• Home »
  • Sinhala »
  • රට ජිනීවා දං ගෙඩියට – නේස්බිගේ හෙළිදරව්ව කුණු බක්කියට

රට ජිනීවා දං ගෙඩියට – නේස්බිගේ හෙළිදරව්ව කුණු බක්කියට

image1වසර 30 ක යුද හමුදා සේවය 2018 අගෝස්තු 31 නිමාකර විශ‍්‍රාම ගිය චාගි ගාල්ලගේ, මේතාක් කල් කිසිදු නිලධාරියකු ප‍්‍රසිද්ධියේ නොකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් (2018 සැප්තැම්බර් 07 දින) කළේය.

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති තම නික්මයෑමේ උත්සවයේදී ගාල්ලගේ පවතින තත්ත්වය පිළිබඳව නිර්භීත ප‍්‍රකාශයක් කළේය. හමුදා ඉතිහාසයේ ගජබා නාමය රන් අකුරින් ලියැවෙන බවත් තමා එම අතීතයේ කුඩා කොටස්කරුවකු බවත් නමුත් තමා සේවය නිමාකර නික්ම යන්නේ ‘යුද අපරාධකරුවකු’ ලෙස බවත් පැවසීය.

ගාල්ලගේට ‘යුද අපරාධකරුවකු’ ලෙස හමුදා ජීවිතය අවසන් කිරීමට සිදුවීම රටේ අවාසනාවකි. මාධ්‍ය ගජබා නිලධාරියාගේ ප‍්‍රකාශයට ඉඩක් ලබාදුන්නේ නැත. ඔලමොට්ටල ජනතා නියෝජිතයන්ගේ විකාර ප‍්‍රකාශවලට මාධ්‍ය වැඩි ඉඩකඩක් ලබාදෙන බව පැහැදිලිය. බලයේ සිටින කණ්ඩායමේ සහ නැවත බලය ලබාගැනීමට උත්සාහ කරනු ලබන ජනතා නියෝජිතයන්ගේ වෙනසක් නැත. ජනතා නියෝජිතයන්ට ගාල්ලගේගෙන් ලබාගැනීමට දෙයක් නොමැත. පාර්ලිමේන්තුවේ කතා කළ යුතු ගාල්ලගේ ප‍්‍රශ්නය අවම ලෙස පළාත් පාලන ආයතනයකදීවත් සාකච්ඡුාවට ලක්වූයේ නැත.

එජාපය, ශ‍්‍රීලනිපය, ජවිපෙ, ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ‍්‍රීලනිපයේ 16 කණ්ඩායම මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළේ නැත. නමුත් සිරිකොතේ සැප්තැම්බර් 21 පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී මාධ්‍යවේදියකු ගාල්ලගේ සම්බන්ධයෙන් නැඟූ ප‍්‍රශ්නයට නිසියාකාර පිළිතුරක් දීමට එදින මාධ්‍ය ඉදිරියේ සිටි රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට හැකි වූයේ නැත.

ඇත්ත වශයෙන්ම රජය ගාල්ලගේ ‘යුද අපරාධකරුවකු’ වීම සම්බන්ධයෙන් සහ ශ‍්‍රී ලංකා යුද හමුදාව අපරාධ සංවිධානයක් ලෙස හංවඩු ගැසීම පිළිබඳව පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුව ඇත.

පැවති රාජපක්‍ෂ රජය සහ පවතින එජාප – ශ‍්‍රීලනිප හවුල මෙම ඛේදනීය තත්ත්වයට වගකිව යුතුය. ගාල්ලගේ තමා ‘යුද අපරාධකරුවකු’ ලෙස නම්කර ඇති බව දැනගන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුවය. ඔස්ටේ‍්‍රලියාවේ පෞද්ගලික සංචාරයක නිරතවීමට කළ ඉල්ලීම කොළඹ පිහිටි ඔස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් ප‍්‍රතික්ෂේප කිරීම ත‍්‍රස්තවාදය පැරද වූ ජයග‍්‍රාහී හමුදාව මුහුණදෙන බරපතළ අර්බුදය පෙන්නුම් කරයි.

