• Home »
  • Sinhala »
  • රනිල් යුද අපරාධ චෝදනාවලට අභියෝග කරයි… ජනාධිපති ගෝඨාභය කළ ප‍්‍රකාශය විදේශීය මාධ්‍ය විකෘති කරයි… දරුස්මාන්ගේ වාර්තාව හෙළිකළ ශ‍්‍රී ලංකාව නොදුටු සත්‍යය….

රනිල් යුද අපරාධ චෝදනාවලට අභියෝග කරයි… ජනාධිපති ගෝඨාභය කළ ප‍්‍රකාශය විදේශීය මාධ්‍ය විකෘති කරයි… දරුස්මාන්ගේ වාර්තාව හෙළිකළ ශ‍්‍රී ලංකාව නොදුටු සත්‍යය….

(Courtesy of The Sunday Diwaina)

  • අතුරුදන් පුද්ගලයන් විදේශවල ජීවත් වෙනවා නැතහොත් යුද්ධයේදී මියගිහින්

Picture6

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සින්හ් සන්දු ‘ඉන්දියා නිවසේදී’ ජනවාරි 27 හමුවූ අවස්ථාව. ජිනීවා තොණ්ඩුව සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ නායකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය නොවේද?

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෑතකදී ශ‍්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන නියෝජිතවරිය හැනා සිංගර් හමුවිය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුවීම සිදුවිය. එම හමුවීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් ප‍්‍රයෝජනයට ගෙන බීබීසී, අල් ජසීරා, ප‍්‍රංශ පුවත් සේවය ඇතුළු විදේශීය මාධ්‍ය ප‍්‍රබලයන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ යුද සමයේදී අතුරුදන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බවට පිළිගත් බව වාර්තා කළේය. මින් පෙර එලෙස ශ‍්‍රී ලංකා රජය කිසි විටෙක ප‍්‍රකාශයක් කර නැති බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා එලෙස ප‍්‍රකාශයක් නොකළ බවට ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව විමසා බලා තහවුරු කරගත් තොරතුරු මත මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය මුණගැසීම විදේශ මාධ්‍ය අපූරුවට ප‍්‍රයෝජනයට ගත්තේය. පෙබරවාරි – මාර්තු පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සැසියට ප‍්‍රථම මෙවැනි ත්ත්ත්වයක් ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු විය යුතුය. ලෝක ප‍්‍රසිද්ධ ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැති බොරුකාරියගේ කතාව කිසිදු සොයා බැලීමකින් තොරව 2020 ජනවාරි 27 පළ කිරීම විදේශීය මාධ්‍ය මෙහෙයුමේ එක අවස්ථාවක් පමණි. අතුරුදන් බවට මෙපමණ කලක් සඳහන් කළ 23,500 පුද්ගලයන් ප‍්‍රමාණයක් මියගොස් බව ජනාධිපතිවරයා පිළිගත් බවට වාර්තා කිරීම සාහසික ක‍්‍රියාවකි.

ජනාධිපති මාධ්‍ය අංශය නිහඬව සිටියා නම් එම මරණ සංඛ්‍යාව දැනට මරා දැමූ බවට වාර්තා කරන 40,000 එකතු කර 60,000 කට අධික පිරිසකගේ දිවි අහිමි කළ බවට ශ‍්‍රී ලංකාවට චෝදනා කරනු ඇත.

ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ තෝරාගත් මාධ්‍ය යොදාගෙන ක‍්‍රියාත්මක බටහිර මෙහෙයුම අති ප‍්‍රබලය. යුද්ධය දිනූ මහින්ද රාජපක්‍ෂගේ රජය එම මෙහෙයුම ඉදිරියේ අන්ත අසරණ විය.

ජනාධිපති මෛත‍්‍රිපාල – රනිල් වික‍්‍රමසිංහ පාලනය බටහිර ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කළේය. මෙම ප‍්‍රබල සහයෝගිතාව මත ලෝක ඉතිහාසයේ පළමු වරට (දෙවැනි ලෝක යුද්ධයෙන් පසු* රජයක් තම ආරක්‍ෂක හමුදා මානව හිමිකම් කඩ කළේ යැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පිළිගත්තේ ය. එම පාවාදීම 2015 ඔක්තෝබර් 01 දින සිදුවිය.

