• Home »
  • Sinhala »
  • ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරන්න…. මානව හිමිකම් කොමසාරිස්වරිය ඉල්ලයි… කොරෝනා නිසා ප‍්‍රංශ, ඉතාලි කොටි ජිනීවා වෙත පැමිණීම ව්‍යර්ථ වේ

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරන්න…. මානව හිමිකම් කොමසාරිස්වරිය ඉල්ලයි… කොරෝනා නිසා ප‍්‍රංශ, ඉතාලි කොටි ජිනීවා වෙත පැමිණීම ව්‍යර්ථ වේ

කීර්ති වර්නකුලසූරිය
(Courtesy of Divaina)

  • දේශීය යාන්ත‍්‍රණයක් මත ක‍්‍රියාත්මක වන සංහිඳියාවද ශේ‍්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු යටතේ කොමිසමක්ද පත්කරන බව දිනේෂ් ගුණවර්ධන කියා සිටී.
  • කොටි හමුදා නායක එළිලන්ගේ බිරිය වූ ආනන්දි සසිදරන් සමුළුව තුළ
  • කොටි ඩයස්පෝරා සංවිධාන 35 ක් යෝජනාව ඉදිරියට ගෙන යෑමට බලපෑම් කරයි
  • කොටි කි‍්‍රයාකාරීහු 85 ක් මානව හිමිකම් කොමසාරිස්වරියට බැණ වදිති
  • ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, රුසියාව සහ චිනය මානව හිමිකම් කවුන්සිලයට නැහැ
  • ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව ජනපති ගෝඨාභයට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් කරයි
  • ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට ගත් තීන්දුව රාත‍්‍රියේම පිටවේ

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා ආරම්භ විය. මෙවර සමුළුවට වත්මන් රජය ජිනීවා යෝජනාවෙන් ඉල්ලා අස්වන බව දැනුම්දීමට ක‍්‍රියාකළේය. එහෙත් ජිනීවා යෝජනාවෙන් ඉවත්විය හැකිද යන බරපතළ ප‍්‍රශ්නය මතු වී ඇත. මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ යෝජනාවක් සම්මත වූ පසු ඉන් ඉවත් විය හැකි ක‍්‍රියාපටිපාටියක් මානව හිමිකම් කවුන්සිලයේ නැති බවයි. ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට නම් යෝජනාවක් ගෙනවුත් වැඩි ඡුන්දයෙන් පරාජය කළ යුතු බව එම ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය.

එහෙත් ශ‍්‍රී ලංකා රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකිද? මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් 47 කගෙන් වැඩි දෙනා බටහිර රටවල ආධාරකරුවන් වේ. එවන් යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ 2021 මාර්තු මස පැවැත්වෙන 46 වැනි සැසි වාරයේදීය. මානව හිමිකම් කවුන්සිලය තුළ සිටින රටවල් මෙසේය.

‘‘ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලාව, ආර්ජන්ටිනාව, ආර්මේනියා, ඔස්ටේ‍්‍රලියාව, බහමාස්, බහරේන්, බංග්ලාදේශ්, බ‍්‍රසීලය, බල්ගේරියාව, බුර්නිකා පාසෝ, කැමරන්, චිලි, චෙක්, කොංගෝ, ඩෙන්මාර්ක්, එරිටියා, පීජි, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, ලිබියාව, මාෂල්¥පත්, මොරිටානියා, මෙක්සිකෝ, නැම්බියාව, නේපාලය, නෙදර්ලන්තය, නයිජීරියාව, පාකිස්තානය, පීරූ, පිලිපීනය, පෝලන්තය, කටාර්, කොරියාව, පෘතුගාලය, ස්ලෝවැකියාව, සෝමාලියාව. ස්පාඤ්ඤය, සුඩානය, ටෝගෝ, යුක්රේනය, උරුගුවේ සහ වෙනිසියුලාව.

මෙම රටවල්වලින් කීපයක් පමණක් ශ‍්‍රී ලංකාවට සහාය දක්වයි.

මෙම පසුබිම මැද එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත පාලිත කොහොන වෙතින් මෙම ජිනීවා යෝජනාවෙන් රජයට ඉවත්විය හැකිද යන්න අපි විමසුවෙමු.

