• Home »
  • Sinhala »
  • සහජීවන ප්‍රෝඩාව හා සර්වාගමික මායාව

සහජීවන ප්‍රෝඩාව හා සර්වාගමික මායාව

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

“මෙම ඊනියා සහජීවනකාරයින් වසර ගණනාවක්‌ මේ රටේ සාමය විකුණාගෙන කෑවා සේ දැන් ඔවුන් පැමිණෙන්නේ මේ රටේ ආගමික සහජීවන ප්‍රෝඩාව හා සර්වාගමික මායාව විකුණාගෙන කෑමටය. දැන් ඔවුන්ට මේ රටේ ඉඩ ඇත්තේ ඒ සඳහා පමණකි. මෙම සහචරයින්ට ඉඩ දෙමින් මේ රටේ උගත්යෑයි කියන ගිහි හා පැවිදි ඇත්තන්ද තම බඩ ගෝස්‌තරය වෙනුවෙන් සිදුකෙරෙන පාවාදීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මෙනිසා මේ රටේ සියලු බෞද්ධයින්ට අප දැඩිව කියා සිටින්නේ මෙම ඊනියා සහජීවනකාරයින්ට හසු නොවනා ලෙසයි.”

ලෝකයේ අනෙක්‌ රටවලට සාපේක්‍ෂව ලක්‌දිව වනාහි පුංචිම පුංචි රටකි. නමුත් ඊට සාපේක්‍ෂව ලෝකයේ ඓතිහාසිකත්වයෙන් අනූන අග්‍රගණ්‍ය රටකි. චින්තනු දුප්පත් කමෙන් අත් මිදුණ සිංහල ජනයා නිසා මේ රට ආගන්තුක සත්කාරකත්වයේ පළමු තැනට පත් විය. වසර ගණනාවක්‌ තිස්‌සේ රට, ජාතියේ උන්නතිය උදෙසා අකුල් හෙලමින් මහා ශාපයක්‌ වූ එල්. ටී. ටී. ඊ නායක ප්‍රභාකරන් මැරුණ පසුත් ඔහුගේ දේහය දිහා බලා අනේ අපොයි කියන ජාතියක්‌ මෙහි ජීවත් වෙති. එයින් කියවෙන්නේ මෙරට ජනයා හතුරාට පවා දුකක්‌ වන විට අතිශයින්ම කම්පා වෙන බවයි. එම සංවේදී බව අනවශ්‍ය ලෙස හා නිවට කමක්‌ ලෙස සලකමින් එදා මෙන්ම අදත් නොයෙක්‌ දේශීය හා විදේශීය දූෂකයන් සේ කටයුතු කරති. එම නිසාම අද වන විට ලංකාව ලෝකයේ නානාවිධ ජාතික, සංස්‌කෘතික, ආගමික ආදී දූෂකයන්ගේ කදිම ගොදුරක්‌ වී ඇත. භෞතිකමය වශයෙන් කුඩා වුවත් මේ රටට අන්‍ය ජාතික අන්‍යාගමික පිරිස්‌ මස්‌ කට්‌ටකට ලොභ බැඳ කෙල හලන සුනඛයන් සේ ගිජුව කුරුමානම් අල්ලති. එම කුරුමානම අද ඊයක සිට පැවත එන්නක්‌ නොව, වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොයෙක්‌ මුහුණුවරයන් ඔස්‌සේ පැමිණෙමින් පවතින්නකි. අදටත් ඒවායෙහි කිසිදු අඩුවක්‌ නොමැත. මේ සියලු අගතිකාමීන්ගේ අගතීන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ අන් කිසිම හේතුවක්‌ නිසා නොව. මේ රට සිංහල බෞද්ධ රටක්‌වීම නිසාමය. මේ එකම හේතුව නිසාම 30 ස්‌ වසරක යුද්ධයකින් පීඩා විඳි අපි දැන් යන්තමින් නිදහසේ හුස්‌ම පොදක්‌ ගනු ලැබූවද එය එකම නිදහස නොවන බවද අප තරයේ සිහිතබා ගත යුතුය. අප එදා කිව්වා සේම අද පවසන්නේත් එම තිස්‌ වසරක දෘෂ්‍යමාන අරගලය වනාහි ක්‍රිස්‌තියානි මූලධර්මවාදයේ අනිසි හස්‌තයයි. එය මේ විශ්වයේ ජීවය රැඳි යම්තාක්‌ කල් සත්‍යයක්‌ව පවතිනවා විනා බොරුවක්‌ නොවනු ඇත.