එවකට ජිනීවාහි සිටි ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනීවා යෝජනාවට විදේශ ඇමැති මංගල සමරවීරගේ නියෝගය මත අත්සන් තැබීය. ඊට දින දහයකට පමණ පෙර ආරියසිංහ ජිනීවා යෝජනාවලිය ප‍්‍රතික්ෂේප කළේය. බටහිර නියෝජිතයන් සමග ජිනීවාහිදී පැවති සාකච්ඡුාවකදී එම යෝජනාවලිය ශ‍්‍රී ලංකාවේ සංහිඳියා ක‍්‍රියාදාමයට බලවත් බාධාවක් බව ආරියසිංහ පෙන්වා දුන්නේය. ආරියසිංහ බටහිර නියෝජිතයන්ට ප‍්‍රකාශ කළ ප‍්‍රකාශය විදේශ අමාත්‍යාංශය මාධ්‍යයට නිල වශයෙන් නිකුත් කළේය. එසේ නොවන්නට එවකට රජය ජිනීවාහිදී කළ නිහීන මැදිහත් වීම හෙළි නොවීමට ඉඩ තිබිණි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය වැරදි අර්ථ ගැන්වීමක් කළ බව පැහැදිලිය. 2020 පෙබරවාරි – මාර්තු ජිනීවා සැසිවාරයට පෙර ශ‍්‍රී ලංකාව ගන්නා ස්ථාවරය ජනතාව දැනගත යුතුය. ජනාධිපතිවරයාගේ නියමයෙන් ජිනීවා ස්ථාවරය පිළිබඳව රජය සාකච්ඡුා කරමින් සිටී.

2009 මාර්තු මස 19 වැනි දින පෙරවරුවේ කොටි ත‍්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී මරණයට පත්විය. එම භීෂකයාගේ අවසානයත් සමග රටට සාමය උදාවිය. නමුත් ත‍්‍රස්තවාදය පරාජය කළ හමුදාවට සහ එවකට දේශපාලන සහ හමුදා නායකත්වයට මානව හිමිකම් තොණ්ඩුව වැටිණි. 2015 බලයට පැමිණි රට ජාතිය ජිනීවාහිදී පාවා දුන් යහපාලන රජය මෙන්ම යුද්ධය දිනූ රජය ද මෙම තත්ත්වයට වගකිව යුතුය. යුද්ධය දිනූ රජය මානව හිමිකම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. එම රජයේ නොසැලකිල්ල උපරිම ලෙස බටහිර බලවතුන් ප‍්‍රයෝජනයට ගත්තේය.

ජිනීවාහිදී කළ පාවාදීම එවකට විදේශ ඇමැති මංගල සමරවීර (2015 ජනවාරි – 2017 මැයි* පිට පැටවිය නොහැක. ජිනීවා පාවාදීම ජනාධිපති සිරිසේන – අගමැති වික‍්‍රමසිංහ රජය භාරගත යුතුය. 2015 ජනවාරි ජනපතිවරණය 2015 ඔක්තෝබර් ජිනීවා පාවාදීමට ඉඩ සලසා දුන්නේය. එජාපය මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. ජනපති මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දුන් ශ‍්‍රීලනිපය එම අපරාධයට හවුල් විය. එජාප – ශ‍්‍රීලනිපය කළ පාවාදීමට මංගල සමරවීර විදේශ ඇමැති ලෙස වගකීම භාරගත යුතු නැත.

2015 ඔක්තෝබර් ජිනීවා පාවාදීමට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ අවස්ථා දෙකකදී කළ ප‍්‍රකාශ සාකච්ඡුාවට භාජනය විය යුතුය. හතරවැනි ඊළාම් යුද්ධයේදී සිදුවූ ජීවිත හානි සහ පුද්ගලයන් අතුරුදන් වීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ඉතාමත් වැදගත් ප‍්‍රකාශ දෙකක් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ කොළඹ සිටින ප‍්‍රධානි සිංගර් සමග කළ සාකච්ඡුාවට වැරදි අර්ථකථනයක් දීම පිළිබඳව විමසා බැලිය යුත්තේ අගමැති වික‍්‍රමසිංහ 2015 මාර්තු මුල කරන ලද ප‍්‍රකාශ ද සැලකිල්ලට ගැනීමෙනි. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට මහානායක පදවිය පිරිනැමීමෙන් පසුව උන්වහන්සේව

