සිංහලයිනි මේ අහපල්ලා

2015 ජනවාරි අට වැනිද පවත්වපු ජනාධිපති ඡන්දෙන් පරාද වුනේ මහින්ද රාජපක්ෂද? සිංහලයන්ද?

දැන් අලුත් ජනාධිපතිට ඡන්දෙ දීපු කෙනෙක් බේතකටවත් හොයා ගන්න නෑ. එක්කෝ අපිත් දුන්නෙ මහින්දට තමා කියල බොරු කියනවා; නැත්නම් ප්‍රශ්නෙ මග හරිනවා. එදා ජනාධිපතිවරණයෙන් පැරදිල මැදමුලනෙ ගෙදරට යන්න  අරලිය ගහ මන්දිරෙන් පාරට බහිද්දී ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩලයේ සමාජිකයො අඬා වැළපුනේ හරියට පොඩි එවුන් වාගෙ.

මින්ස්සු රූපවාහිනී ඉස්සරහ පොදිකෑවෙ අලුතෙන් පත්වුනු ජනාධිපති දිවුරුම් දෙනව බලන්න නොවෙයි; රටේ අවාසනාවට, කාරණා කාරන නොදන්න මින්ස්සුන්ගෙ, සිංහලයගෙ පරම හතුරගෙ ඕපදූප කථා වලට රැවටුණු, රටට වඩා බඩ ලොකු වුණු, මෝඩ මිනිස්සුන්ගෙ අකාරුණික බව නිසා පැරදිච්ච තමන්ගෙ ආදරණීය නායකයා, ගෙදර යනව බලන්න. ඒ සිද්ධිය දිහා බලල, කාලකණ්නි සතුටක් ලැබුව නම් ඒ ජාතියක්, ජන්මයක්, අම්මෙක්, අප්පෙක් නැති එකෙක් විතරමයි. ජාතියේ පරම සතුරන්ගෙ වරදාන, අල්ලස්, ඩොලර් කුට්ටි වලට යටවුනු දොන් ජුවන් වික්‍රමසිංහගෙ දේශපාලන ජුන්ටාවයි, ඒ ජුන්ටාව විසින් මහින්දට පහර දෙන්න තාවකාලිකව අපුල්ලල ගත්තු බණ්ඩයියගෙයි රෙද්ද පල්ලෙන් බේරුනු යහපාලන හීනෙන් මත්වෙලා සමහරු මහින්දට විරුද්ධව ඡන්දෙ දුන්නෙ මහින්ද පරද්දන්න නෙවෙයි; මහින්ද බය කරන්න. ඒ මහින්ද වැරදි නිසා නෙවෙයි. මහින්ද වටේ හිටපු හුඟක් අයගෙ වැරදි නිසා. ඒ ආදරණීය මිනිස්සුත්, තමන් කළේ බරපතල වරදක් කියල වැටහිල රූපවාහනිය ඉස්සරහම අඬන්න තියා ගත්ත. එහෙම ඇඬුවෙ ගැහැණු, හැඟීම් බර දුර්වල පිරිමි විතරක් නෙවෙයි. හැඩිදැඩි පිරිමිත් පුංචි දරුවො වගේ ඇඬුව. මහින්ද වෙනුවෙනු පහුගිය කාලෙ රටපුරා පවත්වපු රැළි වලට  ආපු ඒ මිනිස්සු, මහින්ද අද එයිදෝ හෙට එයිදෝ කියමින් ඇස් අන්ධකාර වෙනතුරුම බලාගෙන උන්නෙ, තමන් අතින් සිද්ධ වුනු ඒ ඓතිහාසික වරද නිවරද කර ගන්න. පහුගියදා මහින්ද අනුරාධපුර මංගල රැලියෙ වේදිකාවට ගොඩවෙද්දී රජරට දෙවනත් කරපු අත්පුඩි නාදය නිසා, සල්ගාදු ක්‍රීඩාංගනේ පොළවට වැටුණු සතුටු කඳුලු, මිනිස්සු හොර රහසේ පිටි අල්ලෙන් පිසගත්තු සතුටු කඳුලු කාටවත් පෙනුනෙ නෑ.

