• Home »
  • Sinhala »
  • රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 19.12.2017 දින එළිය මාධ්‍ය සාකච්චාවේදි ඉස්මතු කළ වැදගත් කරැණු කිහිපයක්

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 19.12.2017 දින එළිය මාධ්‍ය සාකච්චාවේදි ඉස්මතු කළ වැදගත් කරැණු කිහිපයක්

එක්සත් ජාතීන්ගේ සංගමයේ විවිධ කණ්ඩායම් ඇයි දැන් නිතර ශ්‍රී ලංකාවට එන්නේ?

මෙම වසරේ විශේෂ සිදුවීම් දෙස බැලුවොත් අපි නිතර දැක්කා එක්සත් ජාතීන්ගේ සංගමයේ විවිධ කණ්ඩායම් ජිනීවා 30/1 යෝජනාව පදනම් කරගෙන මේ රටට පැමිණෙන හැටි. ඊයේ-පෙරේදාත් ආවා මානව හිමිකම් කඩකිරීම්, වද හිංසා, බලහත්කාරයෙන් රඳවා ගැනීම් යනාදී පිළිබඳ සොයා බලන්නට විශේෂ නියෝජිත කණ්ඩායමක්. මේ සියළුම කණ්ඩායම් පැමිණෙන්නේ ජිනීවා 30/1 යෝජනාවට අපි සම අනුග්‍රහයක් දක්වපු නිසයි. එහි අන්තර්ගතව තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි මේ විදියේ එක් එක් කණ්ඩායම් පැමිණෙන්නේ.

අනෙක් රටවල් තමන්ගේ ආත්ම ගෞරැත්වය ආරක්ෂා කර ගෙන, ඒ රටවල අභ්‍යන්තර කටයුතු වලට කවුරැවත් ඇඟිලි නොගැසිය යුතුයි යන ස්ථාවරයේ ඔවුන් සිටින්නේ. හොඳ උදාහරණයක් තමයි ඉන්දියාව කාෂ්මීරය ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම දිනයකදි එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතයෙකුට ඉන්දියාවට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ.

නමුත් අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ නායකයෝ ඕනෑම කෙනෙකුට අපේ රටට පැමිණ, ඕනෑම දෙයක් කරන්න සම්පූර්ණ අවසර දීලා තියෙනවා. ඒක අපේ රටේ මුළු ජනතාවටම කරන නිග්‍රහයකි.

අපි දන්නවා ඇමරිකාව පවත්වා ගෙන යන ‘ගොන්ටැනමෝ බේ’ සිර කඳවුරේ වසර 10-15ක් කිසිම චෝදනාවක් නැතුව, කෲරිරෑ වදහිංසා දෙමින් මිනිසුන්ව රඳවා තබා ගෙන සිටින බව. නමුත් සෙයිඩ් හුසේන්ගේ විශේෂ නියෝජිතයෝ කිසිවෙක් කවදාවත් ඒ වගේ කඳවරැවලට යන්නේ නැහැ.

තයිලන්තයේ තියෙනවා නීති විරෝධි ධීවර ව්‍යාපාර. මෙම ව්‍යාපාරය තුළ තිබෙනවා වහල් සේවය, මින මැරැම්, දූෂණය හා සොරකම්. මෙහි නීති විරෝධි සංක්‍රමිකයන් සිටිනවා. මේ සියළු දේ සිදු වෙනවා. ට්‍රෝරෝලර් යාත්‍රා වලින් මෙම ව්‍යාපාරය කරමින් සිටිනවා. මේ මැරෑ මසුන් ඉතා කුණුකොල්ලයට යුරෝපය මිල දී ගන්නවා. එයින් ඔවුන් විශාල ලාභයක් ලබා ගන්නවා. නමුත් සෙයිද් හුසේන්ගේ විශේෂ කණ්ඩායම් ඒවා පරීක්ෂණ කරන්න යන්නේ නැහැ.

සෞදි අරාබිය ගත් විට අපි දන්නවා විදේශිකයන්ව වහල සේවයේ මෙන් රඳවා ගන්නවා. එහි කම්කරැ නීති ඉතාම දැඩියි. එම නීති හරහා අපේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ මානව හිමිකම් බොහෝ සේ උල්ලංගනය වෙනවා. ඒවා පරීක්ෂා කිරීමට සෙයිඩ් හුසේන්ගේ නියෝජිතයන් යන්නේ නැහැ. නමුත් මොවුන් සෞදි අරාබි රජයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ පඩිනඩි ගෙවන්න විශාල මුදලක් ලබා ගන්නවා.

