යක්‌ෂාගමනය

unnamedඅද ලෝකයේ සෑම රටකම ස්‌වාධීන රාජ්‍යයන් ඉල්ලා නොයෙක්‌ ජනවර්ග සටන් කරනු අපට පෙනේ. ස්‌පාඤ්ඤයේ කැටලෝනියාවේ සිදුවූයේ ද, ඉතියෝපියාවේ එරිත්‍රියා රාජ්‍ය කුඩා රටක්‌ වූවා මෙන්ම, ඉන්දුනීසියාවේ රාජ්‍යයන් වෙන් වුයේ මෙසේය. ඉන්දියාව බලෙන් මෙන් කාෂ්මීරය රඳවාගෙන සිටී. එය කොයි මොහොතේ කැඩී වෙන්වේ දැයි කිව නොහැක. තමන්ගේ රටේ තමන් විඳින ආර්ථික අහේනිය මෙයට හේතු වේ. කඩා වෙන්වුවහොත් තමන්ගේ වරද රජය වෙත පවරා කඩා වෙන්වීමට තැත් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.

ඩී.එස්‌. සේනානායක මහතාගෙන් පසුව, මෙරට බිහිවූ කිසිම රාජ්‍ය නායකයකු ඉත සිතින් මෙරට පවතින වාර්ගික අර්බුදය නිම කිරීමට සද්භාවයෙන්ම ඉදිරිපත් වූයේ නැති බව මගේ අදහසයි.

1956 ට පෙර මෙරටේ සියලුම ජාතීන් ජීවත් වූයේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙරටුකොට ගෙනය. 1956 බණ්‌ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට කළ පොරොන්දුවෙන් පසුව, මෙතෙක්‌ කල් ජාතීන් අතර සමානාත්මතාවය පැතිරවූ ද, ජාතීන් අතර විසන්ධියක්‌ නැති තරමට රාජ්‍ය කළාවූ ද, සර් ජෝන් කොතලාවල ද ඡන්දය දිනීමේ බලාපොරොත්තුවෙන් එක්‌සත් ජාතික පක්‌ෂය ද, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු විය. සියලුම ද්‍රවිඩ නායකයන්ගේ මතය වූයේ කිසිකලෙක සිංහල නායකයන් තමන්ගේ අයිතිවාසිකම් ලබා නොදෙන බවය. මෙතෙක්‌ කල් සියලුම ජාතීන්ට සමානාත්මතාවයේ හා සහෝදරත්වයේ මන්ත්‍රය ජපකළ ලංකා සමසමාජ පක්‌ෂය ද කැබිනට්‌ ඇමැතිකම්වලට ලොබින් සිරිමාවෝගේ සාරි පොටේ එල්ලී තම ප්‍රතිපත්ති පූජා කළ හැටි ගැන මම දැන් පුදුම නොවන්නේ අද දේශපාලඥයන්ගේ පෙරළි හා පුටු මාරු කිරීම් මීට වඩා ප්‍රබලව කරන හෙයිනි. එදා ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ විශාල ඡායාරූපයකින් අපට පෙන්නුම් කළේ මැතිනිය සමඟ සුදුවතින් සහ උපාසක ඇඳුමින් සැරසුණු ලංකා සමසමාජ පක්‌ෂයේ නායකයන් වූ කොල්වින්, එන්.එම්. පෙරේරා සහ ලෙස්‌ලි ගුණවර්ධන මැතිනිය සමඟ පන්සිල් ගන්නා ආකාරයයි. දෙමළ ජනතාවට නොයෙකුත් පොරොන්දු දී ඔවුන්ගේ ඡන්දය ලබාගෙන, ඔවුන්ගේ ඉල්ලීම්වලට පයින් ගැසූ සියලුම රාජ්‍ය නායකයන් බොහොමයක්‌ බිහි වූයේ 1956 න් පසුව, බලයට පත්වූවන්ය.

