• Home »
  • Sinhala »
  • විදේශිකයන් මෙරට අධිකරණයේ ස්වාධීනතාවට ඇගිලි ගසන්නේ මේ ආණ්ඩුවේ තියෙන බයාදු විදේශ ප්‍රතිපත්ති නිසයි (Video)

විදේශිකයන් මෙරට අධිකරණයේ ස්වාධීනතාවට ඇගිලි ගසන්නේ මේ ආණ්ඩුවේ තියෙන බයාදු විදේශ ප්‍රතිපත්ති නිසයි (Video)

nuwan
අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිකයෙකු ලංකාවට පැමිණ අපේ අධිකරණ කටයුතු වලට අත පෙවීම් කරනු ලබන්නේ 2015 බලයට පත් මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තිබෙන බයාදු විදේශ ප්‍රතිපත්ති නිසා බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි. අද (25) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ක්ලෙමන්ට් වෝල් කියන පුද්ගලයා ලංකාවට පැමිණ තියෙනවා. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ කුමන කාරණයකටද කියන වග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවියේ සදහන් වෙලා තියෙනවා . ඒ වෙබ් අඩවියට අනුව මේ පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ සාමකාමී රැස්වීම හා දේශපාලන නියෝජිතය ලෙසයි.

මෙවැනි පුද්ගලයින් නියෝජිතයින් ලෙස මීට පෙරද පැමිණ ලංකාව පිළිබදව වැරදි තොරතුරු ලබා දෙමින් ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය මගින් අනාවරණය වන කරුණු අනුව මේ පුද්ගලයාගේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ 2020 පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 44 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබදව කරුණු වාර්තා කිරීම සදහා තොරතුරු එක් රැස් කිරීමයි. ඒ වගේම මෙම පුද්ගලයා ලංකාවට පැමිණෙන්නේ විශේෂ අවස්ථාවක . ඒ තමා අනපේක්ෂිත ලෙස ලංකාවේ වසර 10 තිබූ සාමකාමී බව නැති කරමින් මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ලකල පාස්කු බෝම්බ ප්‍රහාරයට මාස තුන් මාසයක් ගත වන අවස්ථවේදී වීමයි. ඒ වාගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා ලංකාවෙන් බැහැරව සිටින අවස්ථාවක වැඩබලන ලේකම් අහමඩ් අජාවේඩ් කියන පුද්ගලය හරහා ඔහු උත්සහ කරනවා මේ රටේ අග්‍ර විනිශ්චකාරතුමා හා මහාධිකරණ විනිශ්චකාරතුමන්ලා හමුවෙන්න. මෙම හමුවෙන්න උත්සහ ගැනීම මේ රටේ අධිකරණ ස්වාධිපත්‍යයට ඇගිලි ගැසීමක්. මේ රටේ ක්‍රමවේදය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයාටවත් අග්‍ර විනිශ්චකාරවරයා හමුවෙන්න බැහැ. මෙලෙස විනිශ්චකාරතුමා හා මහාධිකරණ විනිශ්චකාරතුමන්ලා හමුවීමට බලාපොරොත්තුව වන්නේ අපේ රටේ පවතින නඩු කටයුතු ගැන විස්තර ලබාගන්න බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුනා.

මෙම මැදිහත්වීම සදහා ඉඩ සැලසූවේ විදේශ කටයුතු අමාතයාංශයයි. විදේශ කටයුතු අමාතයාංශය පසුගිය වසර කිහිපයේදී වැඩකටයුතු කලේ කොහොමද කියන කාරණය අපි හොදින් දන්නවා . විදේශ කටයුතු අමාත්‍යාංශ සමග වැඩ කටයුතු කිරීමට නොහැකි බව ආරක්ෂක අංශවලට අයත් නිළධාරීන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය හිතවාදී පුද්ගලයින් පවා සදහන් කර තිබුනා.

මෙම පුද්ගලයාගේ පැමිණීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව අජිත් පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කලද පැහැදිලිවම මෙම සිදුවීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුකූලයි.

මේක ඉතාමත් පැහැදිලිව 2015 බලයට පත් මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දේශපාලන හා බයාදු විදේශ ප්‍රතිපත්තිවලම කොටසක් විදියටයි ඉදිරියට යන්නෙ.

මෙම විශේෂ නියෝජිතයා ලෙස පැමිණෙන ක්ලෙමන්ට් වෝල් කියන පුද්ලයා ලෝකය පිලිගත් කුප්පකට රාජ්‍ය නොවන සංවිධානයක් වන ඇමස්ට් ඉන්ටටර්නැශනල් සංවිධානයේ සාමාජිකයෙක්. ඒ විතරක් නොවෙයි ටොන්ගෝ රටේ යුධ අපරාද අධිකරණයේ කටයුතු කල නිළධාරියෙක්. එතකොට එවැනි පුද්ගලයෙක් මෙවැනි අවස්ථාවක ලංකාවට මැදිහත් වන්නේ ඇයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අපේ රටේ අධිකරණයට බලපෑම් කරල අපේ රටේ අහන නඩු ඔවුන්ට ඔනෑ ලෙසට විසදගන්න තමයි මේ

මේ ආණ්ඩුවට මේ රට පාලනය කරන්න සුජාත අයිතියක් නැහැ. මේ ආණ්ඩුව වග කියන්නේ අපේ රටේ ජනතාවට නොවෙයි විදෙස් රටවලට. එම නිසා අපේ රට මේ විදේශීය බලපෑම් වලින් නිදහස් කරන්න නම් මුලින්ම කරන් ඕන මේ ආණ්ඩුව ගෙදර යවන එක. ඒ සදහා සියලු දෙනාට එකතු වන ලෙස ආරධනා කර සිටිනවා.



151 Viewers