• Home »
  • Sinhala »
  • සිව් වසරක් තිස්සේ දියත්වූ ජිනීවා සටන…

සිව් වසරක් තිස්සේ දියත්වූ ජිනීවා සටන…

By Keerthi Warnakulasooriya
(Courtesy of Sunday Divaina)

ජිනීවා1

  • ශ‍්‍රී ලංකා හමුදාව පාවාදීමට මුල්වූ ජිනීවා යෝජනාවට එරෙහි වාර්තා හතරක්
  • ජිනීවා පැමිණි කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් මුලින්ම හෙළිකළේ ඉරිදා දිවයිනයි
  • 2016 රියර් අද්මිරාල් සරත් වීරසේකර සංවිධානයක් සොයාගන්නා තුරු ඩයස්පෝරාව බොරු ප‍්‍රචාර ගෙන ගියා

‘අතීතය වසන් කළ නොහැක එය යම්දිනෙක අනාවරණය වනු නියතය’ – ප‍්‍රංශ ගත්කරු ඇලෙක්සැන්ඩර් ඩුමා 2009 මැයි 18 දා ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි ඝාතන සමාගම පරාජය වී දින අටක් ගතවන අවස්ථාවේ ජර්මනිය ප‍්‍රමුඛ රටවල් 17 ක් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන විමර්ශනය කළ යුතු බව දක්වමින් විශේෂ මානව හිමිකම් සැසිවාරයක් ආරම්භ කරනු ලැබීය. කැනඩාව, ප‍්‍රංශය, ඉතාලිය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, කොරියාව, ස්ලෝවෙකියාව, ස්ලෝවේනියාව, ස්විට්සර්ලන්තය, යුක්රේනය, ආජන්ටිනාව, බොස්නියා සහ හර්සගොව්නා, මුරුසිය, චිලි ඌරුගුවේ සහ බි‍්‍රතාන්‍ය යන රටවල් මැයි 26 දා පැවැත්වූ එම සැසිවාරයට දායක විය.

ජිනීවා2

එහෙත් රුසියාව, චීනය, කියුබාව, ඉන්දියාව ප‍්‍රමුඛ රටවල් 29 ක් මෙම ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය කළේය. මෙම විශේෂ මානව හිමිකම් සැසිවාරය ආරම්භ වන අවස්ථාවේ කොටි ඩයස්පෝරාව එහි පසුබිමේ සිටි බව තහවුරු විය. එදා බටහිර රටවල් ශ‍්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට තහවුරු කිරීමේ යෝජනාව ගෙන එන අවස්ථාවේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදියකු ලෙස සිටියේ මා පමණකි. වෙනත් කිසිදු පාර්ශ්වයක් හෝ සංවිධානයක් එහි නොසිටියේය. එදා සිට කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවට එරෙහිව දැඩි පීඩනකාරී තත්ත්වයක් එල්ල කරද්දී ඊට ප‍්‍රතිචාර දැක්වීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් හෝ ශ‍්‍රී ලාංකික පාර්ශ්වයක් ඉදිරිපත් වූයේ නැත. අද අපි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය පිණිස හෙළිකරන්නේ ජිනීවා සටනයි.

2009 මැයි මස සිට 2015 දක්වා කාලය තුළ කොටි ඩයස්පෝරාව ඉතා බලවත්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැුස්වීම් පවත්වමින් බොරු සාක්‍ෂිකරුවන් ලවා ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ සිදුකළ බව සනාථ කිරීමේ මෙහෙයුම් දියත් කරන අයුරු මා සියැසින් දුටුවෙමි. එහෙත් 2016 දී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැදිහත්ව බි‍්‍රතාන්‍යයේ බර්මිග්හැම් විහාරයට අදාළ බෞද්ධ සහන සේවා සංවිධානයේ සහය ලබාගැනීමට කි‍්‍රයාකිරීමෙන් කොටින්ට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ කි‍්‍රයාවලිය ආරම්භ විය. එතෙක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සමාන්තර රැුස්වීම් පවත්වා කොටි නඟන බොරු චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට එක් සංවිධානයක් හෝ තිබුණේ නැත.

