• Home »
  • Sinhala »
  • යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම

යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම

jaffna

2017 පෙබරවාරි 19 ඉරිදා ලක්බිම පත‍්‍රයේ ‘‘හරස් පාර’’ වැඩසටහන අතිරේකයේ පළවී ඇති ලිපිය වන ”යාපනේ අවසන් රජු දමිළයෙක් නොවේ සිංහලයෙක්’’ මැයෙන් පළවූ ලිපියට ඌන පූර්ණ ලිපියක් වශයෙන් පහත තොරතුරු ඉදිරිපත් කරමි. එම ලිපියේ කිසිම තැනක යාපනයේ අවසන් රජු වූ දෙවැනි සංගිලි රජතුමාගේ පීතෘ වංශය හා මාතෘ වංශය පිළිබඳව කිසිදු සාක්‍ෂියක් ගෙනහැර දක්වා නැත. රජතුමා හා බිසවගේ වංශයයන් හා බෞද්ධයන් වූ බවට කිසිදු ලිඛිත සාක්‍ෂියක් උපුටා ගැනීමක් සඳහන් කර නැත. මේ අනුව යාපනයේ රජ පවුල ද්‍රවිඩද සිංහල ද යන්න උගතෝකෝටික ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත. යාපනේ රජු ද්‍රවිඩ ලෙසට තහවුරු කිරීම සඳහා ක‍්‍රි. ව. 1900 දී පමණ යාපනයට පැමිණි ද්‍රවිඩයන් විසින් ලියා ඇති (Maniampathir Santhathimurai, A Genealogy of the Residents of Maniooay and Related in Habitanceles by Srimath. T. Vunasitham, ISBN 955-95185-2-6 1901, Atchuvely Ananaprakasar Press.) පොතේ සඳහන් කර ඇත්තේ යාපනේ අවසන් රජතුමාගේ පරපුරට විවාහ ආදියෙන් සම්බන්ධ වී ඇති මලබාර් ද්‍රවිඩයන්ට යාපනයේ කිරුළට ඇති උරුමය ව්‍යාජ ලෙස ගොඩනගා ප‍්‍රසිද්ධ කර ඇති ප‍්‍රකාශනයකි. එයට කිසිදු ඉතිහාසඥයෙක් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලබා දී නොමැත. මෙවැනි සිද්ධි පදනම් කරගෙන යාපනේ ද්‍රවිඩ රාජ්‍යයක් පැවතියා යන්න මතවාදය තුළ පෝෂණය වූ ඊලම් ත‍්‍රස්තවාදී මතවාදය බිඳ දැමීම මෙම ලිපියේ අරමුණයි. එම නිසා දෙවනි සංගිලි රජුගෙන් පැවත එන සමස්ත රාජ්‍ය වංශය පිළිබඳව අඛණ්ඩ පරම්පරාවලිය ජනතාවට විදහා දැක්වීමෙන් මෙම අරවුල විසඳිය හැකි එකම මග වනු ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ 1976 මැයි 14 වන දින ද්‍රවිඩ දේශපාලන නායකයන් රැසක් වඩුක්කොඩෙයි සම්මුතියේ පළමු වගන්තියෙන් ප‍්‍රකාශ කළ ඵෙතිහාසික බොරුව පහත දැක්වේ. ඒ පෘතුගීසීන් විසින් යාපනේ ද්‍රවිඩ රාජ්‍යය දෙවන සංකිලි රජුගෙන් භාරගත් බවත්, අනතුරුව එය ලන්දේසි සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට භාරදුන් බවත්, එබැවින් බි‍්‍රතාන්‍යයන් ලංකාවට නිදහස ලබාදෙන අවස්ථාවේ යාපන රාජ්‍යය පෙරළා නැවත ද්‍රවිඩයන්ට භාරදිය යුතුව තිබූ බවත්ය.

මේ අමූලික බොරුවට නිවැරදි පිළිතුරු දීම කාලීන අවශ්‍යතාවක් බව එච්.එල්.ඞී. මහින්දපාල මහතා විසින් ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ. ඉහත ලිපියේ ඇති අඩුපාඩු සහ ඌනපූර්ණද ඇතුළත් කර පහත ලිපිය කරුණු අවබෝධ කර ගැනීම පිණිස ඉදිරිපත් කරමි. යාපනේ කිසිදාක ද්‍රවිඩ රජුන් විසින් පාලනය කළ රාජධානියක් නොවීය. යම් යම් ද්‍රවිඩ චෝල රජුන්ගේ ආක‍්‍රමණවලට යාපාපටුනේ ප‍්‍රාදේශීය රාජ්‍යය හා අනුරාධපුරය අගරාජධානිය ආක‍්‍රමණය කර මංකොල්ල කෑ බව සත්‍යයකි. එසේ වුවද ආරිය සිංහල මහාවංශික සූරිය වංශික අගරජුට යටත්ව රජුගේ ඥාතීන් වන චූල (සුළු) රාජවංශ වූ මලල, ඉරුගල්, ගංගා වංශ, අරිට්ට බ‍්‍රහ්මණ හා චන්ද්‍රවංශ වූ වීදිය බණ්ඩාර පරපුර යාපා පටුනේ ප‍්‍රාදේශීය රාජ්‍ය පාලනයක් ඇති කළේ අභ්‍යන්තර රටට ද්‍රවිඩයන් ඇතුල්වීම වැළැක්වීමට හා තොටුමුනු පාලනය කිරීමට ඇති වූ අවශ්‍යතාව මත පමණි. ඒ අනුව පෘතුගීසී යුගය තුළ යාපා පටුනු ආණ්ඩු කළ සිංහල ආරිය ක්‍ෂත‍්‍රිය රජදරුවන්ගේ පරම්පරාවලියක් පහත විස්තර කරමි.