ඔස්ටේ‍්‍රලියාව පවසන පරිදි 2009 මැයි 7 – ජුලි 20

නැගෙනහිර වන්නියේ මෙහෙයුම්වල යෙදුණු 59 සේනාංකයට නායකත්වය දීම හේතුවෙන් ගාල්ලගේ යුද අපරාධකරුවකු වී ඇත. ගාල්ලගේ වෙනුවෙන් ඔහු සේවය කළ ශ‍්‍රී ලංකා රජය කිසිදු ආකාරයකින් පෙනීසිටියේ නැත. ඇත්ත වශයෙන්ම ඒකාබද්ධ විපක්‍ෂය ගාල්ලගේ සම්බන්ධයෙන් විදේශ හා ආරක්‍ෂක අමාත්‍යාංශ ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ විමසීමක් කළ යුතුව තිබිණි. නමුත් එසේ නොවීය. මෙය ගාල්ලගේගේ ප‍්‍රශ්නයක් පමණක් නොවේ. රටක් ජාතියක් ලෙස ලෝකය හමුවේ අසමත්කම ප‍්‍රදර්ශනය වීමකි.

ජිනීවා අභියෝගය

image2 ගාල්ලගේ කළ ඔස්ටේ‍්‍රලියානු වීසා අයැදුම යුද අපරාධ චෝදනා මත ප‍්‍රතික්ෂේප වීම මුල්වරට මෙම ලියුම්කරු 2017 මාර්තු 23 වැනිදා ‘දි අයිලන්ඞ්’ මුල් පිටු වාර්තාවකින් හෙළිකළේය. එදිනම ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් මෙම ලියුම්කරු සමඟ පැවසුවේ ගාල්ලගේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවය. මෙම ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රකාශයෙන් මාස 17 ට පසුව විශ‍්‍රාම ගිය ගාල්ලගේට වීසා නිකුත් කළේ නැත. ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් සිතාමතා මෙම ලියුම්කරු නොමඟ යැවීමට උත්සාහ කළ බව පැහැදිලිය. සේවයේ නියුතුව සිටියදී වීසා නොලැබූ

ගාල්ලගේට විශ‍්‍රාම යෑමෙන් පසු යළි කිසිදා ඔස්ටේ‍්‍රලියානු වීසා ලැබෙන්නේ නැත. 2015 ඔක්තෝබර් 1 වැනිදා ශ‍්‍රී ලංකාවේ සහයෝගය ඇතිව සම්මත වූ ජිනීවා යෝජනාවලිය

පිළිගන්නා කිසිදු රටක් ඔප්පු නොවූ චෝදනා මත වරදකරුවන් කර ඇති චාගි ගාල්ලගේ වැන්නවුන්ට වීසා නොදෙනු ඇත.

ඔස්ටේ‍්‍රලියාව ගාල්ලගේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පුදුමාකාරය, හිරිකිතය. ඔස්ටේ‍්‍රලියාව මුළු ශ‍්‍රී ලංකාවම අපහාසයට ලක් කළේය. ගාල්ලගේ කළ වීසා ඉල්ලීම ඉවත ලෑම කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කිරීම රජය සිතාමතා මඟ හැරියේය.

ගාල්ලගේ තම වීසා අයැදුම්පත 2016 සැප්තැම්බර් ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන්නේය. ඔහු බලාපොරොත්තු වූයේ 2016 දෙසැම්බර් – 2017 ජනවාරි කාලය තුළ ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන තම සහෝදරයා සමඟ කාලය ගත කිරීමටයි. ඔස්ටේ‍්‍රලියාව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. එවකට යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිශාන්ත ද සිල්වා 2017 අපේ‍්‍රල් 5 දින ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට ඔස්ටේ‍්‍රලියාව කටයුතු කළ ආකාරය පිළිබඳව දැනුවත් කළේය. ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රියා කලාපය ඉතාමත් අසාධාරණ බව හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. රජය ගාල්ලගේ වෙනුවෙන් පෙනීසිටීමට මැලිවිය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර කණ්ඩායම ශ‍්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් කරන අසාධාරණ චෝදනා හිස් මුදුනින් පිළිගැනීමට එජාප – ශ‍්‍රීලනිප හවුල කටයුතු කළේය. ගාල්ලගේ සම්බන්ධයෙන් රජය ක‍්‍රියා කළ අ¥රදර්ශී පිළිවෙත ත‍්‍රස්තවාදය පරාජය කළ හමුදාවට කළ අපහාසයකි.