මේ සියලු සියල්ල අප පුන පුනා පවසන පරිදි සෘජුව සේම වක්‍රවද කෙළවර වන්නේ සිංහල බෞද්ධ පදනම මත කුමන හෝ විනාශයක්‌ කිරීමේ පරම අදිටනිනි. මේ රටේ පිනට පහල වු සංඝ පීතෘවරුන්, ප්‍රමුඛ ජාතික වීරවරයන් නොසිටින්ට සිංහල ජාතියක බෞද්ධකමක නෂ්ටාවශේෂයන් පිළිබඳවත් කතා කිරීමට අවස්‌ථාව උදා නොවනු ඇත. නමුත් අප ඒ තරම් අභාග්‍ය සම්පන්නයෝ නොවෙමු. නතර වූ යම් තැනකින් ජාතිය, ආගම වෙනුවෙන් පටන්ගත යුතු මෙහෙවර පටන් ගෙන ජාතික විරුවන්ගේ නාමයෙන් පෙරමුණ ගැනීමට හැකි වීම අප ලද උතුම් භාග්‍යක්‌ කොට සලකන නිසා බොහෝ උවදුරු ඉවෙන් මෙන් දැනෙන්නේ අතීත විරුවන් කොහේ හෝ සිට සිංහල දේශය වෙත, සිංහල ජාතිය වෙත, සම්බුද්ධ ශාසනය වෙත තම ඇල්ම බැල්ම හෙළන නිසා වන්නට ඇත. නැතිනම් ලෝකයේ අනෙක්‌ රටවලට අපේ පිං බිමට තරම් උවදුරු අභියෝග නොපැමිණෙනවා ඇත.

මේ සියලු අභියෝගයන් මැද අප මෑත කාලීනව දැඩිව විඳවපු මහා ව්‍යසනයෙදීද ඉහතින් දැක්‌ වූ පරිදි අප වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ හතුරෙක්‌ නම් නෝර්වේ රාජ්‍යයයි. අපට සර්වප්‍රකාරයෙන්ම ඔවුන් සිදුකළේ අයහපතක්‌ මිස යහපතක්‌ නම් නොව. ඔවුන්ගේ අනුකම්පාව අප වෙත ලැබුණේ කොටියාට රට අල්ලාදී දේවරාජ්‍යයක සිහිනය ඔවුන් හරහා ඉටු කරවා ගැනීමටයි. ඔවුන් අපට සිදු කළ හානිය අතීතය ඉක්‌මනටම අමතක නොවන කාටත් අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. නෝර්වේ නිතරම උත්සාහ කළේ මේ රටේ යුදමය තත්ත්ය ඇතිව හෝ නැතිව එල්.ටී.ටී.ඊ යට සහය දක්‌වමින් ඔවුන්ගේ අරමුණ ඉටුකරවා ගැනීමටය. සමස්‌තයක්‌ ලෙසම ක්‍රිස්‌තියානි රටක්‌ වන මෙය යුධමය වශයෙන් එල්.ටී.ටී.ඊ පරාජය වනු දකිනු අකමැතිව අවසනදී යුද්ධය බෞද්ධයන්ට තරම් නොවන බවට පාරම් බාමින් අකුල් හෙලන්නට විය. බුද්ධ පුත්‍රයන් වහන්සේලා යුද්ධ පුත්‍රයන් ලෙස හංවඩු ගැසීය. නෝර්වේ ඔස්‌ලෝහි සාම පර්යේෂණ මධ්‍යස්‌ථානයේ (PRIO- Peace Research Institute Oslo) සාමය පිළිබඳ පණ්‌ඩිතවරිය ලෙස පෙනී සිටින ලිසා ගෝල්ඩන් “යුද්ධය හා බුදුදහම – War and Buddhism” යන මැයෙන් කරුණු ඉදිරිපත් කරමින් කඩාකප්පල්කාරී ලෙස ව්‍යාපාරය ගෙන ගියේ බෞද්ධයන් වනසා දැමීමටය. එම ක්‍රියාදාමයේ ලංකාවේ සහචරයින්ව එවකට සිටියේ “ජාතික සාම මණ්‌ඩලය” යන මැයෙන් අටවාගත් ඊනියා සංවිධානයක්‌ හරහා පෙනී සිටිමිනි. මොවුන් රාජ්‍ය නොවන සංවිධාන වලින් යෑපෙමින් දිගින් දිගටම සිදු කළේ මේ රටට ෙද්‍රdaහීකම්ය. එම ක්‍රියාකාරකම් එකිනෙක මෙහිදී ගෙනහැර දැක්‌වීමට උත්සාහ නොදරමු.