එක්සත් ජාතික සංගමයේ විවිධ කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ මොකක්ද කරන්නේ?

අපේ රටට මේ විදිහට එන්නේ අපේ රටේ වර්තමාන නායකයන්ගේ අදක්ෂකම නැතිනම් දුර්වලකම නිසාය. මොවුන් මෙහි පැමිණ බලන්නේ කවුරැන්ද, කතා කරන්නේ කා සමඟද?

ඔවුන් කතා කරන්නේ කොටි ත්‍රස්ථවාදීන් හා ඔවුන්ගේ හිතවතුන්, නෑදෑයින් හා ඔවුන්ගේ නීතිඥ්ඥවරැන් සමඟ විතරයි. කිසිදාක ඔවුන් අපේ හමුදාවේ විවිධ චෝදනා වලට සැක කරලා අත්අඩංගුවට ගෙන තියෙන අයගේ දුක සැප බලන්නවත්, ඔවුන්ගේ පැත්තේ තියෙන කරැණු කාරණා ගැන සොයන්නටවත් ආවේ නැහැ.

බෙන් එමර්සන් ආවත් එහෙමයි, මොනිකා පින්ටෝ ආවත් එහෙමයි, මේ ඊයේ පෙරේදා ආ කණ්ඩායමත් ඒ විදියටමයි කටයුතු කරගෙන ගියේ. සම්පූර්ණයෙන්ම LTTE ත්‍රස්ථවාදීන්ගේ හිතවාදි ලෙස තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් එන විශේෂ නියෝජිතයෝ කටයුතු කරන්නේ.

අපි දන්නවා කොමොඩෝ දසනායක මහතා නාවික හමුදාවේ ඉතාම දක්ෂ නිළදාරියෙක් බවට. ඔහු යුද්ධය අවසාන් අදියරයේදි දෙමළ ජනතාව සිය දහස් ගණනක් මුහුදෙන් බේරා ගත්ත වීර නිළදාරියෙක්. මේ කාලයේදි මුහුදේ කටයුතු භාරව සිටියේ එතුමායි. මුහුදෙන් පැනලා ඉන්දියාවට ඉතාම අසිරැවෙන් යන්න තැත් කරන බෝට්ටු වල සියළුම ජනතාව ඉතාම සුරක්ෂිතව බේරා ගත්තේ මොහුයි.

LTTE ත්‍රස්ථ කණ්ඩායමේ නාවික කාණ්ඩේ ත්‍රස්ථ නායකයා වී හිටපු සූසේගේ පවුලත් මුහුදු මැදදි බේරා ගත්තේ කොමොඩෝ දසනායක මහතායි. අද සූසේගේ පවුල බොහොම යහතින් සිංහලයන් අතර ජීවත් වෙනවා. නමුත් ඔහු අද කිසිම සාක්ෂියක් නැතුව මාස පහක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටිනවා.

ඔබ දන්නවා ඇති ලුතිනන් කමාන්ඩ රණසිංහ මහතා කිලෝග්‍රෑම් 1008ක් – ඒ කියන්නේ ටොන් එකකටත් වඩා වැඩි පුපුරන ද්‍රව්‍ය අඩංගු ලොරියක්, ඒ මරාගෙන මැරෙන ත්‍රස්ථවාද රියදුරා සමඟ අල්ලා ගෙන, ඒ ලොරිය තමාගේ ජීවිතයට වෙන අවදානම නොතකා තමන්ම පදවා ගෙන සුරක්ෂිත ස්ථානයකට ගෙන ආවේ. ඒ ලොරිය කොළඹට ආවානම්, මහ බැංකුවට කළ විනාශයටත් වඩා ලොකු විනාශයක් වෙනවා.

නමුත් ඒ ලොරිය අල්ලා ගත් ලුතිනන් කමාන්ඩ රණසිංහ මහතා කිසිම සාක්ෂියක් නැතුව අද මාස 11ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටිනවා. ඒක පදවා ගෙන ආ කොටි ත්‍රස්ථවාදයාව අද නිදහස් කරලා තියෙනවා. රහස් පොලිසිය ඉතා පැහැදිලිව ම ප්‍රකාෂ කරලා තියෙනවා මොවුන් දෙදෙනාම කප්පම් ගැනිමේ කිසිම සිද්ධියකට සම්බන්ධ නැහැයි කියලා. නමුත් මේක තමයි ලංකාවේ රණවිරැවාට ඇතිවෙලා තියෙන තත්වය. මේ වගේ තත්වයක් ඇති වීම ගැන රටේ පාලකයෝ ඇත්ත වශයෙන්ම ලැජ්ජා විය යුතුය.

