• Home »
  • Sinhala »
  • ෆොන්සේකා යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව රට පාවා දෙන්නෙකු වෙලා

ෆොන්සේකා යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව රට පාවා දෙන්නෙකු වෙලා

bc659e7c2b031adef36f977085ef73ba_L

අද වන විට සරත් ෆොන්සේකා මහතා යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව රට පාවා දෙන්නනෙකු බයට පත්ව ඇති බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.

ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ලවී ඇති යුධ අපරාද චෝදනා සම්බන්දයෙන් අදහස් පල කිරීමට පසුගිය දා (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළ කලේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා මෙලෙස අදහස් පළ කලේය.

“සරත් ෆොන්සේකා මහතා යුද්ධය කරන අවස්ථාවේදී එතුමන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුවෙ සෙත් පැතුවෙත් මේ රටේ දේශප්‍රේමි ජනතාව විතරයි. නමුත් එතුමන් අද වන විට සම්බන්දවී සිටින්නේ එදා ඕන ගොනෙකුට පුලුවන් යුද්ධ කරන්න කියල ෆොන්සේක මහත්මයව බිමට ඇදල දාපු කිරිඇල්ලල, රවී කරණානායක, රනිල් වික්‍රමසිංහ එක්ක.

සරත් ෆොන්සේක මහතාට දේශපාලන දැනුමක් නැති බව අප කවුරුත් පිලිගත යුතු දෙයක්. අනෙක් කරුණනම් පවුල් වාදයට විරුද්ධව මැතිවරණයට පැමිණ තම පක්ෂය තම භාර්යාවට අන්තිම කැමති පත්‍රයකින් ලියල දීපු පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතාට රනිල් වික්‍රමසිංහ මහත්මය විසින් පවරන ලද රාජකාරියක් තියෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ උසී කිව්වහම ෆොන්සේක මහත්තය බුරන්න ඕන. අන්න ඒ ටොමියගෙ ජවනිකාව තමා එතුම දැන් රගපාන්නෙ. ඒ නිසා ඔහු මේ වනවිට යුධ විරුවාගේ භූමිකාවෙන් ඉවත්ව වෛරයෙන් මත්වෙලා රට පාවාදෙන තත්වයට පත්වෙලා“ යැයිද බැල්ලන්තුඩාව මහතා පැවසී ය.

791 Viewers