• Home »
  • Sinhala »
  • ශ‍්‍රී ලංකාව ‘ජිනීවා දඬු කඳේ…. පාර්ලිමේන්තුව මර නින්දේ… ජිනීවා කොමිසමට මගේ වියදමින් ගොස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීමට මා සූදානම්ව සිටියා…!

ශ‍්‍රී ලංකාව ‘ජිනීවා දඬු කඳේ…. පාර්ලිමේන්තුව මර නින්දේ… ජිනීවා කොමිසමට මගේ වියදමින් ගොස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීමට මා සූදානම්ව සිටියා…!

nesbi

  • තොරතුරු දැනගැනීමේ පනත හමුදාවේ පිහිටට
  • ලංකාවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නේස්බි සාමි කණස්සල්ලට පත්වෙයි
  • යහපාලනය නේස්බි සාමිවරයාගේ හෙළිදරව්ව ඉවත දැම්මේ ඇයි? නිරෝෂා සොයිසා
  • පාස්කු ප‍්‍රහාරය බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයාගේ ජීවිත කතාව වෙනස් කරයි

මයිකල් වොල්ෆ්හැන්ග් ලෝරන්ස් මොරිස්” 82” බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකි. මොරිස් 1997 සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය හොබවයි. එම මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය ආරක්‍ෂා කර ගැනීමට බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කර ඇති කාර්යභාරය අතිමහත්ය. මොරිස් යන නාමය අප රට ජනතාවට ආගන්තුකය. නමුත් නේස්බි සාමිවරයා ලෙස ඔහුව බොහෝ දෙනා දනිති. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ වැඩිමල් පුත් නාමල් සහ ලිමිනි වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් 17 දින මවුන්ට්ලැවීනියා හෝටලයේ පැවැති සාදයට නේස්බි සාමිවරයාද ඇරයුම් ලැබුවේය. නේස්බි සාමිවරයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනවද මෙම සංචාරයේදී හමුවිය. ජනාධිපතිවරයා නේස්බි සාමිවරයාට විශේෂ තිළිණයක් සිනමන් ලේක්සයිඞ් හෝටලයේ පැවැති උත්සවයකදී සැප්තැම්බර් 17 පිළිගැන්වීය.

‘ජිනීවා උගුලෙන්. ශ‍්‍රී ලංකාව ගලවා ගැනීමට අවශ්‍ය බි‍්‍රතාන්‍ය රජයට අයත් රහස් ලියවිලි 2017 ඔක්තෝබර් 12 දින සාමි මණ්ඩලයේ හෙළිදරව් කළේ අන් කවරෙකුවත් නොව නේස්බි සාමිවරයාය.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්වෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟෙන ප‍්‍රධාන යුද අපරාධ චෝදනාව – 40”000 අධික සිවිල් වැසියන් වන්නියේ නැගෙනහිර පෙරමුණේ මරා දැමීම නිෂ්ප‍්‍රභ කර දැමීමට අවශ්‍ය පිළිතුරු සැපයුනේය. නමුත් අදටත් ශ‍්‍රී ලංකා රජය නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව කිසිදු ආකාරයකින් රටේ යහපතට යොදාගෙන නොමැත.

