• Home »
  • Sinhala »
  • යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම; ද්‍රවිඩ රජුට එරෙහිව පනාපිටියේ රජ්ජුරුවෝ සටන- 02

යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම; ද්‍රවිඩ රජුට එරෙහිව පනාපිටියේ රජ්ජුරුවෝ සටන- 02

jaffna

II සංගිලි රජුගෙන් පසුව පෘතුගීසීන් විසින් එදිරිමාන්නසිංහ නමැත්තෙක් (II සංගිලි රජුගේ මාමා වූ) පත්කළේ නැත. ඉහත ලිපියේ එම සිදුවීම ඊට පෙර සිදුවූවක් ලෙසට නිවැරදි විය යුතුය. මේ කාලයේ දී ක‍්‍රි.ව. 1628 දි උඩරට රජකම ලබාගෙන සිටි හේරත් මුදියන්සේලාගේ සෙනරත් / සේනාරත්න රජු තම භාරයේ සිටි ෂ විමලධර්මසූරිය රජුගේ හා දෝන කැතරිනා නම් උඩරට කිරුළ හිමි ලේනව කුමරියගේ වැඩිමල් පුතු වූ (උපත ක‍්‍රි.ව. 1601) කුමාරසිංහ ඌව රජුට හා මාතලේ රජ වූ විජයපාල (උපත ක‍්‍රි. ව. 1603) කුමරුට, යාපා පටුන ආක‍්‍රමණය කර II සංගිලි රජුගේ සිංහල දියණියන් දෙදෙනා විවාහ කරදී යාපනේ උරුමය හා උඩරට උරුමය ශක්තිමත් කරන ලදී. ක‍්‍රි. ව. 1629 දී අතපත්තු මුදලි හරහා යාපනේ රාජ්‍ය උඩරට පාලනයේ තබා ගැනීමට 5000 හමුදා වක් යොදවා කළ යුද්ධය අසාර්ථක වී අතපත්තු මුදලිට අච්චුවේලියේ දී මැරුම් කෑමට සිදුවිය. පෘතුගීසීන් ඉන්පසුව යාපනේ බලවත් විය.

ඌවේ කුමාරසිංහ කුමරුට දෝන ඉසබෙලා කුමරිය විවාහ කරදී ලැබූ පුතු අඹන්වෙල රාල හා දියණියක් ද විය. එම පරපුරුවල පැවතීම තුඩුගල වීදාගම පැවති බණ්ඩාරවලිය අනුව පහත විස්තර කෙරේ. බාල දියණිය වූ දෝන මරියා විවාහ කර දුන්නේ මාතලේ විජයපාල කුමරුටයි. එම විවාහයෙන් ඇයට දරුවන් ලැබුනේ නැත. ඒ නිසා විජයපාල දෙවැනි විවාහයක් ඉරුගල් පරපුරෙන් (විල්බාවේ) විවාහ වී පරපුරක් ගෙන ගියා කුමාර ආස්තාන් නමිනි. නමුත් යාපනේ II සංගිලි සිංහල රජුගෙන් පැවත එන එකම පරපුර වන දෝන ඉසබෙලාගේ සහ කුමාරසිංහ කුමරුගෙන් පැවත එන අඹන්වෙලරාලගේ පරපුර පහත විස්තර කෙරේ. ඊට අවුරුදු 800 කට පෙර යාපා පටුනේ පැවති සිංහල රජ පෙළපතේ සාරාංශයක් මෙසේ දක්වා ඇත.
sankili