එදා රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා පැමිණියේ තනිවය. ඔහුට ආරක්‍ෂක නිලධාරියෙක් නොවීය. කොටි ඩයස්පෝරාවේ සමාන්තර රැුස්වීමකට ගොස් කොටි නඟන සාවi චෝදනාවලට ප‍්‍රතිචාර දක්වන අවස්ථාවේ රියර් අද්මිරාල්වරයාව වටකරගැනීමට ඩයස්පෝරාව කි‍්‍රයාකළේය. ඒ අවස්ථාවේ කොටි ඩයස්පෝරා කණ්ඩායමක් මැද ශාලාවේ සිටියේ මා සහ රියර් අද්මිරාල්වරයා පමණි.

එදා කොටින්ගේ අභූත චෝදනාවලට නිසි ප‍්‍රතිචාර දැක්වීමට රියර් අද්මිරාල්වරයා කි‍්‍රයාකිරීමෙන් වසර 7 ක් තිස්සේ මානව හිමිකම් සමුළුව තුළ කොටි ගෙනගිය ඒකාධිකාරය බිඳවැටුණි.

මේ වසර 7 තුළ කොටි ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරීන් හෙළිකිරීමට මම කි‍්‍රයා කිරීම නිසා කොටි හිතවාදී සිංහලයන් මෙතෙක් පැළඳගෙන සිටි වෙස් මුහුණු ගැලවුණි.

ප‍්‍රංශ කොටි ජාලයේ නායක බොස්කෝ, බි‍්‍රතාන්‍යයේ රටින් පිටත ඊළම් ආණ්ඩුවේ මනිවන්තන්, කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරුබාකරන්, හිටපු කැරලිකරුවකුවූ සුනන්ද දේශපි‍්‍රය මෙන්ම මෙරටින් ජිනීවා ගොස් ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන නිමල්කා ප‍්‍රනාන්දු, පාක්‍යසෝනි සරවනමුත්තු, සුදර්ශන ගුණවර්ධන ඇතුළු එන්.ජී. ඕ ප‍්‍රධානීන් ගැනද අනාවරණය කිරීම නිසා ශ‍්‍රී ලංකාවේ සතුරන් කවුදැයි ජනතාවට හෙළිවිය.

2016 වසරේ ජාත්‍යන්තර බෞද්ධ සහන සේවා සංවිධානය වෙනුවෙන් රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් සමුළුව අමතනවිට කොටි ඩයස්පෝරාව රාජ්‍ය නොවන සංවිධාන 11 ක් මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි කර තිබුණි.

ප‍්‍රංශ කොටි ඩයස්පෝරා නායක මරියදාස් බොස්කෝ ටැමිල් ඔලි භාරතී ඉන්ටර්නැෂනල් සහ ටැමිල්ස් ඞී ප‍්‍රාන්ස් නැමැති සංවිධාන පිහිටුවා ඉන් ශ‍්‍රී ලංකාවට චෝදනා කළේය.

කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට තහවුරු කිරීම පිණිස බැංගලෝරයේ සිට මහාචාර්ය පෝල් නිව්මන්ද බි‍්‍රතාන්‍යයේ සිට එමානුවෙල් පියනමද කැනඩාවේ සිට ගැරි ආනන්ද සංගරිද මානව හිමිකම් සමුළු ඇමතීම සඳහා ගෙනඒමට කි‍්‍රයාකර තිබූ අතර ඔවුන් කවුදැයි 2017 න් පසු ජිනීවා ගිය පාර්ශ්ව දැනසිටියේ නැත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි සමාන්තර රැුස්විම් මෙහෙයවීමට කි‍්‍රයාකළ සුද්දා ඬේවිඞ් වෙහෙලි බව මා හඳුනාගත්තෙමි. එතෙක් වෙහෙලි කවුදැයි අනාවරණය වී නොතිබුණි.

එසේම චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ විසින් මුලතිව් රෝහලේ හිටපු වෛi වර්ධරාජා නමැත්තාව මානව හිමිකම් කවුන්සිලයට කැඳවාගෙන එන අයුරු අසුවූයේ මාහට පමණකි.

