• Home »
  • Sinhala »
  • සිංහල පදිංචිය තහනම්: උතුරු සභාවට යෝජනාවක්

සිංහල පදිංචිය තහනම්: උතුරු සභාවට යෝජනාවක්

(Courtesy of The Divaina)

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.

මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි. 04 වැනි පිටුවට

උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්‌වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව මගින් උතුරේ සිංහලයන් පදිංචිවීම ගැන සොයා බැලීමට විද්වතුන් පිරිසක්‌ පත්කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.

උතුරේ සිංහල ජනාවාස ඇති කිරීම ද්‍රවිඩ නිජබිමට තර්ජනයක්‌ බවද වහාම මුලතිව්හි මායාපුර සිංහල ජනාවාස නතර කළ යුතු බවද රවිකරන් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව උතුරු පළාත් සභාපති ඩී. වී. කේ. සිවඥනම් පැවසුවේ ද්‍රවිඩ සංධානය මේ ප්‍රකාශය ගැන රජය සමග සාකච්ඡා කරන බවයි.

කීර්ති වර්ණකුලසූරිය

96 Viewers