මේ දෙදෙනාගේ ලිපි අරගෙන කොමොඩොර් දසනායක මහතාගේ දියණිය එක්සත් ජාතීන්ගේ අත්තනෝමතිකව රඳවාගෙන සිටින්නන් ගැන සොයා බලන්නට ආ විශේෂ කණ්ඩායම හම්බවෙන්න ගියහම ඇයට ඔවුන් ව මුණගැසෙන්නට දුන්නේ නැහැ. ඔවුන් ඒ වෙලාවේ සිටියේ කොළඹ BMICHහි ශාලාවක.

එහි සිටි දෙමළ ජාතික සේවිකාවක් මේ දියණියගෙන් අසා ඇති පළවෙනිම ප්‍රශ්නය තමයි මේ ලිපියේ තිබෙන්නේ LTTE ත්‍රස්ථවාදකයෙකු වෙනුවෙන් පැමිණිල්ලක්ද යන්නය. නැහැයි කී විට, ඒ ආ එක්සත් ජාතීන්ගේ සංගමයේ විශේෂිත කණ්ඩායමේ කිසිම නිළදාරියෙක් හෝ නිළදාරිනියක් ව හම්බවෙන්න නොදී, පල නොකියා පළා බෙදලා, ඔවුන්ව එළියට යවලා තියෙනවා.

මෙතන මොකක්ද මේ සිදුවන්නේ? මොවුන් සිංහලයන්ට විරැද්දව කරන විරෝදයක්ද මේක කියලා අපිට අහන්න සිද්ද වෙනවා. එහෙමනම්, රජය මේ සිද්දියට සම්බන්ධ සියළු දෙනාවම ඔවුන්ගේ රාජකාරියෙන් ඉවත් කර, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

මොවුන් ජාතිවාදි ලෙස මෙසේ ක්‍රියා කළේ කොළඹදීය. ඔවුන් මේ දියණිය සිංහල වූ පමණින් ඇගේ මානව හිමිකම් උල්ලංගනය කළා. තමාට අවශ්‍ය කරන ලිපියක් ඒ මානව හිමිකම් කොමසාරිස්වර කාර්යාලයෙන් ආ කණ්ඩායමකට දෙන්න බැරිනම්, ඒ තරම්වත් නිදහසක් නැතිනම් මොකක්ද මේ රටේ මානව හිමිකම් පිළිබඳ ව තියෙන නිදහස?

එය වළක්වලා තියෙන්නේ අපේ කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංගමයේ කාර්යාලයේ වැඩ කරන LTTE හිතවාදි සේවිකාවක්. මේක රජයේ අවධානයට අපි යොමු කරනවා. එසේ යොමු කරලා, ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

අතුරැදහන් වූ අය සම්බන්ධයෙන් කුමක් ද කළ යුත්තේ?

කොමොඩො දසනායක මහතාත්, ලුතිනන් කමාන්ඩ රණසිංහ මහතාත් සමඟ තවත් නාවිකයෝ හතර දෙනෙක් අද රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේ දෙමළ ජාතික 11 දෙනෙක් අතුරුදහන් කළායැයි කියන චෝදනාව මත. ඒත් ඒ ගැන කිසිම සාක්ෂියක් නැහැ. කිසිම හේතුවක් නැතුව, ජාතියන්තර ප්‍රජාව නැත්නම් සෙයඩ් හුසේන්ව හෝ දමිළ ඩයස්පෝරාව තෘප්තිමත් කරන්න නිකරැනේ, කරන්නන්වාලේ මේ නාවික නිළදාරින්ව මේ විදිහට බන්ධනාගත කිරීම ඇත්ත වශයෙන්ම ඉතාම ලොකු අපරාධයකි.

අපි කියන්නේ නැහැ මේක හොයන්න එපා කියලා. මේ 11 දෙනාව හොයන්න ඕනේ. හොයලා ඒකට සම්බන්ධ අය ඉන්නවානම් ඒ අයට දඩුවම් දෙන්න ඕනේ. අපරාධයක් කරලා තියෙනවා නම් ඕනෙම කෙනෙකුට ඇත්ත වශයෙන්ම දඩුවම් දිය යුතුයි. නමුත් මේ විදිහට නිකරුනේ මේ අයව හිරභාරයට ගැනීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

මේ වසර අටක් තිස්සේ ඇදී ගෙන එන පරීක්ෂණයක්. පොලිසිය කියනවා නම් උසාවියට මේ පරීක්ෂණ නිම වන තුරු මේ නිළදාරින්ව තියා ගන්න ඕනේ කියලා තව වසර කීයක් තියා ගන්න ඕනෙද? ඒක ඉතාම ලාබාල, දුර්වල, දුප්පත් තර්කයක්. එම නිසා වහාම ඔවුන්ට ඇප ලබා දී, එළියට ඇරගෙන ඔවුන්ට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් නඩු පවරන්න කියලා අපි රජයෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.


