• Home »
  • Sinhala »
  • සජිත් ගේ ගාලු මුවදොර රැස්වීමේදී සුලු පක්ෂ වලට කතා නොදුන් රහස

සජිත් ගේ ගාලු මුවදොර රැස්වීමේදී සුලු පක්ෂ වලට කතා නොදුන් රහස

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගාලු මුවදොර පවත්වන ලද ප්‍රථම ප්‍රචාරක රැලියේදී එක්සත් ජාතික පෙරමුණ  සමග සිටින කිසිදු සුලු පක්ෂ නායකයෙකුට ජනතාව ඇමතීමට ඉඩ ලබා දුන්නේ නැත.

රවුෆ් හකීම් ,රිෂාඩ් බදුර්දීන්,මනෝ ගනේශන් සහ පලනි දිගම්බරම් ඇතුළු සුලු පක්ෂ නායකයන් සියලු දෙනාම වේදිකාවේ සිටියද පක්ෂ අභ්‍යන්තරයේ පැවතුණු බරපතළ අර්බුදයක් හේතුවෙන් මේ අයට ජනතාව අමතා කතා කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව සංවිධායකයන් විසින් දන්වා තිබුණි.ඊට හේතු වූයේ සජිත් ප්‍රේමදාස මහතා ට ජනාධිපතිවරණයේදී සහාය දීම සදහා  ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ,ශ්‍රී ලංකා මහජන මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය බරපතළ කොන්දේසි පනවා තිබීමයි .දෙමළ ජාතික සන්ධානය සමග සජිත් පවත්වන ලද සාකච්ඡාවලදී ඔවුන් තරයේ ඉල්ලා තිබුණේ උතුරු නැගෙනහිර දෙපලාත එක් කිරීම ,ස්වයං පාලන ස්වරූපයෙන් බලය බෙදාහැරීමක් ලබාදීම ,කල්මුණේ ප්‍රාදේශීය සභාව මුස්ලිම් කොන්ග්‍රසයේ වුවමනාවන් මත බෙදා වෙන් නොකිරීම යන කොන්දේසිය .

එහෙත් මුස්ලිම් කොන්ග්‍රසය එම කොන්දේසි වලට තරයේම විරුද්ධ වෙමින් දෙමළ සන්ධානයේ ඉල්ලීම පරිදි ඒවා ඉටු කළහොත් තමන් කිසිසේත්ම සජිත් ප්‍රේමදාස ට සහාය නොදෙන බව දැඩි ලෙස ප්‍රකාශ කර ඇත .මෙහිදී රවුෆ් හකීම් සමග රිෂාඩ් බදුර්දීන් ද එක්වී තිබේ  දෙමළ සන්ධානය ස්වකීය ජන්ද සජිත් වෙනුවෙන් පාවිච්චි කිරීමට නම් යට කී ඔවුන්ගේ කොන්දේසි පිළිගත් බව සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම හෝ ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම සිදු කළ යුතු යැයි දැනුම් දී තිබේ.එසේම සජිත් ගේ මංගල රැලියේදී එම පොරොන්දු ව ලැබිය යුතු බවද දෙමළ සන්ධානය කියා ඇත .එහෙත් මුස්ලිම් පක්ෂ එයට දැඩි ලෙස විරෝධය පල කිරීම හේතුවෙන් ඒ කිසිවෙකුට ගාලු මුවදොර රැලියේදී කතා ලබා දීමෙන් වැළකී සිටියේ පැවති අර්බුදකාරි තත්ත්වය නිසාය .

කෙසේ වෙතත් සිංහල ජාතිය හා බුද්ධාගම සුරක්ෂිත කරමින් රට රැකගන්නවායැයි කියන සජිත් ප්‍රේමදාස තිරය පිටුපස ගෙන යන මෙම ව්‍යාජ රංගනයේ නිර්මාතෘවරයා ඇමැති මංගල සමරවීර බව වැඩිදුරටත් වාර්තා වෙයි .

කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම් මත දෙමළ සහා මුස්ලිම් දේශපාලකයින්ගේ   මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයට හානිකර සියලුම  කොන්දේසි වලට සජිත් ඇතුලු පිරිස එකගත්වය පලකරන ඇත.

98 Viewers