• Home »
  • Sinhala »
  • හමුදාව ප‍්‍රතිසංස්කරණය කර බුද්ධි සෝදිසි කිරීම් නවත්වනු… එක්සත් ජාතීන්ගේ දූතයා තර්ජනය කරයි!

හමුදාව ප‍්‍රතිසංස්කරණය කර බුද්ධි සෝදිසි කිරීම් නවත්වනු… එක්සත් ජාතීන්ගේ දූතයා තර්ජනය කරයි!

5

  • කොටි ඩයස්පෝරාව පිළිගෙන ඇති කුර්දිස්තාන් ප‍්‍රාන්ත ආණ්ඩුව සමඟ ශ‍්‍රී ලංකාව ද තානාපති සබඳකම් පවත්වයි.
  • පාස්කු ප‍්‍රහාරය ගැන සෙවීමට ඉන්දියාව සංශෝධන නීතිරීති පණවයි
  • රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ ක‍්‍රියාකාරියා කටුනායකින් ආපසු හරවා යවයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක් යැයි පැවසුවේ එක්සත් ජාතීන්ගේ හිටපු ඇමෙරිකානු තානාපතිනි නිකී හේලියි. මේ අසූචි වළේ සිට විශේෂ සම්බන්ධීකාරක යැයි හඳුන්වන ක්ලේමන්ට් වූලි පසුගියදා මෙරටට සම්ප‍්‍රාප්ත විය. ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ඊට සම්බන්ධකම් දක්ව එන්. ජී. ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය හමුවිය යුතු පිරිස කවුරුන්ද යන්න ගැන න්‍යාය පත‍්‍රය සකස් කර තිබුණි.

මෙම න්‍යාය පත‍්‍රයේ කාදිනල් මැල්කම් රංජිත් ප‍්‍රනාන්දු සහ පාස්කු ප‍්‍රහාරයට ලක්වූ විපතට පත්වූවන් ඇතුළත් වී තිබුණේ නැත.
අපක්‍ෂපාතී සහ ස්වාධීන පුද්ගලයකු යැයි හඳුන්වාගත් ක්ලේමන්ට් වූලි එම ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් හමුවීමට උනන්දුවක් දැක්වූයේ නැත.

දින 08 ක් තිස්සේ මෙරට රැඳී සිටි මෙම එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක තමා සෑම ආයතනයකම නියෝජිතයන් හමුවූ බවත් ඔවුන් කවුරුන්ද කියා තහවුරු කරගන්නා ලෙස මාධ්‍ය පාර්ශ්වවලට කියා සිටියේය.

එසේම එන්. ජී. ඕ. කල්ලි සමඟ තමා සාකච්ඡුා කළ බවත් එම සාකච්ඡුා ගැන කිසිවක් අනාවරණය කරන්නේ නැතැයි ද ඔහු වහසිබස් දෙඩුවේය. මේ හැර සාකච්ඡුා කළේ කුමක්ද කියා තමා හෙළි නොකරන බව ද ක්ලේමන්ට් වූලි පළ කළේය.

මෙලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක සාකච්ඡුා කළ එන්. ජී. ඕ. ගැන අනාවරණය නොකළත් සාකච්ඡුා කළ රාජ්‍ය නොවන සංවිධාන කවුරුන්දැයි අපට හෙළිවිය.ඒ එදා සිටම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සම් යවන කොළඹ එන්. ජී. ඕ. තක්කඩි පිරිසයි.

මෙහිදී ඔහු ශ‍්‍රී ලංකා රජයට ද අතුල් පහරවල් එල්ල කළේය. ශ‍්‍රී ලංකාවේ බහුතරයේ (සිංහලයන්ගේ) ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට කිසිවිටෙක දඬුවම් නොකෙරෙන බව පැවසූ හෙතෙම අපරාධ නීති සංග‍්‍රහය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු නීතිරීති” අතුරුදන් කිරීම්” ඉඩම් අයිතිය” සම්පත් ලබාගැනීම යන කරුණු වටා රොක්වන ජනතාවට එරෙහිව වෙනස් කර ක‍්‍රියාත්මක කරන බව තමාගේ අවදානයට යොමු කරනු ලැබූ බව ද සඳහන් කළේය.

