• Home »
  • Sinhala »
  • යුද අපරාධ සිදු කළ ඇඩෙලා බාලසිංහම් වසර 12කට පසු සොයා ගනියි

යුද අපරාධ සිදු කළ ඇඩෙලා බාලසිංහම් වසර 12කට පසු සොයා ගනියි

(Courtesy of The Divaina)

uda-aparada1
කොටි ළමා සෙබළුන් පුහුණු කළේ ඇයයි. එසේම කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියන්ගේ කරේ සයනයිඞ් කරල් පැළඳුවේද මේ කාන්තාවයි මැය කවුරුන්ද? ඒ ඔස්ටේ‍්‍රලියානු හෙදියක් ලෙස සේවය කළ ඇඩෙලා බාලසිංහම් ය. කොටි සංවිධානය පරාජයවීමට පෙර බි‍්‍රතාන්‍යයට පළා ගිය ඇඩෙලාට බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ දුන්නේය. එහෙත් ඇය සිටින ස්ථානය සොයාගැනීමට කිසිවකුටත් නොහැකියි. බි‍්‍රතාන්‍ය එම් අයි 5 බුද්ධි සේවාව සහ ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය ඇඩෙලා සිටින ස්ථානය රහසක් ලෙස තබාගත් බව වාර්තා විය. එසේ වුවත් වසර 12 කට පසු ඇඩෙලා සිටින ස්ථානය අනාවරණය විය. ඒ සරේ ප‍්‍රදේශයේ වෝල්ඩන්හි බෝ්ඞ්ලේ මාර්ගයේ සුවිසල් මැඳුරකය. මේ සුවිසල් මැඳුරේ වටිනාකම ස්ටර්ලින් පවුම් 1,160,000 ක් වේ.

ඇඩෙලා පසුගිය වසර 12 තුළම හොර විද්‍යුත් ලිපිනයක් භාවිත කළාය. සරේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ මේ විද්‍යුත් ලිපිනයෙන් ඇය සිටින ස්ථානය අනාවරණය විය.

අප මේ ගැන බි‍්‍රතාන්‍යයේ සිටින මිතුරකුට දැනුම් දුන් විට ඔහු ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ ඇගේ නිවස සොයා ගනු ලැබීය. ඇඩෙලා බාලසිංහම්ගේ නිවස මුලින්ම සොයාගත්තේ ඊවිනින් ස්ටෑන්ඞ් පුවත්පතයි. මෙලෙස යුද අපරාධකාරියක් ලෙස චෝදනා එල්ල වූ ඇඩෙලා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්ති යටතේ අත්අඩංගුවට ගත යුතුව ඇතත් මේ වනතුරු බි‍්‍රතාන්‍ය රජය ඇයට එරෙහිව පියවර ගෙන නැත්තේ බි‍්‍රතාන්‍යයේ සිටින කොටි ඩයස්පෝරාවේ ඡන්ද නිසාය. සුදු කොටියා නමින් හඳුන්වනු ලැබූ ඇයට යුද අපරාධ චෝදනා රැසක් එල්ලවී ඇත.

එහෙත් ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු අද වනතෙක් ඉන්ටර්පෝල් පොලිසිය ලවා ඇඩෙලාට රතු වරෙන්තුවක් ප‍්‍රකාශ කර නැත. ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන හඬනඟන බි‍්‍රතාන්‍ය රජය ඇඩෙලා බාලසිංහම්ට එරෙහිව කි‍්‍රයා නොකිරීම එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්ති උල්ලංඝනය කිරීමකි. 1991 වසරේ බී. බී. සී. රූපවාහිනිය මරාගෙන මැරෙන බෝම්බකාරියන් නමින් වාර්තාමය චිත‍්‍රපටයක් විකාශනය කළේය. එහි කොටි නිල ඇඳුමින් යුත් ඇඩෙලා ඒ. කේ. 47 අවියක් රැගෙන සිටින අයුරුත් ඇගේ ගෙලේ සයනයිඞ් කරලක් ඇති අයුරුත් දක්නට ලැබිණි.