යුද්ධයේදි මැරැනු සිවිල් වැසියන් සංඛ්‍යාව සත්‍ය සෙවීමට බාධාවක්ද?

අද එක්සත් ජාතීන්ගේ සංගමයේ කණ්ඩායම් අපේ රටට එන්නේ ජිනීවා 30/1 යෝජනාව මතය. ඒකේ මූලාරම්භය ගත්තොත් 30/1 යෝජනාව පදනම් වුනේ සෙයිඩ් හුසේන්ගේ OSL වාර්තාව මත. නමුත් ඊටත් එහාට ගිහිල්ලා ඒකේ මූලාරම්භයට ගියොත් එය තමයි ඩරැස්මාන් වාර්තාව. එම වාර්තාවේ කියනවා අපි යුද්ධය අවසාන අදියරයේදි 40,000ක් ඝාතනය කරයි කියලා.

නේස්බි සාමිවරයා දැන් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ 12වැනිදා බ්‍රිතාන්‍ය සාම මණ්ඩලයේදි ඉතා පැහැදිලිවම ප්‍රකාෂ කළා මේ යුද්ධයේ අවසන් අදියරයේදි මිය ගියේ 7,000-8,000ක් අතර සංඛ්‍යාවක් පමණයි. ඔහු මේ තොරතුරු ලබා ගත්තේ එම කාලයේ බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ ඒ සම්බන්ධව සිටි නිළදාරියාගේ වාර්තාවලිනි. ඒ වාර්තාවල ඉතා පැහැදිලිවම තියෙනවා ශ්‍රී ලංකාවේ හමුදාවට කිසිම උවමනාවක් තිබුනේ නැහැ අහිංසක මිනිසුන් නිකරැනේ ඝාතනය කරන්න.

ඉතින් මේ වගේ පැහැදිලි වාර්තා තිබියදීත්, ඇයි මේ රජය නිහඬ? ජිනීවා යෝජනාවට අනුව තමයි අතුරුදහන් කරවීමේ කාර්යාල පනත, දෙමුහුණ් අධිකරණය, ව්‍යවස්ථා සංශෝධනය, අපි සර්ව ලෝක අධිකරණ බලවේගයට යටත් විය යුතුයි යනාදි වශයෙන් අපට බලපෑම් කරන්නේ. යෝජනාවට පාදක වූ මූලාරම්භය 40,000ක ඝාතනයක් නම්, එම චෝදනාව දැන් ඉතාම පැහැදිලිවම නිෂ්ප්‍රභා කරලා තියෙනවා නම්, ඇයි මේ රජය ඒකේ වාසිය ගන්නේ නැත්තේ? ඉතින් ඒකෙන් පේනවා මේ රජයට ඇත්ත වශයෙන් අවශ්‍ය වන්නේත් දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට මේ රටේ රණවිරැවා සහ ජාතිය ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දෙන්නට කියලා.

මේ නේස්බි සාමිවරයාගේ ප්‍රකාෂය සම්බන්ධව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් කියනවා අපි සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් වික්ෂිප්ත නොවිය යුතුයි, මන්ද සංඛ්‍යා ලේඛන සත්‍ය සෙවීමට බාධාවක් විය හැකියැයි කියා. අපි එහෙමනම් අහනවා සංඛ්‍යා ලේඛන වැදගත් නැත්නම් ඇයි මේ සංඛ්‍යා ලේඛන අඩංගු වර්තා හැංගුවේ.

ඇයි මේ වාර්තා නේස්බි සාමිවරයාට දුන්නේ නැත්තේ? ඔහුටත් මේ වර්තා ගන්න මොන තරම් අපහසු වෙලා තියෙනවාද? අන්තිමේදි තොරතුරැ දැනගැනීමේ ක්‍රියාදාමය හරහා තමයි ඔහු මේක අරගෙන තියෙන්නේ.