ක‍්‍රි. ව. 1591 දී පෘතුගීසීන් විසින් එවකට යාපා පටුනේ ප‍්‍රාදේශීය රජු වශයෙන් සිටි මහා (පෙරිය) පුල්ලි (බ‍්‍රහ්මන වංශනාමය ඇති) පෙරිය පුල්ලි නම් ආරිය සිංහල ගංගා බ‍්‍රහ්මණ වංශික රජු මරා දමා, ඔහුගේ පුත් වූ වර රාජසිංහ (සිංගෙයි) මහා පුල්ලි (පෙරිය පුල්ලි) එදිරිමාන්න සිංහ නම් XII වර රාජසේකර නම් වූ රජුව 55 වන යාපනේ රජු වශයෙන් පෘතුගීසීන් යටතේ කිරුළු පළඳින ලදී. එම රජුගේ මව කුරුණෑගල මුන්ඩකොන්ඩපල නුවර නාථගතේ සිටි ආරිය ඉරුගල් බණ්ඩාරවලියෙන් පැවති එදිරිමාන්නසූරිය රජුගේ සොහොයුරියක් වූ නිසා රජුට එදිරිමාන්නසිංහ නාමය ලැබුණි. මවගේ හා පියාගේ නාමය රජුට භාවිත කළ නිසා රජුට සාගෝ රජු නාමයකින් වැසියන් විසින් රජු ඇමතීය. මෙම රජු තම මවු පාර්ශ්වයෙන් පැවති තම ඇවැස්ස මාමාගේ දුවණිය වූ (පසුකලක ක‍්‍රි.ව. 1591 දී බෞතීස්ම ලැබූ) අරසි දෝන අන්තෝනියෝ රපෝසා නම් වූ කුමරිය හා විවාහ වූයේ ක‍්‍රි. ව. 1570 දීය. එම රාජකීය විවාහයෙන් ලැබූ පුතු පසුකලක (ක‍්‍රි.ව. 1591 පසුව)Rev. Fr. දොම් කොන්ස්තන්නීනු ද ක‍්‍රිස්ටෝ් නම් වූ කුමරු විවාහ වූයේ, ආරිය සිංහල අරසකේෂරී පාණ්ඩව කුමරු නම් (ක‍්‍රි.ව. 1616 -1619) යාපනේ වැඩබලන රජු ගේ දියණිය සමගය. එම විවාහයෙන් ලැබූ පුතු වූ De Furtodo නම් විය. මෙම ආරිය සිංහල ගංගා වංශික ඔටුන්න හිමි කුමරුට අසුර වර්ණකුලාට්ට ගේ සේනාව මාලිගයට කඩා වැදී ක‍්‍රි.ව. 1621. 02. 11 දී කුරිරු ලෙස ඝාතනය කරන ලදී (පෘතුගීසි කුමන්ත‍්‍රණයක් මගින්). ඉහත කී වර රාජසිංහ සාගේ රජුගේ බාල සොහොයුරු වූ ගාගෝගේ දියණිය වූ ගංගා වංශික දෝන කතරිනා දිසාදි රෙබෙලෝ විවාහ වූයේ ත‍්‍රිකුණාමල කොඞ්ඩියාරම රජ වූ නානගතේ එදිරිමාන්න සිංහ රජුගේ පුතෙකු වූ ඉදැල්ලේ පිලිප් කුමරු සමගය. ඒ දෙපළගේ දුව විවාහ වූයේ ගංගා විල්ගම පරපුරේ පානම විජයසිරි රජු සමගය. යාපනේ සිංහල රජ පවුල පෘතුගීසීන් විසින් බලයෙන් කතෝලික කුලවන්නම් ලබාදී කතෝලික කරණය කළද, ඔවුන් බෞද්ධයන්ම විය.