‘‘මේ යෝජනාව 2015 සම්මත වුවත් එවකට සිටි රජය ඊට අනුමැතිය පළ කළා. ඒ නිසා මෙය දිගටම ක‍්‍රියාත්මක වෙනවා. 2021 මාර්තු මාසෙන් පසුත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක වීමේ ඉඩකඩ පවතිනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දේශපාලන වේදිකාවක් – ඊට බලයක් නැහැ යැයි කොහොන මහතා කියා සිටියේය.

එසේම පාලිත කොහොන වැඩිදුරටත් පැවසුවේ ජිනීවා යෝජනාවට පසුගිය රජය එක`ගවූයේ මිත‍්‍ර ජාතීන්ගෙන් විමසීමක් නොකර බවයි.

මේ නිසා මිත‍්‍ර ජාතීන්ගේ අදහස වුයේ ශ‍්‍රී ලංකාව තමන්ව පාවාදුන් බව යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

30/1 ජිනීවා යෝජනාවට පසුගිය රජය එක`ගවුණා. එම එක`ගත්වය මත රජය වෙනස් වූ විට ඊට අපි එක`ග නැහැ යැයි කියන්න බැහැ යැයි පැවසූ කොහොන මහතා මිත‍්‍රජාති රටවල සහාය මත ජිනීවා යෝජනාව ගැන කටයුතු කළ යුතු බව තවදුරටත් සඳහන් කළේය.

මෙම ජිනීවා යෝජනාවේ ආයුකාලය 2021 මාර්තු දක්වා පමණයි. එහෙත් එය ඉදිරියට යා හැකි යැයි හෙතෙම කීවේය.

එසේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පමණක් නොව ඔහුගේ පවුලේ අයටත් තහනම පැනවීමට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ක‍්‍රියා කළා. මෙවැනි දෙයක් ඉතිහාසයේ සිදු වූ මුල් වතාවයි. ශවේන්ද්‍ර සිල්වාගේ බිරිය හා දරුවන් යුද අපරාධ කර තිබේද? ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල වී නැහැ. එසේ නම් ඔවුන්ට තහනමක් පැනවූයේ කෙසේද? යැයි කොහොන මහතා පළ කළේය.

මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ රුසියාව හෝ චීනය නැත. ඉන්දියාව සාමාජිකත්වය දැරුවත් ශ‍්‍රී ලංකාවට සහාය ලබාදේද යන්න ප‍්‍රශ්නයක්. අපට සහාය ලබා ගත හැක්කේ පාකිස්තානයෙන් පමණකි.

මේ පසුබිම මැද මුළු කොටි ඩයස් පෝරාවම දැඩි කෝපයට පත් වී තිබේ. ඒ යහපාලන රජය ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීම නව රජය ඉවත් කර ගැනීමයි. 2015 සැප්තැම්බර් මස සම්මත වූ ජිනිවා යෝජනාව ඉදිරිපත් කළේ ඇමෙරිකාවයි. ඉන්පසු ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් යැයි පවසා ඉන් ඉවත් විය. ඊට මුල් වූයේ ඊශ‍්‍රායලයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කි‍්‍රයාකිරීමයි. ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්ව යෑමෙන් පසු එම කොන්ත‍්‍රාත්තුව භාර ගත්තේ බි‍්‍රතාන්‍ය රජයයි.

2026 වසරේදී බි‍්‍රතාන්‍යය මානව හිමිකම් සැසිවාරය තුළ නැත. ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය මානව හිමිකම් කවුන්සිලය තුළ නැතත් ඔවුන්ගේ අනුගාමිකයෝ මෙවර සැසිවාරයට සහභාගි වෙති.

මේ තත්ත්වය මත ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප‍්‍රබල හඬක් නැෙ`ගන්නේ නැත. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

2015 සැප්තැම්බර් මස ශී‍්‍ර ලංකාවට එරෙහි 30/1 ජිනීවා යෝජනාව – ඉදිරිපත් වීමට මොහොතකට පෙර න්‍යාය පත‍්‍රයේ සඳහන් වූයේ යේමනයේ යුද අපරාධ ගැන සව්දි අරාබියාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් වන බවයි. නෙදර්ලන්තය ඉදිරිපත් කර තිබූ මේ යෝජනාව විගස ඉල්ලා අස්කරගනු ලැබුවේ ඇමෙරිකානු බලපෑම් මතය.

මින් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වන බව සනාථ විය. එදා සිට අද වනතුරු කිසිදු රටක් සව්දි අරාබියාවට එරෙහිව යුද අපරාධ චෝදනාවක් ඉදිරිපත් කළේ නැත.