පෘතුගීසි යුගයට පෙර යාපනයේ රාජ්‍යය කළ ආර්ය සිංහල රජ පෙළපත උතුරුකරය ආක‍්‍රමණය කළ ද්‍රවිඩ පොත්තකූට පරාජය කිරීමෙන් පසුව යාපනයේ ක‍්‍රි. ව. 684 සිට විජය රජකුල ටික්කම පරපුරේ සිංහ වංශයෙන් පැවත එන (පල්ලව රටට සහ පසුව නැගෙනහිර කේරලයට Mannavanu(va)r – Anamalai Hills – Malleimana – පැනගිය ) ටික්කම මානවම්ම ආරිය සිංහල රජුගේ පටන්, තවත් සිංහල රජ පරම්පරා කීයපකින් පැවත එන සිංහල ආරිය රජවරු 56 ක් ක‍්‍රි.ව. 1621 දක්වා යාපනේ ප‍්‍රාදේශීයව රජකම් කළේ, සිංහල ආරිය මහා වංශික සිංහල අගරජුට යටත්ව ප‍්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් යාපනේ පවත්වාගෙන ගියේද දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ගෙන් ලක්දිව රැකගැනීමේ ආරක්‍ෂක දොරටුව වූ බැවිනි. යාපනේ හා මන්නාරම – ධනුශ්කොඩිය අතර ඇති වූ පාවෙන ලී කොටන් එකට ගැටගැසූ පැද්දෙන සුළු (රාම කුමරු විසින් සෑදූ) සේතුව නම් සංගිලි පාලම ඇති රාජ්‍ය කලාපය වූ බැවිනි. එම සේතු / සංගිලි රජ පෙළපත පසු පුවත්පත් කලාපයකදී සේතුරාජ සේකර නමින් එම අඛණ්ඩ රජ පරපුර විස්තර කෙරේ. (ක‍්‍රි.ව. 684 සිට 1285 දක්වා) යාපනේ සේතුරාජසේකර රජ පරපුර ගැන.

ඉහත ටික්කම මානවම්ම /මානායි රජුගේ බාල පුත් වූ නිමල පල්ලවතිලක ගෙන් පැවති 4 වන පරපුරේ ටික්කම උග‍්‍රසිංහ රජු ක‍්‍රි. ව. 800 දී යාපනේ රාජ්‍යය වඩමාරච්චිවල හා වල්ලිකාමන් වල තම ප‍්‍රාදේශීය පාලනය සහ මාලිගාව ස්ථාපනය කළා. එදා පටන් එම රජ පරපුර සමග අවැස්ස ක‍්‍රමයට ආරිය පාණ්ඩව සිංහල රජ දරුවන්ද මාරුවෙන් මාරුවට යාපා පටුන, කේරලය, චෝල දේශය හා සේතු සමුද්‍ර රාමේශ්වරම සංගිලි (සේතු) පාලම සීමාව දක්වා ප‍්‍රදේශය උත්තර පස්ස පාලනය ලෙසට රජකම් කළා. මෙම රජ පරපුරු සමග ආරිය අට්ටි/ අරිට්ට බ‍්‍රහ්මණ සහ වරරාම යාපනේ ත‍්‍රී නම් ත‍්‍රී භූමිය හිමි පරපුරෙන් ආ උලක්කොන්ඩන් (උලක්මෙන් ඉහළට කොණ්ඩය බැඳි) පරපුර, චෝල දේශය හා කන්‍යා කුමාරි නම් කොමරින් තුඩුව හිමි කොමරින් අධි බණ්ඩාර (රාජාවලිය) පරපුර වූ යාපා පටුනේ ත‍්‍රී නම් ත‍්‍රිභූමිය හිමි (වල්ලිකාමන්. තෙන්මාරට්ටි හා වඩමාරච්චි භූමි හිමි) වීදිය බණ්ඩාර පරපුර සහ, මාලවන්, ඉරුගල් මලල, ගංගා බ‍්‍රාහ්මණ පරපුරු සමග ඇවැස්ස නෑකම මත පවත්වාගෙන ගිය රජ පරපුරුවලට හිමි රජකම අවසන් වූයේ ඉහත කී රජ පරපුරේ 56 වන රජු ලෙසට රජ වූ ආරිය සිංහල පාණ්ඩව II සංගිලි / සේතුව/ පාලම නාමය ඇති 25 වන සේතුරාජසේකර අවසන් සිංහල රජුගෙන් (ක‍්‍රි.ව. 1621 දී ය). මේ රජුගෙන් පසුව රජකම හිමි වූ කුලපරම්පරාව පහත මෙසේ දැක්වේ.