6මෙයට අමතරව හදිසි නීති රීති රෙගුලාසි භාවිතා කිරීම තුළින් අවිනිශ්චිත තත්ත්වය උත්සන්න වීමෙන් රාජ්‍ය නොවන සංවිධානවල සමහර සාමාජිකයන්ට සිය කටයුතු සිදුකිරීමට යන සාමකාමී රැස්වීම් පැවැත්වීමත් දුෂ්කර වී ඇති බව ද ඔහු තවදුරටත් කීවේය.

මේ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක මෙරට ආරක්‍ෂක අංශවල ප‍්‍රතිසංස්කරණයක් කර නැති බවට රජයට චෝදනා කරමින් ඉන් එන්. ජී. ඕ. සංවිධානවලට ක‍්‍රියාත්මක වීම අසීරුවී ඇති බවත් වැඩිදුරටත් පළ කරනු ලැබීය.

ශ‍්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් ක්ලේමන්ට් වූලි මෙසේ ද පවසා ඇත. ”අපේ‍්‍රල් ප‍්‍රහාරයෙන් පසු රට තුළ වෛරී භාෂණය යොදා ගැනීම් වැඩිවෙමින් පවතී. සෝදිසි කිරීමේ යෙදෙන බුද්ධි අංශ රාමුව ද තවදුරටත් ක‍්‍රියාත්මක වේ. එසේම මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට තර්ජනය කිරීම් සහ හිරිහැර කිරීම් ද සිදුවී ඇති බව වාර්තා වේ.”

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සාමකාමී රැස්වීම් පැවැත්වීමේ නිදහසත් සමාගම් පැවැත්වීමේ නිදහසත් ආරක්‍ෂා කෙරෙන අතර එම අයිතීන් අනතුරට පත්වන අවස්ථා ගැනත් මා හට වාර්තා විය. විශේෂයෙන් අයාලේ යන්නන් පිළිබඳ ආඥාපණතද සුළුතර කණ්ඩායම් ඉලක්ක කර ගැනීමට යොදාගෙන තිබේ. එසේම ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරු සහ අනිකුත් විනිසුරුවරුන් හමුවූයේ ද යන්න හෝ තමා සමඟ සාකච්ඡුා කළ පිරිස් ගැන හෙළි නොකරන්නෙමි.

මෑතකදී රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ නීති සහ ප‍්‍රති ත‍්‍රස්ත සහ ඒකාබද්ධ සේවා නියුක්ති කෙටුම්පත් සකස් කිරීම ඇතුළත් නීති ප‍්‍රතිශෝධන මාලාවක් යෝජනා විය. මේ ගැන රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය ප‍්‍රකාශ වීම නිසා අදාළ ඇමැතිවරයා එම රාජ්‍ය නොවන සංවිධාන කෙටුම්පත ඉවත් කරගෙන ඒ වෙනුවට සිවිල් සමාජයට තමන්ගේම කෙටුම්පතක් නිර්මාණයට අවස්ථාව දී තිබේ.”

ටෝගෝ රාජ්‍යයේ මානව හිමිකම් සංවිධානය ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සහ බටහිර අප‍්‍රිකානු මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රැසක කටයුතු කළ මේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මෙරටදී කළ ප‍්‍රකාශයෙන් සනාථ වූයේ ඔහු කොළඹ” උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වලදී එන්. ජී. ඕ. ප‍්‍රධානීන් ඉදිරිපත් කළ කරුණුවලට පමණක් සවන් දුන් බවයි.