ශී‍්‍ර ලංකාවේ වත්මන් රජය ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට ගත් තීරණය කොළඹ එන්. ජී. ඕ. ප‍්‍රධානියකු වූ පාක්‍යසෝති සවරිමුත්තු හෙවත් පී. සරා පවසන්නේ රටවල් ඊට ප‍්‍රතිචාරය දක්වනු ඇති බවයි. යහ පාලන රජය යටතේ ස්ථාපිත කළ සංහිඳියා කාර්ය සාධන බළකායේ ක‍්‍රියාකාරිකයකු වූ පී. සරා එම බළකායේ වාර්තාවෙන් නිර්දේශ කළේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහි චෝදනා දෙමුහුන් අධිකරණයක් මගින් විමර්ශනය කළ යුතු බවයි.

ගෝඨාභය රාජපක්‍ෂ රජය යටතේ මේ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ට රජයේ කටයුතුවලට මැදිහත් වීමට හෝ හමුදා බුද්ධි ප‍්‍රධානීන් ඉවත් කිරීමට හෝ හමුදා නිලධාරීන් උසස් තනතුරුවලින් අයින් කිරීමේ හැකියාවක් නැත.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිවාරයේදී යුද අපරාධ චෝදනා ගැන නිරීක්‍ෂණය වන අවස්ථාවේ දෙවැනි ජගත් සංග‍්‍රාමයේදී ඩෙ‍්‍රස්ඩන් නැමැති ජර්මානු නගරයට මිත‍්‍ර ජාතීන් විසින් පොකුරු බෝම්බ දැමීමේ 75 වැනි සංවත්සරය යෙදී ඇත. එම සංග‍්‍රාමයේ අවසාන සමයේ ඩෙ‍්‍රස්ඩන් නගරයට ඇමෙරිකානු සහ බි‍්‍රතාන්‍ය හමුදා අමානුෂික ලෙස බෝම්බ දැමීමෙන් සිවිල් වැසියන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 25000 ක් ඝාතනය වූහ. එසේම තවත් දසදහස් ගණනක් බරපතළ තුවාල ලැබුහ. ඩෙ‍්‍රස්ඩ‍්‍රන් නගරයේ සිදු වූ සමූල ඝාතනය ගැන වගකිවයුතු බි‍්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල්ට හෝ ඇමෙරිකානු ජනපති හැරී ටෘඩන්ට යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත. ඔවුන් දෙදෙනාව හඳුන්වනු ලැබුවේ ඒකාධිපති ජර්මානුවන් පරාජය කළ යුද වීරයන් ලෙසය.

මින් තහවුරු වන්නේ බලවත් රටවල් යුද අපරාධ සිදු කළත් ඔවුන් නීතියෙන් ගැලවෙන බවයි.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා (27* මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශී‍්‍ර ලංකාව සම්බන්ධ පිටු 9 කින් යුත් සිය වාර්තාව ඉදිරිපත් කළාය. ඇගේ එම වාර්තාව පෙබරවාරි 18 වැනිදා සියලූම බටහිර රටවල තානාපතිවරුන් වෙතද කොටි ඩයස් පෝරාවටද ලැබී තිබුණි.

අප ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවකදී ජීනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ඉවත්වීමට තීරණය විය.

මේ රහස් තීරණය මොහොතකින් කොළඹ බටහිර තානාපතිවරුන්ට දැනගැනීමට ලැබෙනවා නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අබිරහස් ක‍්‍රියා අවබෝධ නොවන්නේද?

මේ අතර ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ නාටකයක් ර`ග දක්වන කොටි ඩයස්පෝරාවට එරෙහිව සටන දියත් කර ඇත.

ඒ අනුව මාර්තු 16 සිට 18 දක්වා කාලය තුළ මානව හිමිකම් සමුළුව ඇමතීමේ අවස්ථා 7 ක් ලබාගෙන තිබේ.

මෙහිදී ශ‍්‍රී ලංකාවට එරෙහි සාවi සමූල ඝාතන සහ යුද අපරාධ චෝදනා ගැනද ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වීමට ගත් තීරණය සාධාරණ බව තහවුරු කිරීමද මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්පෝරාව දියත් කරන බොරු ප‍්‍රචාර ගැනද කොටි හිතවාදී සංවිධාන තම සාවi ප‍්‍රචාර සඳහා මානව හිමිකම් කවුන්සිලය භාවිත කිරීම ගැනද කරුණු ඉදිරිපත් කෙරේ.