පෘතුගීසීන් යුගයෙන් පසුව යාපා පටුනේ සහ උඩරට කිරුළේ උරුමක්කාරයන්ගේ පැවැත්ම වන්නේ මෙසේය.
I වන විමලධර්ම සූරිය රජු ගැන මහාවංශයේ සඳහන් කර ඇත්තේ ආරියවංශ ඔවුස්ත‍්‍ර‍්‍රියා නම් වීරසුන්දර පරපුරේ දොන් ජෝන් කුමාරයා විවාහ කරගත්තේ, ශ‍්‍රී සංඝබෝවලියෙන් ආ චූල සූරියවංශික සවුළු ඔක්කාක ලේනව III ජයවීර වික‍්‍රමබාහු (ක‍්‍රි.ව. 1546-1551)නම් දොම් මැනුඑල් පෙරේරා ලෙසට පෘතුගීසී කුලවන්නම් ලැබූ උඩරට ප‍්‍රාදේශීය රජුගේ හා කීරවැල්ල සන්තනදේවී කුමරියගේ පුතු වූ දොන් ජෝන් නම් කරව්ලියැද්දේ රජුගේ සහ මහා සූරිය වංශික නම් ගිරිවංශික ටික්කම පරපුරේ මන්නාරම සේතුව පාලක වූ සේතුපාල නම් දොම් මැනුවෙල් පෙරේරා රජුගේ පුත‍්‍ර වූ මහස්ථාන්/ මහත ගලගම කුමරුගේ සොහොයුරිය වූ ගලගම අදසින් නම් දෝන කැතරිනා කුමරියගේ එකම දියණිය වූ ලේනව කුසුමාසන දේවි නම් දෝන කැතරිනා කුමරිය සමඟය. එම විවාහයෙන් ලැබූ පුතු වූ ඌව සහ කෝරළේ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය පාලක රජ වූ කුමාරසිංහ කුමරු (උපත – ක‍්‍රි.ව. 1601) විවාහ වූයේ යාපනේ කිරුළ හිමි ආරිය අරකේෂරී පාණ්ඩව (ක‍්‍රි.ව. 1616-1619) යාපනේ වැඩබලන රජු වූ වීරසුන්දර බණ්ඩාරගේ පුතු වූ II සංගිලි රජු (උපත ක‍්‍රි.ව. 1565) (XIII සේතුරාජසේකර) (පොලොන්නරුවේ I වන පරාක‍්‍රමබාහු රජුගේ අරකේශරී පාණ්ඩව පරපුරෙන් පැවති) (ක‍්‍රි.ව. 1617-1621) ගේ වැඩිමල් දියණිය වූ (උපත ක‍්‍රි.ව. 1608) දෝන ඉසබෙලා කුමරිය සමඟය. එම දෙපළගේ පුත් කෝරලගේ වින්තුර බි‍්‍රටෝ නම් අඹන්වෙල රාල ද (උපත ක‍්‍රි.ව. 1630), දියණිය වූ කොරලගේ ඇනා බි‍්‍රටෝ (උපත ක‍්‍රි.ව. 1632) විවාහ වූයේ වීදිය බණ්ඩාර පරපුරේ තුඩුගල තෙන්නකෝන් නවරත්න අප්පුහාමි දිශාව සමඟය (විවාහය ක‍්‍රි.ව. 1655). (තුඩුගල පරපුර පොතෙන් උපුටාගන්නා ලදී.)
අඹන්වෙල රාලගේ පරපුර මෙසේය

