සුනිල් රත්නායක

2015 සිරිසේන යහපාලනය උලුප්පා ලක්ෂ 52 රටේ ජනාධිපති වෙද්දි.ලක්ෂ 52 කොටි මනාප වලට සදාරණය ඉටු කලේ දේශද්‍රෝහි ඉල්ලීම ඉටු කරවමිනි.රටම මරන්නට ආ කොටියා ජාතික විරයින් සේ නිදහස ලබද්දි රටම මරන්නට ආ කොටියා මරා දැමු විරුවන් දේශද්‍රෝහියන් ලෙස සිරගත කලේ යහපාලනයේ සුභාශිංෂන මැද්දේය.අවසානයේ කොටියා වීරයා විය රණවිරුවා බල්ලා විය..ඒ සිරිසේනගේ යහපාලන යුගයේ පාලනයේ කෂේරුකාවේ වදභාවය නිසාය.
මරණීය දණඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ වසර පහක කාලයක් රදවා සිටි යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් සුනිල් රත්නායක ඊයේ (26 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් විශේෂ  ජනාධිපති සමාවක් යටතේ නිදහස් වී බන්ධනාගාරයෙන් පිටව ගියේය.යාපනය මිරුසවිල්හි ඉකුත් 2000 වසරේදී පැවති යුද හමුදා කදවුරකට හොර රහසේ ඇතුළු වූ කොටි ඔත්තුකරුවන් යැයි සැකකෙරුණු දෙමළ ජාතියක් පිරිසක් ඝාතනය කළ බවට එල්ලවූ චෝදනාවකින් අනතුරුව පැවති නඩු විභාගයක් අවසානයේ ඉකුත් 2015 වසරේදී සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම විය.ඔහුට මරණීය දණ්ඩනය නියම වීම පසුව රටේ ජනතාව අතර දැඩිලෙස කතාබහට ලක්වූ සිදුවීමක්ද විය. එහිදී රට වෙනුවෙන් සටන් කළ ඔහුට ජනාධිපති සමාවක් ලබා දෙන්නැයි ජනතාව පසුගිය යහපාලනය රජයෙන් සහ වත්මන් රජයෙන්ද ඉල්ලීම් කරන්නට වූහ.

ජනාධිපති සමාවක් පිරිනැමීමේදී ක්‍රියාත්මක  කෙරෙන නෛතික ක්‍රියාමාර්ග  සියල්ල අනුගමනය කරමින් ජනාධිපති නියෝගයට අනුව නිදහස හිමිවූ සාජන් මෙජර් සුනිල් රත්නායක ඊයේ (26 දා) පෙරවරු නවයට පමණ නිදහස බලා බන්ධනාගාරයේ නික්ම ගිය බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

 

 

සුනිල් රත්නායක මහතාට නිදහස ලබාදුන් ආකාරයට මරණීය දණ්ඩනය හිමිවූ තවත් රැදවියන් පිරිසකට නිදහස ලබා දීම සදහා විශේෂඥ කමිටුවක් වෙතින් අවශ්‍ය  කටයුතු සම්පාදනය වෙමින් තිඛෙන බවද එම බන්ධනාගාර නිලධාරියා සදහන් කළේය.

සුනිල් රත්නායක යනු වීරුවෙකු නොවී සිරබත් කද්දි.සිරිසේන මරන්නට ආ කොටියා සිරිසේනට දෙවියෙකු වු නිසාවෙන් මරණිය දණ්ඩනය ගලවා ජිවත්විමේ වරම සිරිසේන පුද කලේ සුනිල් රත්නායක වීරයෙකු ලෙස සිර කුටියේ බලා සිටිද්දීමය.
වසර 4ක් නිදහස් දින වෙසක් පෝය දින පසු විය. නමුත් සුනිල් රත්නායක එල්ලා මරන දිනය ලං වුවා මිස නිදහසේ මායිම පෙනුනේ නැත.ඒ සිරිසේනගේ අවසානය බව සිරිසේවත් නොදැන සිටියා හැකිය. අවසානයේදිද සිරිසේන ඔන්න මෙන්න තියා නිදහස් කලේ ලෝකයා හමුවේ ලංකීය නාමය මිනිමරුවන්ගේ දේශය යැයි නම් පට බැදි මිනිමරුවෙකි.
 සිරිසේනගේ යහපාලනයද පලා හරින සටන ඇරඹුවේ රණවිරුවෙකුවෙකුගේ පුනරාගමනය සමගය. එදවස වන විට මුලු රටම පවා දී තිබු පාලනයක සිරිසේන පවා දුන් රට නැවත ප්‍රාණය ගල්වන නායකයා ගෝඨාභය නමින් වේදිකාවට නගිද්දි ඒදා සුනිල් රත්නායකට නිදහස ඉල්ලා එල්ලාගත් නාමපුවරු පවා ගෝටාභය රාජපක්ෂ වේදිකාව පහල දකිනු ලැබිනි.
ඒ වචන වලට පොරොන්දුව ගෝටාභයගේ හඩින් පිට වුයේ තමා බලයට ආ විගස සිරගත කල රණවිරුවන්ට නිදහස ලබා දෙන බවය.
ඒ ගාම්භිර පොරොන්දුවේ දෝංකාරය මැද ඒදා රට වටේ සිටි මහා ජනකද ඔහු වටා රොද පොද බැද ගත්තේ රණවිරු නිදහස එක් බලාපොරොත්තුවක් බැවිනි.
ඒ බලාපොරොත්තුව මැද ලක්ෂ 69 වු මහා ජන කද ඒ බලාපොරොත්තුවේ සිහිනය සමග මේ රටේ විස්වාසණීය නායකයා වු ඔහු ඒදා ගාම්භිර පොරොන්දුවේ දෝංකාරය පහව යන්නටත් පෙර ඔහු රණවිරුවෙකු ලෙසින් ඒ රණවිරු ආදරය ගරුත්වය මැද ඔහු දුන් පොරොන්දුව අද දින ඉෂ්ඨ වෙද්දි ඔහු අද අපිට ජාතිමාමක දේශප්‍රේමීයෙකි වී අවසානය.



338 Viewers