• Home »
  • Sinhala »
  • ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 22යි

ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 22යි

1998 ජනවාරි 25 වෙනි දින එනම් හරියටම වසර 22 පෙර බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදුවූ ශ්‍රී දළදා මාලිගාව කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්වෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙසට 17 දෙනෙකු මිය යන අතර 25 දෙනෙකු පමණ තුවාල ලබනවා.1989 පෙබරවාරී මස 8 වන දින ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමක් විසින් මේ ආකාරයෙන්ම බෝම්බ ප්‍රහාරයක් දළදා මාලිගාවට එල්ල කරනු ලැබුවත් 1998 බෝම්බ ප්‍රහාරය එයට වඩා දරුණු ලෙසින් මේ රටේ ජනතාව සසල කරනු ලැබුවා.දළදා මාලිගාවට එල්ල කිරීමට රැගෙන ආ බෝම්බ ලොරිය තුල කිලෝ 300 -400 ත් අතර පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගුවී තිබූ අතර පිපුරුමේ දැවැන්ත බව කොතරම්ද යත් දළදා මාලිගාවේ සිට කිලෝමීටර 5 ක් පමණ දුරට එහි කම්පනය දැනුනු බව පැවසෙනවා.බෝම්බ ප්‍රහාරයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ ආරක්ෂක ඇමති ධුරය දැරූ අනුරුද්ධ රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. එමෙන්ම එම වසරේ පෙබරවාරී 4 වන දින චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මගුල් මඩුවේ සැමරීමට සූදානම්ව සිටි 50 වන නිදහස් සැමරුමද අවලංගු වෙනවා. 2003 වසරේදී මහනුවර මහාධිකරණය විසින් ප්‍රහාරය වෙනුවෙන් වරදකරු කල පුද්ගලයන් දෙදෙනෙකුට වසර 680 බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද තව එක් අයෙකුට බරපතළ වැඩ සහිතව වසර 490 ක සිර දඩුවමක්ද නියම කරනවා.

මේ ප්‍රහාරයෙන් පසුව සුවිශේෂී තවත් එක් සිදුවීමක් වෙනවා.ඒ LTTE සංවිධානය මෙරට තුල මුල්වරට තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත්කිරීමයි.එතෙක් අවුරුදු ගණනක් මිනී මරණ තෙක් එය සිදුකිරීමට තරම් කශේරුකාව ශක්තිමත් නොවූ ඒ සමයන්හීදි මෙරට පාලනය කල පාලකයන් ගැන ඇතිවන්නේ දරුණු පිලිකුලක්.කෙසේවෙතත් පසුකාලීනව දිට්ඨදම්මවේදනීය කර්මය යථාර්තයක් කරමින් LTTE ය මෙරටින් අතුගෑවී යනවා.

එමෙන්ම 1998 බෝම්බ ප්‍රහාරයට වසර 11 ක් පිරෙන 2009 ජනවාරි 25 වන දිනම ශ්‍රී ලංකා හමුදාවන් විසින් LTTE යේ මුලතිව් කදවුර අත්පත්කරගැනීම සිදුවිමත්  තවත් එක් දෛවෝපගත කරුණක්මේ සියල්ල එක් අදුරු කාලපරිච්ඡේදයක කොටස් කියලා අමතක කල නොහැකි දේවල්.මේ කුරිරු අත්දැකීම් අප නිරන්තරයෙන්ම සිහිපත් කල යුතුමයි.ඒ අවශ්‍යතා දෙකක් මත.එකක් මේ පිලිබදව අවබෝධයක් නොමැති වත්මන් පරපුර දැනුවත් කිරිම සදහා සහ අනික අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානය සහ අනාගතයේදී මෙවැනි කාලකණ්ණි සිදුවීම් ඇති නොවීම සදහා.පසුකාලීනව  සහජීවන මනස්ගාතයන්ගෙන් හිස් පුරවාගෙන සිටි ආණ්ඩුවල සහ ආණ්ඩුව දුන් සහජීවන ලණු ඒ ආකාරයෙන්ම කෑ එම ආණ්ඩුවල අනුගාමිකයන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසට සිදුවූ පාස්කු ප්‍රහාරයම මෙවැනි ඉතිහාසයන් අමතක කිරීමේ කුරිරු විපාක අපට ප්‍රායෝගිකවම අවබෝධ කර දෙනවා



214 Viewers