මාර්තු 13 සවස 3.30 ට මානව හිමිකම් කවුන්සිලය තුළ සිය මුල්ම සමාන්තර රැුස්වීම පවත්වන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ මානව හිමිකම් මැයෙන් කොටි ඩයස් පෝරාවේ ක‍්‍රියාකාරකම් අනාවරණය කරනු ඇත.

මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට නීතිවේදීන් වූ ජෙයරාජ් පලිහවඩන, රිෂ් උඩවත්ත, සහ තුර්කි මහාචාර්ය මෙහෙමුඞ් සුක්රු සහභාගී වේ.

අනතුරුව මාර්තු 16 වැනිදා පැවැත්වෙන 2 වැනි සමාන්තර රැුස්වීමේදී ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට මුල් වූ කරුණු ගැන විග‍්‍රහ කෙරේ. එහිදී ස්විට්සර් ලන්තයේ ෂොප්ගෝසන්හි රනිල් ජයනෙත්ති නීතිඥ ටෙනී ප‍්‍රනාන්දු නීතිවේදී ජෙයරාජ් පලිහවඩන සහ නුවන් බෙල්ලන්තුඩාව දේශන පවත්වනු ඇත.

මෙවර 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ එනම් මාර්තු 15 වැනි ඉරිදා පාද තුනේ පුටුව පිහිටි මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී කොටි සිදු කළ යුද අපරාධ ප‍්‍රදර්ශනය පැවැත්වේ. කැබිතිගොල්ලෑව බස්රථය පුපුරා සිවිල් වැසියන් ඝාතනය, සිට අරන්තලාව භික්ෂු ඝාතනය, කොටුවේ මහ බැංකු බෝම්බය ඇතුළු ත‍්‍රස්ත ක‍්‍රියා රැුසක ඡුායාරූප මෙහිදී ප‍්‍රදර්ශනය කෙරෙනු ඇත.

එසේම ලිඛිත වාර්තා 12 ක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් කවුන්සිලය ඒකපාක්‍ෂික බවට චෝදනා කරමින් ඕස්ටේ‍්‍රලියාව කර්ටිස් විශ්වවිiාලයේ මහාචාර්ය ඩොනල්ඞ් චන්ද්‍රරත්නද කොටි ත‍්‍රස්තයන්ගේ බලපෑම් මත මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට වෙනස්කම් කරන බව දක්වමින් ඇමෙරිකාවේ ආන්ජලිකා සිල්වාද මිය හා තානාපති ප‍්‍රඥප්තිය උල්ලංඝනය කරන ස්විස් ක‍්‍රියාදාමය මැයෙන් ඕස්ටේ‍්‍රලියාවේ ජානකී චන්ද්‍රරත්නද ඇතුළු තවත් වාර්තා කවුන්සිලයේ බලධාරීන්ට යොමු කෙරේ.

මෙවර විශේෂ වාර්තා ලෙස ස්විස් තානාපති කාර්යාලයේ ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියද හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනිත් විමල විසින් කොටි ත‍්‍රස්තයන් පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමට අදාළ සිදුවීමද මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානයට ඉදිරිපත් කරනු ඇත.

තිරුක්කෝවිල් කැලෑවේදී පොලිස් භටයන් ඝාතනය කිරීමේ සිද්ධිය කිසිදු රජයක් මානව හිමිකම් කවුන්සිලයට මේ වනතුරු ඉදිරිපත් කර නොතිබුණි.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ ඒකපාක්‍ෂික භාවයට හා කොටි හිතවාදීන් කවුන්සිලය තුළ දියත් කරන බොරු ප‍්‍රචාරවලට අභියෝග කිරීමටද වත්මන් රජයද ඉදිරිපත් වී නැත.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ පිරිසට පැනවූ ඇමෙරිකානු තහනම ගැන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය දැඩි ලෙස හෙලා දැක ඇත. යුද අපරාධ ගැන විමර්ශනය කිරීම පිළිබඳව ඇමෙරිකා ඇතුළු බටහිර රටවල් දුර්වල පිළිවෙතක් අනුගමනය කරන අතර ඇමෙරිකානු හමුදාවට එරෙහි යුද අපරාධ විමර්ශනය සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණ තීන්දු කළ අවස්ථාවේ එම අධිකරණයේ පරීක්‍ෂණයට ඇමෙරිකාවට පැමිණීම සහ වීසා ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි දක්වන එම සංසදය ඇමෙරිකානු යුද අපරාධ ගැන සොයන පරීක්‍ෂකවරුන්ට සම්බාධක පැනවීමටද තර්ජනය කර ඇතැයි කියා සිටී.