මේ 7,000-8,000ත් සංඛ්‍යාව මිය ගිය ත්‍රස්ථවාදීනුත් සමඟ යි. අපි කිසිම යුධ අපරාදයක් කරලා නැහැ කියලා ලෝක ප්‍රසිද්ධ විශේෂඤ්ඤයෝ හය දෙනෙක් කියලා තියෙනවා. එම විශේෂඤ්ඤයෝ හය දෙනා තමයි සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, සර් ජෙෆ්රි නයිස්, රොඩ්නි ඩික්සන්, මේජර් ජෙනරල් ජෝන් හෝල්ම්ස්, මයිකල් ක්‍රේන්… මොවුන් ලෝකයේ ප්‍රසිද්ධ යුධ අපරාධ පිළිබඳ විශේෂඤ්ඤොයෝ වේ. එහෙම තියෙද්දීත් තමයි, ඒක සාවද්ද කළ හැකි සාක්ෂි තිබියදීත් තමයි, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මේ වගේ දුප්පත්, දුර්වල තර්කයක් ගෙනාවේ.

එංගලන්තය ඉරාකයේ ආක්‍රමණයට හවුල් වුනා. එය පිළිබඳ චිල්කොට් වාර්තාව ආවෙත් කාලයකට පසුවයි. නමුත් ඒ වාර්තාවේ පැහැදිලිවම හෙළි කරලා තියෙනවා එවකට සිටි අගමැති ටෝනි බ්ලෙයාර් සම්පූර්ණයෙන්ම මේකට වරදකරැ, ඔහු යුධ අපරාධ කරැවෙකු බව. ඉරාක ආක්‍රමණයේදි ඉරාකියන් 150,000ක් මැරැණා, මිලියනයක් විතර අවතැන් වුනා. මේ සංඛ්‍යා ලේඛනත් වික්ෂිප්ත වෙන්නේ නැද්ද කියලා අපිට අහන්න ඕනේ මහ කොමසාරිස්වරයාගෙන්.

එංගලන්තය ඉරාකය ආක්‍රමණය කරා වගේ අපි කවුරැවත් ආක්‍රමණය කළේ නැහැ. මේ අපේ රටේ ඇතුළ තිබුනු ප්‍රශ්නයක්. අපි 11,000ක් පුණරැප්තාපනය කළා. අපි ලක්ෂ තුනකමිනිසුන් බේරා ගෙන තමයි මේක කළේ. එහෙම අපිට තමයි මේ විදිහට චෝදනා කරන්නේ. ඒක හින්දා අපි මේ මහ කොමසාරිස්වරයාගේ මේ ප්‍රකාෂය හෙළා දකිනවා.

අපි ඔහුට මතක් කරලා දෙන්න ඕනේ 1818 නිදහස් සටනෙන් පස්සේ රොබට් බ්‍රවුන්ඩික් ආණ්ඩුකාරවරයා මොනවාද සිංහලයාට කළේ. ඔහු අවුරැදු 18-35 අතර සිටි සියළු සිංහල තරැණයෝව මැරැවා, ඔවුන්ගේ සියළු කූඹුරැ විනාශ කළා, සියළු හරකාබාන ඝාතනය කළා, සියළුම පළතුරු ගස් කැපුවා, සියළුම ළිං වලට වස දැම්මා.

එහෙව් කරපු බ්‍රිතාන්‍යයන් තමයි අද අපිට මානව හිමිකම් ගැන කතා කරන්න එන්නේ, මානව හිමිකම් උල්ලංගනය කළායැයි චෝදනා කරන්නේ. හරිනම් ඔවුන් අපිට ඉස්සෙල්ලාම වන්දි ගෙවන්න ඕනේ. ඊට පස්සේ යමක් කතා කරන්න තියෙනවානම් කතා කරන්න පුළුවන්.

මේ වගේ පසුබිමක් තිබියදි, මේ වගේ පැහැදිලි වාර්තා තිබියදි මේ රජය නිහඬව සිටීම ඇත්ත වශයෙන්ම අපිට කණස්සල්ලයට කාරණයෙකි. ඒක අපි ඉතාම පැහැදිලිවම කියනවා ජාතිය හා රණවිරැවන්ව පාවා දෙන ක්‍රියාවලියක් කියලා.

එම නිසා අපි කියනවා මේ රජයට නේස්බි සාමිවරයාගේ ප්‍රකාෂය හරහා ජිනීවා 30/1 යෝජනාව නැවත සලකා බලන්න කියලා. එහෙම සලකා බලන්නේ නැත්නම් එයින් සනාථ වෙන්නේ මෙම රජය මේ සමස්ථ ජනතාවම හා අපේ රණවිරැවන්ව පාවා දීමේ ක්‍රියාවලියක නිරත වන බව. මෙයට සම්බන්ධ වන සියළුම පාලකියන් හා නිළදාරින් ඉදිරියේදි වගකිව යුතු බව ප්‍රකාෂ කරනවා.

821 Viewers