ambanwalarala

නිලඹෙ කැරැල්ල සිදු කළ කෝරළගේ වින්තුර බි‍්‍රටෝ අඹන්වෙල රාල විවාහ වූයේ (ක‍්‍රි.ව. 1660) දීය. එනම් යාපනේ රජ පරපුරක් වූ පසුව උඩරටට ආ ජයසුන්දර යශකේෂරීන් පරපුරේ තනවල්ල මුදලි (උපත ක‍්‍රි.ව. 1635) නම් අඹන්වෙල ජයසුන්දර දිසානායක මුදියන්සේ (උරුලෑවත්ත- සිදුරු වානා බඩ) ගේ දියණිය සමඟය. එම දෙපළගේ පුතු වූ කෝරළගේ හටන් නයිදේ (උපත ක‍්‍රි.ව. 1661) (යාපනේ ක‍්‍රි.ව. 1681 දී ආක‍්‍රමණය කළ) විවාහ වූයේ (ක‍්‍රි.ව. 1694) ගංගා බ‍්‍රහ්මන වංශික කයි අප්පොගේ සොහොයුරිය සමඟය. ඒ දෙපළගේ පුත් වූ කෝරළගේ (අවුතොයූ/ අවුස්ත‍්‍රියාවේ/ ඔස්ටි‍්‍රයා කුමරු ෂ වන විමලධර්මසූරිය රජුගේම නම ඔහුගේ මුණුබුරන්ට යොදා ඇත.) අප්පුහාමි (උපත ක‍්‍රි.ව. 1695) දන්වත්තගොඩ ලියනගේ රාජකාරිය ක‍්‍රි.ව. 1731 දක්වා පයාගල සිදුකළා. ඔහු විවාහ වූයේ පරදූවේ වලව්වේ තෙන්නකෝන් ඒදඬුවාගේ පරපුරේ කුමරියක් සමඟය. ඒ දෙපළගේ පුත් කෝරළගේ දොන් පිලිප්පු (උපත ක‍්‍රි.ව. 1725) තුඩුගල පරපුරේ කුමරියක් වූ අදිරියානා සමඟ විවාහ විය. ප‍්‍රමාද කර එම විවාහය පුස්කොල ලේඛනයේ ලියාපදිංචි කර ඇත්තේ (ක‍්‍රි.ව. 1755-05-07දීය.) ඒ දෙපළගේ පුත් කෝරළගේ දොන් සින්නෝ (ආණ්ඩුකාරයා අර්ථය ඇති) අප්පෝ (උපත ක‍්‍රි.ව. 1758) විය. සින්නෝ අප්පෝගේ සොහොයුරිය වූ කෝරළගේ දන්වත්ත ලියනගේ ඉසබෙලා විවාහ වූයේ (ක‍්‍රි.ව. 1763-06-11) තුඩුගලගේ සෙපරමාදු මෙරඤ්ඤ තනතුරේ සේවය කරන දොන් ඒබ‍්‍රහ්ම් සේනාරත්න සමඟය. (ඉද්දගොඩ හා පනාපිටිය සන්නස්වත්ත වලව්වේ සිටි) සන්නස්වත්තේ පනාපිටියේ රජ්ජුරුවෝ ලෙසට ප‍්‍රසිද්ධ විය. රදලයන් විසින් සිංහල රාජවංශිකයන්ගේ උරුමය ද්‍රවිඩ රජුන්ට පවරාදීමට විරුද්ධව ඔහු ඕලන්දයන් (ඊසක් ආණ්ඩුකාරයා) සමග උඩරට ආක‍්‍රමණය කළා. ක‍්‍රි.ව. 1765 දී Meirinho වශයෙන් ඔහු [meirinho-Person in charge of sefferamadu to wach over the good behavior of sefferamadu – Baldeas-Page – 443] ක‍්‍රියා කළා.

කෝරළගේ සින්නෝ අප්පෝ ද විවාහ වූයේ කෝරලගේ කුමරියක් සමඟය. (ක‍්‍රි.ව. 1796-1978) අතර පහතරට ප‍්‍රදේශ සියල්ලම ඔහු යටත්කර ගත්තා. මලබාර් නිලධාරීන්ගෙන් රට පිරියෑමත්, බදු බර වැඩිවීමත් මත එම සටන ක‍්‍රි.ව. 1765 ගලගෙදර ආක‍්‍රමණය කළ සටනේ සෙනේවල කුමාරයාගේ පුත් වූ හල්පිට ටික්කමගේ කුමාරයාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. ඉංග‍්‍රීසි නව ආණ්ඩුකාර වරයා හල්පිට ටික්කමගේ ඕවිට අවට පැවති නිවාස 104 ක් ගිනිබත් කර සිංහල කුමරුව සීතාවකට හා රත්නපුරයට පලවා හැරියා. සිංනෝ අප්පෝ එම දෙපළගේ දරුවන් වූයේ කෝරළගේ දොන් බස්තියන් අප්පුහාමි (උපත ක‍්‍රි.ව. 1780) විය. ඔහු විවාහ වූයේ තම ඇවැස්ස මාමා වූ තුඩුගලගේ ඒබ‍්‍රහම් සේනාරත්නගේ දුවණිය සමඟය. ලැබූ පුතු කෝරළගේ දොන් ගවෝර්නිස් (Governers) අප්පුහාමි (උපත ක‍්‍රි.ව. 1804) ද විවාහ වූයේ (ක‍්‍රි.ව. 1846) තුඩුගල ඒබ‍්‍රහම් සේනාරත්නගේ පුතු වූ අන්දිරිස් සේනාරත්නගේ දුවණිය වූද තම ඇවැස්ස නෑනා වූ බස්තිනා සේනාරත්න සමඟය. (උපත ක‍්‍රි.ව. 1813-08-01)