හොඳ සිංහල, බෞද්ධ, ගැමි පවුලකින් පැවත එන මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරටේ මා දැක ඇති මෙතෙක්‌ බිහිවූ ජාතික සංහිඳියාව වෙනුවෙන් Rජුවම පෙනී සිටිමින් ඔහු දුන් පොරොන්දු ඉටුකිරීමට මහත් අධිෂ්ඨානයෙන් කටයුතු කරන එකම ජන නායකයා ලෙසය. එම නිසාම සිංහල බෞද්ධ විරෝධය ඔහුට එරෙහිව උත්සන්න වෙමින් තිබෙන අතර, ඒ බව අතිශයින්ම නින්දිත චරිත ඝාතනයන්ට ද, ඔහුට මුහුණ පාන්නට සිදුව ඇත. එහෙත් මේ කිසිවකින් සැලෙන බව අපට පෙනෙන්නට නැත. ඔහුගේ සාමකාමී පිළිවෙතට එරෙහි වන සියලු දෙනාම නැවත වරක්‌ මර්දනකාරී යුගයකට පිවිසිය යුතු යෑයි ප්‍රසිද්ධියේ කියති.

එයට හේතු රාශියක්‌ ඇත. මීට පෙර එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මහතාට වූයේ ද මෙයමය. බණ්‌ඩාරනායක මහතාගේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු න්‍යාය නිසාම, ඔහුට එරෙහිව කම්කරුවන් මගින් දේශපාලන සටන් දියත් කළේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි. එදා බණ්‌ඩාරනායක මහතාට තම ප්‍රතිපත්තිවලට පයින් ගසා කම්කරුවන් මර්දනය කිරීමට අවස්‌ථාවක්‌ තිබූ නමුත්, ඔහු එය පිළිකෙව් කළේය. මේ නිසාම, ඔහු දුර්වල පාලකයකු ලෙස ජනතාව ඉදිරියේ දී සනිටුහන් විය. මාසයකට වෘත්තීය සමිති විරෝධතා හා වැඩ වර්ජන සෑම දිනකම පාහේ පැවතිණ. මුළු රජයම අකර්මණ්‍ය විය. මෙහිදී පුදුමය වන්නේ මෙවැනි නීති විරෝධි වැඩ වර්ජනවලට එරෙහිව නීතිය පාවිච්චි කිරීමට බණ්‌ඩාරනායක මහතා අපොහොසත් වන විට ව්‍යංගයෙන් කියා සිටියේ එක්‌සත් ජාතික පක්‌ෂය ගෙන ගිය කම්කරු විරෝධී මර්දනකාරී වැඩපිළිවෙළ නැවත රාජ්‍ය පාලනයට නතුකර නොගැනීමෙන් බණ්‌ඩාරනායක මහතා දුර්වල පාලකයකු බවය. ඔහුට ‘සෙවල බණ්‌ඩා’ යෑයි කියා සිටියේ මෙහෙයිනි. ඉතිහාසය නැවත වරක්‌ එම යුගයට ගෙනගොස්‌ නීතියේ රීතිය ස්‌ථාපිත කිරීමටත්, මෙයට එරෙහිව හඬනැගූ කම්කරුවන්ට ධීවරයන්ට හා වතුර ඉල්ලූ වැසියන්ට වෙඩි තැබූ වග තම සටන් පාඨය කර ගනිමින් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්‌ෂගේ වැඩපිළිවෙළ සේ, ක්‍රියා නොකොට කිසිම වෙඩිල්ලක්‌ පාවිච්චි නොකර වතුර ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ පාවිච්චි කොට මෙම පෙළපාලි මර්දනය කිරීමට යැමෙන් ඔහු නිවට පාලකයකු ලෙසට, මහජනතාව මර්දනය කළ දේශපාලන පක්‌ෂවලට හිතැති අය කියති.