මෙලෙස ශ‍්‍රී ලංකාවට චෝදනා කරන ටෝගෝ රාජ්‍යයේ පුරවැසියකු වූ ක්ලේමන්ට් වූලි ටෝගෝ රාජ්‍යයේ සිදුවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාදාමයන් ගැන හඬ නඟා නැත.

මෙහි දැක්වෙන්නේ ටෝගෝ රාජ්‍යයේ සිදුවීම්ය.

  • ගතවූ වසර පහ තුළ ටොගෝ ආරක්‍ෂක හමුදාව සාමකාමී විරෝධතාවලදී පුද්ගලයන් රැසක් මරාදැමූ අතර මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් රකින්නන් අත්අඩංගුවට ගෙන ඇත.
  • දේශපාලන පක්‍ෂ රැස්වීම් සහ මානව හිමිකම් රැස්වීම් තහනම් කිරීම.
  • මානව හිමිකම් රකින බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට දුන් ප‍්‍රතිඥා ඉටු කිරීමට ටෝගෝ රජය අසමත් වී ඇත. – ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල්
  • ටෝගෝ රාජ්‍යයේ කාන්තාවන්ට වෙනස්කම් කිරීම එක්සත් ජාතීන්ගේ වාර්තාව -703 සහ 704.

7මෙලෙස තම රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා සිදුවන අවස්ථාවේ වූලි ශ‍්‍රී ලංකාවට උපදෙස් දීම විහිළුවක් නොවේද?

මේ අතර විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක අධිකරණ නිලධාරීන් සමඟ සාකච්ඡුා කිරීමට ඉඩදෙන ලෙස ලිපියක් යැවීමේ සිද්ධිය බෝම්බ පිපිරීමක් බවට පත්වීමය.

විදේශ කටයුතු බලධාරීන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්ට මෙයට පෙර ද දොර විවෘත කරනු ලැබීය.

2017 වසරේ දෙසැම්බර් 4 දා බෙන් එමර්සන් නමැති විශේෂ වාර්තාකරු මෙරටට පැමිණ වැලිකඩ සිරගෙය” ත‍්‍රස්ත මර්දන ඒකකය” පනාගොඩ හමුදා කඳවුර” කටුනායක රහස් පොලිස් ඒකකය” අනුරාධපුර සිරගෙය” මුතුරාජවෙල නාවික කඳවුර” වවුනියා හමුදා මූලස්ථානය” ත‍්‍රිකුණාමල වරාය පොලිසිය සහ රහස් පොලිස් මූලස්ථානය යන ස්ථාන පරීක්‍ෂා කිරීමට ක‍්‍රියා කළේය. ඔහු රැඳවුම් භාරයේ සිටි හිටපු කොටින්ගෙන් කටඋත්තර ගැනීමට ද කටයුතු කරනු ලැබීය.

මේ බරපතළ ක‍්‍රියාදාමය ජනාධිපති වෙත වාර්තා වීමෙන් පසු විදේශ ලේකම්වරයා ඉවත් කෙරුණි.

එවන් තත්ත්වයක් මැද ඉන්දියාව එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක ඉන්දියාවට පැමිණ අධිකරණ නිලධාරීන් හමුවී සාකච්ඡුා කිරීමට හෝ සිරගෙවල් පරීක්‍ෂා කිරීමට ඉඩ දෙන්නේද?

මෑතකදී එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වූ ඇග්නස් කැලැමැද්” ඩයනිසස් යුරාස් සහ නිලම් මෙල්ෂර් විසින් ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වාර්තාවක් ප‍්‍රකාශ කළ අවස්ථාවේ එම විශේෂ වාර්තාකරුවන් සමඟ කිසිදු සන්නිවේදන ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැතැයි ඉන්දියාව තරයේ ප‍්‍රකාශ කරනු ලැබීය.

මේ හැර ඇමෙරිකාවේ ආගමික නිදහස පිළිබඳ නියෝජිත කණ්ඩායමට ඉන්දියාවට ඒමට වීසා බලපත් ලබාදීම ද ප‍්‍රතික්ෂේප විය.