(ඉහත සඳහන් කළ කෝරළගේ සින්නෝ අප්පෝ ඇතුළු 10 දෙනෙක් වෙළෙන්දන් ලෙසට දැදුරු ඔය හරහා උඩරට ඇතුළු වී ක‍්‍රි.ව. 1814 නොවැම්බර් උඩරට ශ‍්‍රී වික‍්‍රම රජු නෙරපා රජකම ලබා ගැනීමේ කුමන්ත‍්‍රණයට ගොස්, ද්‍රවිඩ රජු විසින් අතපය කපා එම කෝරළගේ පවුලේ 6 දෙනෙක් පමණ සහ තවත් සහායකයන් දෙදෙනෙක් මරා දැමීය. එම සිංහල රජ පවුලේ උරුමක්කරු මරා දැමීම නිසා උඩරැටියෝ ශ‍්‍රී වික‍්‍රම නායක්කාර රජුව නෙරපීමට ඉංග‍්‍රීසින්ගෙන් උදව් පැතීය. ඒ අනුව ශ‍්‍රී වික‍්‍රම බලයෙන් පහකළේ යුද්ධයක් නොමැතිවමය) ඒ අනුව ක‍්‍රි.ව. 1815 ජනවාරි ඉංග‍්‍රීසින් හමුදා ගෙන උඩරටට ඇතුළු වී ද්‍රවිඩ නායක්කර්රජුව සිර භාරයට ගත්තේ යුද්ධයකින් තොරවය.

people

පසු කලෙක කෝරළගේ දොන් ගවෝර්නිස් අප්පුහාමි ක‍්‍රි.ව. 1830 සිට 1840 දක්වා මතුරටට (ගම්පල) (උඩරට පහතරට එක්කිරීමට විරුද්ධව) පලාගොස් කැරලි ඇතිකළ ගම්පල රජු නොහොත් මතු කෝරළගේ වල්ගම්පලයා රජු ලෙසට ජනයා අතර ප‍්‍රසිද්ධ විය. ක‍්‍රි.ව. 1846 දී බස්තිනා සේනාරත්න සමග විවාහ වූ හෙතෙම තම පියා හා අත්තාට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ කළ විනාශය සිහිපත් කරමින් තම පුතුට කෝරළගේ අදෝ අප්පෝ ලෙසට නම් තැබීය. (උපත ක‍්‍රි.ව. 1847)වූ තම දියණීය විවාහ කර දුන්නේ ඇවැස්ස නෑකම මත සීමන් අප්පෝ සේනාරත්න හාමු මහතාටය. ඔහු පැවතෙන්නේ, එනම් අන්දිරිස් සේනාරත්ත අප්පුහාමිගේ පුත් පීරිස් අප්පුහාමි සේනාරත්න හාමු මහතාගේ පුත් වූ සීමන් සේනාරත්න හාමු මහතා ලෙසටය. ඔහුගේ පුත් ජේමිස් සේනාරත්න හාමු මහතා විවාහ වූයේ තම්මිට සූරිය බණ්ඩාර අධිකාරම් අභයකෝන් සිරිවර්ධන තඹවිට රාලගේ දෝන එමිනෝනා ගුණසේකර යාලගල වලව්වේ වෙදහාමිනේ සමඟය. එම දෙපළගේ වැඩිමල් පුතු තල්පිටිය දළදාවත්ත රජමහා විහාරයේ මාහිමි කලපුගම චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේය. එම මාහිමිගේ බාල සොහොයුරිය වූයේ එස්. එම්. ඞී. ටී. සේනාරත්න කුමාරිහාමි හාමු මැතිනිය ක‍්‍රි.ව. 2017 වර්ෂය වන විට ඇය අවුරුදු 92 ආයුෂ විඳ ඇත. ඇය II සංගිලි අවසන් යාපනේ රජුගේ දුවණිය වූ ඉසබෙලා ගේ පරපුර (0)ලෙසට සහ මහනුවර කිරුළේ කුමාරසිංහ ඌව රජුගේ පරපුර (0) ලෙසට සලකා බැලූවහොත් යාපනේ කිරුලේ සහ මහනුවර කිරුලේ 10 උරුමක්කාරිය වන්නේ එස්. එම්. ඞී. ටී. සේනාරත්න කුමාරිහාමි හාමු මැතිනියයි. (ඇයගේ ඡායාරූපය -1)