මහජන මුදල් කාබාසිනියා කරන පාර්ලිමේන්තුවද නේස්බි හෙළිදරව්ව පිළිබඳව නිසි ලෙස කටයුතු කළේ නැත. රජයද ඒකාබද්ධ විපක්‍ෂයද තම තමන්ගේ සාමූහික වගකීම පැහැරහැර ඇති බව පැහැදිළිය. මෙවන් තත්ත්වයක් යටතේ නේස්බි සාමිවරයා සමග සම්මුඛ සාකච්ඡුාවක් කිරීමේ අවස්ථාව දේශපාලන විචාරක රජීව ජයවීර මහතාගේ මැදිහත්වීමෙන් මෙම ලියුම්කරුට ලැබිණි. ජයවීර මහතාට මෙම ලියුම්කරුගේ ස්තුතිය හිමිවන අතර එම සම්මුඛ සාකච්ඡුාවේදී මහා බි‍්‍රතාන්‍යයේ වෙසෙන අමල් අබේවර්ධනද මහ`ගු දායකත්වයක් කළේය. සම්මුඛ සාකච්ඡුාව අවසානයේදී මෙම ලියුම්කරුට ඇත්ත වශයෙන්ම ලැජ්ජාවක්” තදබල කලකිරීමක් සහ කනගාටුවක් ඇතිවිය. නේස්බි සාමිවරයා මෙම ලියුම්කරු නැ`ගූ ප‍්‍රශ්නවලට ලබාදුන් පැහැදිළි පිළිතුරුවලින් හෙළිදරව් වූයේ ශ‍්‍රී ලංකාවේ රජය සහ යුද්ධය දිනූ පැවැති රජය (ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස දැන් හඳුන්වනු ලබන) 2015 ඔක්තෝබර් 01 දින ක‍්‍රියාත්මක කළ ‘ජිනීවා උගුලෙන්. රට ගලවා ගැනීමට අවශ්‍ය නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් 12 සාමි මණ්ඩලයේ හෙළිදරව් කළ කරුණු කාරණා අදටත් පාවිච්චි කර නොමැති බවයි. නේස්බි සාමිවරයා කළ හෙළිදරව් ඇත්ත වශයෙන්ම ‘මල්ටි බැරල් රොකට්. ප‍්‍රහාර ලෙස හඳුන්වා දීම වරදක් නැත.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ලියුම්කරු ඉදිරිපත් කරන ප‍්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු ලෙස වඩාත් පැහැදිළිව ඉදිරිපත් කළ හැක. නේස්බි සාමිවරයාගේ හෙළිදරව්ව පෙන්නුම් කළේ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යුද අපරාධ චෝදනා හේතුවෙන් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් ක‍්‍රියාමාර්ගයක් අදවනතුරු ගෙන නොමැති බවයි. වසර 70 ක් පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳව පම්පෝරි ගසන දේශපාලන පක්‍ෂ” එම පක්‍ෂවල නායකයන්” ඇමැතිවරු සහ රටට හිතැති සිවිල් සංවිධාන ‘ජිනීවා උගුලෙන්. ගැලවීමට ගතයුතු ක‍්‍රියාමාර්ග ගෙන තිබේද?

පළමුව තේරුම්ගත යුත්තේ ‘ජිනීවා උගුල කුමක්ද? එය ක‍්‍රියාත්මක වන්නේ කෙසේද? ජිනීවා මෙහෙයුමේ පසුබිම කුමක්ද?

ඉතාමත් කෙටියෙන් පෙන්වා දිය හැක්කේ 40”000 ක් මරා දැමූ චෝදනාවේ මුඛ්‍ය පරමාර්ථය නොකළ යුද අපරාධවලට හිලව් වීමට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම” බලය බෙදා ජාතික ප‍්‍රශ්නය විසඳීම” එජාප – ශ‍්‍රීලනිප ඇරඹූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම සහ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම” එජාප ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණද අපේක්‍ෂාවය. 2010 සහ 2015 ජනාධිපතිවරණයේදීද පිළිවෙළින් ජනරාල් සරත් ෆොන්සේකා සහ මෛත‍්‍රිපාල සිරිසේන තරග කළේද නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙනි. ප‍්‍රධානතම වෙනස 2010 සහ 2015 එජාප ප‍්‍රමුඛ දේශපාලන මෙහෙයුමේ ප‍්‍රබල කොටස්කරුවකු වූ ජවිපෙ 2019 ජනාධිපතිවරණයේදී වෙනමම තරග කරයි. ඉතාමත් තීරණාත්මක මොහොතක පැවැත්වෙන නොවැම්බර් 16 ජනපතිවරණයේ සහ 2020 මුල පැවැත්වීමට ඇති මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව රටේ ඉරණම විසඳේ.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ශ‍්‍රී ලංකාවේ අනාගතය සුරක්‍ෂිත කර ගැනීමට යොදාගත හැකිය. නේස්බි සාමිවරයාට පින්සිදුවන්නට ශ‍්‍රී ලංකා රජය සිතා මතා ද්‍රවිඩ ජනතාව මරා දැමුවේ නැති බවට දේශීය සහ විදේශීය චෝදනා මැඩපැවැත්වීමට යොදාගත හැකිය.

