• Home »
  • Sinhala »
  • ශ්‍රී ලංකාවේ රාජ්‍යය නිදිවැදී සිටියදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ජිනීවාහිදී දැවැන්ත සටනකට සූදානම්

ශ්‍රී ලංකාවේ රාජ්‍යය නිදිවැදී සිටියදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ජිනීවාහිදී දැවැන්ත සටනකට සූදානම්

(Courtesy of Lanka Lead News)

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව එම සංවිදානය සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය නියෝජනය කරමින් ජිනීවාහිදී දැවැන්ත ප්‍රතිප්‍රහාරයකට සූදානම් වන බව වාර්තාවේ.

මෙරට බෙදුම්වාදීන් පමණක් නොව ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ද ශ්‍රී ලංකාවේ රජයට සහ සිංහල ජනතාවට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර දීම සදහා ඉදිරිපත්වී ඇත්තේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව පමණක් බවද වාර්තාවේ.

ජිනීවාහී මානව හිමිකම් සටන අදින් එනම් ජුනි 24 දින ආරම්භවීමට නියමිතයි. මෙවර පැවැත්වෙන්නේ 41වන සැසිවාරය වන අතර එය ජූලි 12 දින දක්වා පැවැත්වේ.මෙම සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව සහභාගී විමට නියමිතයි.

මෙම ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ – මව සංවිධානය (මදර් ෆෝරම්) කියන සමාගම ඇතුලත් වන්නේ නැත.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට ඇතුලත් වන්නේ පෙර සිටම ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකත්වය දැරූ රටවල සහ මෑතදී එකතුවුන රටවල්වල පාලන කමිටුවටයි. එයට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව,රුසියාව, ස්වීඩනය, පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජරමනිය, ප්‍රංශය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීරය, ඕමානය යන රටවල් අයත්වේ.

දැනට ලැබී තිබෙන ආරංචි අනුව මෙවරද LTTE හිතවාදී දෙමල ඩයස්පෝරාව නියෝජනය කරමින් සංවිධාන තිහකින් පමණ ලංකාවට විරුද්ධව කරුනු ඉදිරිපත් කිරීමට කටයුතු සැලසුම් කර තියෙනව. ඊට අමතරව අලුතෙන් ඇතිවුනු මුස්ලිම් අන්තවාදී ත්‍රස්ථවාදය සාධාරණීකරණය කිරීම සඳහාද කණ්ඩායම් කිහිපයක් පැමින තිබෙනව. ඊට උතුරු පලාතෙන් විග්නේශ්වරන්ගෙන්ද කණ්ඩායමක් පැමිණීමට නියමිත බව සඳහන් වෙනව. සුපුරුදු පරිදි ලංකාවේ රජය නිද්‍රාවෙන් පසුවෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ.

බලතන්හාව, අසමගිය, බලෙන් පටවා ගන්නා ලද තරඟකාරීත්වය සහ කොමිසම් සභාශාලාවන් තුලදී සදාචාරාත්මක නොවන හැසිරීම් හේතුවෙන් ලැබුන තහනම් කිරීම් ආදී විවිධ හේතුන් මත මෙවර දේශප්‍රේමී සංවිධාන වල සහභාගීත්වය අවම මට්ටමක පවතිනව.
මෙවන් පසුබිමක් මත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට ක්‍රියාත්මක වීමට සිදුවී තියෙන්නෙ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට මේ වනවිට මානව හිමිකම් කොමිසමට ලිඛිත වාර්තා හතක් ඉදිරිපත්කර තියෙනව. එම වාර්තා හත මෙසේය.
යස්මින් සූකාගේ පක්ෂක්ග්‍රාහීත්වය සහ අදානග්‍රාහීත්වය

(2) දියුනු වෙමින් පවතින රටවල් මත පැටවෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යානුකූල නොවන බලපෑම

(3) LTTE ළමා සොල්දාදුවන් බිහිකිරීමට දෙමල දේශපාලකයින්ගේ දායකත්වය

(4) මානව හිමිකම් කොමිසම මගින් මානව හිමිකම් වලට එල්ල කරන තර්ජන

(5) මුස්ලිම් ජාතික අන්තවාදී වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ගැබ්නාල අවහිර කිරීම් සහ එයින් සිදුකල සිංහල වර්ගසංහාරය

(6) ශ්‍රී ලංකාවේ වද හිංසා පැමිනවීමනම්වූ යුධ අපරාදය සිදු නොවුනබව තහවුරු කිරීම

(7) ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ 30/1 වාර්තාවෙන් පැනවූ යෝජනා ක්‍රියාත්මක කිරීම නිසා මුස්ලිම් අන්තවාදය ව්‍යාප්තවීමට හේතුවීම සහ පාස්කු සංහාරය වැලැක්වීමට නොහැකිවීම සහ ඒ අතර අන්තර් සම්බන්ධය.

ප්‍රදර්ශනය

ඊට අමතරව දින දෙකක් ස්ථාන දෙකකදී එනම් ජිනීවාහී ප්‍රසිද්ධ වතුරමල ස්ථානයේ සහ කැඩුන පුටු කකුල චතුරශ්‍රයේදී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වෙනු ඇත. එහිදී ලංකාවේ දෙමල සංහාරයක් නොවූ බවත් සිංහලයින් සංහාරය වෙමින් පවතින බවත් සුලු ජාතීන්ට වෙන කුමනම රටකවත් නොලැබෙන තරම් නිදහසක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවේ.

සමාන්තර රැස්වීම් සහ දේශන

සමාන්තර රැස්වීම් දෙකක් සහ තත්ත්පර 90 දේශන පහක්ද කිරීමට නියමිතයි.
එක් සමාන්තර රැස්වීමකදී යහපාලන රජය විසින් සම අනුග්‍රහය දක්වමින් බාරගන්නාලද යුධ අපරාධ චෝදනා නිශ්ප්‍රභා කිරීම සිදුකෙරෙන අතර අනෙක් සමාන්තර රැස්වීමේදී මුස්ලිම් අන්තවාදීන් විසින් සුදුකෙරෙන අන්තවාදී, ත්‍රස්ථවාදී ක්‍රියා සහ වර්ග සංහාරය මානව හිමිකම් කොමිෂන් සභාවේ 30/1 යෝජනාවේ ඍජු බලපෑමක් බවට කරුනු දැක්වීමට බලාපොරොත්තු වෙමු.
තත්පර 90වේ දේශන මගින් ඒවා පවත්වන දිනවලට අදාල මාතෘකා ඔස්සේ ශ්‍රී ලංකාව මුහුනදී ජනතාවගේ විශේෂ අවධානය සදහා ඇති ජාත්‍යන්තර හා අභ්‍යන්තර තර්ජන පිළිබඳව සිදුකිරීමට බලාපොරොත්තුවේ.

ඉහත සදහන් කළකටයුතු සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට සාමාජිකයින් පුද්ගලිකව පිරිවැය දරන බැවින් මොනයම් සංවිධානයක් හෝ මේ කාරණය පිළිබඳව අරමුදල් එකතු කරන්නේනම් එම කටයුතු අප සමග සම්බන්ධයක් නොමැති බව පැවසීමට කැමැත්තෙමු

110 Viewers