මෙම ලියුම්කරු 2017 මාර්තු 23 ගාල්ලගේ කළ වීසා ඉල්ලීම ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රතික්ෂේප කිරීම හෙළි කළේ එජාප – ශ‍්‍රීලනිප රජය තමන් 2015 ඔක්තෝබර් 01 පිළිගත් ජිනීවා යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට වසර 2 ක කාලයක් ලබාගැනීමත් සමඟය. (එම වසර 2 ක, 2017 – මාර්තු සිට 2019 මාර්තු*

ආරක්‍ෂක ඇමැතිකම දරන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2017 නොවැම්බර් 09 දින යුද හමුදා රෝහලේදී පැවති විශේෂ හමුවකදී හමුදා නිලධාරීන් කිසිදු අධිකරණ පද්ධතියක් තුළ ඔප්පු නොවූ චෝදනා මත අපහසුවට ලක්වීම පිළිබඳව රජය වහාම ක‍්‍රියා කළ යුතු බව පැවසීය. ආරක්‍ෂක ලේකම් කපිල වෛiරත්න සහ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක එම අවස්ථාවට සහභාගි විය. නමුත් රජය අදවන තුරු වීසා පලහිලව්ව සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැත. 2016 සැප්තැම්බර් ඔස්ටේ‍්‍රලියානු වීසා අයැදුම්පත 2018 අගෝස්තු 31 විශ‍්‍රාම යන තුරු රජය ගාල්ලගේ සම්බන්ධයෙන් කිසිවක් කළේ නැත.

රජය නිරුත්තර වීම

2015 ඔක්තෝබර් 01 දින එජාප – ශ‍්‍රීලනිප රජය පිළිගත් ජිනීවා යෝජනාවලිය අභියෝගයට ලක්කළ හැකි නිල වාර්තා 2017 ඔක්තෝබර් 12 මහා බි‍්‍රතාන්‍යයේ සාමි මණ්ඩලය ඉදිරියේ හෙළිදරව් විය. එම නිල වාර්තා ශ‍්‍රී ලංකාවේ පිහිටි එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ යුද උපදේශක ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් 2009 ජනවාරි 01 සිට මැයි දක්වා කොළඹ සිට ලන්ඩනයේ විදේශ අමාත්‍යාංශයට යැවූ බව රහසක් නොවේ. සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 2014 නොවැම්බර් මස 6 දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම නොයෙකුත් සාවi හේතු දක්වා පිළිතුරු දීම විදේශ අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කළේය. නේස්බි, සටන අතහැරියේ නැත. තොරතුරු දැනගැනීමේ පනත ක‍්‍රියාත්මක කිරීමේ වගකීම දරන ආයතනයේ මැදිහත්වීමෙන් දීර්ඝ සටනකින් පසු අදාළ ලිපි ලේඛන ලබාගැනීමට ඔහුට හැකි විය. පළමුවෙන්ම තොරතුරු දීම ප‍්‍රතික්ෂේප කළ විදේශ අමාත්‍යාංශය පසුව යම් රහස්‍ය පිටු ප‍්‍රමාණයක් බරපතළ වාරණයට ලක් කිරීමෙන් පසු නේස්බි අතට පත් කළේය. එතුමා 2017 ඔක්තෝබර් 12 සාමි මණ්ඩලයේදී හෙළි කළේ එලෙස අධික ලෙස වාරණයට ලක් වූ රහස්‍ය වාර්තාවයි.

නේස්බිගේ හෙළිදරව්ව එජාප – ශ‍්‍රීලනිප රජයට දමිළ ඩයස්පෝරාවට මෙන්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට මරු පහරක් විය. මෙම කණ්ඩායම නේස්බි නයාට අඳුකොළ මෙන් දැකීම ද පුදුමයක් නොවේ. 2010 මාර්තු 31 ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ එවකට මහ ලේකම් බෑන් කී මූන්ගේ වාර්තාවෙන් කළ ප‍්‍රධාන චෝදනාව නේස්බි ප‍්‍රතික්ෂේප කළේය. නේස්බි ප‍්‍රතික්ෂේප කිරීම බටහිර බලවතුන්ට පහසුවෙන් ඉවත දැමිය හැකිව තිබිණි. නමුත් එම ප‍්‍රතික්ෂේප කිරීම බි‍්‍රතාන්‍ය රජයේ නිල වාර්තා උපයෝගී කරගෙන අභියෝගයට ලක් කිරීම අදටත් බොරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ කණ්ඩායමට සිතා ගැනීමට බැරිය. 2010 මාර්තු මස කළ 40,000 සාමාන්‍ය වැසියන් මරා දැමීමේ චෝදනාව බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තා අනුව නිවැරදි නොවේ. මියගිය මුළු සංඛ්‍යාව 8000 ක් ලෙස සඳහන් කළ අතර එම සංඛ්‍යාවෙන් හතරෙන් එකක කොටසක් කොටි ත‍්‍රස්තවාදීන් බව පෙන්වා දුන්නේය. එලෙසම සාමාන්‍ය ජනතාව සිතා මතා ප‍්‍රහාරවලට ලක් කිරීම කිසිවිටකත් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්තිය නොවූ බව ද සඳහන් විය.

