• Home »
  • Sinhala »
  • 2005 ජනපතිවරණයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ගේම් එක යෝගරාජන් හෙළිකරයි

2005 ජනපතිවරණයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ගේම් එක යෝගරාජන් හෙළිකරයි

( Courtesy of The Divaina)

2005

පසුගිය සතියේ (2018 දෙසැම්බර් 16, ඉරිදා දිවයින) ලිපියෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි සංවිධානයේ බළල් අතක් ලෙස 2001 සහ 2004 මහා මැතිවරණ තරග කිරීම පිළිබඳව විමසා බැලිනි. 2001 දෙසැම්බර් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයත් ඇතුළුව ආසන 15 ක් දිනාගත් ද්‍රවිඩ ජාතික සන්ධානය 2004 දී ආසන 22 ක් ලබා ගත්තේය. එම ආසන 22 අතර ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ දෙදෙනකු ද විය. 2004 පාර්ලිමේන්තුවට පත් වූ මන්තී‍්‍ර කණ්ඩායමේ පූර්ණ අයිතිය කොටි ත‍්‍රස්තවාදී සන්විධානය සතුවිය.

චන්ද්‍රිකා කුමාරතුංග තමන්ගේ ජනාධිපති දෙවන ධුර කාලයේ අවසානයට පැමිණෙමින් සිටි අතර ධුරයේ කාලය 2006 දක්වා දිගුකර ගැනීමේ උත්සාහය ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා කළ මැදිහත් වීමකින් ව්‍යාර්ථ විය.

ජනාධිපතිවරණයට දින නියමවිය. 2005 නොවැම්බර් 17 පැවැති ජනපතිවරණයට එජාප නායක ‘අලියා’ ලකුණින් එවකට අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව සටනට පිවිසියේය. එක්සත් ජාතික පක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තිබූ අවබෝධය මත උතුරු – නැෙගනහිර බහුතරයක් වූ ද්‍රවිඩ ජනතාවගේ කැමැත්ත දින ගැනීමේ අවස්ථාව වික‍්‍රමසිංහට හිමිවිය. වික‍්‍රමසිංහ වඩාත් ප‍්‍රබල ස්ථානයක සිටි අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේද සහයෝගය එජාප නායකයාට හිමිවිය. උතුරු – නැෙගනහිර සියලූම මැතිවරණ කලාප ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව වික‍්‍රමසිංහට විය.

ඇත්ත වශයෙන්ම වික‍්‍රමසිංහගේ 2005 ජනපතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් සැකයක් එජාපයට හෝ එම පක්‍ෂය සමග වැඩකටයුතු කළ කිසිදු ලියා පදිංචි දේශපාලන පක්‍ෂයට හෝ රාජ්‍ය නොවන සංවිධානයකට නොවීය.

මහින්ද රාජපක්‍ෂගේ පාර්ශ්වය කොටි ත‍්‍රස්තවාදීන් සමග රහස් කතා පැවැත් වූ බවත් එම කණ්ඩායම් දෙකේ එකගතාවය මත වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජනතාවට තම ඡුන්දය පාවිච්චි කිරීම තහනම් කළ නිසාවෙන් වික‍්‍රමසිංහ ලක්‍ෂ 186,000 ක ඡුන්දයෙන් පරාද වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

නොර්වේ රජයේ ඉල්ලීම මත මාර්ක් සෝල්ටර් ලියූ To End a Civilwar: Norways Peace කොටි ත‍්‍රස්තවාදීන් උතුරේ ද්‍රවිඩ ඡුන්දය රාජපක්‍ෂ පිලට මුදලට පාවාදීම පිළිබඳව චෝදනා කර ඇත. මෙම පොත 2016 මාර්තු 3 කොළඹදී හඳුන්වා දුන් අවස්ථාවේදී මෙම ලියුම්කරු හිටපු බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි සේවකයාගෙන් කොටි පැනවූ ඡුන්ද තහනම අනුව ද්‍රවිඩ ජනතාව ක‍්‍රියාකළ යුතු යැයි කිළිනොච්චිය්දී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගෙන් මෙම වාරණය පිළිබඳව විමසීමක් කළේ දැයි විමසීය. පොත හඳුන්වාදීමේ අවස්ථාවට විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනාමුත්තු, ජාතික සාම මණ්ඩලයේ ආචාර්ය ජෙහාන් පෙරේරා සහ ආචාර්ය දයාන් ජයතිලක, මොස්කව් සිටින ශ‍්‍රී ලංකා තානාපති සහභාගි විය. මහින්ද රාජපක්‍ෂ පිල කොටි ත‍්‍රස්තවාදීන්ට මුදල් ලබාදීම සනාථ කළ හැකි වඩාම සුදුසු පුද්ගලයා ආර්. සම්බන්ධන් නොවේ දැයි විමසූ විට සෝල්ටර් පැවසූවේ තමාට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයාගෙන් හෝ එම පක්‍ෂයේ වෙනත් ප‍්‍රකාශකයකු සම්බන්ධ කර ගැනීමට බැරි වූ බවයි. 2005 නොවැම්බර් මස 09 වැනි දින සම්බන්ධන් කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් ද්‍රවිඩ ජනතාවට පැනවූ ඡුන්ද තහනම සම්බන්ධයෙන් සොල්ටර් නිහඬ පිළිවෙතක්

