• Home »
  • Sinhala »
  • රනිල් – සුමන්තිරන් – බදුර්දීන්- අනුර නඩය විසින් අමෙරිකාව සහ සවුදි අරාබිය සතුටු කරලීමට “ප්‍රති ත්‍රස්ත පනත” ගෙන ඒමට කැසකවයි

රනිල් – සුමන්තිරන් – බදුර්දීන්- අනුර නඩය විසින් අමෙරිකාව සහ සවුදි අරාබිය සතුටු කරලීමට “ප්‍රති ත්‍රස්ත පනත” ගෙන ඒමට කැසකවයි

ශ්‍රී ලංකාවේ පවතින දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක් පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුටත් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව පුද්ගලයන් සිය දහස් ගණනක් වුවත් ඝාතනය කිරිමේ වරදට දිය හැකි උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමකි.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව මිනී මැරීමට ආධාර හා අනුබල දීමටත් මරණ දණ්ඩනය හිමිවුවද යෝජිත නීතිය යටතේ මහා පරිමාණ ඝාතන වලට ආධාර හා අනුබල දීමට වුවත් හිමිවන උපරිම දඩුවම වන්නේ අවුරුදු 15ක උපරිම සිර දඩුවමක් හා රුපියල් දසලක්‍ෂයක උපරිම දඩයකි.

රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමිවෙන දඩුවම්වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමෙන් ත්‍රස්තවාදය පිටුදැකිය හැකිද?

යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීමට පොලීසිය හා සන්නද්ධ හමුදා බැඳි සිටී.

හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බාරදිය යුතු වේ. එම ස්ථානාධිපතිවරයා අදාල සැකකරුගේ සිරුරේ තුවාල තිබේදැයි පරීක්‍ෂාකොට බලා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතු වේ.

අත්අඩංගුවට ගැනීම තුළින් ත්‍රස්තවාදියාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී තිබෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා අත්අඩංගුවට ගැනීම සිදු වී පැය 24ක් ඇතුළත ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද වාර්තා කළ යුතු වේ. අඹ ගෙඩියක්, කෙසෙල් කැනක් සොරාගත්තෙකුටහෝ මෙම වරප්‍රසාද නැත.

පුදුමම කොටස නම් යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අඳාල නිලධාරීන් තම අනන්‍යතාවය ත්‍රස්තවාදී සැක කරුවාට පමණක් නොව, එම අවස්ථාවේදී එතන සිටින ඔහුගේ පවුලේ අයට හා මිත්‍රයන්ටත් හෙළිකල යුතු වීමයි. එවැනි නීතියක් මොවුන් ගෙන එන්නේ මේ රටේ ත්‍රස්තවාදීන් විසින් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල්ද ඝාතනය කළ ඉතාහාසයද නොතකාය.

නඩය රකින්නේ අපිවද වෙන කවුරුවත්ද ?



177 Viewers