මෛත්‍රිපාල සිරිසේන හැරුණු විට කීපවතාවක්‌ම යාපනය අර්ධද්වීපයට ගොස්‌ ජනතාව හමුවූ වෙනත් ජනාධිපතිවරයකු ගැන මම දන්නේ නැත. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ඉතාම ජාතිවාදී ප්‍රකාශයක්‌ කරමින් ෙµඩරල් රාජ්‍යයකින් පමණක්‌ මෙම ප්‍රශ්නය විසඳිය හැකි බව කියා සිට මුළු දකුණම ගිනි ඇවිළවූ අවස්‌ථාවක දී ජනාධිපතිවරයා මේ කිසිවක්‌ ගණන් නොගෙන විග්නේෂ්වරන් මහතාගේ උත්සවයට සහභාගිවී කථාවක්‌ පවත්වනු අපි දුටිමු.

සිවාජිලිංගම්ගේ හා විග්නේෂ්වරන්ගේ ක්‍රියාවලියෙන්ම ඉතා පැහැදිලිවම යමක්‌ ගම්‍ය වේ. එනම් සාධාරණ බලය බෙදීමකට බොහෝ දෙනා ඇපකැප වුවත්, බලය ලබාගැනීමට සිටින නායකයන් එම බලය සාධාරණ යුක්‌ති සහගත විනිවිදභාවයෙන් යුක්‌තව ක්‍රියාත්මක කළේ දැයි සැකයක්‌ ඇතිවනු ඇත. සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්‌සිනා පමණක්‌ නොව, ප්‍රභාකරන් මියගිය දින යාපනයේ ඉටිපන්දම් දල්වා ශෝකය පළකළ සුළු පිරිසෙන් කෙනෙකි. සිවාජිලිංගම් යාපනයේ මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය පිළිනොපැද්ද ද, ඔහු අත්අඩංගුවට ගත හැකි ජගතෙක්‌ නොවිණ. ඔවුන්ට සාකච්ඡා අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය සියලුම ත්‍රස්‌තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙස නිදහස්‌ කර ගැනීමය. එම නිසා මොවුන්ගේ නැඹුරුව මොන පැත්තට දැයි අපට සිතාගත හැක.

එලෙසම, මේ ළඟදී ඔහු විසින් සති අන්තයේ ඉංග්‍රීසි පුවත්පතක්‌ සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ඔහුගේ අදහස මැනවින් ප්‍රකාශ කොට ඇත. ඔහු පවසන අන්දමට ද්‍රවිඩ ජාතිය උතුර හෝ නැගෙනහිර පමණක්‌ නිජ භූමිය කරගත් ජාතියක්‌ නොවේ. ඔවුන් එකල මුළු ලංකාව තුළම තමන්ගේ අණසක පතුරවමින් සිටියෝය. දේවානම් පියතිස්‌සගේ සත්‍ය නම දේවනායිනම් පියතීසෙන් බවත්, ඔහු බෞද්ධාගම වැළඳගත් ප්‍රථම ද්‍රවිඩ රජු බවත්, පසුව ඇතිවූ ආක්‍රමණයකදී ද්‍රවිඩ ජාතියේ සම්මිශ්‍රණයෙන් උපන් සිංහලුන්, ද්‍රවිඩයන් උතුරට හා නැගෙනහිරට පන්නා දැමූ බවත්, සිංහලුන්ට ද්‍රවිඩ ලේ ඇති බව ඔප්පු කළ හැකි බවත් කීය. ශ්‍රී ලංකා නිජභූමියේ ඓතිහාසික උරුමකරුවන් වන්නේ ද්‍රවිඩයන් බව ඔහු කියා සිටියේය.

එමනිසා, සිවාජිලිංගම්ගේ හා විග්නේෂ්වරන්ගේ අරමුණ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකිරීම නොව, මුළු ලංකාවම ද්‍රවිඩ රාජ්‍යයක්‌ බවට පත් කිරීමය.