එහෙත් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුට අධිකරණ බලධාරීන් හමුවීම සඳහා ඉඩදීම ගැන විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීම නිසා රජයේම ඉංග‍්‍රීසි පුවත්පතක සේවය කරන ඇමෙරිකානු කාන්තාවක් ඊට එරෙහි වී ඇත. ඇය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ විරෝධය හඳුන්වා ඇත්තේ ස්වෛරීභාවයේ භීතිය යනුවෙනි.

මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක මෙරටට පැමිණියේ උතුරේ කොටි හිතවාදීන් මුහුණ පා ඇති තත්ත්වය ගැන පමණක් නිරීක්‍ෂණය කිරීමට බව ඔහු උතුරේදී කළ ප‍්‍රකාශවලින් තහවුරු විය. ආරක්‍ෂක අංශ ද්‍රවිඩ විරෝධතාකරුවන්ට වෙනස්කම් කරනවා යැයි ක්ලේමන්ට් වූලි කියා සිටීමෙන් ඒ බව තවදුරටත් සනාථ විය.

පොලිසිය ද්‍රවිඩ විරෝධතාකරුවන් මර්දනය කිරීමට අධිකරණ නියෝග ලබාගන්නා බව ද මෑතකදී ත‍්‍රිකුණාමලයේ කන්නියා උණුදිය උල්පත් ඇති ප‍්‍රදේශයේ විරෝධතාවයට පැමිණි පිරිස රැගත් බස් රිය නතර කළ බවත් එම ප‍්‍රදේශයට යෑමට ද්‍රවිඩයන් ගත් උත්සාහය ද පොලිසිය ව්‍යර්ථ කළ බවත් වූලි තවදුරටත් සඳහන් කළේය. එසේම මුලතිව්හි කෙප්පිලාවු ප‍්‍රදේශයේ හමුදා කඳවුර ඉදිරියේ පැවති විරෝධතාව හමුදාව කඩාකප්පල් කළ අතර විරෝධතා පුවරු විනාශ කළ බව ද ඔහු පළ කළේය.

8එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක මේ සිදුවීම් දුටුවේ නැත. එහෙත් කෙප්පිලාවු විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් පැවසූ තොරතුරු ඔහු විශ්වාස කළේය. මේ සාවද්‍ය තොරතුරු 2020 මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට ක්ලේමන්ට් වූලි ක‍්‍රියාකරනු ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධව 2289 ක් අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් එම පිරිසට එරෙහිව නඩු පැවරීමක් සිදුවී නැත. අත්අඩංගුවට ගත් පිරිසගෙන් 1820 ක් මුස්ලිම් ජාතිකයන් වන අතර 139 ක් ද්‍රවිඩයන්ද සිංහලයන් 330 ක් ද අත්අඩංගුවේ පසුවේ. මෙලෙස අත්අඩංගුවට ගත් අයගෙන් 1655 ක් ඇප මත මුදාහැර තිබේ.

මේ ප‍්‍රහාරයේ සුලමුල කල්තියා හෙළිකර ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වුවත් ඉන්දීය පොලිසිය ජාතික තව්හිද් ජමාත් කල්ලියේ සන්නිවේදන ජාලයට සම්බන්ධව ප‍්‍රහාර සැලසුමේ තොරතුරු හෙළිකර ගත් බව නවදිල්ලියේ ගැටුම් කළමනාකරණ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අජායි සහනි මුල්වරට හෙළිකර ඇත.

ඉන්දීය බලධාරීන් මේ කණ්ඩායම හඳුනාගත්තා. එසේම ඉලක්ක කුමක්ද යන්නත් දැනගත්තා. ප‍්‍රහාර එල්ලවන්නේ කවදාද යන්නත් සොයාගනු ලැබුවා. බෝම්බකරුවන් සිටින්නේ තොතැනද කියා දැනගෙන තිබුණා. මේ සියලූ තොරතුරු ශ‍්‍රී ලංකාවේ රජයට දැනුම්දෙනු ලැබුවා යැයි කියාසිටියේය.