පිළිගැනීමට රුක්මලේ ශ‍්‍රී ධර්මාලෝක විජයාලෝක මහා විහාරයේ පැවති උත්සව සභාවේදී අගමැතිවරයා අතුරුදන් වූවන් සහ ත‍්‍රස්තවාදීන් හෙළි නොකළ ස්ථානවල රඳවා තැබීම පිළිබඳව ඉතාමත් පැහැදිලි ප‍්‍රකාශයක් කළේය. කිසිදු පුද්ගලයෙක් රහස් ස්ථානවල රඳවා නොමැති බව ප‍්‍රකාශ කළ අගමැති වික‍්‍රමසිංහ අත්අඩංගුවේ නොමැති නමුත් අතුරුදන් බවට සඳහන් වන සියලූම පුද්ගලයන් විදේශ රටවල ජීවත්වන බව පැවසීය. එසේ විදේශවල ජීවත් නොවන අන් සියලූම අතුරුදන් පුද්ගලයන් යුද්ධයේදී මියගිය බව පැවසීය. මෙම පුවත මෙම ලියුම්කරු 2015 මාර්තු 04 දින ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස පළ කළේය. වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙම ප‍්‍රකාශය කරන අවස්ථාවේ එවකට උතුරේ මහ ඇමැති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ 1948 සිට

ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ද්‍රවිඩ ජනතා සංහාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්ය.

රුක්මලේ කළ ප‍්‍රකාශයටත් වඩා වටිනා අදහස් දැක්වීමක් 2015 මාර්තු 06 දින දකුණු ඉන්දියාවේ තන්ති රූපවාහිනී නාළිකාව සමග අගමැති වික‍්‍රමසිංහ කළේය. තන්ති රූපවාහිනියේ හරිහරන් ද්‍රවිඩ ඩයස්පෝරාව යුද්ධයේදී මියගිය සංඛ්‍යාව 100,000 ආසන්න බව අගමැතිවරයාට පැවසූ විට එතුමා 100,000 කෙසේ වෙතත් කියනා පරිදි 40,000 වත් මිය නොගිය බව පෙන්වා දුන්නේය. වන්නි සටනේදී සිවිල් ජනතාව 40,000 මියගිය බවට 2011 මාර්තු 31 නිකුත් කළ තුන්

දෙනකුගෙන් සමන්විත මාර්සූකි දරුස්මාන් කොමිටියේ වාර්තාවෙන් චෝදනා කළේය. එම කමිටුව පත් කිරීම පිළිබඳව නොයෙකුත් අර්ථකථන එවකට රජය සහ නොයෙකුත් පාර්ශ්ව කළේය. කෙසේ වෙතත් එම කොමිටිය එක්සත් ජාතීන්ගේ එවකට මහ ලේකම් බෑං කී මූන් පත් කළ බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ කොමිටිය සහ වෙනත් ආයතන ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවල පරස්පර බව පෙන්නා දුන් අගමැතිවරයා සියලූම චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. අගමැතිවරයා ඉන් පෙර කිසිදු අවස්ථාවක එක්සත් ජාතීන්ගේ චෝදනාව විමර්ශනයකට භාජනය කළ යුතු බව කියා නැත.

හරිහරන් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ වගවීම පිළිබඳව විමසා සිටිය අවස්ථාවේ ඉන්දියානු මාධ්‍යවේදියා බලවත් අපසුතාවට පත් කළේය. අගමැතිවරයා හරිහරන්ට පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව ඉන්දියානු සාම සාධක හමුදාව අතින් මරණයට පත් වූ බවයි. ඉන්දියානු මැදිහත්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සිදුවූ විනාශය සම්බන්ධයෙන් අගමැති වික‍්‍රමසිංහ හරිහරන්ට මතක් කර දුන්නේය. ඉන්දියාවේ නිර්මාණයක් වූ කොටි ත‍්‍රස්තවාදීන් උතුරේ ද්‍රවිඩ දේශපාලන නායකත්වය විනාශ කර දැමූ ආකාරය හරිහරන්ට අගමැතිවරයා මතක් කර දුන්නේය.