යුද අපරාධ සිදුකළ ඇමෙරිකානු සෙබළුන් බේරා ගැනීම ට‍්‍රම්ප් පාලනය ක‍්‍රියාකරන බවත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය තවදුරටත් චෝදනා කර ඇත.

මේ අතර මෙවර මානව හිමිකම් සමුළුව හමුවේ කොටි ඩයස් පෝරාව ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ලිඛිත පැමිණිල්ලක් කර ඇත. අතුරුදන් වූවන් මියගොස් ඇති බවට ජනපතිවරයා පවසා ඇති බවත් එහිදී අතුරුදන් වූවන්ට සිදු වූ දේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හෙළි කළ යුතු බවත් එම පැමිණිල්ලේ දක්වා ඇත.

මෙම පැමිණිල්ල ගැන අපට හැර මෙරට කිසිදු මාධ්‍යයකට හෙළි වූයේ නැත. ජනපතිට එරෙහි පැමිණිල්ල පසුබිමේ යාපනයේ එන්. ජී. ඕ. කල්ලියේ වී. යෝගේෂ්වරන් සහ කේ. ගුරුපරන් නමැත්තන් විසින් එම පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලයට, ඉදිරිපත් කළේ ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක වන කොටි ඩයස්පෝරා ක‍්‍රියාකාරී මරියදාස් බොස්කෝයි.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ දක්වා ඇත්තේ මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

රජය ප‍්‍රතිත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර පැරණි පනත ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බවද 200 කට අධික පිරිසක් රැුඳවුම්භාරයේ සිටින බවත් පවසන මිචෙලි බැචලට් මුළුමනින්ම මුහුණ වැසීමද තහනම් කර ඇතැයි කියා සිටියාය. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගු කරුණු මෙසේය.

  1. 30/1 ජිනීවා යෝජනාව ප‍්‍රකාර ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.
  2. උතුර නැගෙනහිර හමුදා පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කළ යුතුයි.
  3. රජයේ දෙපාර්තමේන්තු හමුදාකරණය නොකළ යුතුය.
  4. රාජ්‍ය නොවන සංවිධාන හමුදා පාලනයට ගෙන ඇත.

මේ අතර ජිනීවා යෝජනාවෙන් රජය ඉල්ලා අස්වන බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැනුම් දෙන අවස්ථාවේ ජිනීවාහි වැඩබලන නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් ක‍්‍රියා කළාය.

ජිනීවා ගිය රජයේ ¥ත කණ්ඩායමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් බි‍්‍රගේඩියර් ඊ. එන්. ප‍්‍රනාන්දු සහ ඇමැතිවරයාගේ විදේශ සබඳතා නිලධාරියා ඇතුළු අට දෙනෙක් සම්බන්ධ වී ඇතැයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග හෙළි කළේය.

මේ ¥ත පිරිසේ සිව්දෙනෙක් මානව හිමිකම් කවුන්සිලයට යන මුල්වතාව මෙයයි. මෙම ශී‍්‍ර ලංකා ¥ත පිරිස මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන අවස්ථාවේ කොටි ඩයස් පෝරා ක‍්‍රියාකරීහු 35 කට අධික පිරිසක් පැමිණ සිටියහ.

මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි සමාන්තර රැුස්වීම් පැවැත්විමට කටයුතු කරන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් වෙහෙලි ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක මරියදාස් බොස්කෝද රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති හොර සංවිධානයේ මනිවන්නන්ද ඔවුන් අතර විය.

එහෙත් අපේ ¥ත පිරිස ඔවුන් කවුදැයි හඳුනන්නේ නැත.

මේ වනවිට ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ලිඛිත වාර්තා හතරක් මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කර තිබේ.

උතුර නැගෙනහිර හමුදා කරණය වීම – ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබාදීම උතුර බෞද්ධාගම්කරණයට ලක්කිරීම සහ අතුරුදන් වූවන් මියගිය බවට ප‍්‍රකාශ කිරීම යන කරුණු එම වාර්තාවලට ඇතුළත් වී තිබුණි.

161 Viewers