මෙයට අමතරව විවිධ අපි‍්‍රකානු සංවිධානවලට මුදල් දී ඔවුන්ට ලැබෙන කාලසීමාව කොටි කි‍්‍රයාකාරීන් ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල කිරීමට භාවිත කරන අයුරුද සොයාගැනීමට හැකිවිය. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වූ 30/1 ජිනීවා යෝජනාවට සමඟ අනුග‍්‍රහය දැක්වීමට හිටපු විදේශ ඇමැති මංගල සමරවීරට අයිතියක් නැති බවට පැමිණිල්ලක් සහිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට භාරදීමට කි‍්‍රයාකළේ රියර් අද්මිරාල්වරයායි.

මේ හැර මානව හිමිකම් කවුන්සිලයට විරුවන්ගේ විත්ති වාචකය නමින් තවත් වාර්තාවක් ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කළේය.

මෙයට අමතරව ලන්ඩන් නුවර නේස්බි සාමිවරයා මෙරට හිටපු බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි ලබාගෙන එහි සටහන්ව තිබූ වන්නි මෙහෙයුමෙන් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 6000 ක් 7000 ක් අතර සංඛ්‍යාවක් බව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකළේය. ලන්ඩන් නුවර සාමි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී නේස්බි සාමිවරයා මේ බව හෙළිකරනු ලැබීය. එම අවස්ථාවට රියර් අද්මිරාල් සරත් වීරසේකර, යයස් ධර්මදාස, එරික් මාකවිටගේ, සුනිල් චන්ද්‍රකුමාර, ජෙයරාජ් පලිහවඩන, ප‍්‍රසංග ජයමහ ඇතුළු දේශපේ‍්‍රමීහු සහභාගි වූහ.

මේ පසුබිම මැද 2018 මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත කොටි ඩයස්පෝරාව ප‍්‍රංශයේ සිට ජෙයනි ත්‍යාගරාජා නැමැති කොටි හිතවාදී තරුණියක් ගෙනවිත් තිබුණි.

ඇය මානව හිමිකම් සමුළුව අමතමින් මෙලෙස කියා සිටියාය.

‘‘මගේ සොහොයුරාවූ ජෙගන් ත්‍යාගරාජා වෙනුවෙන් මම යුක්තිය ඉල්ලා සිටින්නෙමි. 2008 සැප්තැම්බර් 17 දා නාවික නිලධාරී සම්පත් විසින් පැහැරගෙන ගියාම අපි තානාපති අංශ දැනුවත් කළා. එහෙත් ඔහු නිදහස් වූයේ නැහැ.’’

එහෙත් රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ප‍්‍රමුඛ පොලිස් නිලධාරින් පිරිසක් අපේ නිවසට පැමිණියා. මගේ සොහොයුරා අතුරුදන්වී නැති බවත් ඔහුව පැහැරගෙන ගොස් ඇති බවත් නිශාන්ත සිල්වා පැවැසුවා.

සම්පත් මුණසිංහ, හෙට්ටිආරච්චි, දිසානායක ඇතුළු කණ්ඩායමක් ඊට සම්බන්ධ බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් මෙහෙයවන ලද සුදු වෑන් කල්ලිය එම පැහැර ගැනීම දියත් කර ඇති බවත් නිශාන්ත සිල්වා කියා සිටියා.

එසේම පැහැරගෙන යනු ලැබූ අය මරා මහවැලි ගඟට විසිකර ඇති බවත් එම රහස් පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළා.

තමාට මේ රහස් තොරතුරු හෙළිකළ නිලධාරියා පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා බව ජෙනි ත්‍යාගරාජා වැඩිදුරටත් අනාවරණය කළාය.

ජෙනි ත්‍යාගරාජාගේ මේ ප‍්‍රකාශය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පටිගතවිය. එදා ඇය කළ මෙම බරපතළ චෝදනාව සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා හෙළිකළ තොරතුරු ගැන ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

විදේශ කටයුතු අමාත්‍යාංශයද නිහඬ විය. එහෙත් ගෝඨාභය වසන්ත සහ දිසානායක ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකිරීමට නිශාන්ත සිල්වා කළ හෙළිදරව්ව ජෙනි ත්‍යාගරාජාට ප‍්‍රයෝජනවත්වූ අයුරු විශේෂයෙන් අනාවරණය කළේ මා පමණකි.