එහෙත්, ඔවුන්ට වඩා භයානක රට නොබෙදන, රට නොකැඩෙන එහෙත් ඒකීය නොවන හා බුද්ධාගමට අවමන් නොකරන 78 ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානයට විරුද්ධ වන ඒ වෙනුවට නොයෙකුත් වචන ආදේශ කරන ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධන් හා සුමන්තිරන් වැනි ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායකයන් ඉල්ලති. මෙය කොතරම් සාධාරණ දැයි ද්‍රවිඩ ඡන්ද වලින් තම බලය තහවුරු කරන රට සූරා කන්නට බලා සිටින දේශපාලන තක්‌කඩින් සිතති. දැනට එවැනි බලය බෙඳීමක්‌ නොමැත. ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ කොතරම් අඩුපාඩු තිබුණ ද, කොතරම් කෛරාටික වූව ද, ඔහු එදා මෙදාතුර බිහිවූ බුද්ධිමත් නායකයා බව පිළිගත යුතුය. ඔහු ඉන්දියාවට බියෙන් 13 සංශෝධනයෙන් පොලිස්‌ බලතල හා ඉඩම් බලතල පළාත් සභා ආණ්‌ඩුවට දීමට එකඟ විය. මා සිතන අන්දමට 13 සංශෝධනයට එකඟ වූයේ ඉන්දියාව ලංකාව ආක්‍රමණය කොට මහා විනාශයක්‌ වීම වැළැක්‌වීමට බවය. ඡේ.ආර්. ගෙනා ආර්ථික පිළිවෙත මගින් ලංකාවේ ඇති වූ සීඝ්‍ර දියුණුවට ඉන්දියාවට මහා තර්ජනයක්‌ වූ නිසා ඉන්දියාව ලංකාවේ දියුණුව අඩාල කිරීම සඳහා ගාන්ධිවරු පියවර ගත්හ. එහෙත්, පසුව මෙම ඉඩම් බලතල සහ පොලිස්‌ බලතල නොදීමට ඡේ.ආර්. තීරණය කළේ මන්දැයි අපි සිතාගත යුතුය. මෙසේ ඉඩම් හෝ පොලිස්‌ බලතල ගැනීම ද, යක්‌ෂයා විසින් පාලනය කරන ලද කාලසීමාව තුළදී ද, යුද්ධයෙන් පසුව ද, නැගෙනහිර ඇතිවී තිබෙන තත්ත්වය ගැන දකුණේ සිටින අපි දැන සිටී ද? එවකට මා හඳුනන පොලිස්‌ නිලධාරියකු ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්‌තව සිටියේය. ඔහු මට කී දෙයින් මගේ හදවත පෑරිණි. පුල්මුඩේ ප්‍රදේශයේ බහුතර ජනගහණය මුස්‌ලිම්වරු වූහ. මෙම මුස්‌ලිම් ජාතිකයන්ට දකුණේ සිංහලයන්ට බලපාන බොහෝ නීති වලංගු නැති බව ඔහු කියා සිටියේය. විශේෂයෙන් හෙල්මට්‌ නීතිය ඔවුන් තුට්‌ටුවකට මායිම් කළේ නැත. මොවුන්ට විරුද්ධව පොලීසිය ක්‍රියා කරද්දී නැගෙනහිර ඡන්ද බලාපොරොත්තු වූ දේශපාලඥයන් එය නවත්වන්නට ක්‍රියා කළහ. මහින්ද රාජපක්‌ෂ යුගයේ හෙල්මට්‌ නීතිය කැඩූ මුල්ම කොටස සිටියේ පුල්මුඩේ ප්‍රදේශයේය. නැගෙනහිර දැන් හෙල්මට්‌ නීතිය නැත. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කෙසේ කීව ද, එම ප්‍රදේශයේ ජීවත් වන අය එහි සත්‍ය තත්ත්වය දනිති. මෙම 13 වැනි සංශෝධනයෙන් පසුව විජය කුමාරතුංග බලය බෙදීමට Rජුව පෙනී සිටි නිසා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශප්‍රේමීන් දේශෙද්‍රdaහි විජය කුමාරතුංග මරා දැමූහ. විජය කුමාරතුංග, ඔසී සහ කීපදෙනකු බලය බෙදීම ගැන කළ සාකච්ඡාවේ දී ඉඩම් බලය පළාත් සභාවලට දීම ගැන හා එයින් විය හැකි අනිසි ඵලවිපාක ගැන එහි සිටි එක්‌ අයෙක්‌ ප්‍රශ්න කරන ලදී. එහිදී විජය කුමාරතුංග උතුරේ ඉඩම් පිළිබඳව පෞද්ගලික හා රජය සතු ඉඩම් පිළිබඳව වර්ගීකරණය කර එම ඉඩම් වලින් 80% ක්‌ පමණ රජය සතු බවත්, එම නිසා ඒවා පාලනය වන්නේ මධ්‍යම රජය මගින් බැවින් එයින් කිසිම හානියක්‌ නොමැති බව පෙන්වා දෙන ලදී. අපි සියලු දෙනාම පළාත් සභාවට ඉඩම් බලතල ලබාදීම වෙනුවෙන් පෙනී සිටියෙමු. එහෙත්, මහින්ද රාජපක්‌ෂ රජ කරන සමයේ පුල්මුඩේ ප්‍රදේශයේ පමණක්‌ නොව උතුරු මැද හා අනෙකුත් සියලුම හේන් ගොවිතැන් කරන ප්‍රදේශවල මෙය සාමාන්‍ය සිද්ධියක්‌ බව මම දනිමි. එහෙත් මෙහි ඇතිවන ප්‍රධානතම වෙනස නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ හැරුණු විට අනෙක්‌ සියලුම ප්‍රදේශ අනවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචි වන අය ඉවත් කිරීමට ඒ ඒ ප්‍රදේශවල රාජ්‍ය සේවකයන් කිසිම මැලිකමක්‌ නොදක්‌වති. රජයේ ඉඩම්වල සිටින අය ආරක්‌ෂා කිරීමට වෙනත් පක්‌ෂ නායකයින් ඉදිරිපත් නොවේ. එදා ද, දැනුදු රජයේ ඉඩම්වල පදිංචි වන නැගෙනහිර පළාත්වල පදිංචි වන අයට විරුද්ධත්වයක්‌ ඇති නොවේ.

