• Home »
  • Sinhala »
  • සෝභිත හාමුදුරුවෝ සහ සරත් විජේසූරිය

සෝභිත හාමුදුරුවෝ සහ සරත් විජේසූරිය

සෝභිත හාමුදුරුවන් සිහිපත් කරමින් මහාචාර්ය සරත් විජේසුරිය, ඔබ ඇතුළු කණ්ඩායම තවත් කාවදෝ සළු පිලි දවටා ඊළඟ ජනාධිපති වේදිකාවේ තබන්නයි මේ සුදානම.මෛත්‍රී – රනිල් පත් කල අපට සාප වේවායි ඔබ කියන කතාවේ යටි අරමුණ හෝ එවැන්නක් තුලින් ගම්‍ය වන අනෙක් අදහස ඊට දායකවූ සෝභිත හිමියන්ටද ඔබේ පැතුම සමසේ එල්ල කරන්නද මහාචාර්ය තුමෝ .. තමුන්නාන්සේලා එකතුවෙලා මේ රට කබලෙන් ලිපට දාන්න ගෞරවනීය මාදුළුවාවේ සෝභිත නාහිමියන් කොන්දේසි විරහිතව පාවිච්චි කළා . උන්වහන්සේගේ තිබුණු ජාතිකත්වය , ජනතාව සමඟ වූ අසීමිත බැදියාව ජනතාව තුල උන්වහන්සේ වෙත තිබු මහා විශ්වාසය මේ සියල්ල තමුන්නාන්සේලා රනිල් මෛත්‍රී හෙවත් යහපාලන “මැවීම” වෙනුවෙන් එහෙම්පිටින්ම විකිණුවා.

තවත් කාලයක් මේ මව් පොළොව වෙනුවෙන් ශක්තියක් වන්නට තිබුණු මාදුළුවාවේ සෝභිත නම් ඒ මහා පුජනීය “ලකුණ ” තමුන්නාන්සේලා රටට දැයට අකලට නැති කළා. දැන් ඔබ ඇතුළු කණ්ඩායම එකතුවෙලා තවත් එවැනිම ගෞරවනීය හාමුදුරුවන්වහසේලා වෙතින් මේ දේශපාලන මඩ ගොඩ පාගවන්න ගන්න “ලස්සන වැඩ” අප පහුගිය දිනවල දුටුවා.

අනික මහින්ද රාජපක්ෂ තරම් තිත්ත වූ දේශපාලකයෙක් නොවුණු ඔබට දැන් ඊට වඩා වහ කදුරු වී ඇත්තේ මෛත්රිපාලය. රටට වෙන්න තියෙන නස්පැත්ති ඔක්කොම වෙන මේ මොහොත තුල දැන් ඔබේ ඒ තුලනාත්මක “සංසන්දන අප තුල ඇති කරවන්නේ දැඩි කුකුසකි ” ? ඒ ඔබ ආරක්ෂාකාරී පියවරක් අනුගමය කරමින් පාදයක් පිටුපසට ගැනීමද ? නැතහොත් එන පන්දුව පෙනෙන නිසා වැරෙන් පහරක් එල්ල කර තවත් ලකුණක් කරා යාමටද?

කෙසේ වෙතත් තවදුරටත් ඔබ ඔබට හෝ ඔබේ කණ්ඩායමට ප්‍රසිද්ධියේ ශාප ඉල්ලමින් කොළඹ 7 මහා ශාලාවල කොළ බලා කියවා දැන් වැඩක් නැත. ඔබ වැන්නකු කොළයක් බලන් කියනකොට මට හිතෙන්නේ එක පැත්තකින් ඔබ එය කී වරක් කියව කියවා සංශෝධනය කර ගන්නට ඇත්දැයි යන්න ය . අනික් පැත්තෙන් එය තවත් කීදෙනෙක් ඉදිරිපත් කරන්නට කලින් ඔබට කියවා අනුමැතිය දුන්නාද ? යන්නයි.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්න සිග්මන් ප්‍රොයිඩ් යලි නැගිටින්න ඕනෑ යැයි මහාචාර්ය සරත් විජේසුරිය නම් ඔබ කල කියැවූ කතාව එක්තරා අන්දමකින් සිග්මන් ප්‍රොයිඩ් ට කළ අපහාසයකි.රනිල් කවුදැයි මහාචාර්යතුමා නොදන්නවාට මුළු රටම දනී. සිග්මන් ප්‍රොයිඩ් වැනි ප්‍රාඥයෙකු ට නැවත ඉපදුණත් රනිල් යනු කවුදැයි ඔහුට හිතන්නට හෝ සොයන්නට තරම් එහෙම් පිටින්ම නොවටිනා සාධකයකි.

තවත් ජාතික පව් කාරකම් වලට දායක නොවී ගරු මහාචාර්ය තුමනි ඔබේ සාහිත භාෂා දැනුමෙන් මේ රටට වෙනත් අලුත් යමක් කරන්න උත්සාහ ගන්න. -

දක්ෂිණ බෝධිනායක.


108 Viewers