අනුගමනය කිරීම කිසිවකු පුදුම විය යුතු නැත.

අදටත් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් සමග සන්ධානගත වීම පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය සමග එකතු වී රට බෙදීමට කටයුතු කරනවායි චෝදනා කරන ශ‍්‍රී ලනිප – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හවුල තමන්ගේ නොහැකියාව පිළිබඳව ලජ්ජා විය යුතුය. ශ‍්‍රිලනිප ප‍්‍රමුඛ කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ පාලනය (2005-2015 ජනවාරි) ද්‍රවිඩ ජාතික සන්ධානය කළ කිසිදු නොපනත් කමක් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය අනුව කටයුතු නොකිරීම සමාව දිය නොහැකි අපරාධයකි.

පසුගිය දෙසැම්බර් 13 වැනි දින අධිකරණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තගෙන් මහින්ද රාජපක්‍ෂ රජය කළ බරපතළ අතපසු කිරීම පිළිබඳව විමසූවිට උගත් නීතිඥවරයා අපූරු පිළිතුරක් ලබා දුන්නේය. 2009 වනතුරු රජය යුද්ධයක පැටලී සිටින බවත්, ඉන් පසුව විශාල සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් (උතුරු පලාත කේන්ද්‍ර කරගත්) ද්‍රවිඩ ජාතික සන්ධානය – සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් පැවසීය. මෙම ලියුම්කරු පෙන්වා දුන්නේ පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයාගේ පාර්ශ්වයේ ප‍්‍රබලයන් වන විමල් වීරවංශ එවකට රජය වරදක් කර ඇති බව අගමැති කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පිළිගත්ත බවයි. එම අවස්ථාවට සහභාගී වූ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා පැවසූවේ තම රජයෙන් සිදු වූ අඩුපාඩුව පිළිබඳව සැබවින්ම කනගාටු වන අතර ජාතියෙන්ද සමාව ඉල්ලා සිටින බවත්ය.

මහින්ද රාජපක්‍ෂ රජය ද්‍රවිඩ ජාතික සන්ධානය සම්බන්ධයෙන් ක‍්‍රියා කළ අකාරය පිළිබඳව නීතිඥ සිසිර ජයකොඩි මන්තී‍්‍රවරයාගෙන් මෑතකදී ප‍්‍රශ්න කළ විට, ඔහු මෙම ලියුම්කරු එජාප අධාරකරුවකු ලෙස හැඳින්වීය.

2005 ප‍්‍රභාකරන් – සම්බන්ධන් මෙහෙයුම

2005 ජනපතිවරණයේදී ප‍්‍රභාකරන් – සම්බන්ධන් ජෝඩුව වික‍්‍රමසිංහ පරාජය කිරීමට කටයුතු කළේය. වික‍්‍රමසිංහ පරාජය කිරීමට ප‍්‍රභාකරන් කළ යෝජනාව සම්බන්ධන් ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකඩ කළේය. මන්ත‍්‍රීවරු 22 සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායම බරපතළ අර්බුදයකට ලක්විය. නමුත් අවසානයේ ප‍්‍රභාකරන්ගේ නියෝගය කි‍්‍රයාත්මක කිරීමට සම්බන්ධන් එකග විය. ද්‍රවිඩ ජාතික සන්ධානය ප‍්‍රභාකරන්ගේ නියෝගය 2005 නොවැම්බර් 09 කිළිනොච්චියේදී ප‍්‍රකාශයට පත් කළේය.

ජනපතිවරණය ද්‍රවිඩ ජනතාවට අදාළ නොවන බව පැවසූ සම්බන්ධන් 2005 නොවැම්බර් 17 දින ඡුන්දය දීමෙන් වැලකී සිටීමට නියෝග කළේය. ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලියාපදිංචි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂයක් තමන් නියෝජනය කරන ජනතාවට එවැනි නියෝගයක් පැනවූ පළමු අවස්ථාව එයයි.