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය කිහිප වරක් දැරීය. එතුමා දීර්ඝම කලක් අගමැති ධුරය දැරුවේ 2015 ජනවාරි 9 සිට 2018 ඔක්තෝබර් 26 දක්වාය. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ස්ථාපිත කිරීම සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ 2015 මාර්තු මස අවස්ථා දෙකකදී (රුක්මලේ, තන්ති රූපවාහිනී සාකච්ඡුාව* මෙන් බලවත් අදහස් ප‍්‍රකාශ කිරීමක් වෙන කිසිදු අවස්ථාවක කර නැත.

ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟූ යුද අපරාධ චෝදනා පිළිබඳව 2015 මාර්තු 01 සහ 06 ප‍්‍රබල සැකයක් මතු කළ අගමැති වික‍්‍රමසිංහ 2015 ඔක්තෝබර් 01 දින ජිනීවා යෝජනාවලියට අත්සන් කළේ ඇයි? ජිනීවා එකඟතාවට පෙර ජනාධිපති සිරිසේන සහ කැබිනට් මණ්ඩලයේ එම යෝජනාවලිය සාකච්ඡුාවට භාජනය වූවාද? එජාපය හිතුවක්කාර ලෙස ඇමෙරිකානු යෝජනාවට සම දායකත්වය ලබාදීම නැවත හැරවීමට ජනාධිපති සිරිසේන ගත් ක‍්‍රියාමාර්ගය කුමක්ද?

ශ‍්‍රී ලංකාව 2015 ඔක්තෝබර් 01 දින සම දායකත්වය ලබාදුන් ජිනීවා යෝජනාව අදටත් කිසිදු වෙනසකට භාජනය වී නොමැත. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය දරන පාර්ලිමේන්තුවේ සුළු බලකරය අහිමි රජය 2020 පෙබරවාරි මාර්තු සැසිවාරයේදී මුහුණ දෙන්නේ 2015 ඔක්තෝබර් 01 දින එවකට රජය එකඟ වූ යෝජනාවට බව කවුරුත් සිහියේ තබාගත යුතුය.

2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලබාගත් ගෝඨාභය රාජපක්‍ෂට කකුල් මාට්ටුවක් දැමීමට ස්විට්සර්ලන්තය උත්සාහ කළේය. රහස් පොලිසියේ නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයේ දේශපාලන

රැුකවරණ ලබාදීමේ උණුසුම යෑමට ප‍්‍රථම කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් යොදාගෙන තානාපති ප‍්‍රජාව රඟ දැක්වූ නාටකය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජිනීවාහිදී හිරකිරීමේ මෙහෙයුමේ කොටසකි. රටේ වාසනාවකට ස්විස් කුරුමාණම වැරදිනි. ස්විස් මෙහෙයුම ව්‍යර්ථ වීමත් සමග තානාපති සේවිකාව සමග කිට්ටු සම්බන්ධතාවක් පැවැත් වූ ‘සන්ඬේ ඔබ්සර්වර්’ පත‍්‍රයේ කර්තෘ දරීශා බැස්ටියන් රටින් පිටවිය. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පාවිච්චි කර ඇත්තේ දැනට ප‍්‍රංශ පුවත් සේවයේ රැුකියාවේ නියුතු ලක්නා පරනමාන වෙත නිකුත් කරන ලද සිම් පතක් බව අධිකරණය ඉදිරියේදී හෙළි විය.

එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක බී. බී. සී. සිංහල සේවයේ අසාම් අමීන් එජාපයට 2019 ජනපතිවරණය ජයගැනීමට උපදෙස් දෙන දුරකථන සංවාදයක් පටිගත කර මාධ්‍යවේදියා අසරණ කළේය.

පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අර්බුද රාශියකි. කරදර වැළකි. හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කිඹුල් මාධ්‍ය සාකච්ඡුාව තවමත් මධ්‍යයේ අවධානය දිනාගෙන ඇත. කොරෝනා වෛරසය ද රජයේ අවධානය වෙනතකට යොමුකර තිබේ. කෙසේ වෙතත් ජිනීවා අභියෝගයට මුහුණදීමට රජය සූදානම් විය යුතුය. එය ජාතික අවශ්‍යතාවකි.

