• Home »
  • Sinhala »
  • යාපනයේ සිංහල විද්‍යාලයට යළි පණ දෙන්න සාකච්ඡා

යාපනයේ සිංහල විද්‍යාලයට යළි පණ දෙන්න සාකච්ඡා

යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබේ.

වසර පනස්‌ තුනකට පෙර ආරම්භ කළ යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අනිද්දා (26 දා) යාපනයේ පැරැණි උද්‍යානයේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දැනට යාපනයේ පළාත් කීපයක සිංහල ජනතාව පදිංචිව සිටින නිසා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් යාපනයේ සිංහල විද්‍යාලය යළි ආරම්භ කිරීමට සිවිල් සංවිධාන කීපයක්‌ හා යාපනය සිංහල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ ද එහි සේවය කළ ආචාර්යවරු කීපදෙනෙක්‌ ද සූදානමින් සිටිති.

මේ වන විට මෙම පාසලේ යුද හමුදාව රැඳී සිටින අතර යුද්ධය හේතුවෙන් යාපනය සිංහල මහා විද්‍යාලය 1985 වසරේදී වැසී ගියේය.

දිනසේන රතුගමගේ



696 Viewers