• Home »
  • Sinhala »
  • සුනිල් රත්නායක නිදහස් කරමු

සුනිල් රත්නායක නිදහස් කරමු

යාපනයේ හමුදා සෙබලෙක් විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැමීමෙන් පසු ඒ සිදුවීම සුනිල් රත්නායකගෙ මරණ දඩුවම හා සසදන පෝස්ට් කීපයක්ම දැක්කා. පුද්ගලික හේතුවක් මත වෙච්ච ඝාතනයක් උනත් මැරිච්ච සිසුවිය සිංහල උනේ හොද වෙලාවට. නැත්තං මේක අන්තර්ජාතික ප්‍රශ්නයක් වෙලා අවසන් (මේක ඉතාම කාලකන්නි කතාවක් උනත් ඇත්ත තත්වය ඒකයි). කොටින්ම මේ වගේ පුද්ගලික හේතු මත වෙච්ච ඝාතනයක් උනත් දේශපාලනිකව පාවිච්චි කරනවා කියන්නෙ ඉතිං ඉන් එහාට ඕනම දෙයක් බලාපොරොත්තු විය හැකියි.

කෙසේ සුනිල් රත්නායකට චෝදනාව එල්ල උනේ හමුදා බුද්ධි මෙහෙයුමකදි හමුදාවට පාලනයක් නැති ලංකාවෙ රජයට පාලනයක් නැති එල්ටීටීඊය පාලනය කරපු ප්‍රදේශයෙදි සිවිල් වැසියන් මැරුවා කියන චෝදනාව උඩ. ඔහුට විරුද්ධව තිබූ ඇසින් දුටු සාක්ෂිය ‘හිටපු’ ත්‍රස්තවාදී සාමාජිකයෙකුගෙ. අටදෙනෙක් මරපු චෝදනාවකට අන් සියලු සැකකරුවන් නිදහස් වෙලලා එක පුද්ගලයෙක් විතරක් මරණ දඩුවම ලැබීම පුදුම සහගතයි.

හඩපටවලින් පේන එජාපය නීතිය නවපු නැවිල්ලට ඒ කාලෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ අවශ්‍යතාවයට හමුදාව හිරේ දාන්ඩ තිබ්බ උවමනාව එක්ක මේ නඩුවලට බලපෑමක් උනාද, සුනිල් රත්නායක බිල්ලක් උනාද කියන සැකය උපදිනවා. මොකද රන්ජන්ගෙ භාෂාවෙන් කියනවානං මේකත් ‘රටම බලං ඉදපු’ නඩුවක් වූ නිසා. අනෙක් කරුණ හමුදා මෙහෙයුමකට අදාළ නඩු සිවිල් අධිකරණයකදි අහන්ඩ පුළුවන්ද කියන ප්‍රශ්නය. මෙවැනි නඩුවක් අදාළ විය යුතුතේ යුධ අධිකරණයෙදි. මන්ද යුධ නීතියයි එහිදී බලපවත්වන්නෙ. යුධ මෙහෙයුමකදි වෙන තත්වය විශේෂ තත්වයක්. එය සාමාන්‍ය සිවිල් තත්වයක් නොවේ. මේ නඩුවට තිබ්බ දේශිය සහ විදේශීය දේශපාලන පසුබිම සහ අධිකරණයට වෙච්ච බලපෑම් ගැන හෙළිවන සාධක එක්ක අඩුම තරමින් ඔහුට අලුත් නඩු විභාගයක් ලැබිය යුතුයි.



103 Viewers