නෝර්වේ රාජ්‍යයේ මේ සියලු ප්‍රයත්නයන් පුස්‌සක්‌ වෙද්දී ඔවුන්ට යන එන මං නැතිවිය. යුධ සමය නිමා වූ ආසන්නයේදී නොයෙක්‌ චෝදනා නගමින් මේ රටේ යුධ විරුවන් පෝරකයට රැගෙන ගොස්‌ දඬුවම් දීමට යත්න දැරුවද එයද අසාර්ථක වූ තැන කපන්න බැරි අත ඉඹින්නා සේ දැන් සිදුකිරීමට යන්නේ සිංහල බෞද්ධ ප්‍රවහායට රිංගා ගනිමින් මිත්‍ර වේෂයෙන් සිටිමින් අප සුනුවිසුණු කර දැමීමටය. සතුරා සතුරා ලෙසින් සිට එක්‌වරම මහා සෙනෙහසක්‌ පෙන්වන්නේ නම් එය ඉතා භයානකය. මෙනිසා නොර්වේකාරයින්ගේ අලුත්ම සෙල්ලම බෞද්ධ ලෙසින් පෙනී සිටීමයි. ඒ අනුව ඔවුන් දැන් නෝර්වීජියානු බෞද්ධ සංගමය නමින් සංගමයක්‌ද හදා ගනිමින් පෙරට විත් ඇත.

එලෙසින් ඔවුන්ගේ ඊනියා සාමග්‍රිය පෙරට ගනිමින් එය කල් යල් බලා මෙරට බෞද්ධ නායකයින් ප්‍රමුඛ පිරිස මත බලෙන් පැටවීම දැන් අරඹා ඇත. එහි පෙර ලකුණු පහල වූයේ මීට වසර කිහිපයක්‌ට කලින්ය. මන්ද බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ සිරි දළදා සමිඳුන්ට කොටි සමග එක්‌ වී බෝම්බ දමා විනාශ කළ නෝර්වේ ඒ වෙනුවට පල්ලේකැලේ සාංඝික භූමියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය නමින් ස්‌ථානයක්‌ කරවා පරිත්‍යාග කළේය. නිකන් දෙනවානම් කොයි දේත් අනේ හොඳ යෑයි කියා පිළිගන්නා අපේ රටේ උන් දළදා සමිඳුන් විනාශ කිරීමට දායක වූවන්ගෙන් ලද ත්‍යාගය පිළිගෙන දැන් දැන් ඒ අනිටු සෙනෙහසේ පල විපාකයන් විඳින්නට සිදුව ඇත.

නව වර්ෂය උදාවත්ම පසුගිය දින 04 හා 05 දින මෙහි නවතම සෙල්ලම එළි දුටුවේ යළිත් බෞද්ධ ජනතාව කබලෙන් ලිපට ඇද දමන්නාක්‌ මෙන්ය. මේ රටේ වසර 500 ට අධික කාලයක්‌ තිස්‌සේ සිංහල බෞද්ධ ජනතාව පීඩා විඳින අන්‍යාගමික කරන ප්‍රශ්නය දැක කලඑලි බැසීමට සූදානම්ව ඇත්තේ නවමු වූ මුහුණුවරකිනි. නොයෙක්‌ ක්‍රමවේදයන් අත් හදා බැලූ මුලධර්මවාදීන්ට දැන් සිදුව ඇත්තේ ඉතා සියුම් වූ ක්‍රම වේදයන් ඔස්‌සේ ඔවුන්ගේ මිත්‍යාවන් පැතිරවීමටය. ඒ අනුව පසුගිය 4-5 දෙදින තුළ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන ශ්‍රවනාගාරයේදී මිෂනාරී ක්‍රියාකාරකම් හා මානව හිමිකම් සඳහා හඳුන්වා දෙන මූලික ප්‍රතිපත්ති යන මැයෙන් සම්මන්ත්‍රණයක්‌ සංවිධානය කොට තිබිණි. මෙය සංවිධානය කිරීමේ අරමුණු වී තිබුණේ අන්තර් ¨ආගමික සහජීවනය උදෙසා සංවාදයක්‌ ඇති කිරීම සඳහා යන්න ඔවුන්ගේ ප්‍රකාශය විය. මෙ සමුළුව සඳහා උගතුන් යෑයි කියන ඇත්තන් 25 ටත් බෞද්ධ හා ක්‍රිස්‌තියානි ආගමික නායකයන්ටත් ආරාධනා ලැබී තිබිණි. අපේ වාසනාවට මේ ඊනියා සමළුව සඳහා ආරධනා ලැබුණත් ඇතැම් භික්‍ෂුන් වහන්සේලා නොපැමිණි අතර අපේ අවාසනාවට මේ සඳහා ඇතැම් හිමිවරුන් පැමිණ සිටි අතර ඇතැම් මහාචාර්ය ආචාර්ය ඇත්තන්ද පැමිණ සිටියේ තම ආගම දෙවැනිකොට සලකමින්ය.