අප රට මුහුණ දෙනු ලබන ප‍්‍රබලම ප‍්‍රශ්නය ‘ජිනීවා උගුලයි. මුළු බටහිර ප‍්‍රජාවම ‘ජිනීවා උගුලේ. කොටස්කරුවෝ වෙති. නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව රට වෙනුවෙන් යොදා නොගැනීම විමසා බැලිය යුත්තේ 2015 ඔක්තෝබර් 01 දින අත්සන් තැබූ ගිවිසුම බටහිර ප‍්‍රජාව සමග එක්වී ඉදිරිපත් කළේ ශ‍්‍රී ලංකා රජය බව සිහියේ තබාගෙනය.

අප රට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාය. එලෙසම ජනාධිපතිවරයා රජයේද ප‍්‍රධානියාය. එවකට විදේශ ඇමැති ලෙස ක‍්‍රියාකළ මංගල සමරවීර මත පමණක් ‘ජිනීවා උගුල. කි‍්‍රයාත්මක කිරීමේ වගකීම පැවරිය නොහැක. සමරවීර අමාත්‍යවරයා හිතුවක්කාර ලෙස එවකට ජිනීවා සිටි නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ (වර්තමාන විදේශ ලේකම්) එම ගිවිසුම අත්සන් කිරීමට නියෝගයක් දුන්නා නම්” එම තත්ත්වය වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය ගත් ක‍්‍රියාමාර්ගය කුමක්ද? කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත.

2017 ඔක්තෝබර් 12 නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ශ‍්‍රී ලංකාව කෙලෙස යොදාගත යුතුදැයි මෙම ලියුම්කරු නැගූ ප‍්‍රශ්නයට එවකට ශ‍්‍රීලනිපයේ කැබිනට් ප‍්‍රකාශක දයාසිරි අමාත්‍යවරයා මෙම ලියුම්කරුට දොස් පැවරීය. අමාත්‍යවරයා එම ප‍්‍රකාශය කැබිනට් මණ්ඩලය කි‍්‍රයාකරන වගකීම් රහිත පිළිවෙල හෙළිදරව් කළේය. අදටත් එම තත්ත්වයේ වෙනසක් නැත.

මෙම ලියුම්කරු ඉදිරිපත් කළ ප‍්‍රශ්න සහ නේස්බි සාමිවරයාගේ පිළිතුරු පහත සඳහන් වේ.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ‘ජිනීවා උගුලෙන්. ගලවාගත හැකි බි‍්‍රතාන්‍ය රහස්‍ය වාර්තා 2017 ඔක්තෝබර් 12 සාමි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා රජයට සහ යුද්ධය දිනූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබා දුන්නාද?

පිළිතුර – රජයට ලබා දුන්නා. නමුත් හිටපු ජනාධිපතිවරයාට අදාළ ලිපි ලබා දුන්නේ නැහැ. නමුත් හිටපු ජනාධිපතිවරයාව එම රහස්‍ය වාර්තා සම්බන්ධයෙන් දැනුවත් කළා. අදාළ වාර්තාව ලබා දුන්නේ 2017 වසර මුල මම කොළඹට පැමිණි අවස්ථාවේදීය. නමුත් මෙවර අදාළ රහස්‍ය ලිපි ගොනුව හිටපු ජනපතිවරයාට අද ලබා දෙනවා. එම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ද සහභාගි විය.