අද විල්පත්තු විනාශය ගැන කතා නොකරන රජයේ මාධ්‍ය හැර අනෙකුත් සියලුම මාධ්‍යයන් මේ ගැන කථා කරනු ලැබේ. එහෙත් මේ සම්බන්ධයෙන් රජය යම් නිවේදනයක්‌ නිකුත් කර තිබෙනු මා දැක නැත. ඉඩම් බලයක්‌ නොමැතිව අපට අයිති වනය විනාශ කිරීමට රිෂාඩ් බදුර්දීන්ට හැකි නම් පොලිස්‌ බලය නැති අවස්‌ථාවක ඔහුට මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට ගල්ගැසිය හැකි නම් බලය බෙදුවාට පසුව, කුමක්‌ සිදුවේ දැයි අපට කිව නොහැක. අවසාන වශයෙන් උතුරු නැගෙනහිර එක්‌ පළාත් සභාවක්‌ ලෙස පැවති සමයේ ඉන්දියාවේ ආධාර ඇතිව වර්ධරාජා පෙරුමාල් ඒක පාක්‌ෂිකව වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළ බව අප අමතක නොකළ යුතුය. ඒ අවස්‌ථාවේ ව්‍යවස්‌ථාවේ වූ හුටපටය නිසා වර්ධරාජා පෙරුමාල් ඉවත් කළ නොහැකි විය. ප්‍රේමදාස සිට සමයේ එල්.ටී.ටී.ඊ. යට ආයුධ ලබා දී ඔහුගේ සහචරයන් අමු අමුවේ මරා දැමීය. වර්ධරාජා ආරක්‌ෂාව පතා ඉන්දියාවට පැන ගියේය.