යාපා පටුනේ රාජ්‍ය උරුමය හිමි වීදිය බණ්ඩාරගේ පරපුරේ පැවැත්ම හා ඉතිහාසය

යාපා පටුනේ වල්ලිගාම, තෙත්මාරට්ටි හා වඩමාරච්චි දූපත් භූමිවනයාපා පටුනේ ත‍්‍රී නම් ත‍්‍රිභූමිය හිමි ශ‍්‍රී මහ බෝධිය ගෙන ආ චන්ද්‍රවංශ රාම කුමරුගේ පරපුරෙන් පැවති දඹකොල පටුනේ පාලක රජවූ කොළ ත‍්‍රී පරපුර නම් ත‍්‍රීව පරපුරේ/ ත‍්‍රිව ආරියර්/ තේවාරියර් (උපත ක‍්‍රි.ව. 1300)/තේවායියර් කෝන්/ත‍්‍රිව ආරියර් නම් රජු, ටික්කම නායක රජුගේ දියණිය හා විවාහ වීමෙන් ලැබූ පුතු සිංගෙයි තන්කම් (ත‍්‍රී ගම්) ත‍්‍රී භූමි ආර්ය කෝමාන් (උපත ක‍්‍රි.ව. 1325) (සිරි විරුක්ක නාටු පාලක) රජු, ගංගා විල්ගම් චක‍්‍රවර්තී කුමරිය හා විවාහයෙන් ලැබූ පුතු වූ මතිතුංගන් තනින්යින්රු වෙන්රු පෙරුමාල් චක‍්‍රවර්තී (උපත ක‍්‍රි.ව. 1350) රජු ද ගංගා විල්ගම් කුමරිය හා විවාහයෙන් ලැබූ පුතු වූ ත‍්‍රිකුණාමල රජු (උපත ක‍්‍රි.ව. 1375)ද විය. ඔහු ද මලල ඉරුගල් කුමරිය හා විවාහයෙන් ලැබූ පුතු වූ කන්‍යා කුමාරි තුඩුවේ (කොමරින් තුඩුවේ) පාලක රජු වූ (උපත ක‍්‍රි.ව. 1395) කොමරින් අධි බණ්ඩාර විය. යාපනේ නල්ලූර්වල ටික්කම මානායි මන්ත‍්‍රී මාලිගා සෑදූ ටික්කම පරපුරේ සපුමල් කුමරුගේ වැඩිමහල් සහෝදරිය වන කපුරුලමාතැනී හා කොමරින් අධි බණ්ඩාර (1) විවාහ වීමෙන් පසුව යාපා පටුනේ VI වර රාජසේකර නමින් ඔහු (ක‍්‍රි.ව. 1451-1454) රජවිය. ඔහුගේ පුත් වූ කොමරින් අධිබණ්ඩාර (2), ගංගා වංශික (රූපය 4) කුමාරිකාවක් විවාහ වීමෙන් ලැබූ පුතු වූ විජයබාහු කුමාරයා ද අරිට්ට බ‍්‍රහ්මණ පරපුරේ කුමරියක් හා විවාහ වීමෙන් (ක‍්‍රි.ව. 1471-1480) (VII වර රාජසේකර) නමින් යාපනේ රජ වූ (යමුනා/ ජමුනා පොකුණ සෑදූ) අතර ලැබූ තම පුතුන් වූ වීරසූරිය පිලැස්සේ වීදිය අරසන් /වෙඩි අරසන් (උපත ක‍්‍රි.ව. 1475) තිබුල් බණ්ඩාර ක‍්‍රි.ව. (1500-1518) දක්වා, දිග දූපත නම් නෙඩුන් දිවයින ඩෙල්ෆ් දූපතේ රජුවිය.

chandrajothi

ලබන සතියට
ටික්කම මහින්ද කුමාර

94 Viewers