මෙම ලියුම්කරු නේස්බි සාමිවරයාව මුණගැසුණේ සැප්තැම්බර් 18 දින පරණ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි සිනමන් ලේක්සයිඞ් හෝටලයේදීය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්නොවූ එම හෝටලයේ ආරක්‍ෂාව තර කර තිබිණි.

ප‍්‍රශ්නය – අදාළ රහස්‍ය ලිපි ගොනුව ලබාගැනීමට යොමුවූ ආකාරය පැහැදිළි කළ හැකිද?

පිළිතුර – පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයන්ගේ රැස්වීම 2013 නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹදීය. එවකට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කොළඹ සමුළුවට සහභාගි වීම පිළිබඳව මහා බි‍්‍රතාන්‍යයේ මෙන්ම අනෙකුත් රටවල ද්‍රවිඩ ඩයස්පෝරාව ප‍්‍රබල විරුද්ධත්වයක් දැක්වීය. එවකට පැවැති රාජපක්‍ෂ රජය යුද අපරාධ කළ බවත් ජනතාව ඉලක්ක කරගෙන හමුදාව මෙහෙය වූ බවටත් දිගින් දිගටම චෝදනා කළේය. කොළඹ සමුළුවට සහභාගි නොවිය යුතු බවට අගමැති කැමරන්ට කරුණු දැක්විණි. කෙසේ වෙතත් මමත් අමල් අබේවර්ධනත් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී කැමරන්ව 2013 නොවැම්බර් මුල මුණගැසුනේ යොදාගත් පරිදි ඔහු කොළඹ යායුතු බවට ඒත්තු ගැන්වීමටය. මෙහිදී යුද අපරාධ සහ ශ‍්‍රී ලංකාවේ වගවීම සහ වගකීම පිළිබඳව සාකච්ඡුා කෙරිණි.

මෙහිදී අගමැතිවරයාට මම පෙන්වා දුන්නේ 40”000 ක් ජනතාවක් මරා දැමීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය යුද සමයේ කොළඹ ස්ථානගත වී සිටි ආරක්‍ෂක කටයුතු සම්බන්ධ උපදේශක ලූතිනන් කර්නල් ඇන්තනි ගැෂ් විදේශ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයට එවූ රහස්‍ය ලිපි විමසීමකට ලක්කළ යුතු බවයි. බි‍්‍රතාන්‍ය රජය එසේ කිරීමට කටයුතු නොකරන්නේ නම් තමන්හට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ ලිපි ලේඛණ ලබාගත හැකි බව පෙන්වා දුනි. බි‍්‍රතාන්‍යයේ තොරතුරු දැනගැනීමේ පනත ප‍්‍රබලව ක‍්‍රියාත්මක වී ඇත. අගමැති කැමරන් කොළඹ සමුළුවට සහභාගි විය. කෙසේ වෙතත්” යුරෝපයේ සිටින දමිළ ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 මාර්තු 31 වාර්තාවකින් 40”000 ක් මරා දැමූ චෝදනාව දිගින් දිගටම ශ‍්‍රී ලංකාවට එල්ල කළේය. බි‍්‍රතාන්‍ය රජය සත්‍ය දැනගැනීමට කිසිදු උත්සහායක් දැරුවේ නැත. නමුත් තොරතුරු දැනගැනීමේ පනත අනුව යුද සමයේදී කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් විදේශ සහ ආරක්‍ෂක අමාත්‍යාංශවලට එවූ රහස්‍ය ලිපි ලබා ගැනීමට උත්සාහ කිරීමට කටයුතු කළේ ද නැත.

ප‍්‍රශ්නය – කොළඹින් ලන්ඩන් නුවරට 2009 ජනවාරි – මැයි කාලය තුළ යැවූ තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම 2014 නොවැම්බර් 06 දක්වා කල් දැම්මේ ඇයි? 2009 මැයි මස යුද්ධය අවසන් වූවාත් සම`ගම නිල රහස්‍ය තොරතුරු ලබා ගැනීමට නේස්බි සාමිවරයා සමත් වූවානම් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාව වළක්වා ගැනීමට අවස්ථාවක් තිබුණාද?