මහින්දගේ සමුගැනීම සිංහලයන් ඇඩෙව්වෙ බඩට කන්න නැතිවුන නිසා නොවෙයි. පහුගිය මාස හතරෙ පහේ, තටු කපපු ජාතියක් බවට සිංහලයින් පත්වෙද්දී, ජාතික ධජයේ සිංහය අයින් කරන්න තීරණය කරද්දී, දේදුනු පාට යහපාලන පිං ආණ්ඩුවෙ ලොකු ලොක්කො ‘මේක කොහොමද සිංහලයගෙ රට වෙන්නෙ’ කියල හිරිකිතයකින් තොරව අහද්දී, ඩයස්පෝරාවට ලංකාවෙ කොටි සමුළු තියන්න ආරාධනා කරද්දී, යහපාලන ජුන්ටාවෙ ගංජකාරයෝ ගම්දනව් වලට ගිහිං මද්දුම බණ්ඩාර කියන්නෙ පිස්සෙක් කියල ප්‍රසිද්දියේ කියද්දී, රට, ජාතිය ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදයෙන් බේරගන්න තමතමන්ගේ ජීවිත, අතපය, ඇස් දන්දෙන්න නිර්ලෝභී වුණු සිංහල දූ පුතුන් ම්ලේච්ඡයන් ලෙස නම් කරල, කොටි ත්‍රස්තවාදීන් කොළඹදී සමරන්න තරම් දෙමළ ඩයස්පෝරාවට බැලමෙහෙ කරන එන්.ජී.ඕ තිරිසන්නු බලවත් වෙද්දී, පාසල් දරුවෝ ඉස්සරහ තිරිසන් කැබරේ නටන්න ලැජ්ජ නැති, තමන්ගෙ ගෙදර මෙහෙකාරියගෙ පටන් සහෝදර නිලියන් පවා අසික්කිත විදිහට දූෂණය කරපු මහ ලොකු ‘කලාකාරයෝ’ මහත්තුරු වගේ වේදිකා වලට ගොඩ වෙලා සිංහලයන්ට විරුද්ධය සංවිධානය වෙද්දී, යාපනයේ අධිකරණය කුඩු පට්ටම් කරන්න හයිය හත්තිය ලැබෙද්දී,  විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය නොබියව කොළඹ සජීවී රූපවාහිනී වැඩසටහනකදී එල්.ටී.ටී.ඊ සංවිධානය වර්ණනා කරද්දී මහින්දට විරුද්ධව ඡන්දෙ පාව්ච්චි කරපු බොහොමයක් අයට දැනුන තමන්ගෙන් වුනේ බරපතල වැරැද්දක් කියල. උදේට ගෙදරින් පිටත් වුණු කෙනා අනිවාර්යයෙන්ම ආපහු පණපිටින් ඒවි කියන විශ්වාශය ගොඩනැගුනු යුගය උදාකරපු මිනිසා අමතක කිරීම වහා නිවරද කරගන්න මිනිස්සු පෙළ ගැසෙන්න පටන්ගත්තෙ රටේ ජනාධිපතිවරයෙක් හිටියට  වචනයට නගන්න බැරි මොකක්දෝ හිස්බවක් දැනුන නිසා. එක් උදාහරණයක් විතරක් සළකල බලමු. දැන් තියනවා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආදී සෑම ආගමකටම අමාත්‍යාංශයක්. ඒ හැම අමාත්‍යාංශයකටම සමානව මුදල් වෙන් වෙනව. අනිත් ආගම් වලින් ආගමික මධ්‍යස්ථාන හදනවද, බෞද්ධයින් අන්‍යාගමිකකරණය කරනවද කියන එක නිරීක්ෂණය කරන්නවත් දැන් බෑ. නමුත් මහින්දගේ කාලෙ තිබුනෙ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයක්. සෙසු සියලු ආගමික කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ සම්බන්ධීකරණයට නිසි වැඩ පිළිවෙලක් තිබුණා. අඩුපාඩු නැති මිනිස්සු ලෝකේ සොයාගන්න එක පහසු කටයුත්තක් නොවෙයි. ඒත් මහින්ද යුගයේ සිංහලයාට මීට වඩා සුරක්ෂිතතාවක් තිබුණ; ආත්මාභිමානයක් තිබුණ. ඒ වගේම මුස්ලිම් අන්තවාදියොයි, දෙමළ බෙදුම්වාදියොයි, කොටි ඩයස්පොරාවයි මෙච්චර නැටුවෙ නෑ. ජාතිය අනතුරට පත්වෙන හැම අවස්ථාවකදිම රට, ජාතිය, ශාසනය බේරගන්න වීරයෙක් මතුව ආවෙ නිදහස් රුහුණු මාගම සිංහල රාජධානියෙන්. තිබුණු අඩුපාඩු සකසා ගනිමින් නැවතත් මහින්ද යුගයක් රටට අවශ්‍ය මේක සිංහලය ශිෂ්ටාචාරවත් කරපු, සිංහලයට අයිති රට නිසා. මේ රටේ අනාගතය සිංහල දරුවන්ට භාරදිය යුතු නිසා. එහෙම භාර දෙන්න රටක් ඉතුරු වෙන්න අවශ්‍ය නිසා.

1379 Viewers