ක‍්‍රි.ව. 1543 දී පමණ යාපනේ රාජ්‍යයෙන් කොටසක් බලහත්කාරයෙන් කඩාගෙන යාපනේ රාජ්‍යයේ කොටසක් වූ පිච්චලායිපල්ලිය ප‍්‍රදේශයේ අයබදු ලබා ගත් (ඔටුනු පළඳින්නේ නැතිව) රාජ්‍ය බලය බලහත්කාරයෙන් සිංහල අසුර-නාග-වර්ණකුල වික‍්‍රතුක්කුරි පන්දාර්ගේ (මන්නාරම බදු එකතු කරන්නා) සහ ද්‍රවිඩ මුක්කර් ස්ත‍්‍රියකගේ පුත් වූ (ද්‍රවිඩ මිශ‍්‍ර) ෂ සංකිලි රාජාන්ගේ පුත් වූ පුවිරාජන් ලවා (ක‍්‍රි.ව. 1560-1565) දක්වා පිච්චලායිපල්ලිය පාලනය කරන ලදී. පුවිරාජන් පන්දාර්ගේ දුවණිය වූ ක්ලෑරා සිල්වා බලහත්කාරයෙන්ම පෘතුගීසින් ලවා යාපනේ ආරිය සිංහල රාජ්‍යය කරවන ගංගා බ‍්‍රාහ්මණවර රාජසිංහ එදිරිමාන්න සිංහ (සාගෝ) රජුට විවාහ කර දුන්නේ සාගර නාග කුරුකුල අසුරයන්ගේ සහය පෘතුගීසීන්ට ලබාදෙන බවට වූ පොරොන්දුවත්, තම නැව්වලින් බදු අය නොකිරීමේ පොරොන්දුවත් ගිවිසුමකින් ලබා ගෙන ඉහත විවාහය මගින් බිහිවූ අසුර කුරුකුල හා ද්‍රවිඩ මිශ‍්‍ර රාජවංශික කුමරකු වූ දොම් කොන්ස්තන්තීනු Leaw (ලෙව්) කුමාරයා යාපනේ සිංහාසනයේ තැබීමටයි.

එමගින් යාපනේ සිංහල ආරිය රාජවංශයක් සිංහල අසුර වර්ණකුල හා ද්‍රවිඩ මිශ‍්‍ර තම රජපෙළපතක්ද සෑදීමට වූ පොරොන්දුව මත, පෘතුගීසීන්ට දෙකඩ වූ යාපනේ එක්සත් රාජ්‍යයක් කිරීමට සහ පෘතුගීසින්ට වාසිදායක වූ දේශපාලන කුමන්ත‍්‍රණයක් මගින් යාපනේ පාවාදීමටය. නමුත් යාපා පටුනේ ආරියවංශ අගමැති විසින් ලෙව් කුමරා මරා දැමීය. එමගින් රාජවංශයේ කිළුට මැකීය. ගංගා වංශික වරරාජසිංහ රජුගේ සොහොයුරිය හා විවාහ වූ අරසකේෂරී පාණ්ඩව කුමරුගේ පුත් වූ II සංගිලි සේතු කුමරා XIII සේතුරාජසේකර නමින් යාපාපටුනේ (ක‍්‍රි. ව. 1617-1621) 56 වන රජු ලෙසට රජකම් කළා. II සංගිලි /සේතු (පාලම) රජු පැවතෙන්නේ පොලොන්නරුවේ රජකම් කළ I පරාක‍්‍රමබාහු නම් අරකේෂරී පාණ්ඩව ආරිය සිංහල රජ පරපුරකිනි. II සංගිලි රජු විවාහ වූයේ ගංගා වංශික ගාගෝ මුදලිගේ සොහොයුරිය සමගය. එම විවාහයෙන් රජුට කොන්ස්තන්තීනු නම් වු කුමාරයෙක්ද, වැඩිමල් දියණිය දෝන ඉසබෙලා ලෙසට නම් වූ කුමාරියක්ද, දෝන මාරියා ලෙසට නම් වූ කුමාරිකාවක් ද විය. පුතු වූ කොන්ස්තන්තීනු නම් වූ බෞද්ධ කුමරා සහ කුමරුගේ බෞද්ධ වූ මවද ක‍්‍රි.ව. 1622. 07. 18 දින කොළඹට ගෙන ආවේ සිංහල බෞද්ධ ආරක්‍ෂකයන් 75 දෙනෙක් සමඟය. පෘතුගීසීන් විසින් කොළඹ ශාන්ත අන්තෝනි පල්ලියේ දී බලහත්කාරයෙන්ම ඉහත කී පෘතුගීසි කුලවන්නම් පවරන ලදී. බෞද්ධ වූ කුමරුන්ගේ මව එම ”මාග‍්‍රට්” නම් ද ඇය විසින් ප‍්‍රතික්ෂේප කළ බවද සඳහන් වේ. ඉන්පසුව රජුට ”දොන් පිලිප්” ලෙසට නම්කර ගෝවේ දී එල්ලා තබා හිස ගසා මරා දමන ලදී. එම රජ පවුල ගෝවට ගෙනගියද කුමාරියන් දෙදෙනා සමග මව් බිසව පැන ගොස් යාපනයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් දකුණු ඉන්දියාවේ ප‍්‍රබල රජෙකු යටතේ ආරක්‍ෂාව ලැබීය. කුමරුන්ව ගෝවේ මැගී විද්‍යාලයට ඇතුළු කර ක‍්‍රි. ව. 1635 දී පෘතුගීසීන් විසින් ඔප්පුවකින් යාපනය රාජ්‍යය පෘතුගීසි රජුට ලියවාගෙන දරුවන්ද නොමැති කුමරුව මරා දැමීය.

ලබන සතියට

ටික්කම මහින්ද කුමාර



46 Viewers