පිළිතුර – තොරතුරු දැනගැනීමේ පනත යොදා ගැනීමට මට අදහසක් ඇති වූයේ නැත. වසර 6 කට පසුව ගැෂ් වාර්තා ලබා ගැනීමට කටයුතු කරන විට ශ‍්‍රී ලංකාවට එරෙහි බටහිර මෙහෙයුම බොහෝ ඉදිරියට පැමිණි බව රහසක් නොවේ. 2014 නොවැම්බර් මස 06 වන දින මම විදේශ අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලා සිටියෙමි.

තොරතුරු ඉල්ලා සිටිය යුත්තේ විදේශ අමාත්‍යවරයෙක්ද එසේත් නැතහොත් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන්ද යන ප‍්‍රශ්නය පැන නැ`ගුණි. පසුව විදේශ අමාත්‍යාංශයෙන් අදාළ තොරතුරු ඉල්ලා සිටියෙමි. මෙවැනි ඉල්ලීමක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිය හැකි බවට බි‍්‍රතාන්‍ය රජය කිසිදා සිතුවේ නැති බව මගේ අදහසයි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැෂ් වාර්තා ඉල්ලා සිටීමට සිදුවූයේ විදේශ අමාත්‍යාංශය තමන් සතු තොරතුරු රහස්‍ය වාර්තා බව පවසමින් වසන් කිරීමට උත්සාහ කිරීම නිසාය.

2014 නොවැම්බර් 06 කළ ඉල්ලීමකට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් තොරතුරු පනතේ පිහිට පැතීමට සිදුවිය. බි‍්‍රතාන්‍ය රජය (අදාළ අමාත්‍යාංශය) දිගින් දිගටම ක‍්‍රියාකළේ මම රහස්‍ය වාර්තා ලබා ගැනීමට කරනු ලබන උත්සාහය අතහැර දමනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතුවය.

2015 ඔක්තෝබර් 01 දින ජිනීවා උගුල ක‍්‍රියාත්මක කරනු ලබනතුරු අදාළ තොරතුරු කිසිවක් හෙළිදරව් නොකිරීමට බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශය වගබලා ගත්තේය. රජය ඇතිකළ බාධක ඉදිරියේ මම සැළුණේ නැහැ. මෙම කටයුත්තේදී මා මිත‍්‍ර අමල් අබේවර්ධන ප‍්‍රබල සහයෝගයක් ලබා දුන්නා. (මෙම සම්මුඛ සාකච්ඡුාව සිදුකරනු ලබන අවස්ථාවට අමල් අබේවර්ධනද එක්විය) විදේශ අමාත්‍යාංශය සැ`ගවීමට උත්සාහ කරනු ලබන තොරතුරු හෙළිකර ගැනීමේ විශාල උවමනාවක් මාහට තිබුණා. මම කිසිවෙකින් අධෛර්යයට පත්වූයේ නැහැ.

අදාළ තොරතුරු ලබා ගැනීමට තමාට විදේශ අමාත්‍යාංශය සමග සටනක් කිරීමට සිදුවුණා.

ප‍්‍රශ්නය – එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 මාර්තු 31 ශ‍්‍රී ලංකා හමුදා 40”000 ක් මරා දැමුවේ යැයි චෝදනා කළා. ඔබ 2014 නොවැම්බර් 06 දින විදේශ අමාත්‍යාංශයෙන් 2009 ජනවාරි – මැයි කොළඹින් එවූ රහස් වාර්තා ඉල්ලා සිටියා. එම ඉල්ලීමෙන් පස්සේ ඇතිවූ තත්ත්වය පැහැදිළි කළ හැකිද?