ජිනීවා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බොහෝ වැදගත් කරුණු නොසලකා හැරියේය. රජයේ නොසැලකිල්ල හේතුවෙන් ශ‍්‍රී ලංකාවට මුළු ලෝකය ඉදිරියේ හෑල්ලූවට ලක්වීමට සිදුවිය. කොටි ත‍්‍රස්තවාදය පරදවා වසර 10 පසුවත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක මෙහෙයුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් නැත.

හිටපු අගමැති වික‍්‍රමසිංහ 2015 මාර්තු මස රුක්මලේදී කළ ප‍්‍රකාශය සහ තන්ති රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හමුවීම පදනම් කරගෙන මාධ්‍ය ගෙතූ කතාව සිහියේ තබාගෙන ජිනීවා අභියෝගය ජයගත හැකි ආකාරය විමසා බැලිය යුතුය.

රජය අවධානය යොමු කළ යුතු කරුණු :

1. තුන් දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ කොමිටියට යුද අපරාධ පිළිබඳව පැමිණිලි කළ හැකි අවසාන දිනය 2010 දෙසැම්බර් 15 විය. පසුව අවසාන දිනය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලදී. හේතුව එක්සත් ජාතීන් බලාපොරොත්තු වූ තරම් පැමිණිලි නොලැබීමයි. තත්ත්වය ඉතාමත් අසතුටුදායක වීම හේතුවෙන් අන්තර්ජාලය හරහා ආදර්ශ ලිපි 25 ද්‍රවිඩ ජනතාව ඉලක්ක කරගෙන 2010 දෙසැම්බර් 08 දින ඉදිරිපත් කළේය. 2010 දෙසැම්බර් 31 වනවිට පුද්ගලයන් 2,300 පැමිණිලි 4,000 කර තිබූ බවට ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මාර්සුකි දරුස්මාන්ගේ නායකත්වයෙන් යුතු කොමිටිය හෙළි කළේය. (දරුස්මාන් වාර්තාවේ 17 වැනි කොටස*

2. දරුස්මාන්ගේ නියමය පරිදි 2011 මාර්තු 31 නිකුත් කළ වාර්තාව ඉදිරිපත් කිරීමට යුද අපරාධ චෝදනා එල්ල කළ කිසිවකුත් වාර්තාව ඉදිරිපත් කළ දින සිට අවුරුදු 20 යනතුරු ප‍්‍රශ්න කිරීමට තහනම්ය. වසර 20 පසුවත් යම් පුද්ගලයකු ප‍්‍රශ්න කිරීමට නම් එක්සත් ජාතීන් නැවතත් සමාලෝචනයක් කළ යුතුය (එම වාර්තාවේ 23 වැනි කොටස*

3. වන්නි සටනේදී සිවිල් වැසියන් 40,000 මරණයට පත්විය. (එම වාර්තාවේ 137 කොටස*

4. කිසිදු ආකාරයකට සනාථ නොකළ තොරතුරු මත සිවිල් වැසියන් 40,000 මියගිය බව චෝදනා කළ දරුස්මාන් වාර්තාව 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා ඉතාමත් ක‍්‍රමානුකූලව රැුස්කරන ලද තොරතුරු අනුව මියගිය සංඛ්‍යාව 7,721 ලෙසත් තුවාල ලැබූ සංඛ්‍යාව 18,479 ලෙස සඳහන් කළේය. වන්නියේ සේවය කළ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලාංකික සේවකයන්, රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීන්, ජාත්‍යන්තර රතු කුරුසිය සහ ආගමික බලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව මෙම වාර්තාව සැකසිණි. වන්නි සටන ඉන් දින 6 කට පසු අවසන් විය. නමුත් දරුස්මාන් කොමිටිය යුද සමයේ එක්සත් ජාතීන්ගේම නායකත්වයෙන් සාදන ලද වාර්තාව ප‍්‍රතික්ෂේප කළේය. හේතුව මරණ සංඛ්‍යාව තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තරම් ප‍්‍රමාණවත් නොවීමයි. (එම වාර්තාවේ 134 කොටස