ඇන්ටන් බාලසිංහම් සමග වන්නියට පැමිණි ඇඩෙලා පාසල් ළමුන් කොටි සංවිධානයට බඳවා ගැනීමට කි‍්‍රයා කළාය. මේ නීතිවිරෝධී කි‍්‍රයාදාමයන් සිදුවන අවස්ථාවේ බි‍්‍රතාන්‍ය රජය බලා සිටියේය. මේ පසුබිම මැද කිසිදු ද්‍රවිඩයෙක් ඇඩෙලා ඇනට් හෙවත් ඇඩෙලා බාලසිංහම්ට එරෙහිව බි‍්‍රතාන්‍ය බලධාරීන්ට පැමිණිලි කිරීමට බිය වූහ.

uda-aparada2

මේ පසුබිම මැද යුද්ධය අවසන් වී වසර 10 කට පසු ඇඩෙලා බාලසිංහම් සිටින ස්ථානය හෙළි වී ඇතත් ඇයට එරෙහිව බි‍්‍රතාන්‍ය රජය නිසි පියවරක් නොගැනීම බරපතළ ප‍්‍රශ්නයකි.

කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස කි‍්‍රයා කළ ඇඩෙලා කොටි නායක ප‍්‍රභාකරන්ව හඳුන්වනු ලැබුවේ නියම මිනිසකු ලෙසය.

ඔස්ටේ‍්‍රලියානු සහ බි‍්‍රතාන්‍ය ද්විත්ව ගමන් බලපත‍්‍ර මත මෙරටට පැමිණි ඇඩෙලා වන්නියට පැමිණියේ හොර රහසේ නිසා ඇගේ ගමන් බලපත‍්‍රවල ආගමන විගමන මුද්‍රා සටහන් වූයේ නැත. යුද අපරාධ සිදු කළ බව දක්වමින් ලයිබීරියාවේ ජනපති චාල්ස් ටේලර් සිරගත කර ඇති බි‍්‍රතාන්‍යය ඇඩෙලා බාලසිංහම්ට එරෙහිව කි‍්‍රයා නොකිරීම එරට ත‍්‍රස්ත මර්දන පනත උල්ලංඝනය කිරීමකි.

ඇඩෙලා බි‍්‍රතාන්‍යයේ සිටින ස්ථානය සොයාගෙන ඇතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද නිහඬ වී ඇත. ඇයව විශ්වඅධිකරණ පද්ධතිය යටතේ අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍ය රජයට ඉඩ ඇතත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත. මේ අතර ඔසටේ‍්‍රලියානු පුරවැසි බව හිමිවූ කාන්තාවක් විදේශ රටක යුද්ධයකට මැදිහත් වෙනවා නම් ඇයව ඕස්ටේ‍්‍රලියානු පනත යටතේ අත්අඩංගුවට ගතහැකිය.

එහෙත් ඇඩෙලා බාලසිංහම් නිදහසේ සිටියි. ළමා සෙබළුන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම යනු බරපතළ චෝදනාවක්. එහෙත් ජාත්‍යන්තර පොලිසියට ඇයව අත්අඩංගුවට ගැනීමේ බලයක් නැත. එසේම ස්ටර්ලින් පවුම් ලක්‍ෂ 112 ට ලන්ඩන් නුවර මධ්‍යම පාන්තික ජනතාව වාසය කරන සුවිසල් මැඳුරක් මිලයට ගැනීමට ඉඩ ලැබුණේ කෙසේද?

මේ නිවස ලබාගෙන ඇත්තේ කොටි අරමුදල්වලින් නොවේද? 61 වැනි වියේ පසුවන ඇඩෙලා කොටි සමග ගත කළ කාලය පිළිබිඹු කෙරෙන ද විල් ටූ ෆී‍්‍රඩම් නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඉන් කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් බව පැවසුවාය.

එහෙත් ඇය නිසා දිවි අහිමි වූ කොටි තරුණියන් හා ළමුන් දහස් ගණනකගේ මරණවලට වගකියන්නේ කවුද?

මේ පසුබිම මැද යුද අපරාධකාරියක් බි‍්‍රතාන්‍යයේ නිදැල්ලේ සිටියි. ඇයට එරෙහි කිසිදු චෝදනාවක් නැත. බි‍්‍රතාන්‍ය රජය ඇයට පූර්ණ නිදහස දී තිබේ. එහෙත් ඇඩෙලා තමා සිටින ස්ථානය හෝ කොටි ඩයස්පෝරාව හමුවට පැමිණීමෙන් වැළකී ඇත්තේ කොටි විරෝධීන් අතින් ඇය ඝාතනය වනු ඇතැයි සැකයෙනි.

මෑතකදී බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලාංකික දේශපේ‍්‍රමීන් ඇයව අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට පිටුවහල් කරන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ඉටු වූයේ නැත.

මේ නිසා බි‍්‍රතාන්‍ය රජය මියගිය කොටි ළමා සොල්දාදුවන්ගේ ජීවිත ගැන වගකිවයුතු නොවේද?

කීර්ති වර්ණකුලසූරිය



250 Viewers