ජෙනිගේ මේ සාක්කිය මානව හිමිකම් සමුළුව තුළදී ප‍්‍රකාශයට පත්වූයේ හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි සුදු වෑන් කතාව තහවුරු කිරීම සඳහායි. එහෙත් 2016 න් පසු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඝෝෂාකරන පාර්ශ්ව මේ සිදුවීම දැනසිටියේ නැත. හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාව අමතමින් ජෙයනි ත්‍යාගරාජා කළ ප‍්‍රකාශය ඉතා සැලසුම් සහගතව දියත්වූ බව තහවුරු වූයේ ඇය වෙත පැමිණි කොටි හිතවාදීන් අතට අතදී සතුට පලකිරීම නිසාය.

2018 මාර්තු 19 දා ජෙයනි ත්‍යාගරාජා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැුස්වීමකදී මතුවිය. කොටි කි‍්‍රයාකාරීන් පැවැත්වූ මේ රැුස්වීමට මමද සහභාගිවූයෙමි. ඇය එහිදී රහස් පොලිස් නිලධාරියා හෙළිකළ තොරතුරු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හමුවේ කියා සිටියාය. මානව හිමිකම් සමුළුව අවසන්වීමෙන් පසු ප‍්‍රංශයට ගිය ඇය ඉන්පසු පැවැති කිසිදු මානව හිමිකම් සමුළුවකට පැමිණියේ නැත.

ඇය රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා පැවසූ තොරතුරු මානව හිමිකම් සමුළුව හමුවේ පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ, වසන්ත කරන්නාගොඩ සහ ඞී. කේ. ඞී. දසනායක යන පිරිසගේ නම් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගතයුතු අයගේ නාම ලේඛනයට ඇතුළත් කිරීම සඳහායි.

මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ඒකපාක්‍ෂික කි‍්‍රයාපිළිවෙතට එරෙහිව රියර් අද්මිරාල් සරත් වීරසේකර ප‍්‍රමුඛ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ දේශපේ‍්‍රමීහු බි‍්‍රතාන්‍යයේ රාජ නීතිඥ ජෙප්රි නයිස්ගේ සහය පැතූහ. ජෙප්රි නයිස් යනු විශාල මුදලක් අයකරන ප‍්‍රසිද්ධ නීතිවේදියෙකි. සරත් වීරසේකර, ජෙයරාජ්, කපිල ජයසේන, එරික් මාකවිට, යසස් ධර්මදාස, නුවන් බෙල්ලන්තුඩාව, ජෙප්රි නයිස්ගේ නීති කටයුතු කාමරයේදී හමුවී කළ සාකච්ඡුාවෙන් පසු ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකළේය. එදා ලන්ඩන් නුවර දැඩි ශීතලය මැද ජෙප්රි නයිස් හමුවී රට වෙනුවෙන් අප කටයුතු කරන අවස්ථාවේ විiුත් නාලිකා වලට රිංගා ජිනීවා සටන මෙහෙයවූයේ අපිය යැයි කියන පාර්ශ්ව සිටියේ නැත.

ජෙප්රි නයිස් ඉදිරිපත් කළ මේ වාර්තාව මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක් විය. මේ හැර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අපව මරන්න උත්සාහ කළ බවට පවසමින් ස්විට්සර්ලන්තයට පැමිණි දේශපාලන රැුකවරණ ලැබූ තක්කඩි ගැනද මා හෙළිකළෙමි. ඔවුන් අතර පිය පුතු දෙදෙනකුද විය.

ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයාව සිටි එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන්, සුමන්තිරන් එමානුවෙල් පියනම, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශක සුරෙන් සුරෙන්ද්‍රන්, එම්. කේ. සිවාජිලිංගම්, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු කොටි හිතවාදී ජිනීවා මානව හිමිකම් සමුළුවලට පැමිණ එල්ල කරන බොරු චෝදනා හෙළිකිරීමට අපට හැකිවූ අතර 2015 සිට 2019 දක්වා ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු එම බොරු චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටි බවද මෙරට ජනතාව හමුවේ හෙළිකිරීමටද අපට හැකිවිය.