පිළිතුර – ඔව්.. මම 2014 නොවැම්බර් 06 කළ ඉල්ලීමට” 2014 දෙසැම්බර් 03 පිළිතුරක් ලැබුණා. මම ඉල්ලූ රහස්‍ය ලිපි විිදේශ අමාත්‍යාංශයේ තිබෙන බව දැනුම් දුන්නා. නමුත් ලිපි ලබා දුන්නේ නැහැ. 2015 ජනවාරි 05 එම ලිපි හෙළිකිරීම මහා බි‍්‍රතාන්‍ය සහ ලංකාව අතර අර්බුදයක් වන බැවින් ලබාදීමට නොහැකි බව පැවසුවා. 2015 ජනවාරි 14 දින මම විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිය නැවතත් කළ ඉල්ලීම සලකා බලන ලෙස. 2015 පෙබරවාරි 19 දින විදේශ අමාත්‍යාංශය මට දැනුම් දුන්නා. මගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව 2015 මාර්තු 16 දින මම නැවතත් දැනුම් දුන්නා ඔවුන්ගේ තීරණය පිළිගත නොහැකි බව. 2015 මැයි 07” විදේශ අමාත්‍යාංශය මට දැනුම් දුන්නා කිසිදු ආකාරයකින් තම පළමු තීරණය වෙනස් නොකළ හැකි බව. නමුත් 2015 දෙසැම්බර් 21 විදේශ අමාත්‍යාංශය මට දැනුම් දුන්නා යම් ලිපි නිදහස් කළ හැකි බව. අපි මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඒ වන විට ජිනීවා යෝජනාවලිය ශ‍්‍රී ලංකාවේ එක`ගතාවයෙන් සම්මත වී තිබුණා. විදේශ අමාත්‍යාංශය කටයුතු කළ ආකාරය පුදුමාකාරයි. රහස්‍ය ලිපි හෙළි කිරීමෙන් අවාසියක් අත්වන්නේ කුමන පාර්ශ්වයටද කියා පැහැදිළියි. මගේ උත්සාහය අතහැරියේ නැහැ. යම් වටිනා හෙළිදරව්වක් කිරීමේ අවස්ථාවක් ඇති බව වැටහුනා.

ප‍්‍රශ්නය – ගැෂ් වාර්තා හෙළි කිරීමට නොහැකි බව පවසන අවස්ථාවේ විදේශ අමාත්‍යාංශය දුන් හේතු මොනවාද?

පිළිතුර – ජාත්‍යන්තර සම්බන්ධතා” නීති ක‍්‍රියාත්මක කිරීම සහ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය රැකීම යන කරුණු කාරණා ගැෂ් වාර්තා නිදහස් කිරීම ප‍්‍රතික්ෂේප කළා.

ප‍්‍රශ්නය – තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු කොමසාරිස්ගේ මැදිහත්වීම පැහැදිළි කළ හැකිද?

පිළිතුර – 2015 දෙසැම්බර් 21 විදේශ අමාත්‍යාංශය යම් ගැෂ් වාර්තා ලබා දුන්නා. විදේශ අමාත්‍යාංශය මෙහිදී ඔවුන් සඳහන් කළා එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් 16 නිකුත් කිරීමත් සමග ගැෂ් ලිපි නිකුත් කිරීමට අවස්ථාවක් උදාවූ බවයි. නමුත් මම තොරතුරු කොමසාරිස්ගේ මැදිහත් වීම ඉල්ලා සිටියා. තොරතුරු කොමසාරිස්ගේ මැදිහත්වීමෙන් පසුව විදේශ අමාත්‍යාංශය මෙතෙක් නැහැ කිවූ ගැෂ් ලිපි තුනක් සොයා ගත්තා. එම ලිපි යම් කොටස් ඉවත් කර 2016 පෙබරවාරි 23 මාහට ලබා දුන්නා. තොරතුරු කොමසාරිස්ගේ මැදිහත්වීම සිදුවූයේ 2015 ජුනි 10. මෙහිදී සඳහන් කළ යුත්තේ එම ලිපි තුන අපේ‍්‍රල් 07” 25 සහ 26” 2009 ලූතිනන් කර්නල් ගැෂ් කොළඹින් එවා තිබූ බවයි.