මෙම ඊනියා සම්මන්ත්‍රණයට අනුව ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ යථා පරිදි අන්‍යාගමිකකරණය සිදුකිරීමට අවශ්‍ය නීති රීති සෑදීම සඳහාය. මේ අනුව සර්වාගමික න්‍යායද කරපින්න ගනිමින් මේ සිදුකිරීමට හදන්නේ මේ රටේ අයථා පරිදි සිදුවූ සිදුවෙමින් පවතින අන්‍යාගමිකකරණ වැඩ පිළිවෙල යථා පරිදි සිදුකිරීමට අවශ්‍ය නීත රීති සම්පාදනය කිරීමටය. මේ නරුම ක්‍රියාව මේ රටේ උගත් බුද්ධිමත් යෑයි කියන ඇත්තන්ට නොතේරීම අරුමයට කරුණකි. අනෙක මෙම ඊනියා සම්මන්ත්‍රණය සිදුකිරීමේ සැබෑ අරමුණක්‌ තිබුණේ නම් ඔවුනට කිරීමට බෝහෝ දේ ඊට පෙර ඇත. කෙසේ වෙතත් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ ඇත්තන්ගේ නාම ලේඛනය සදාචාරාත්මකව සලකා බලා පළ නොකරන්නෙමු. නමුත් මෙම එන්.ජී.ඕ. නඩය රටට හෙළිකළ යුතුය. කෙසේ වෙතත් මෙම ඊනියා සමුළුව පැවැත්වීමට හැකියාව ලැබුනේ එක්‌ දිනක්‌ පමණි. දෙවන දින මහනුවර- පල්ලේකැලේ සම්මන්ත්‍රණශාලා භූමියට එක්‌ වූ දෑ සසුන් හිතකාමී පිරිසක්‌ දැඩි විරෝධය පල කරමින් එම ඊනියා සමුළුවට විරෝධය පළ කරද්දී නෝර්වෙන් පැමිණ සිට ජාතිකයන්ටද අමතක නොවන පාඩමක්‌ කියා දෙමින් මේ රටේ සර්වාගමික පූට්‌ටු හෝ අන්තර් ආගමික සහජීවන පදනම් අනවශ්‍ය බව හා යථා හෝ අයථා අන්‍යාගමික කරණයකට මේ රටේ ඉඩ නොමැති බව තරයේ පවසා සිටියෙන් ඔවුන් සියලු දෙනාගේ මෙම ඊනියා වැඩ පිළිවෙලම වියවුල් විය.

අනතුරුව මෙම ඊනියා සමුළුවේ ලංකා නියෝජිතයන් මහ නායක හිමිවරු ඇතුළු වගකිව යුත්තන් මුණගැසී සමාව අයෑද සිට ඇත. මෙම ඊනියා සහජීවනකාරයින් වසර ගණනාවක්‌ මේ රටේ සාමය විකුණාගෙන කෑවා සේ දැන් ඔවුන් පැමිණෙන්නේ මේ රටේ ආගමික සහජීවන ප්‍රොaඩාව හා සර්වාගමික මායාව විකුණාගෙන කෑමටය. දැන් ඔවුන්ට මේ රටේ ඉඩ ඇත්තේ ඒ සඳහා පමණකි. මෙම සහචරයින්ට ඉඩ දෙමින් මේ රටේ උගත්යෑයි කියන ගිහි හා පැවිදි ඇත්තන්ද තම බඩ ගෝස්‌තරය වෙනුවෙන් සිදුකෙරෙන පාවාදීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මෙනිසා මේ රටේ සියලු බෞද්ධයින්ට අප දැඩිව කියා සිටින්නේ මෙම ඊනියා සහජීවනකාරයින්ට හසු නොවනා ලෙයසි.

751 Viewers