• Home »
  • Sinhala »
  • යාපනේ හමුදා කඳවුර හැදිය යුතුමයි

යාපනේ හමුදා කඳවුර හැදිය යුතුමයි

(Courtesy of The Divaina)

විදේශිකයන් විසින් මෙරට සාදන ලද පළමුවන බලකොටුව යාපනේ කොටුවය. 1505 දී අහම්බෙන් ශ්‍රී ලංකාව සොයාගත් පෘතුගීසී වෙළෙඳුන් ආපසු පෘතුගාලයට ගොස්‌ එරට ආණ්‌ඩුවට ඔත්තුව දී 1506 දී හමුදාවක්‌ සමඟ මෙහි පැමිණ මුහුදුබඩ අල්ලා ගත් බව කියනු ලැබේ. ඉන්පසු ඔවුහු යාපනයට ගියහ. එකල යාපනයේ සිටියේ පළමුවන සංකිලි හෙවත් සේකර සේකරම් නමැති ප්‍රාදේශීය පාලකයෙකි. පෘතුගීසින් දුටු සේකර සේකරම් උන් සමඟ මරාගන්නට ගිය බව කියනු ලැබේ. ඒ වෙලාවේ ගැටුමක්‌ හටගැනීම සුදුසු නැති බව කල්පනා කළ පෘතුගීසීහු සේකර සේකරම් සමඟÊසාම කතා පවත්වා ඔහු රවටා ගත්හ. ඉන්පසු යාපනයේ හින්දු ආගමික දෙමළ මිනිසුන් කතෝලික සමයට හරවන්නට පටන් ගත්හ. එවිට සේකර සේකරම් නැවත වරක්‌ පෘතුගීසීන් සමඟ මරාගන්නට සූදානම් විය. මිනිහා ලෙඩෙක්‌ බව වටහා ගත් පෘතුගීසි ආණ්‌ඩුව සංකිලි පරම්පරාව පලවා හැර එදිරිමාන්නසිංහම් නමැති දෙමළ පාලකයා පත්කර ගත්හ. 1618 වන විට පෘතුගීසීහු යාපනයේ බලකොටුව තනන්නට පටන් ගත් බව කියනු ලැබේ. අවුරුදු 10 කින් වැඩේ නිම වූ අතර 1658 වන විට ලන්දේසීහු ද, 1795 වන විට ඉංගී්‍රසීහු ද යාපනය කොටුවේ බලය අල්ලා ගත්හ. 1956 දී මේ බලකොටුව කොටි සංවිධානය අතට පත්විය. 1986 දී එය ශ්‍රී ලංකා යුද හමුදාව අතට පත්විය. හමුදාව බලකොටුව අල්ලන බව දැනගත් කොටි එය හැකි පමණින් බිමට සමතලා කළහ. මෙය වූ කලී යාපනයේ බලකොටුවේ ඉතිහාසය දැන ගැනීමට කිසිදු කෙනකුට වුවමනාවක්‌ ඇති කාලයක්‌ නොවේ. එහෙත් බලකොටුව ගැන අලුත් ප්‍රශ්නයක්‌ හට ගෙන ඇත. මේ මොහොතේදී යාපනය කොටුව කියන්නේ කුමක්‌ද යන්න පාඨකයා දැන ගත යුතුය. මොකද්ද මේ හටගෙන ඇති අලුත් ප්‍රශ්නය? යාපනේ කොටුවේ හමුදා කඳවුරක්‌ ඉදිකිsරීමට ආණ්‌ඩුව කටයුතු කරගෙන යනු ලැබේ. දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව මේ ඉදිකිරීමට විරුද්ධය. මෙතැන් සිට අපේ කතාව පටන් ගනිමු.

ගමට පොලිසියක්‌ එනවාට විරුද්ධ කවුද? පොල් හොරු, හරක්‌ හොරු, හොරට කෙහෙල්කැන් කපන අය, කසිප්පු පෙරන අය ගමට පොලිසියක්‌ එනවාට විරුද්ධය. වලාන දූෂණ මර්දන ඒකකයට විරුද්ධ කවුද? කුඩුකාරයෝත්, කේරළ ගංජාකාරයෝත් එයට විරුද්ධ ය. ළමා හා කාන්තා කාර්යාංශයට විරුද්ධ කවුද? ළමා අපචාරකයෝත් ස්‌ත්‍රී දූෂකයෝත් එයට විරුද්ධ ය. ප්‍රදේශයට හමුදා කඳවුරක්‌ එනවාට විරුද්ධ කවුද? ත්‍රස්‌තවාදීහු ය. හොරට ගිනි අවි පරිහරණය කරන අය ය. එසේ නම් යාපනේ හමුදා කඳවුරට විරුද්ධ වන දෙමළ ජාතික සන්ධානය සහ උතුර පළාත් සභාවේ මන්ත්‍රී පිරිස ත්‍රස්‌තයෝද? කොටි සංවිධානයේ උරුමය ඉදිරියට ගෙන යන්නෝ ද?

යාපනේ කොටුව තුළ යුද හමුදා කඳවුරක්‌ ඉදිකිරීමට ඉහත සඳහන් පිරිස විරුද්ධ වීම ඉතාම සැක කටයුතුය. මහජන ඡන්දයෙන් පත් වූ නීත්‍යනුකූල ආණ්‌ඩුවකට රටේ ඕනෑම තැනක හමුදා කඳවුරක්‌ තැනිය හැකි ය. රටේ ඕනෑම තැනක පොලිසියක්‌ ඉදිකිරීමට හැකි ය. මේ කාරණාවලට දෙමළ සන්ධානය විරුද්ධ වන්නේ නම් ඔවුන් සූදානම් වන්නේ යළි කොටි සංවිධානයට පණ දීමට බව අපේ හිත් කියයි. විජයකලා මන්ත්‍රීවරිය පසුගිය දිනවල කළ ප්‍රකාශවල සැබෑ රහස දැන් අපට පැහැදිලි ය.

බලකොටුවක්‌ යනු යුද කේන්ද්‍රයකි. බලකොටුවක්‌ යනු විහාරස්‌ථානයක්‌ නොවේ. හෝටලයක්‌ හෝ පල්ලියක්‌ නොවේ. එය ඉදිරි යුද කටයුතු සඳහා නැවත නැවතත් යොදාගත හැකි ය. ත්‍රස්‌තවාදය යළි මතුවෙමින් පවත්නා මෙවැනි මොහොතක යාපනේ කොටුවේ හමුදා කඳවුර ඉදි කළ යුතුම ය. එයට විරෝධය පළ කරන පිරිසක්‌ වෙත්නම් රාජ්‍ය ආරක්‍ෂාවට බාධා කරන්නන් සේ සලකා අත්අඩංගුවට ගත යුතු ය. මෙය අප කියන්නේ ජාතිවාදී මෝඩ චූන් එකක්‌ ලෙස සලකා නොවේ. ඊළඟ ත්‍රස්‌ත නැගිටීම මැඬපවත්වනු පිණිස ය.



36 Viewers