ප‍්‍රශ්නය – ඔබ ශ‍්‍රී ලංකාවට ලබාදුන් ඉතා වැදගත් සාක්‍ෂි නිසියාකාරව යොදාගෙන රටේ ආරක්‍ෂක හමුදාවල කීර්තිනාමය ආරක්‍ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඔබ පුදුම වෙනවාද? මෙවැනි වගකීම් රහිත ලෙස කටයුතු කළ රටක් ලොව තිබෙනවාද?

පිළිතුර – මම ඇත්ත වශයෙන්ම කළකිරුණා. තප්පර ගණනාවක් නිහඬව සිටි නේස්බි සාමිවරයා” ඔව් මම කළකිරුණා. අප නායකයන් ජිනීවා අවුල සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ඇත්ත වශයෙන්ම පුදුමාකාරය. නේස්බි සාමිවරයා ලබාදුන් තොරතුරු අද වනතුරුත් අප රටට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනාව නිෂ්ප‍්‍රභ කිරීමට පාවිච්චි නොකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කිසිදු පක්‍ෂයකට වුවමනාවක් තිබුණේ නැහැ.

ප‍්‍රශ්නය – නිසියාකාරව ඔබ ලබාදුන් තොරතුරු යොදා ගත්තා නම් අද ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපහාසයට ලක්වන්නේ නැති බව ඔබ පිළිගන්නවාද? නව යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් ඔබ රට මහා බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විරෝධය පළකිරීම ඔබ දකින්නේ කෙලෙසද?

පිළිතුර – ලබාදුන් තොරතුරු නිසියාකාරව යොදා ගත්තානම් අද පවතින තත්ත්වය වෙනස් වීමට තිබුණා. ශ‍්‍රී ලංකාව ලබාදුන් තොරතුරු යොදා නොගැනීම නිසා මම අප පාර්ලිමේන්තුවෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉල්ලා සිටියා. 2015 ඔක්තෝබර් 01 සම්මත කරගත් යෝජනාව ඉවත් කරගන්නා ලෙස 40”000 ක් වන්නි සටනේදී ගැටුමට මැදිවී මියගිය බවට කළ ඇස්තමේන්තුව වැරදි බවත්” ගැෂ් වාර්තා අනුව මියගිය සංඛ්‍යාව 7000 පමණ බවත් එම සංඛ්‍යාවෙන්ද හතරෙන් එකක් සිවිල් ඇඳුමෙන් සටන් කර මියගිය කොටි සාමාජිකයන් ලෙස හඳුනා ගත්තා. මෙම තොරතුරු ජිනීවා මානව හිමිකම් යාන්ත‍්‍රණයේ අවධානයට ලක්කරා. නමුත් එංගලන්තයේ පාර්ලිමේන්තුව මෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමද මා කළ සාධාරණ ඉල්ලීම් ඉවත දැම්මා. මම ජිනීවා කොමිසම ඉදිරියට මගේ වියදමින් ගොස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියා. ඒ අවස්ථාව මාහට ලබාදුන්නේ නැහැ. ගැෂ් වාර්තා අවධානයට නොගැනීම පුදුමයක්. ජිනීවා සහ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාකලාපය ප‍්‍රහේලිකාවක්.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ඔබ දකින්නේ කෙලෙසද?