2018 මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් විදේශ තානාපති කාර්යාලය අතර ලියවිල්ලක් බෙදාහැරියේය.

එහි සඳහන් වූ කරුණු අතර මෙවැනි කරුණුද විය.

1. දේශපාලන රැුකවරණ ලැබූවන්ට ගමන් බලපත‍්‍ර ලබාදීම

2. වසර 67 කට පසු ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම

3. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම

4. ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ආර්. සම්බන්ධන්ට විරුද්ධ පක්‍ෂ නායකත්වය ලබාදීම

 5. ඕමන්තේ මුරපළ වසා දැමීම

6. කාටුන් ශිල්පී එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු ඇතුළු හමුදා නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීම

7. හමුදා ජයග‍්‍රාහී දිනය අනුස්මරණය දිනය ලෙස නම් කිරීම

8. තාජුඞීන් ඝාතනය ගැන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගැනීම

9. යස්මින් සුකාට මෙරටට එන ලෙස ඇරයුම් කිරීම

10. ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් ජයකුමාරි බාලචන්ද්‍රන් ඇතුළු අටදෙනෙක් මුදාහැරීම.

විදේශ අමාත්‍යාංශය බෙදාහරින ලද මෙම ලියවිල්ලේ අන්තර්ගතවූ කරුණු කොටි ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව පිනවීම සඳහා කෙටුම්පත්වූ කරුණුයි මෙය ද්‍රෝහී කි‍්‍රයාවකි.

මේ ලියවිල්ල ගැන අප හෙළිදරව් කළ විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ යහපාලන නිලධාරියකු කෝපවී ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් විය.

එසේම 2017 වසරේ මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ යුද අපරාධකරුවන් යැයි නම්කරමින් ප‍්‍රචාරක පුවරු ප‍්‍රදර්ශනය කිරීමට කොටි ඩයස්පෝරාව කි‍්‍රයාකළ බව අපි විශේෂයෙන් අනාවරණය කළෙමු.

මේ අතර 2018 මාර්තු 19 දා රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර විසින් මානව හිමිකම් කවුන්සිලයේ කි‍්‍රයාකලාපය ගැන පෙත්සමක් ගොනු කරනු ලැබීය.

මෙවන් පෙත්සමක් මින් පෙර කිසිවකු විසින් මානව හිමිකම් කවුන්සිලයේ සභාපති කෙල්සෙකි වෙත ඉදිරිපත් කර නොතිබුණි.

මෙම පෙත්සමේ මෙලෙස දක්වා තිබුණි.

‘‘2015 ඔක්තෝබර් මස සම්මත වූ 30/1 ජිනීවා යෝජනාව තුළින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇති බවත් ඉන් ජාත්‍යන්තර ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත්වීමට ඉඩ ලැබී ඇත. එසේම මේ යෝජනාව තුළින් ශ‍්‍රී ලංකාව යුද අපරාධ සහ වෙනත් අපරාධ වලට වගකිවයුතු යැයි දක්වා තිබේ.’’

මානව හිමිකම් කවුන්සිලය මෙම යෝජනාව තුළින් ශ‍්‍රී ලංකාවට අසාධාරණයක් සිදුකළ බව දක්වමින් ගොනු කළ කරුණු සනාථ කිරීම සඳහා නීතිවේදී දර්ශන් වීරසේකර කෙටුම්පත් කළ පිටු 52 ක වාර්තාවක්ද මානව හිමිකම් කවුන්සිලයේ සභාපති කෙලිසෙක් වෙත භාරදීමට කි‍්‍රයාකරනු ලැබීය.

