• Home »
  • Sinhala »
  • හිමිවරුන් 31 නමකගේ ලෙයින් තෙත්වුන අරන්තලාව පුද බිමට දෙමුද උදව්වක්‌?

හිමිවරුන් 31 නමකගේ ලෙයින් තෙත්වුන අරන්තලාව පුද බිමට දෙමුද උදව්වක්‌?

අරන්තලාව කීවාම අපිට මතක්‌ වෙන්නේ 31 නමක්‌ හිමිවරු කොටින් විසින් ආමානුෂික ලෙස ඝාතනය කළ ස්‌ථානයයි. අරන්තලාව උතුරු නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මෙම ස්‌ථානයේ මනරම් පුදබිමක්‌ ගොඩනැගුවා. ඒ සඳහා උන්වහන්සේ මහත් වෙහෙසක්‌ දැරුවා. එදා ඒ හිමිවරුන් ගමන් ගත් බස්‌ රියේම ඒ මහා ෙ€දවාචකය නැවතත් නිර්මාණය කළා. බොහොම මහන්සියෙන් ගොඩනගාගෙන යන මෙම පුදබිමේ අඩු පාඩු ගොඩයි. භික්‌ෂූන් වහන්සේලාට වැඩ හිඳින්න ආවාස ගෙයක්‌ ගොඩනගන්න යනවා. දැන්නම් බිත්ති බැදලා ඉවරයි. වහලයේ වැඩ කරන්න ඉතිරි වෙලා තියෙනවා. ඒ වැඩ අවසන් කරන්නේ කොහොමද කියලයි දැන් ගැටළුව. ඒ සත්a කාර්යයට ඔබට පුළුවන් ආකාරයට දායක වෙන්නට හැකිනම් එය මෙම පුදබිම ගොඩනගන්න මහත් ශක්‌තියක්‌ වනු නොවනුමානයි.

0718 3333 22 යන දුරකතන අංකයෙන් ඔබට මෙම සත්aකාරය සඳහා සෝමරතන නාහිමියන්ගෙන් තොරතුරු දැනගත හැකියි.

මුහුදු මහා විහාරයට තවමත් මහා ගැට`ඵ

පොතුවිල් මුහුදු මහා විහාරයේ ගැටළු තවමත් විසඳිලා නැහැ. ඉඩම් ආරවුල තවමත් මහා ඉහළින් තිබෙනවා. මෙම පුද බිම ආසන්නයේ තිබෙන සෙක්‌කුගල ගිණි තියලා සති කිහිපයක්‌ වුණත් අල්ලගත්ත කෙනෙක්‌ නැහැ. අනවසරයෙන් වැලි ගොඩ දානවා. ඉස්‌සර මෙතන අක්‌කර 263 ක්‌ තිබිලා තියෙනවා. පස්‌සෙ 73 කට අඩුවෙලා. පස්‌සෙ කාලෙක ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේ මෙම ස්‌ථානයේ ජයභූමි ඔප්පු 38 ක්‌ දීලා ඉඩම් බෙදලා තියෙනවා. මේ වන විට පුරාවිද්‍යාවට අක්‌කර 30 කට වැඩි ප්‍රමාණයක්‌ තිබ්බත් ඒවත් නිසි පරිදි මැනලා නැහැ. අන්තවාදීන්ගෙන් දිගින් දිගටම නිමක්‌ නැති කරදර වෙන මෙම පුදබිම රැකගන්නට මෙම විහාරස්‌ථානය රැකගන්නට නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝ නායක මුහුදු මහා විහරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි හිමියන් සමගින් මෙම පුදබිමේ වැඩ වාසය කරන උඩතලමත්තේ රතනප්‍රිය හිමියන් ඇතු`ඵ හිමිවරුන් මහත් වෙහසක්‌ ගිනිමින් සිටිනවා.

කුඩුම්බිගල පුදබිමේ ලෙන් නොමැතිව හිමිවරුන්ට ගැටළු

කුඩුම්බිගල පුදබිම් කියන්නේ නැගෙනහිර පළාත් තිබෙන සුවිශේෂී පුදබිමක්‌. මෙහි පුද බිම පිහිටා තිබෙන වන පෙතේ ලෙන් සිය ගණනක්‌ තියෙනවා. අතීතයේ 12000 ක්‌ රහතන් වහන්සෙලා වැඩ වාසය කළා කියලයි කියන්නේ. යුද්ධයට පෙර මෙම පුදබිම අශ්‍රීතව ලෙන් 30 කට වැඩි ප්‍රමාණයක්‌ සිවුරළුමුල්ලේ ධම්මසිරි හිමියන් විසින් ප්‍රතිසංස්‌කරණය කරලා භාවිතයට ගත්තා. පස්‌සේ යුද්ධය නිසා ඒවාත් කැලෑවට යටවෙල විනාශ වුණා. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පැල්වත්තේ බුද්ධවංශ හිමියන් සමගින් තපෝවනවාසී ගිරාතලානේ ධම්මිස්‌සර හිමි ඇතු`ඵ හිමිවරුන් මෙම පුදබිම රැකගන්නට මහත් වෙහසක්‌ දරනවා.

මේ පිsළිබඳව කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පැල්වත්තේ බුද්ධවංශ හිමියන් මෙසේ අදහස්‌ දැක්‌වූවා.

මේ වන විට මෙම ස්‌ථානයේ භික්‌ෂූන් වහන්සේ දහ නමකට වැඩ වාසය කරන්න හැකි ලෙන් කිහිපයක්‌ තමයි පාවිච්චියට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතිරි ලෙන් භාවිතයට ගන්න බැරි මට්‌ටමින් තිබෙනවා. කොටසක්‌ පිළිසකර කරන්න ගියා. මේ වන විට පුරාවිද්‍යාවේ නිළධාරින්ගේ අනුමැතිය නොමැතිකම නිසා ඒ වැඩ අතර මග නැවතිලා තියෙන්නේ. ඒ නිසා භික්‌ෂූන්a වහන්සේලා මෙම පුද බිමට පැමිණිලා භාවනා කරන්නට නොහැකි වෙලා තියෙනවා. මේ වන විට මෙම පුදබිමෙහි වැසිකිළි ඉදිකරන්නට ගොඩනැගිල්ලක්‌ ඉදිකරන්නට පුරාවිද්‍යාවෙන් අවසර දුන්නා. ඒ වාගේම අම්පාර සහකාර පුරා විද්‍යා අධ්‍යක්‌ෂක නිල්මල්ගොඩ මහතා මේ වන විට මෙම පුදබිම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටිනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මෙම පුදබිමේ ලෙන් පිළිසකර කරන්නට පුරාවිද්‍යාවෙන් අපිට සහය දෙයි කියලා යනුවෙන් බුද්ධවංශ හිමියන් පවසා සිටියා.

සුසන්ත අමර බන්දු


120 Viewers