පිළිතුර – මම අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන කොමිසමේ ප‍්‍රධානියාව හමුවුණා. 2015 ජිනීවා යෝජනාවලිය අනුව පත්කළ අතුරුදන් වූවන්ගේ කොමිසමේ ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට බැහැ. ඉතාම කනගාටුදායක තත්ත්වයක්. නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමෙන් අතුරුදන් වූවන්ගේ කොමිසම ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟෙන චෝදනා නිෂ්ප‍්‍රභ කිරීමේ ක‍්‍රියාවලියේ ඉතාමත් වැදගත් කාර්යයක් කළ හැකිය. නමුත් අවාසනාවකට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දීමටවත් රජය ක‍්‍රියාකර නැහැ. මෙය ඉතාම නරක තත්ත්වයක්. එම කොමිසම නිසියාකාරව ක‍්‍රියාත්මක වීම මරා දැමුවායැයි කියනු ලබන පුද්ගලයන් මහා බි‍්‍රතාන්‍යයේ සහ අනෙකුත් රටවලින් සොයාගත හැකිය. ශ‍්‍රී ලංකාව මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් උනන්දු විය යුතුය.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාව සහ ඔබ අතර ඇති දීර්ඝකාලීන සම්බන්ධය පිළිබඳව පොතක් පළකිරීමට බලාපොරොත්තු වෙනවාද? එම ග‍්‍රන්ථයේ ජිනීවා පාවා දීම සඳහන් වෙනවාද?

පිළිතුර – පොත සූදානම්. 2020 අනිවාර්යයෙන්ම නිකුත් කරනවා. අපේ‍්‍රල් 21 දින පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව හේතුවෙන් මට අලූත් කොටසක් පොතට එකතු කිරීමට සිදුවුණා. දශක ගණනාවකට පෙර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ බහුජාතික සමාගමක නියෝජිතයකු ලෙස මා ගතකළ කාලය ඇතුළු ශ‍්‍රී ලංකාව සම්බන්ධ අදාළ සෑම තොරතුරක්ම මම මෙම පොතේ අඩංගු කර තිබෙනවා. 1956 – 57 දක්වා බි‍්‍රතාන්‍ය සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ කාලයත් සාකච්ඡුා කරනවා.

නේස්බි සාමිවරයා 2005 ශ‍්‍රී ලංකාව විදේශිකයකුට පිරිනමන ඉහළම සම්මානය ‘ශ‍්‍රී ලංකා රත්න. පිදුම් ලැබීය. ඒ වන විට හතරවන ඊළාම් යුද්ධය ආරම්භ වී තිබුනේවත් නැත. රජය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූ පක්‍ෂ නේස්බි සාමිවරයා හෙළිකළ බි‍්‍රතාන්‍ය වාර්තා උපයෝගී කර ගැනීමට කටයුතු කළේ නැත. එලෙස කටයුතු කළේ සැලසුම් සහගතවද? 2005 ‘ශ‍්‍රී ලංකා රත්න. උපහාරයෙන් පිදීමට නේස්බි සාමිවරයා සුදුසු වී නම්” ශ‍්‍රී ලංකාව රට බෙදන ජිනීවා උගුලෙන් ගලවා ගැනීම වෙනුවෙන් අපි කෙලෙස එතුමාට ගෞරව කරමුද?

රජය නේස්බි සාමිවරයාට ගෞරව කිරීමට තිබුණ මහ`ගු අවස්ථාවක් මගහැරියේ පුදුමාකාර ලෙසටය. එතුමා කොළඹ සිටින කාලය තුළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ යුද සමයේ සේවය කළ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තරු පහේ නිලයට (විශ‍්‍රාමික) උසස්වීම් ලැබූහ. සේනාධිනායක මෛත‍්‍රිපාල සිරිසේන සමග එම අවස්ථාවට සහභාගි වීමට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් උතුම් කාර්යයක් කළ එතුමාට ආරාධනා කිරීමට රජයට වුවමනාවක් නොවීය. යුද්ධය දිනූ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයද තම වගකීම ඉටුකළේ නැත. අනිවාර්යයෙන්ම නේස්බි සාමිවරයා හමුදා උත්සවයට කැඳවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට එම පාර්ශ්වයට තිබිණ. දෙපාර්ශ්වයම රට වෙනුවෙන් තම යුතුකම පැහැර හැර ඇති බව පැහැදිළිය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ 

137 Viewers