ප‍්‍රහාරය එල්ලවීමට සති දෙකකටත් පෙර එනම් අපේ‍්‍රල් 4 දා මෙම ප‍්‍රහාරය ගැන ශ‍්‍රී ලංකාවට දැනුම් දී වැදගත් පල්ලිවලට ප‍්‍රහාර එල්ලවන බවට අනතරු ඇඟවූ බව ද හෙතෙම පළ කළේය.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය එල්ලවීමට පෙර ඉන්දියාව සිය අවසාන අනතුරු ඇඟවීම කළ බව ද අජායි සහානි තවදුරටත් කීවේය.

මෙවන් පසුබිමක් මැද ඉන්දීය බලධාරීන් පාස්කු ප‍්‍රහාරය ගැන කඩිනමින් ක‍්‍රියාත්මක වන බව පසුගිය ජුලි 25 දා ප‍්‍රකාශයට පත් වූ එරට ජාතික විමර්ශන ඒජන්සියට අදාළ සංශෝධනයෙන් තහවුරු විය.

ශ‍්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීම සහ ඊට අදාළව නඩුවක් ගොනු කිරීම සඳහා මෙම විමර්ශන ඒජන්සිය වෙත අධිකරණ බලයක් නොතිබුණි. එහෙත් මෙම නව සංශෝධනයෙන් ඊට බලය හිමි වී ඇත. එහෙත් ජාතික තව්හිද් ජමාත් සංවිධානය තහනම් කිරීම සඳහා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලූ විට ඊට අදාළ ලිපිගොනුව දිගු කළක් තිස්සේ ලාච්චුවේ තබාගෙන තිබුණි. ඒ ගැන වගකිවයුතු නීතිවේදී අසීස් මලික් ක‍්‍රියාත්මක වී නැත. එහෙත් ඉන්දීය රජය පාස්කු ප‍්‍රහාරයෙන් දින 95 ක් ගතවන අවස්ථාවෙ තම විමර්ශන ඒජන්සියට බලය ලබාදීමේ සංශෝධනය රැගත් නියෝගය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

එම සංශෝධනය යටතේ ඉන්දියානුවන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාර විදේශ රටවල ඇති ඉන්දීය හිමිකම් සහ ඉන්දීය සබඳතා ගැන විමර්ශන කළ හැකිය.

ඉන්දීය බලධාරීන් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ වීඩියෝපටයක් ද සොයාගෙන ඇත.

මෙම වීඩියෝපටයෙන් සහරාන් හෂීම් ශ‍්‍රී ලංකාව” තමිල්නාඩුව සහ කේරළයේ මුස්ලිම් තරුණයන් අමතමින් කලාපයේ ඉස්ලාමීය පාලනයක් ඇති කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා ඇත. එසේම පාස්කු ප‍්‍රහාරයත් සමඟම ඉන්දීය විමර්ශන ඒජන්සිය කේරළයේ පදිංචිකරුවකු වූ රියාස් හෙවත් රිසාක් අබුබකර් නමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු සහරාන් හෂිම් සමඟ සබඳකම් පවත්වා ඇතැයි සොයාගෙන ඇත.

මේ අතර 1983 ජූලි 23 දා ඇති වූ කළුජූලිය හෙවත් ජූලි කලබලය ගැන හඬනඟන පාර්ශ්ව එදින සිදුවූ හමුදා භටයන් 13 ක් ඝාතනය වීමේ සිද්ධිය අමතක කර ඇත.