මෙලෙස කොටි ඩයස්පෝරාවට සහ මානව හිමිකම් කවුන්සිලයට අභියෝග කරමින් ගොනු කළ වාර්තා නිසා රියර් අද්මිරාල්වරයා යුද අපරාධකරුවකු යැයි දක්වමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කොටි කි‍්‍රයාකාරියකු වූ මනිවන්තන් ස්විස් නඩු අධ්‍යක්‍ෂක වෙතින් කළ ඉල්ලීමක් කොටි විරෝධි ද්‍රවිඩයකු මා වෙත දැන්වීමෙන් පසු ඒ ගැන ස්විස් නඩු අධ්‍යක්‍ෂක කාර්යාලයෙන් විමසුවෙමි. එහි එක් නිලධාරියකු පැවසුවේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා එවා තිබූ වාර්තා වේ. සරත් වීරසේකරගේ නම අන්තර්ගතවී නැති බව එදා අපි තනිවම ජිනීවා සටන ගෙනයද්දී හිටිහැටියේ මැදට පැන්න පාර්ශ්ව සිටියේ නැත.

කෙසේ වෙතත් ජිනීවා සටන නතරවූයේ නැත. ඊශ‍්‍රායලයේ සිට පැමිණි හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනෙත් විමල තිරුක්කෝවිල් හිදී පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ සිද්ධිය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමුකළේය. එතෙක් කිසිදු ආණ්ඩුවක් එම සමූල ඝාතනය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර නොතිබුණි.

එසේම ජිනීවා සටනට උරදුන් ස්විට්සර්ලන්තයේ රනිල් ජයනෙත්ති, බ‍්‍රයන් බස්නායක ඩුබායි හි අජන්ත පේ‍්‍රමරත්න, බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසංග ජයමහ විශාල කැපවීමක් කරනු ලැබීය.

මේ වසරේ සැප්තැම්බර් මසදී ඉතාලියේ වෙසෙන සුනිල් ශාන්ත, ශ‍්‍රී ලංකාවේ පි‍්‍රයදර්ශනී ඇතුළු කණ්ඩායමක්ද මානව හිමිකම් බලධාරීන්ට තවත් පෙත්සමක් ලබාදීමට කි‍්‍රයාකළේය.

මේ හැර ඔස්ටේ‍්‍රලියාවේ සිටින රංජිත් සොයිසා සහ දම්රත් ජයසූරියද ජිනීවා සටන පසුබිමේ සිට දිරිදුන්හ. පෝලන්තයේ සේනක රාජපක්‍ෂද ඊට සහය විය.

එසේ වුවත් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ගොනුවූ බොරු යුද්ධ අපරාධ චෝදනා වලට එරෙහිව ජිනීවා යටතේ නියමුවන් තමා සමග විවිධ බාධාක මැද ගෙනියද්දී ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය කොටි ඩයස්පෝරාවට එරෙහිවන්නන් සෙවීමේ නිරත විය.

ඒ සඳහා උඩරට එක්සත් ජාතික පක්‍ෂ හිටපු ඇමැතිවරයකුගේ ඥාතියකු මානව හිමිකම් කවුන්සිලයට එවා තිබුණි.

සිව් වසරක් තිස්සේ ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජයේ පාවාදීමට එරෙහිව ගෙනගිය ජිනීවා සටන ගෙනයන තෙක් කොටි ඩයස්පෝරාව ද්‍රවිඩයන් 40000 සිට ලක්‍ෂ තුනක් දක්වා ඝාතනය කිරීමට ශ‍්‍රී ලංකා හමුදාව කි‍්‍රයාකළ බවට සාවi ප‍්‍රචාරයක් දියත් විය.

මේ අතර නව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ජිනීවා යෝජනාව පිළිබඳව සාකච්ඡුා කරන බව අනාවරණය කිරීම නිසා ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු නොසතුටට පත්වී ඇත.

මේ පසුබිම මත ස්විට්සර්ලන්තයේ බර්න් නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා තානාපතිවරයා කැඳවා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යෑමට ලක්වූ බව කියන සිද්ධිය ගැන ප‍්‍රශ්න කර ඇත. එහෙත් ඔවුන් නිශාන්ත සිල්වා ගැන කිසිදු තොරතුරක් හෙළිකර නැත. ස්විස් සංක‍්‍රමණික මහලේකම් කාර්යාලයද මෙම රහස් පොලිස් නිලධාරියා ගැන තොරතුරු හෙළිකිරීම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

 

58 Viewers