• Home »
  • Sinhala »
  • ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලියේ ප්‍රතිවිපාක

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලියේ ප්‍රතිවිපාක

ඩුබාහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත් වූ රණවිරු සමරුව අමතා මෙම දේශනය පවත්වා ඇත.

unnamed (1)

හිටපු තානාපති හා එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හා විදේශ ලේකම් පාලිත කොහොන

ලංකාවට විරුද්ධව මෙවැනි යෝජනා වැළක්‌ මෙසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට හේතු මොනවාද? මේවාට කුමන ඉතිහාසයක්‌ තිබෙනවාද? ලංකාව පමණක්‌ ද ඔය කියන විදියේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන එකම රට? ලංකාවට විරුද්ධව බලගතු බටහිර රටවල් පෙළ ගැසුනේ ඇයි? මෙම යෝජනා ඉදිරිපත් කළ රටවල් ගැනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ කිරීම් ගැන නොයෙක්‌ චෝදනා පුවත්පත්වල පළ වී තිබෙනවා. 30/1 දරන යෝජනාවලියට අප එකඟ වී අත්සන් තැබුවේ ඇයි.

අද බොහෝ දෙනකුගේ හිතේ ඇති ප්‍රශ්නයක්‌ තමයි ජිනීවා යෝජනාවලිය. මෙම යෝජනාවලිය ලංකාවට කුමන ලෙස බලපායිද? මෙම බලපෑම් කොතෙක්‌ කලක්‌ පැවතෙයිද? දිගින් දිගටම ලංකාවට අහිතකර වෙයිද? මෙවැනි නොයෙක්‌ ප්‍රශ්න බොහෝ සිත්වල පවතිනවා. බොහෝ සිත්වලට පුන පුනා නඟිනවා.

featuredj

2015 සම්මත වූ ජිනීවා යෝජනාවලිය ඉබේට ඇති වූවක්‌ නොවේ. අපට නොදැනුවත්ව ඉදිරිපත් වූවක්‌ ද නොවේ. එයට ඉතිහාසයක්‌ තිබෙනවා. 2009 දී අපට විරුද්ධව ජර්මනිය යෝජනාවක්‌ ගෙන ආවා. එය පරාජය කරන්නට අපට පුළුවන් වුණා. 2011 කැනඩාව යෝජනාවක්‌ ඉදිරිපත් කරන්නට වෑයම් කර ඉවත් කර ගත්තා. එහෙත් 2012 පටන් ලංකාවට එරෙහි යෝජනා පෙළක්‌ම මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූවා. මේවාට මූලික වුණේ ඇමෙරිකාවයි. බටහිර රටවල් සියල්ලම පාහේ මෙම යෝජනා පිටුපසින් සිටියා. මෙම යෝජනාවලට විරුද්ධව එකල ලංකා රජය බොහෝ සේ ක්‍රියාත්මක වුණා. මේ යෝජනා සම්මත වීම වැළැක්‌වීමට අපි නොයෙක්‌ ප්‍රයත්න ගත්තා. ධන සම්භාරයක්‌ වියදම් කළා. රට රටවලට නියෝජිතයන් පිටත් කර ඔවුන්ගේ ආධාරය ඉල්ලා සිටියා. නමුත් එම ප්‍රයත්න සියල්ලම පරාජයට පත් වුණා. ඇමෙරිකාවේ බලයටත්, ධනයටත් එරෙහි වීමට අපට පුළුවන් කමක්‌ තිබුණේ නෑ. එය සක්‌සුදක්‌ සේ සනාථ වුණා.

2012 පටන් වර්ෂයෙන් වර්ෂය ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනා ක්‍රමක්‍රමයෙන් දරදඬු වුණා. ඉතාම දරුණුම, අපට ඉතාම අහිතකරම යෝජනාව ඉදිරිපත් වුණේ 2015 වසරේදී ය. එය 30/1 යන යෝජනාවයි. අප දන්නවා, අපගේ රජය මෙම යෝජනාවට සිය කැමැත්තෙන්ම උෙද්‍යාaගයෙන් යුතුව අත්සන් තැබූ බව. අනුග්‍රාහික වූ බව. (ඤ-Sචදබිදරුd).