අද ලෝකයේ සෑම රටකම ස්‌වාධීන රාජ්‍යයන් ඉල්ලා නොයෙක්‌ ජනවර්ග සටන් කරනු අපට පෙනේ. ස්‌පාඤ්ඤයේ කැටලෝනියාවේ සිදුවූයේ ද, ඉතියෝපියාවේ එරිත්‍රියා රාජ්‍ය කුඩා රටක්‌ වූවා මෙන්ම, ඉන්දුනීසියාවේ රාජ්‍යයන් වෙන් වුයේ මෙසේය. ඉන්දියාව බලෙන් මෙන් කාෂ්මීරය රඳවාගෙන සිටී. එය කොයි මොහොතේ කැඩී වෙන්වේ දැයි කිව නොහැක. තමන්ගේ රටේ තමන් විඳින ආර්ථික අහේනිය මෙයට හේතු වේ. කඩා වෙන්වුවහොත් තමන්ගේ වරද රජය වෙත පවරා කඩා වෙන්වීමට තැත් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.

ලංකාවේ නම් මේ තත්ත්වය වෙනස්‌වේ. සුමන්තිරම්ලා, සම්බන්ධන්ලා සංහිඳියාවේ ලණු රජයට කවා ඔවුන්ගේ ඡන්දය පූජා කරන බවට ප්‍රතිඥා දී මෙම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට පූර්ණ වෙර දරමින් සිටී. එහෙත්, එහි සත්‍ය අරමුණ සිවාජිලිංගම්ලාගේ, විග්නේෂ්වරන්ලගේ ප්‍රකාශයන්ගෙන් පෙනේ. මේ ගැටයෙන් බේරීමට නම්

ඡේ.ආර්. ජයවර්ධනගේ මෙන්, තීක්‌ෂණ බුද්ධියක්‌ ඇති නායකයෙක්‌ සිටිය යුතුය. නැතහොත් මොන ව්‍යවස්‌ථාව සම්මත කර ගත්තත්, මෛත්‍රිපාල සිරිසේන පවසන යක්‌ෂයා බලයට පත්වීම වැළැක්‌විය නොහැකිවනු ඇත.

එම නිසා, බලය බෙදිය යුතුය. ඒ ගැන වාදයක්‌ නොමැත. දෙමළ, මුස්‌ලිම් සහ අනෙකුත් සුළු ජාතීන්ට වූ අසාධාරණය ඉවත් කළ යුතුය. එහෙත්, බලය ලබාගත් පසු, මහ ඇමැතිවරු ඒකාධිපතියන් ලෙස හැසිරීම, රටේ නීතියට අවමන් කරමින් කටයුතු කරයි නම්, පොලීසියට සිය රාජකාරිය ඉටුකිරීමට ඉඩ නොදෙයි නම්, ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් අයට එරෙහිව ක්‍රියානොකරන ලෙස රජයේ සේවකයන්ට අණ කරයි නම්, උතුරේ පන්සල් ඉදිකිරීමට ඉඩ නොදේ නම්, දැනට ඇති ඒවා ඩෝසර් කරයි නම්, ආවා කල්ලියට ඊළාම් රාජ්‍යයක්‌ හෝ ජිහාඩ් සංවිධානයට වෙනම රජයක්‌ බිහිකිරීමට ඉඩ ලබාදෙන්නේ නම්, එවැනි අවස්‌ථාවල පළාත් සභාවේ බලය ජනාධිපතිවරයාට ලැබෙන ව්‍යවස්‌ථාවක්‌ තිබිය යුතුය. නැතහොත්, වර්ධරාජා පෙරුමාල් මෙන්, ඒකපාක්‌ෂිකව නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස පළාත් සභාවක්‌ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇත. එවිට කොළඹ මැද පන්තියේ ඩොලර් වලින් යෑපෙන එන්.ජී.ඕ.කාරයන් කියන ලෙස ලේ වැගිරීමක්‌ සිදුවිය හැකිය. බලය නීත්‍යානුකූලව යොදාගනී දැයි මධ්‍යම ආණ්‌ඩුව මහත් සුපරික්‌ෂාවෙන් සොයා බැලිය යුතුය. නැතහොත්, නව ව්‍යවස්‌ථාව රට එක්‌ කිරීමට නොව රට දෙකඩ කිරීමේ මාවතකට අවතීර්ණ වනු ඇත. එවිට යක්‌ෂාගමනය සිදුවනු ඇත.

හේමන්ත වර්ණකුලසූරිය



997 Viewers