5. ශ‍්‍රී ලංකාවට තිබූ ප‍්‍රබල චෝදනාවක් වූයේ 2008 අගෝස්තු – සැප්තැම්බර් මස සියලූම විදේශීය සහන සේවකයන් වන්නියෙන් ඉවත් කළ බවයි. නමුත් 2009 ජනවාරි මස 29 දින දක්වා විදේශීය සහන සේවකයන් වන්නියේ සටන් බිමේ සිටි බව දරුස්මාන් වාර්තාව හෙළි කළේය (එම වාර්තාවේ 91 වැනි කොටස*

6. ජාත්‍යන්තර රතු කුරුසියේ විදේශීය නියෝජිතයන් 2009 පෙබරවාරි 10 දක්වා සටන් බිමේ රැුඳී සිටියේය. එදින සිට මැයි 09 දක්වා ජාත්‍යන්තර රතු කුරුසියේ සහභාගිත්වයෙන් 16 වරක් නෞකා පුදුමාතලන් ප‍්‍රදේශයෙන් තුවාලකරුවන් ඉවත් කර ගැනීමට යොදවන ලදී. එම නෞකා පැමිණි සෑම වරකම රතු කුරුසියේ ජාත්‍යන්තර නියෝජිතයන් ගොඩබිමට පැමිණියේය. 2009 මැයි 15 දින ජාත්‍යන්තර රතු කුරුසියේ නෞකාවක් පුදුමාතලන් වෙත පැමිණීමට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ දරුණු සටන් පැවතීම හේතුවෙනි. ඉන් දින හතරකට පසු යුද්ධය අවසන් විය. තුවාල ලැබූ 18,479 පුද්ගලයන්ගෙන් බොහෝ පිරිසක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා රජයේ පාලන ප‍්‍රදේශයට ගෙන ආවේය. (එම වාර්තාවේ 106 සහ 108 කොටස*

7. ශ‍්‍රී ලංකාවට එරෙහිව කළ යුද අපරාධ චෝදනා පළමු වරට අභියෝගයට ලක් කළේ එවකට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හමුදා කටයුතු පිළිබඳ උපදේශක ලූතිනන් කර්නල් ලොරන්ස් ස්මිත්ය. 2011 ජූනි මස කොළඹ පැවති පළමුවැනි ආරක්‍ෂක සමුළුවේදී ඇමෙරිකානුවා යුද හමුදාවට එල්ල වී තිබූ යටත් වන කොටි ත‍්‍රස්තවාදීන්ට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් තිබූ චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය. මෙම ලියුම්කරු එම ප‍්‍රකාශය ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ එම පුවත්පතට පමණක් විශේෂිත වූ ප‍්‍රවෘත්තියක් ලෙස වාර්තා කරන ලදී. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වොෂින්ටනයේ තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ පවසා සිටියේ ස්මිත් එම අවස්ථාවේදී ඇමෙරිකාව නියෝජනය නොකළ බවයි. අවාසනාවකට එවකට තිබූ රජය හෝ යුද හමුදාව මෙම පරස්පර ඇමෙරිකානු ප‍්‍රකාශ කිසිදු ආකාරයකට රටේ වාසියට යොදා ගැනීමට උත්සාහ කළේ නැත.

8. 2015 මාර්තු මස අගමැති වික‍්‍රමසිංහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දෙවරක් සැක පහළ කළ බව ඔහුගේම රජයට අමතක විය. 2015 ඔක්තෝබර් 01 දින ශ‍්‍රී ලංකාව රටට එරෙහි ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබාදුන්නේය.

9. 2016 ජුනි මස වොෂින්ටනයේ පැවති රැුස්වීමකදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් හෙළි කළේ තම පක්‍ෂය, ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකා රජය අතර යුද අපරාධ සම්බන්ධ නඩුවලට විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගිත්වය ප‍්‍රශ්නයක් නොවන බවයි. මෙම ප‍්‍රකාශය කරනු ලබන අවස්ථාවේ එවකට ඇමෙරිකාවේ සිටි ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් ද විය. සුමන්තිරන්ගේ ප‍්‍රකාශය අද වන තුරු පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක්වූයේ නැත.