මෙතැනදී ප්‍රශ්න කීපයක්‌ම අප ඉදිරියේ මතු වෙනවා. ලංකාවට විරුද්ධව මෙවැනි යෝජනා වැළක්‌ මෙසේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට හේතු මොනවාද? මේවාට කුමන ඉතිහාසයක්‌ තිබෙනවාද? ලංකාව පමණක්‌ ද ඔය කියන විදියේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන එකම රට? ලංකාවට විරුද්ධව බලගතු බටහිර රටවල් පෙළ ගැසුනේ ඇයි? මෙම යෝජනා ඉදිරිපත් කළ රටවල් ගැනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ කිරීම් ගැන නොයෙක්‌ චෝදනා පුවත්පත්වල පළ වී තිබෙනවා. 30/1 දරන යෝජනාවලියට අප එකඟ වී අත්සන් තැබුවේ ඇයි.

ත්‍රස්‌තවාදී යුද්ධයකින් මෑතකදී ජයගත් එකම රට ලංකාවයි. ඛඔඔE ත්‍රස්‌තවාදීන් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදීන් හැටියට ක්‍ෂA ආයතනය පවා පිළිගෙන තිබුණා. මොවුන් හා සටනට නොයා යුතුය කියා බටහිර රටවල් අපට උපදෙස්‌ දුන්නා. මෙවැනි ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ තමයි අප පරාජය කළේ. ලොව නොයෙක්‌ තැන්වල ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් ලොව බලවත්ම රාජ්‍යවල ප්‍රහාර මධ්‍යයේ තවමත් පරාජය නොවී රැඳී සිටිනවා. එසේ තිබියදී ලංකාවට විරුද්ධව මුළු ශ්‍රමයම යොදා මෙසේ බටහිර රටවල් එරෙහි වීමට හේතුව කුමක්‌ද? මගේ මතයේ හැටියට මෙයට හේතු කීපයක්‌ම තිබෙනව. සමහර හේතුන් ඓතිහාසිකයි. අනෙක්‌ ඒවා සමකාලීනයි.

අප ගැන මෙම බටහිර රටවල ඊර්ෂ්‍යාවකුත් තිබෙන්නට ඇති. අප වැනි කුඩා රටක්‌, එතරම් ධනවත් නොවන රටක්‌, මෙවැනි ජයග්‍රහණයක්‌ අත්පත් කර ගත්තේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන්ට ඇති.

යුද්ධය අවසන් වීමට පෙර විශේෂයෙන් අවසන් සති කිහිපය තුළ එය නවත්වන්නට බටහිර බලවතුන් බොහොම වෑයමක්‌ ගත්තා. මෙයට හේතුව වශයෙන් දැක්‌වුණේ සිදුවෙන්නට ගිය විශාල සිවිල් ජනතා හානියයි. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති කුශ්නෙයා ලංකාවට පැමිණ යුද්ධය නවත්වන්න කියා අපට බල කළා. ස්‌වීඩනයේ විදේශ ඇමැතිත් එන්නට තැත් කළා. එහෙත් අපි ඔහුට එන්නට අවසර දුන්නේ නැහැ. ඇමෙරිකාවත් බලපෑම් කළා. ඊට අමතරව විකිලීක්‌ස්‌වලින් හෙළි වී ඇති අන්දමට ඛඔඔE නායකත්වය ඇමෙරිකන් යාත්‍රාවක නංවා රටින් පිට කිරීමට යෝජනාවකුත් තිබුණා. මෙය ක්‍රියාත්මක නොවුණේ ප්‍රධාන වශයෙන්ම ඉන්දියානු අප්‍රසාදය පළ කෙරුණු නිසායි. එහෙත් සිතූ අන්දමේ සිවිල් ජනතා හානියක්‌ සිදු නොවුණු බව අප දන්නවා.