80 දශකයේදී එවකට ජේ. ආර්. ජයවර්ධන රජයෙන් තහනම් කරනු ලැබූ පක්‍ෂයක්/ සංවිධානයක් වූ ජවිපේ පළාත් සභා ඡුන්දය ඇතුළු 87-90 භීක්‍ෂණ සමයේ පැවැත් වූ මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කිරීම තහනම් කරන ලදී. නමුත් එවකට ජවිපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂයක් නොවීය.

ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පැනවූ ඡුන්ද තහනම කොළඹ සිට ක‍්‍රියාත්මක වන ජන මාධ්‍යවල වැඩිපුර අවධානයට යොමු නොවීය. සිංහල සහ දමිළ මාධ්‍ය මෙම ප‍්‍රශ්නය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ නැත.

මෙම ලියුම්කරු ඡුන්ද තහනම පිළිබඳව සම්බන්ධන්ගෙන් සහ මඩකලපු දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී ජෝසප් පරරාජසිංහම්ගෙන් 2005 නොවැම්බර් 15 රාත‍්‍රී විමසීය. කොටි සංවිධානය සමග කිළිනොච්චියේදී පැවැති සාකච්ඡාවලින් පසුව ජනපතිවරණය වර්ජනය කිරීමට තීරණය කළ බවත් එම තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් පැවසීය. ත‍්‍රිකුණාමලයේ සිට මෙම ලියුම්කරු සමග සම්බන්ධ වූ සම්බන්ධන් පැවසූවේ වික‍්‍රමසිංහ සහ රාජපක්‍ෂ යන දෙදෙනාගෙන් කවුරු ජනපතිවරණය ජයග‍්‍රහණය කළත් ද්‍රවිඩ ජනතාවට පළ ප‍්‍රයෝජනයක් නැති බව පැවසීය. (TNA refuses to Change pollsboycott stance – 2005 November 16, The Island)

එවකට වතු කම්කරු කොන්ග‍්‍රසයේ ප‍්‍රබලයකු වූ ආර්. යෝගරාජන් මන්ත‍්‍රීවරයා මෙම ලියුුම්කරු සමග පැවසූවේ ඡුන්ද තහනම උතුරේ ක‍්‍රියාත්මක වුවත් වික‍්‍රමසිංහට ජනපතිවරණය ජය ගැනීමට හැකි බවය. එජාපයේ එවකට සභාපති මලිත් සමරවික‍්‍රම මෙම ලියුම්කරු සමග පැවසුවේ ඡුන්ද තහනම නොවන්නට එජාප අපේක්‍ෂක වික‍්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජයග‍්‍රාහණය කරන බවය. තම අපේක්‍ෂයාට කළ අසාධාරණයට එරෙහිව එජාපය කිසිවිටෙක ප‍්‍රසිද්ධියේ සම්බන්ධන්ගේ කණ්ඩායම සමග ගැටුමක් ඇති කර ගත්තේ නැත.

යෝගරාජන්ගේ හෙළිදරව්ව

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේදී ආර්. යෝගරාජන් කොටි – ද්‍රවිඩ ජාතික පෙරමුණ හවුල් වී 2005 ඡුන්දය වෙනතක හැරවීම පිළිබඳව මම ලියුම්කරු සමග පැවසීය.

‘එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාගේ ජයග‍්‍රහණය පිළිබඳව අපිට කිසිදු සැකයන් තිබුණේ නැහැ. 2005 ජනාධිපතිවරණය කිසිදු ප‍්‍රශ්නයක් නොමැතිව ජයග‍්‍රහණය කිරීමට හැකියාවත් වික‍්‍රමසිංහට තිබුණා. කොටි සංවිධානය රජයේ සේවකයන්ට තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම තහනම් කිරීම පිළිබඳව දැනගත් විගස එජාපය වෙනුවෙන් වතු කම්කරු කොංග‍්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් කොටි සංවිධානයෙන් ඒ පිළිබඳව විමසීමට කටයුතු කළා. තොන්ඩමන්ගේ උපදෙස් පරිදි මම එවකට කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්ගෙන් මෙම තත්ත්වය පිළිබඳව විමසීමක් කරා. තොන්ඩමාන් සමග මම වේලූපිල්ලේ ප‍්‍රභාකරන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. කොටි නායක හමුවීම තේරුමක් නැති බවත්, ජනපතිවරණය වර්ජනය කිරීමේ තීරණය වෙනස් නොකරන බවත් දැනුම් දුන්නා.’’

