• Home »
  • Sinhala »
  • විධායකය අහෝසි කරන්න මහින්දගේ සහයෝගය ගෝලීය සංසදය හෙළා දකි

විධායකය අහෝසි කරන්න මහින්දගේ සහයෝගය ගෝලීය සංසදය හෙළා දකි

(Courtesy of http://lankacvoice.com )

mahinda
මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ඔහුගේ සහය ලබාදෙන බවට කර ඇති ප්‍රකාශය ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් හෙළාදකි.

බෙදුම්වාදී දෙමළ ඩයස්පොරාව ජාත්‍යන්තර ප්‍රජාවගේ ආශිර්වාදය ඇතුව ‍‍ෆෙඩරල් රාජ්‍යක් බිහිකිරීමට උත්සහ කරන අවස්ථාවක පලාත් සභා වෙනම රාජ්‍යක් ලෙස බෙදි වෙන්වී යෑම වැලැක්වීමට ඇති එකම බාධාව වන විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම බෙදුම්වාදයට උඩගෙඩි දීමක්බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

එසේම දෙමළ ඊලාම් කොටි ත්‍රාස්ථවාදය පරාජයට පත්කල සේනාධිපතිවරයා වශයෙන් ජීවිත පරිත්‍යාගකල 27000 ක රණවිරුවන්ගේ ගෞරවයේ නාමයෙන් ඒකීය භාවය දුර්වල කරන විධායක ජනාධිපති දූරය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමට ඔහුට අයිතියක් නොමැති බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

බෙදුම්වාදී අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා 2015 ජනවාරියේදී ඔහු පරාජයට පත්කල එජාප,ජවිපෙ හා ටිඑන්ඒ 19 වන සංශොදනයේ උගුලට හසුවුනු ඔහු විධායකය අහෝසි කිරීමට එකගවීම රෑ වැටුනු වලෙහි දවල් වැටීමෙන් සියදිවි නසාගැනීමක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

124 Viewers