ලංකාව පිහිටා ඇත්තේ ඉන්දීය සාගරය මැද ඉන්දියාවට දකුණෙනුයි. මෙය අසමසම භූගෝලීය පිහිටීමක්‌. ලොව ඇති ප්‍රධානම මුහුදු ගමන් මඟකට සැතපුම් 20 ක්‌ පමණ ඈතිනුයි ලංකාව පිහිටා ඇත්තේ.

ලොව නැගෙනහිර දිසාවට, විශේෂයෙන්ම චීනයට අවශ්‍ය ඉන්ධනවලින් 60% සපයන්නේ මෙම මාර්ගය හරහායි. චීනයට මෙම මුහුදු මාර්ගයේ ආරක්‍ෂාව ඉතා වැදගත් කරුණක්‌ වී තිබෙනවා.

මෙම මාර්ගය හිරකර චීනයේ ඉන්ධන කරාමය වැසීමට පුළුවන් බව චීනයත් බටහිර බලවතුනුත් දන්නවා. එක අතකින් මෙම ගෝලීය ස්‌ථානීය වටිනාකම උපයෝගි කරගෙන අපට නොයෙක්‌ වාසි ලබාගන්නට පුළුවන්. අනෙක්‌ අතට මෙම ස්‌ථානයේ ඇති යුද්ධමය හා ආර්ථික වටිනාකම නිසා සෑම ඓතිහාසිකව බලවත් වූ රාජ්‍යයක්‌ම ඇස ගසාගෙන සිටි ස්‌ථානයක්‌ ද වූවා. එදා පමණක්‌ නොව අදත් මෙම ස්‌ථානීය වටිනාකම නිසි අන්දමින් උපායශීලීව ප්‍රයෝජනයට ගන්නවා නම් අපට නොයෙක්‌ ලාභ ප්‍රයෝජන ලබාගන්නට පුළුවන්.

අදත් මෙම ස්‌ථානීය වටිනාකම තමාට නතුකර ගැනීමට හෝ අනෙක්‌ රටකට නතු වීම වැළැක්‌වීමට කටයුතු කරන බලවත් රාජ්‍යයන් තිබෙනවා. මෙහිදී කතුරට හසුවන්නේ අපයි.

අනාගතයේදී පවා අපගේ අභ්‍යන්තර අරගලවලට පිටින් ආධාර සපයන්නට මෙම කරුණ හේතුවක්‌ වෙන්නට ඉඩ තිබෙනවා. මෙය හොඳින් මතක තබාගත යුතු දෙයක්‌.

මෙම ස්‌ථානීය වටිනාකමත්, ලංකාව හා චීනය අතර දියුණු වෙමින් තිබුණ සම්බන්ධතාවත් නිසා ලංකාවට එරෙහි හැඟීමක්‌ බටහිර බලවතුන් අතර ඇතිවීමට ඉඩ තිබුණා යෑයි විශ්වාස කරන්නට පුළුවන්.

අපි මතක තබාගත යුතු දෙයක්‌ තමයි මෑත යුගවලදී දක්‍ෂ විදේශ කටයුතු නිලධාරීන් හා පෞරුෂත්වයකින් යුත් නායකයන් දැඩි ප්‍රයත්නයක්‌ දරා අපගේ භූගෝලීය වශයෙන් ඇති වාසියෙන් නොයෙක්‌ ප්‍රයෝජන රටට ලබාගත් බව. 50 ගණන්වල, 60 ගණන්වල සහ 70 ගණන්වල ශ්‍රී ලංකාව නොබැඳි විදේශ පිළිවෙතක්‌ අනුගමනය කළා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සීතල යුද්ධයේ පක්‍ෂ දෙකෙන්ම අපට වාසි ලැබුණා.

