපුරයේ සිට ලොරියක පටවාගෙන වවුනියාව මණ්‌ඩපයට ගෙනවිත් ඇත. එහෙත් බුදු කුටිය වවුනියාව මණ්‌ඩපයට ඇතුළට ගෙන ගොස්‌ නේවාසිකාගාරය අසල තැබීමට සූදානම් වූ විට ආරක්‍ෂක නිලධාරීන් ඊට ඉඩ දී නැත.

අනතුරුව එතැනට පැමිණි 3 වැනි වගඋත්තරකාර උප පාලක හා රෙක්‌ටර් බුදු කුටිය වහාම ඉවතට ගෙන යන ලෙස සිසුන්ට බලකර ඇත. පසුව විශ්වවිද්‍යාල බලධාරීන් කීපදෙනෙක්‌ හමුවී සාකච්ඡා කළත් බුදු කුටිය මණ්‌ඩපය තුළට ගෙන යැමට අවසර දී නැත. පසුව බලධාරීන් ලොරියක්‌ ගෙනැවිත් බුදු කුටිය පටවාගෙන යද්දී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්‌ යතුරුපැදිවල නැගී එම ලොරිය ලුහුබැඳ ගොස්‌ නවත්වා ඇති අතර එහිදී ඇතිවූ කළබලකාරී තත්ත්වයකින් පසුව නේවාසිකාගාරයෙන් සිසුන් ඉවත් කර වවුනියාව මණ්‌ඩපය වසා දමා ඇත.

3-1

ඉහත නම් සඳහන් සිසුන් 5 කට, සිසුවියකට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර ඇත්තේ ඉන් අනතුරුවයි.

පෙත්සම්කාර සිසුන් කියා සිටින්නේ විශ්වවිද්‍යාල බලධාරීන් ගත් තීරණය හේතුකොට ගෙන තමන් කැමැති ආගමක්‌ ඇදහීමට ඇති අයිතිය ඔවුන් අහිමිකර ඇති බවයි.

වවුනියාව විශ්වවිද්‍යාල භූමිය තුළ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය ඉතා ඉහළින් සැමරූ බවත් යාපනයේ සරසවියේ සිසුන් මුල්ලෙයි වෛයිකාල් සිද්ධිය සිහිකිරීම සඳහා පැවැත්වූ උත්සවයට එම සරසවි උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා සහභාගි වූ බවත් මහවිරු දිනය ද එම සරසවිය තුළ පැවැත්වූ නමුත් ඒවා නැවැත්වීමට සරසවි බලධාරීන් කිසිවෙක්‌ ඉදිරිපත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත. විශ්වවිද්‍යාල බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුකොට ගෙන සිංහල බෞද්ධ සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් බෞද්ධ සිසුන්ට වෙනස්‌ ආකාරයෙන් සලකා ඇති බවත් කියා සිටින පෙත්සම්කරුවෝ තමන්ට සිදුකළ හානියට හා අසාධාරණයට සුදුසු වන්දියක්‌ ඔවුන්ගෙන් අයකර දෙන ලෙස ද ඉල්ලා සිටිති.

ප්‍රාදේශීය පුවත්

සරත් ධර්මසේන



51 Viewers