• Home »
  • Sinhala »
  • හඬපට නිසා ශ්‍රී ලංකාව ජිනීවාහිදී අමාරුවේ – රජය කඩිනමින් මේ ගැන ක්‍රියා කළ යුතුයි

හඬපට නිසා ශ්‍රී ලංකාව ජිනීවාහිදී අමාරුවේ – රජය කඩිනමින් මේ ගැන ක්‍රියා කළ යුතුයි

yasas-1රන්ජන් රාමනායකගේ හඬපට නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණය ස්‌වාධීන නැති බවට මානව හිමිකම් කවුන්සිලය එල්ල කළ චෝදනා මේ හඬපට නිසා තහවුරු වුණා. රජය කඩිනමින් අධිකරණය ස්‌වාධීන බව සනාථ කිරීමට පියවර ගත යුතු යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ලේකම් යසස්‌ ධර්මදාස මහතා ඊයේ (10 දා) අනතුරු අඟවමින් සඳහන් කළේය.

මෙතෙක්‌ දවස්‌ ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන කරුණු දැක්‌වීමට මානව හිමිකම් කවුන්සිලයට සහ එක්‌සත් ජාතීන්ගේ විශේෂ දූතයන්ට නොහැකිව සිටි බව ද ඒ මහතා තවදුරටත් පළ කළේය.

රන්ජන්ගේ හඬපට නිසා ශ්‍රී ලංකාව ගැන සෙවීමට විදේශ විනිසුරන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයකට මඟ පෑදුණා. රජය කඩිනමින් මේ ගැන ක්‍රියා කළ යුතුයි යෑයි ද ඒ මහතා කීවේය.

මේ හඬපට සිද්ධිය රාජ්‍ය නොවන සංවිධාන විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
(Courtesy of Lanka Lead News)

64 Viewers