නොබැඳි ඉන්දියාවත් අපට සැලකුවේ ඉතාම ආචාරශීලීවයි. නමුත් 70 දශකය අවසානයේ අලුතින් පත් වූ ජයවර්ධන ආණ්‌ඩුව වඩා බටහිරට සමීප වීමටත්, විවෘත ආර්ථිකයට මඟ පෑදීමටත් පටන් ගත්තා. මෙය ඉන්දියාව ගමන් කරමින් තිබුණ මඟට වෙනස්‌ මඟක්‌. ඒ සමඟම පෙර දෙරට අතර තිබුණු සමීපභාවය අඩුවුණා. දෙරට නායකයන් අතර තිබූ සුහදතාවත් අඩු වූවා. ඉන්දියාව සමඟ රටවල් දෙක අතර සුහදතාවක්‌ තබා ගැනීමට අතපසු වුණා.

මෙහි ප්‍රතිඵලය වූයේ ඉන්දියාව එළිපිටම හෝ වක්‍රව හෝ ලංකාවේ බුබුළමින් තිබුණු ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වලට සහයෝගය දැක්‌වීමයි. ඔවුනට ආයුධත්, පුහුණුවත් ලැබුණේ ඉන්දියාවෙන්. සෝවියට්‌ දේශයේ ආශිර්වාදයත් මෙයට ලැබෙන්නට ඇති. තැන් තැන්වල තිබුණු බෙදුම්වාදී ත්‍රස්‌තවාදී ගිනි පුපුරු මහා ගිනි ජාලාවක්‌ බවට පත් වූයේත් අවුරුදු ගණනාවක්‌ දික්‌ ගැසුණේත් මුලදී විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලැබුණු ආධාර නිසයි.

මේ ගැන අද ඉන්දියාව කතා කරන්නේ නෑ. එහෙත් තම අත්දැකීම් ගැන පොත් ලියූ ඉන්දීය තානාපතිවරුන් සඳහන් කර තිබෙනව.

ඉන්දියාවේ ආධාරයෙන් ඇති වූ ගිනි ජාලාව නිවන්නට ඉන්දියාවම බලහත්කාරයෙන් මෙන් කෙළින්ම ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වුණා. අපට මතකයි වඩමාරච්චි සටන නිමවෙන්නට කලින් ඉන්දියාව අහස්‌ යානාවලින් පරිප්පු යාපනයට දැමූ හැටි. ඉන්දියාව ලංකාවේ ප්‍රශ්නයට කෙළින්ම මැදිහත් වීමට උපයෝගි කර ගත්තේ 1987 දී එකඟ වූ ඉන්දු – ලංකා ගිවිසුමයි. මෙම ගිවිසුම බලයෙන් මෙන් ලංකාව මතට පැටවූ දෙයක්‌.

සමහරු බලාපොරොත්තු වූ පරිදි චීනයෙන්වත් බටහිරින්වත් ඒ අවස්‌ථාවේදී අපට ආධාර ලැබුණේ නැහැ. මෙම බලාපොරොත්තුව පදනමක්‌ රහිත වූ බලාපොරොත්තුවක්‌.

දීර්ඝ කාලීනව ලංකාවේ සේනා ස්‌ථානගත කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වූවා වෙන්නටත් ඇති. මෙවැනි දෙයක්‌ මාලදිවයිනේ වී තිබෙනවා. ඉන්දීය හේවායන් ලක්‍ෂයකට අධික ගණනක්‌ සාමය රැකීමටය කියා ලංකාවට ඇතුළු කෙරුණා. ඔවුන් මෙහි ආවේ ඛඔඔE යේ ආයුධ අතට ගෙන, දෙපස සමගි කරවීමේ අරමුණු ඇතිවයි කියා ප්‍රසිද්ධියේ පැවසුණා. හැබැයි නොසිතූ අන්දමින් ඛඔඔE ත්‍රස්‌තවාදීන් ඉන්දීය හමුදා සමඟ සටන් වැදීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ට ආපසු යන්නට සිදු වුණා.

මෙම ඉන්දීය ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉන්දීය හමුදා සෙබළුන් 1200 කට අධික ගණනක්‌ මරුමුවට පත් වුණා. ඊට වැඩි සංඛ්‍යාවක්‌ ආබාධිත වුණා. ඉන්දියාවේ ගෞරවය කෙලෙසුණා. ඒ අතරම ඛඔඔE යේ ආත්ම ශක්‌තිය වඩාත් වර්ධනය වුණා. ඉන්දියාව කරගත් වැරැද්දෙන් හුඟක්‌ම අසහනයට පත් වුණේ ලංකාවයි.