10. ශ‍්‍රී ලංකාවට එරෙහිව කරනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත සහ පරස්පරභාවය පෙන්වා දීමටවත් යුද්ධය දිනූ රජයට ඕනෑකමක් නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නායකත්වයෙන් සැ¥ එක වාර්තාවක් 40,000 අධික සිවිල් වැසියන් මරා දැමූ බවට චෝදනා කළ අතර තවත් වාර්තාවක් එම සංඛ්‍යාව 7,721 ලෙස සඳහන් කළේය. මෙහිදී වැදගත් වන්නේ දෙවැනි වාර්තාව 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා වන්නියේ තත්ත්වය වාර්තා කිරීමයි. 2011 නොවැම්බර් නිකුත් කළ ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවත් අවසන් සටනේ මරණ සංඛ්‍යාව 10,000 ලෙස දැක්වූ අතර ඉන් මාස දෙකකට පෙර එංගලන්තයේ පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ ඩයස්පෝරාව සමග සම්බන්ධකම් පවත්වන මැක්ඩොනාහ් නමැති මන්ත‍්‍රීවරිය සඳහන් කළේ කොටි සාමාජිකයන් 60,000 සහ ද්‍රවිඩ වැසියන් 40,000 2009 ජනවාරි – මැයි 19 කාලය තුළ ශ‍්‍රී ලංකා හමුදා මරා දැමූ බවයි. (ශ‍්‍රී ලංකාවට එරෙහිව කරනු ලබන චෝදනාවල පරස්පරභාවය හේතුවෙන් ප‍්‍රධාන චෝදනාව ප‍්‍රබල සැකයට භාජනය වීම පෙන්වාදීමට රජයට අවශ්‍යතාවක් නොවීය.*

11. බි‍්‍රතාන්‍යයේ සාමි මණ්ඩලයේදී 2017 ඔක්තෝබර් 12 දින නේස්බි සාමිවරයා 40,000 මරා දැමූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය. නේස්බි සාමිවරයා එම ප‍්‍රකාශය කළේ යුද සමයේ කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් විදේශ අමාත්‍යාංශයට එවූ රහස් ලිපි පදනම් කරගෙනය. නේස්බි සාමිවරයා මෙම තොරතුරු ඉල්ලා සිටියේ එම රටේ තොරතුරු දැන ගැනීමේ යටතේ 2014 නොවැම්බර් 06 දිනය. නේස්බි සාමිවරයා එම වාර්තා පදනම් කරගෙන පැවසුවේ 40,000 වන්නියේදී මියනොගිය බවත් ශ‍්‍රී ලංකා දේශපාලන නායකත්වය කිසි විටෙකත් සිතා මතා සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව ඉලක්ක කරගෙන ප‍්‍රහාර දියත් නොකළ බවත්ය. මරණ සංඛ්‍යාව 7,000 – 8,000 අතර බව පෙන්වා දුන් එතුමා මරුමුවට පත්වූ අය අතරින් හතරෙන් එකක් කොටි සාමාජිකයන් බව පැවසීය.

12. 2017 නොවැම්බර් අගදී පාර්ලිමේන්තුවේදී එවකට විදේශ ඇමැති හිටපු නීතිපති ජනාධිපති නීතිඥ තිලක් මාරපන නේස්බි සාමිවරයා ලබාදුන් තොරතුරු නිසි වෙලාවට නිසි ස්ථානයේදී රට වෙනුවෙන් යොදා ගැනීමට පොරොන්දු විය. 2019 ජනාධිපතිවරණයෙන් එජාපය පරාජය වනතුරුම නේස්බි හෙළි කළ තොරතුරු රට වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් රජය වැළකී සිටියේය. 2019 මාර්තු ජිනීවා සැසියේදී එවකට අමාත්‍ය මාරපන නේස්බි හෙළිදරව්ව සම්බන්ධයෙන් සඳහන් කිරීමක් පමණක් කළේය. ශ‍්‍රී ලංකාව අද වනතුරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් 2015 ඔක්තෝබර් 01 දින සම්මත වූ යෝජනාවලිය ලැබී තිබෙන වැදගත් තොරතුරු සමග නැවත සලකා බැලීමට ලක් කළ යුතු බවට අද වන තුරු ඉල්ලා නැත.

13. උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් 2018 ඔක්තෝබර් මස හමුදා භාරයේ සිටි කොටි සාමාජිකයන්ට විස එන්නත් කර මරා දැමූ බවට කළ ප‍්‍රකාශය අසත්‍ය, කිසිදු පදනමක් නොමැති චෝදනාවක් බව ඔප්පු විය.

14. පුද්ගලයන් 300 කට අධික ප‍්‍රමාණයකගේ අස්ථි වළදමා තිබූ මන්නාරමේ සමූහ මිනී වළ ද හමුදාව පිට පැටවිණි. 2019 මැයි ජිනීවා සැසියේදී ද මානව හිමිකම් කොමසාරිස් මන්නාරමේ සමූහ මිනී වළට ද රජයේ ආරක්‍ෂක හමුදාව වරදකරුවන් කළේය. නමුත් ඇමෙරිකාවේ විiාගාරයක කළ පරීක්‍ෂණයකදී හෙළි වූයේ එම අස්ථි කොටස් වසර 500 – 600 පෙර එම ස්ථානයේ තැන්පත් කර තිබූ බවය.

15. අද වන තුරු ශ‍්‍රී ලංකාව මහා බි‍්‍රතාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවට අදාළ තානාපති ලිපි මාර්ගයෙන් යුද සමයේ තිබූ තත්ත්වය විමසීමට පහසුකම් සැපයීමට ඉල්ලීමක් කර නැත.
16. ශ‍්‍රී ලංකාවට වාසිදායක බටහිර පාර්ශ්වයන් ලබාදුන් කිසිදු කරුණක් රට වෙනුවෙන් අද වන තුරු ප‍්‍රයෝජනයට ගත්තේ ද නැත. ඊට දිය හැකි ප‍්‍රබලම උදාහරණය හමුදාව සිවිල් වැසියන් සටන් භූමියේ සිටීම නිසා කල්පනාකාරීව කටයුතු කළ බවත් එම හේතුවෙන් හමුදා ජීවිත වැඩි ප‍්‍රමාණයක් නැති වූ බවට ‘විකි ලීක්ස්’ වෙබ් අඩවිය කළ හෙළිදරව්ව නොසලකා හැරීමයි. 2009 වසරේ (ජනවාරි – මැයි 19* කාලය තුළ හමුදා මරණ 2,400 සිදුවීම භූමියේ තත්ත්වය පෙන්නුම් කරයි.

2018 ජුනි මස ඇමෙරිකාව ජිනීවා කවුන්සිලයෙන් ඉවත් විය. ජිනීවා කවුන්සිලය අසුචි වළක් ලෙස නම් කළ ඇමෙරිකාව ජිනීවා ක‍්‍රියාදාමයෙන් ඉවත් විය. ජිනීවා ක‍්‍රියාදාමය හරහා නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව හරහා හඳුන්වාදී අප රට බෙදා වෙන් කිරීමේ මෙහෙයුම මහා බි‍්‍රතාන්‍යයට භාර විය.

දැනට හෙළි වී ඇති කරුණු මත 2015 ජිනීවා යෝජනාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව නේස්බි සාමිවරයා ප‍්‍රකාශ කර ඇත. මහා බි‍්‍රතාන්‍ය එම යෝජනාව ඉල්ලා අස්කර ගත යුතු බව නේස්බි සාමි මණ්ඩලය තුළ සහ ඉන් පිටත පවසා ඇත.

නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මහා බි‍්‍රතාන්‍යයෙන් සහ ජිනීවා කවුන්සිලයෙන් කළ ඉල්ලීම නව ශ‍්‍රී ලංකා රජය අප රට වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුය. ශ‍්‍රී ලංකාව යටපත් කිරීමට ජිනීවා බොරුවට තවදුරටත් ඉඩ දෙනවාද? එසේත් නැතහොත් ජිනීවා උගුල පරාජය කරනවාද? අති බහුතර ජනතාවට අවශ්‍ය කුමක් වුවත් තීරණය රජය අතේය.

ජිනීවා මෙහෙයුමේ සහ ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපත් කළ ගානියා නාටකයේ මෙන්ම හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කිඹුල් නැටුමේ ද වෙනසක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

124 Viewers