තමිල් සෙල්වම්ගේ ප‍්‍රකාශයෙන් පසුව, එජාපය සහ එම පක්‍ෂයේ හවුල්කරුවන් කොටි ත‍්‍රස්තවාදීන්ගේ ‘දේශපාලන’ අංශය වන ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ඡුන්ද තහනම කෙසේ හෝ ඉවත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුන බව යෝගරාජන් පැවසීය. නඩරාජා රවිරාජ් මන්ත‍්‍රීවරයා ඡුන්ද තහනම ඉවත් කර ගැනීමට අසාර්ථක ප‍්‍රයත්නයක යෙදුනේය. කොටි තහනමට විරුද්ධවීමට සම්බන්ධන්ට ශක්තියක් නොවීය. එම පක්‍ෂයට ඡුන්ද තහනම සම්බන්ධයෙන් නිහඬව සිටීමට නොහැකි විය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නියෝගය මත ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ නියෝගය කිළිනොච්චියේදී නිකුත් කිරීමට සම්බන්ධන්හට සිදුවිය. අදටත් ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ නියෝගය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව අතර පුළුල් සාකච්ඡාවක් සිදු වී නැත. මැතිවරණ දෙපාර්තමේන්තුව/ ජාතික මැතිවරණ කොමිසම 2005 ජනපතිවරණය කඩාකප්පල් කිරීම පිළිබඳව අවධානය යොමු කළේ නැත.

මහින්ද රාජපක්‍ෂ 2005 ජනපතිවරණය දිනවීම කොටි සංවිධානයේ උපක‍්‍රමයක් බව පැහැදිලිය. මහින්ද රාජපක්‍ෂ ඡුන්දයෙන් දිනවා යුද්ධයෙන් පූර්ණ ලෙස පරාජය කිරීම කොටි සංවිධානයේ අරමුණ විය. කොටි කුරුමානම වැරදිනී.

පවතින රජයට අවශ්‍යතාවයත් තිබේ නම්, දැනට කයිරෝ නුවර සිටින ශ‍්‍රී ලංකා තනාපති ආර්. යෝගරාජන්ගෙන් කොටි – ද්‍රවිඩ ජාතික සන්ධානය එකතු වී වික‍්‍රමසිංහ 2005 දී පරාජය කිරීම පිළිබඳව දැනගත හැකිය. 2015 අගෝස්තු මහා මැතිවරණයේදී පරාජය වූ යෝගරාජන්ට තානාපති ධුරයත් හිමිවිය. තනාපති සේවයෙන් පිටත ශ‍්‍රී ලංකාවේ සෑම රජයක්ම පත්වීම් කරන බව රහසක් නොවේ. නිත්‍ය විදේශ සේවයෙන් පිටත කර තිබෙන පත්වීම් අතර යෝගරාජන්ගේ පත්වීම වඩා යහපත් බව ලියුම්කරුගේ හැගීමයි.

2005 ජනපතිවරණයෙන් පසු

කොටි – ද්‍රවිඩ ජාතික සන්ධානය එක්කාසු වී මහින්ද රාජපක්‍ෂට ජනපතිවරණය ජයග‍්‍රහණය ලබාදුන්නේ ඇයි? වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ මහින්ද රාජපක්‍ෂ අතර ඇති වූ රහස් ගිවිසුම ප‍්‍රභාකරන් වික‍්‍රමසිංහව පරාජය කළ බව පැවසේ. එවැනි ගිවිසුමක් තිබුණේ නම් මහින්ද රාජපක්‍ෂ ජනපති ලෙස දිවුරුම් දී සති දෙකක් යෑමට පෙර ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඇයි? රාජපක්‍ෂ පාලනයට එරෙහිව යුද වැදීම තම සංවිධානයට ජාත්‍යන්තරය ඉදිරියේ සාධාරණීය කිරීමට පහසු බව ප‍්‍රභාකරන් සිතූ බව පැහැදිලිය. 2005 දෙසැම්බර් පළමු වන සතියේ කොටි ත‍්‍රස්තවාදීන් යාපන දිස්ත‍්‍රික්කයේ ස්ථානගත වී සිටි යුද හමුදාව ඉලක්ක කර ප‍්‍රහාර ආරම්භ කළේය. දෙසැම්බර් 04 දින දහවල් යාපනය – පලාලි ප‍්‍රධාන මාර්ගයේ කොණ්ඩාවිල්හිදි එල්ල කරන ලද ක්ලෝමෝ (පැති බෝම්බ) ප‍්‍රහාරයකින් යුද සෙබළුන් හය දෙනකු මරා දැමීය. 2002 පෙබරවාරි 21 වැනි දින නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් අත්සන් තැබූ සටන් විරාම ගිවිසුමෙන් පසු එල්ල කරන ලද ප‍්‍රථම ප‍්‍රහාරය එය බව සිහියේ තබාගන්න එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ හතර දෙනාගෙන් එක් අයකු පසුව කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය. ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ප‍්‍රහාරය පිළිබඳව නිහඬව සිටියේය. කොන්ඩාවිල් ප‍්‍රහාරය එවකට ජනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති ලෙස වැඩ භාර ගැනීමට පැය 24 කට පෙර එල්ල කළේය.