විශාල වශයෙන් හානි සිදු වුණේ ලංකාවටයි. ත්‍රස්‌තවාදී අරගලය තවත් අවුරුදු කීපයකින් දික්‌ ගැස්‌සුණා.

මෙතැනදී අපට ගත යුතු පාඩම් දෙක තුනක්‌ම තිබෙනවා. පළමුව භූගෝලීය වශයෙන් අසමසම ස්‌ථානයක්‌ හොබවන ලංකාව හැමවිටම විදේශ සම්බන්ධතා කල්පනාකාරීව හා සූක්‍ෂමව මෙහෙවිය යුතුයි.

දෙවනුව අපගේ අසල්වැසි ඉන්දියාව සමඟ හැකි හැම විටම වාගේ හොඳ හිතින් කටයුතු කළ යුතුයි. ඉන්දියාවට පුළුවන්කම තිබෙනවා අපේ නිදහසටත්, ආර්ථිකයටත් පහසුවෙන් තර්ජන එල්ල කරන්නට. මෙය බොහෝ විට අපට විශාල අභියෝගයක්‌ වෙනවා. වෙන රටවල් වාගේ නොවෙයි, ඉන්දියාව සමඟ සුහද සම්බන්ධතා පැවැත්වීම වඩා අමාරුයි.

2014 ඉන්දියාව ජිනීවාවලදී අපට එතරම් සහයෝගයක්‌ නොදැක්‌වීමට හේතු සමහර විට සොයන්නට සිදුවන්නේ මෙවැනි අතීත අත්දැකීම් පදනම් කරගෙනයි.

තෙවනුව අපගේ ආරක්‍ෂාව අප අතේම තබාගත යුතුයි. සෑම විටම සූදානම්ව සැරසී සිටිය යුතුයි. අපේ ආරක්‍ෂාව සඳහා වෙන කිසිම රටක්‌ ගැන යෑපීම විශාල දුබල කමක්‌ වෙනවා. අපගේ වාසියට අහිතකර වෙනවා.

පසුව පත් වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජයත්, රාජපක්‍ෂ රජයත් යළිත් මැද පිළිවෙතට පිවිසුණා. ඉන්දියාවත් සමඟ විශේෂයෙන්ම රාජපක්‍ෂ ආණ්‌ඩුව කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනඟාගත්තා. මෙම සම්බන්ධය ගොඩනඟා ගැනීමට රජයේ ඉහළම මට්‌ටමේ නිලධාරීන් දායක වුණා. දෙපක්‍ෂය අතර නිරතුරුවම සාකච්ඡා පැවැත්වුණා. පණිවුඩ හුවමාරු කෙරුණා.

අවසානයේදී 2009 දී ත්‍රස්‌තවාදය පරාජය කිරීමට මෙම සුහදතාව මහත් පිටිවහලක්‌ වුණා. විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ නවතා තිබූ ඛඔඔE නැව් කිහිපයක්‌ම ගිල්වීමට අප නාවික හමුදාවට හැකි වූයේ ඉන්දියාවෙනුත් ලැබුණු තොරතුරු නිසයි. ඉන්දියාවේ සහයෝගය නිසා එතෙරින් ඛඔඔE යට ලැබුණු ආයුධත් සීමා වුණා. ඉන්දියාවේ ආශිර්වාදය නොතිබුණා නම් 2009 දී ත්‍රස්‌තවාදය සහමුලින්ම පරාජය කිරීමට අපට පුළුවන් වන්නේ ද යන්න සැක සහිතයි.

යුද්ධය අවසන් වූවාට පසුව යුදමය ජයග්‍රහණය අවසාන පියවර ලෙස බොහෝ දෙනකුට සිතෙන්නට ඇති. මෙසේ ඇති වූ මානසික උදාසීනත්වය නිසා අප යුද සමයේ හොඳින් පිළියෙල කර සිටි ආරක්‍ෂිත වළලු දුබල වීමට ඉඩ හැරියා.