යාපනයේ මාදගල් හමුදා කඳවුරට සම්බන්ධ ලූතිනන් වාස් ගුණවර්ධන” හමුදා භටයන් වූ එච්. ජී. රාජතිලක” කේ” සී. කරුණාරත්න” එස්. ඒ. මනතුංග” ඒ. ජේ. විජේසිරි” එස්. එස්. අමරසිංහ” ඞී. එන්. මනම්පිටිය” එම්. ඞී. සුනිල්” ජී. රොබට්” ඒ. ජේ. ආර්. ප‍්‍රනාන්දු” කොප්රල් ජී. ආර්. පෙරේරා” ලාන්ස් කෝප්රල් ජී. ඞී. පෙරේරා” සැරයන් එස්. අයි. තිලකරත්න යන කණ්ඩායම කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කර ඇතත් ඔවුන්ට සැමරීමට ක‍්‍රියාකර නැත.

එසේම 1986 ජූලි මස සිට 2006 ජූලි මස දක්වාත් කාලය තුළ ඝාතනයට වූ සිංහල වැසියන් සැමරීමක් ද සිදුවී නොමැත.

මේ එම සිදුවීම්ය.

  • 1986 ජුලි 08 – වවුනියාවේදී සිංහල වැසියන් 15 ක් ඝාතනය කිරීම.
  • 1986 ජුලි 13 – වවුනියාව පාවන්කුලමේදී සිංහලයන් 11 ක් මරාදැමීම.
  • 1986 ජුලි 17 – කන්තලේ සීනි කම්හල් භූමියේදී සිංහල වැසියන් 10 ක් ඝාතනය කිරීම.
  • 1986 ජුලි 19 – පොලොන්නරුවේදී සිංහල වැසියන් 12 ක් ඝාතනය විය.
  • 1986 ජුලි 22 – වවුනියා මාම්වඩුහිදී බස්රථයක් පුපුරුවා හැරීම තුළින් මගීන් 32 ක් මරුමුවට පත්වීම.
  • 1986 ජුලි 24 – අම්පාර සිංහල වැසියන් 9 ක් මරාදැමීම.
  • 1988 ජුලි 28 – වැලිඔය ප‍්‍රදේශයේදී සිංහල වැසියන් 8 ක් ඝාතනය කිරීම.
  • 1990 ජුලි 25 – ත‍්‍රිකුණාමල වාන් ඇළ ප‍්‍රදේශයේදී සිංහල වැසියන් 9 ක් කපාකොටා මරාදැමීම.
  • 1990 ජුලි 26 – මැදවච්චියේදී සිංහල වැසියන් 19 ක් මරාදැමීම.
  • 1993 ජුලි 25 – ජනකපුර ගම්මානයට පහරදී සිංහල වැසියන් 9 ක් ඝාතනය කිරීම.
  • 1996 ජුලි 04 – බි‍්‍රගේඩියර් හමංගොඩ සහ පොලිස් අධිකාරි කාලයිල් ඩයස් කොටි බෝම්බකරුවකුට ගොදුරු වීම.
  • 1996 ජුලි 18 – මුලතිව් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල වී හමුදා භටයන් 1100 ක් ඝාතනය වීම.
  • 1996 ජුලි 24 – දෙහිවලදී දුම්රියක බෝම්බ පිපිරී සිවිල් වැසියන් 80 ජීවිතක්‍ෂයට පත්වීම.
  • 2006 ජුලි 15 – කැබිතිගොල්ලෑවේදී ලංගම බස්රියකට ප‍්‍රහාර එල්ල වී මගීහු 67 ක් ඝාතනය වීම.
  • 2006 ජුලි 26 – මේජර් ජෙනරාල් පාරමි කුලතුංග ගමන් කළ රියට පන්නිපිටියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු කඩාවැදීම.

9

  • මේ හැර 1990 අගෝස්තු 3 දා කාතන්කුඩි මුස්ලිම් පල්ලියට එල්ල වූ කොටි ප‍්‍රහාරයෙන් බැතිමතුන් 141 ක් ඝාතනය විය.

මේ අතර ශ‍්‍රී ලංකා රජය ඉරාකයෙන් වෙන් වී කුර්දිස්තාන් ප‍්‍රාන්ත රජය නමැති බෙදුම්වාදීන් සමඟ තානාපති සබඳතා ඇතිකරගෙන ආහ.