කොන්ඩාවිල් ප‍්‍රහාරයෙන් දින දෙකකට පසු යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ ඉරුපාලෙයිහිදී එල්ල කළ පැතිබොම්බ ප‍්‍රහාරයකින් ජාතික ආරක්‍ෂක බලමුළුවේ කනිෂ්ඨ නිලධාරියකු ඇතුළු හය දෙනකු මිය ගියේය. ද්‍රවිඩ ජාතික සන්ධානය අහක බලාගෙන සිටියේය. කොටි ත‍්‍රස්තවාදීන් යුද හමුදාවට එරෙහිව වඩමාරච්චි ප‍්‍රදේශයේ ශිෂ්‍ය ප‍්‍රජාව පාරට බැස්ස වූයේය. යුද හමුදා කඳවුරු ඉදිරිපිට ත‍්‍රස්තයන්ගේ නියෝගය මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාම ආශීලාචාර සහ ප‍්‍රකෝපකාරී ලෙස හැසිරීය. සම්බන්ධන් ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාදාමයට උඩගෙඩි දුන්නේය. ශ‍්‍රී ලංකාව නැවතත් බරපතළ යුද්ධයකට අවතීර්ණ වෙමින් තිබිණි. ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන්ගේ යුද ශක්තිය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළේය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ නියෝගය මත ශිෂ්‍යයන් යාපනයේ හමුදා කඳවුරු දෙසට ගල් ප‍්‍රහාරයක් එල්ල කළේය. ශිෂ්‍යයන් අතර සිටි ත‍්‍රස්තයන් අත් බෝම්බ සොල්දාදුවන්ට පෙන් වූ අවස්ථා බොහෝ විය.

ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාර එල්ල කිරීම ප‍්‍රභාකරන් වැරදිකරු කළ එකම රට ඔස්ටේ‍්‍රලියාවයි. අනෙකුත් සියලූ පාර්ශ්ව කොටි ත‍්‍රස්තවාදීන් සුරතල් කළේය.

2004 අපේ‍්‍රල් මහා මැතිවරණය සභා 2005 නොවැම්බර් ජනපතිවරණය අතරතුර ත‍්‍රස්තවාදීන් විදේශීය අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් එතුමාගේ බූලර්ස් පාරේ පිහිටි නිවසේදී පපුවට වෙඩි තබා මරා දැමීය. ද්‍රවිඩ ජාතික සන්ධානය කදිරගාමර් මරා දැමීම ප‍්‍රශ්නයක් කරගන්නේ නැත.

2005 දෙසැම්බර් 23 වැනි දින දහවල් නිවාඩු ගොස් නැවත තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරට නාවිකයන් රැගෙන යමින් සිටි වාහන දෙකකට පැති බොම්බ ප‍්‍රහාර එල්ල කර 13 ක් මරා දැමීය. නඩුකුඩාහිදී එල්ල කළ ප‍්‍රහාරය රාජපක්‍ෂ රජය සලිත කළේය. ඔස්ටේ‍්‍රලියාව හැර අන් කිසිදු බටහිර රජයක් කොටි ත‍්‍රස්තවාදීන් එල්ල කළ ප‍්‍රහාර හෙළා දැක්කේ නැත.

දෙසැම්බර් 25,2005 දින නත්තල් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොටි වෙනුවෙන් පෙනී සිටි ජොසප් පරරාජසිංහම් ශාන්ත මේරි දේවස්ථානයේදී මරා දැමීය. කොටි සංවිධානයෙන් වෙන් වී සිටි තරුණ පාර්ශ්වය මෙම මිනී මැරුමට වගකිව යුතු බව චෝදනා නැගිනි. විනාශකාරී හතර වන ඊළම් යුද්ධය ආරම්භ වී ඇති බව පිළිගැනීමට සියලූ පාර්ශ්ව මැලිවිය.

ලබන සතියේ හතරවන ඊළම් යුද්ධය සහ 2010 ජනපතිවරණය

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

100 Viewers