මෙය අප කළ විශාල වැරැද්දක්‌. බොහෝ විට අප අසා ඇති දෙයක්‌ තමා යුද්ධයක්‌ ජය ගැනීමෙන් පසු සාමය ජය ගැනීම යුද්ධය දිනීම වාගේම අමාරු කටයුත්තක්‌ය කියා. සමහර විට සාමය ජයගැනීම වඩාත්ම දුෂ්කරයි.

මගේ මතයේ හැටියට යුද සමයේ අප ගොඩනඟාගෙන තිබුණු ආරක්‍ෂිත වළලු තව ශක්‌තිමත් කළ යුතුව තිබුණා. අපගේ විදේශ සම්බන්ධතා විශේෂයෙන්ම ඉන්දියාව සමඟ තිබුණු සම්බන්ධතාව තව තවත් තරකර ගත යුතුව තිබුණා.

විකිලීක්‌ස්‌හී ප්‍රසිද්ධියට පත් වූ කේබල් පණිවුඩවලින් පෙනෙන්නේ රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සඳහා ඉලක්‌ක කර තිබූ ණය මුදලක්‌ නැවැත්වීමට වෑයමක්‌ කළ බවයි. මෙසේ කිරීමට හිලරි ක්‌ලින්ටන් පවා ඛඔඔE බලපෑමටත්, රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමටත් යට වී සිටියා.

සටනේ අවසාන කාලයේදී බටහිර රටවල් සමඟ ඇති සබඳතා පහළ වැටීමත් සමඟම මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා කිරීම සඳහා මානව අයිතිවාසිකම් කවුන්සිලයත් භාවිත කරන්නට බටහිර රටවල් පටන් ගත්තා. බටහිර රටවල එදිරිවාදී ආකල්පයන් ඉස්‌මතු වීම නිසා රාජපක්‍ෂ පාලනය චීනයට, පාකිස්‌තානයට, යුක්‌රේනයට හා රුසියාවට උපකාර සඳහා නැඹුරු වුණා.

මෙම රටවලින් විශේෂයෙන්ම චීනයෙන් හා පකිස්‌තානයෙන් අපට අවශ්‍ය අවි ආයුධ නොලැබුණා නම් අපගේ රණවිරුවන් අසරණ තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණා. ඊශ්‍රායලයෙන් ද ලංකාවට ආයුධ සැපයුණා.

මානව හිමිකම් කවුන්සිලය වැනි අන්තර්ජාතික ආයතනවල සැබෑ බලතල හඳුනාගැනීමත් එතරම් අමාරු කරුණක්‌ නොවේ. මෙම කරුණ කොතරම් පැහැදිලි වුවත් වඩා පැහැදිලිම කරුණ නම් බලයේ රැඳී සිටීමට දැඩි ආශාවක්‌ පමණක්‌ තිබීමයි. විශේෂයෙන්ම යුරෝපීය බලවතුන්ගේ නිර්දේශයන් හා බාහිර ආයතනවල නිර්දේශයන් ගැන අප ඉතා විමසිලිමත් විය යුතුය. ඔවුන්ගේ නිර්දේශ අපගේ යහතිය අරමුණ කරගෙනම දෙන ඒවා නොවේ.

ජාතියක්‌ වශයෙන් අපි හරි දේ කිරීමට හැම විටම දැඩි උත්සාහයක්‌ දැරිය යුතුයි. හැබැයි අපට හරි දේ ගැන දැනුමක්‌ අපට වඩා අන් අයට ඇතැයි අප නොසිතිය යුතුයි. විශේෂයෙන් බටහිරට ඇතැයි නොසිතිය යුතුය.

වින්ස්‌ටන් චර්චිල් වරක්‌ ප්‍රකාශ කළ පරිදි ඉතිහාසයෙන් ඉගෙන නොගන්නා ජාතියක්‌ එයින් නැවත වද විඳීම නියතයි.

53 Viewers