මෙම බෙදුම්වාදී ප‍්‍රාන්ත රජයේ අගමැති මසුර් බර්සානි හමුවූ ඉරාකයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වන බව පවසා තිබේ.

මෙයට කලකට පෙර යුරෝපයේ ඊළාම් පාපන්දු කණ්ඩායමක් කුර්දිස්තානයේ අර්බිල් නුවරට පැමිණ කුර්දි පාපන්දු කණ්ඩායමක් සමඟ තරගයකට සහභාගි වී ඇත.

මෙම ප‍්‍රාන්ත රජය ඇමෙරිකාව පිළිගෙන ඇති නිසා ශ‍්‍රී ලංකාව ද එකී ක‍්‍රියාදාමය අනුගමනය කර තිබේ.

2012 වසරේදී කුර්දිස්තාන් ප‍්‍රාන්ත ආණ්ඩුව විසින් ඊළාම්වාදීන්ව පිළිගනු ලැබූ අතර ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගය සඳහා අර්බිල් නුවරට ඒමට අවසර දී තිබුණි.

අර්බිල් පාපන්දු ක‍්‍රීඩාංගණයේ ලොව අනිකුත් රටවල ධජ සමඟ කොටි ධජයද ඔසවා තිබුණි.

මෙලෙස කොටි ඩයස්පෝරාව සමඟ සබඳකම් පවත්වන කුර්දිස්තාන් ප‍්‍රාන්ත රජය සමඟ ශ‍්‍රී ලංකාව තානාපති සබඳතා පැවැත්වීමට ද්‍රෝහි ක‍්‍රියාවක් නොවේද? මේ නිසා මෙරට විදේශ කටයුතු බලධාරීන් සතුරන් සමඟ ද එක්වී ඇති බව තහවුරු වේ.

මේ සතියේ දිනෙක ලන්ඩන් නුවර කොටි ක‍්‍රියාකාරියකු වූ කවිරාජ් ෂන්මුගනාදන් නමැත්තා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස හඳුන්වාගනිමින් කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළුවීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. ඔහුව මෙරටට කැඳවා තිබුණේ උතුරේ කොටි ක‍්‍රියාකාරීන් විසින් ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්වමින් ලන්ඩන් නුවරදී විරෝධතා පැවැත්වූයේ මේ කවිරාජ් නමැති කොටියායි.

මේ අතර තවත් විශ්මයජනක සිද්ධියක් වාර්තා විය. ඒ නෝර්වේහි ඔස්ලෝ නුවර පදිංචිකරුවකු වන ද්‍රවිඩයෙක් විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ත‍්‍රස්ත මර්දන ඒකකය තමාව ශ‍්‍රී ලංකාවේදී ඝාතනය කිරීමට සැලසුම් කරන බව කියමින් වත්මන් ආරක්‍ෂක ලේකම්ගෙන් පොලිස් ආරක්‍ෂාව ඉල්ලීමයි. මොහු මෙයට පෙරද ශ‍්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස් මන්ත‍්‍රිනී විජයකලා මහේෂ්වරන් සමග දේශපාලන රැස්වීම් වලට සහභාගි විය. එසේම ඔහු ආරක්‍ෂක ලේකම්ට යවා ඇති ලිපියේ දක්වා ඇත්තේ තමාට ශ‍්‍රී ලංකාවේදී පොලිස් ආරක්‍ෂාව

ලබාගැනීමට යුද මහාචාර්යවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකු සහය වූ බවයි. මොහු වෙනින් කවුරුත් නොව සිංගප්පූරුවේ සිට ක‍්‍රියාත්මක වන ව්‍යාජ යුද මහාචාර්යවරයෙකි. කොටි පරාජය කළ නොහැකි බව පැවසුවේ මේ පුද්ගලයායි

134 Viewers