• Home »
  • Sinhala »
  • සිංහලයාගේ වර්ධන වේගය හොඳටම අඩුවෙලා – තෙරිපැහැ මේධංකර හිමියෝ බෞද්ධ හිමිකම් කොමිසමට කියති

සිංහලයාගේ වර්ධන වේගය හොඳටම අඩුවෙලා – තෙරිපැහැ මේධංකර හිමියෝ බෞද්ධ හිමිකම් කොමිසමට කියති

(Courtesy of Divaina)

p15-1
සිංහල ජනයාගේ වර්ධන වේගය හොඳටම අඩු වී ඇති බවත් 2016 වර්ෂය වෙන විට සිංහලයාගේ වර්ධන වේගය සියයට 0.5 ක්‌ වී ඇති බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත තෙරිපැහැ මේධංකර හිමියෝ ප්‍රකාශ කළහ.

කොළඹ, සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේදී පසුගියදා 29 පැවැති බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාක්‌ෂි දෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

අධ්‍යාපනය පිළිබඳ වාර්තාවක ඉදිරිපත්ව ඇති පරිදි 2020 වනවිට සිංහලයාගේ වර්ධන වේගය ශූන්‍ය බවට පත් වන බවද එනම් අම්මා තාත්තා දෙන්න දුවෙකුයි පුතෙකුයි හදාගෙන ඉන්න ගානට මෙය පවත්වාගෙන යන බවද තෙරිපැහැ මේධංකර හිමියෝ කියා සිටියහ.

2020 පසුවීමත් සමග සිංහලයාගේ වර්ධන වේගය සෘණ බවට පත්වන බවද එනම් සිංහලයා වේගයෙන් වඳවෙමින් යන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රටේ බහුතරය වූ සිංහලයා අසමගිව සිටින බවද සිංහලයා මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට එය හේතුවක්‌ බවද ඒ නිසා සිංහලයා සමගිsවිය යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සාක්‍ෂි විභාගය අතරතුර අදහස්‌ දැක්‌වූ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තානාපති සහ නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා ප්‍රකාශ කළේ මෙහිදී සූක්‍ෂමව සහ උපාය මාර්ගිකව කල්පනා කරමින් ක්‍රියා කළ යුතු බවයි.

එසේ නොකළොත් රට ඇතුළෙත්, ජාත්‍යන්තරයේත් ප්‍රශ්න ඇති විය හැකි බවද කොහොන මහතා කීවේය.

බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ඊයේ සාක්‌ෂි දුන් පූජ්‍ය තෙරිපැහැ මේධංකර හිමියෝ බෞද්ධ හිමිකම්වලට එල්ල වී ඇති තර්ජනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් වාචික සාක්‌ෂි ඉදිරිපත් කළ අතර ලිත සාක්‌ෂි ද කොමිසම වෙත ලබා දුන්නේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

109 Viewers