කොළඹ සිට ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නේස්බි බි‍්‍රතාන්‍ය හමුදා රහස්‍ය වාර්තා පදනම් කරගෙන කළ හෙළිදරව්ව පිළිබඳව මුණිවත රැුක්කේය. දමිළ මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. අදටත් තත්ත්වය එසේමය. පාර්ලිමේන්තුව නේස්බි කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අප පාර්ලිමේන්තු ක‍්‍රමයේ අසමත් බව ඔප්පු කළේය. 2017 ඔක්තෝබර් 12 දින කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ කළ වාදයකට අමතරව කළ කිසිවක් නැත. පාර්ලිමේන්තුවේ කථානායක ඇතුළු 225 මැති ඇමැතිවරු ලජ්ජා විය යුතුය. නේස්බිගේ හෙළිදරව්ව චාගි ගාල්ලගේ වැනි උසස් හමුදා නිලධාරීන්ගේ නම රැුකගැනීමට යොදාගැනීමට තිබිණි. එම ක‍්‍රියාවලිය ගාල්ලගේ නම රැුකීමට එහා ගිය අරමුණින් ක‍්‍රියාත්මක කළ හැකිව තිබිණි. නේස්බි ඉදිරිපත් කළ වාර්තා ‘කුළු ගෙඩියක්’ ලෙස යොදාගැනීමට තිබූ අවස්ථාව එජාප – ශ‍්‍රීලනිප හවුල දේශපාලන හේතු මත මඟ හැරියේය.

2017 නොවැම්බර් 23 විදේශ ඇමැති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී නේස්බි හෙළිදරව්ව සම්බන්ධයෙන් පොරොන්දුවක් දුන්නේය. එම හෙළිදරව්ව නිසි වේලාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් යොදා ගැනීමට මාරපන පොරොන්දු විය. අදටත් එම පොරොන්දුව ඉෂ්ට නොකළ පොරොන්දු ගොන්න තුළ ඇත. එම පොරොන්දුව ඉෂ්ට කිරීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය. නේස්බි හෙළිදරව්ව කුළු ගෙඩියක් ලෙස යොදාගතහොත් එජාපය – ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ තිබෙන දේශපාලන දීගයට බලපානු ඇත. යුද අපරාධ මත රැුඳුණු ජිනීවා යෝජනාවලිය අභියෝගයට ලක් කිරීම 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන එජාපය ඇතුළු කිසිදු ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයකට හිතකර නොවන බව එම පක්‍ෂවල හැඟීමයි. ඒකාබද්ධ විපක්‍ෂය ද එම තත්ත්වය තුළ කටයුතු කරන බව පෙනේ.

ජනාධිපතිවරයා නේස්බි අමතක කිරීම

නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා සැසියට පෙර සැප්තැම්බර් 14 දින ජනාධිපති සිරිසේන මාධ්‍ය ප‍්‍රධානීන් ඉදිරියේ පැහැදිලි පොරොන්දුවක් දුන්නේය. 2015 ඔක්තෝබර් 01 තම රජය ජිනීවාහිදී පිළිගත් යෝජනාවලිය සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. නමුත් නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් 12 කළ හෙළිදරව්ව පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු සඳහනක් නිව්යෝර්ක්හි කළේ නැත. නමුත් ජනාධිපතිවරයා යම් ආකාරයකට නේස්බි හෙළිකළ තොරතුරු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් යොදාගැනීමේ වෑයමක් ඇති බව අවබෝධ කරගත්තේය. නමුත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව නඟා ඇති බොරු ගොන්න අභියෝගයට ලක් කිරීම ජනාධිපතිවරයා මඟ හැරීය.

ලබන සතියට

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

108 Viewers