Articles Posted by the Author:

  • රණවිරු සෙවනෙ කොල්ලො…

    රණවිරු සෙවනෙ කොල්ලො…

    “උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මටසමාවෙන්න අම්මෙ,

    ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව පිට රට යවල මට ඉංජිනේරුවෙක් වෙන්න උගන්නන්න හැදුවට මට පොඩි කාලේ ඉදල රට බේර ගන්න තිබිච්ච  උවමනාව. ඒ නිසා කොටි එක්ක යුද්දෙට යන්න තිබ්බ උවමනාව නිස හමුදාවට ගියේ අම්මල එක්කත් රණ්ඩු වෙලා.

    2006 මම ඇකඩමියෙන් එලියට එන කොට නැගෙනහිර යුද්ධට දරුණුවටම යනව.කොමිෂන් නිළධාරියෙක් විදියට මම පලවෙනි වතාවට සටන් බිමට ගියෙනැගෙනහිර යුධ පිටියට. මම අම්මලට කිව්වෙ මම ඉන්නෙ යුද්ධෙ නැති පැත්තෙ කියල, පලවෙනි වතාවට මට ජීවිතෙ මරණ බය දැනුනෙ මගෙ ටීම් එකෙ කොල්ලොදෙන්නෙක් මගෙ ලග ඉදිදි මෝටාර් එකක කෑල්ලක් වැදිල මැරුනම…

    අපි හතර දෙනෙක් ටෙරාලට ගහ ගෙන යද්දි අපිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් ආව….අපි හතර දෙනාම උන්නෙ හිට ගෙන…එක සැරේටම මමයි තව එකෙකුයිඩවුන් ගියත් අනෙක් කොල්ලො දෙන්න දිගටම ෆයර් කලා. අපි ගන් එක ලොඩ් කරද්දි..අපෙ ඉස්සරහම වැටුනු මෝටාර් එකෙන් මගෙ කොල්ලො දෙන්නම් එතනමමැරුන..මම හුගක් ඇඩුවා අම්මෙ….මට තුවාල උනා….හැබැයි මම ඇඩුවේ වේදනාවට නෙවෙයි අම්මෙ…මට මරණ බය දැනුන අම්මෙ..මට අම්ම අක්ක,මල්ලි මතක්උනා අම්මේ…

    තාත්තගෙ පොඩි කාලෙ ඉදල තිබ්බ හීනය උනෙ මාව ඉංජිනේරුවෙක් කරන එක…මට උසස් පෙළින් ලංකාවෙ ඉංජිනේරු පීඨෙකට යන්න බැරි උනා..එත් අම්මලතත්තල මාව රට යවන්න හදද්දි මම බලෙන් ම හමුදාවට ආව…

    මම මැරුනනම් අම්මල කොයිතරම් අඩාවිද හිතුන අම්මේ..

    මෝටාර් එකෙන් වෙච්ච තුවාල නිසා ආමි හොස්පිටල් ඉද්දිදි මල්ලි ආව මාව බලන්න ..

    මම එයාට කිව්ව අම්මට කියන්න එපා මට තුවාලයි කියල….මට නියුමෝනියාව හැදිල ඉස්පිරිතාලෙ ඉන්නව කියල මම ගෙදරට පනිවිඩේ යැව්වෙ ඒ නිසා.මට මල්ලිටකියන්න උනා කියන්න එපා කියල…කොහොම හරි අම්මට මාව බලන්න එන්නම් ඔන කියල අන්තිමට කට්ටියම මාව බලන්න ආව….බැන්ඩෙච් ගහල ප්ලාස්ටර දාලඉන්න මාව දැකල අම්ම විලාප තියල අඩද්දි මට හිතුන මේ ලෝකෙ අම්ම කෙනෙක් තරම් දරුවෙකුට ආදරේ වෙන කෙනෙක් නෑ කියන එක කොයි තරම් ඇත්තදකියල. තාත්ත බොහොම උපේක්ෂාවෙන් බලන් උන්නා..

    “අමාරුද”
    “පොඩ්ඩක් රිදෙනව තාත්තෙ”
    “හම්”
    “සනීප උනාම ගෙදර ඇවිල්ල යන්න අයෙ යන්න කලින්”
    “හම්”

    තාතගෙයි මගෙයි සංවාදය ගියෙ ඔය ටික විතරයි.හැබැයි මුළු පැය ගානම මගේ අම්ම කලේ පොළවේ හැපි හැපී අඩපු එක…. කොහොම හරි සති දෙකක් විතර හමුදාරෝහලෙ ඉදපු මම සනීප වෙල දවස 18 ක නිවාඩුවක් ලැබිල ගෙදර ගියා….ඊට පස්සෙ නැවතත් සටන් බිමට…ඊට පස්සෙ ඊලග අවුරුදු දෙකෙම මරණය පෙනි පෙනීයුද්ධ කලා අම්මෙ..

    මගෙ ඉස්සරහ ඉන්න කොල්ල වෙඩි වැදිල මැරුනම උගේ weapon එකත් අරං උගේ position එක ගත්ත වෙලාවල් තියනවා..

    ඔය අතරෙ මම විශේෂ බලකා පාඨමාලාවත් කලා..අම්මේ, අම්මට කිව්වෙ නෑ මම..
    2008 අවසාන කාලේ වෙද්දි අපි කුඩා කණ්ඩායම් විදියට මරණය අතේ තියන් සතුරගෙ බල ප්‍රදේශ වල කරක් ගැහුවේ.අම්ම හිතන් උන්නෙ මම ඉදිරි ආරක්ෂකවළල්ලෙ කියල..අපි Ambush එකකට ගිහින් ආවම අම්මට කෝල් කරල මම බොරු සියයක් කියද්දි අම්ම කලෙ නොනවත්වාම අඩපු එක..

    2008 අවුරුද්දෙ අවාසනාවන්ත දවසක මගේ ජීවිතය වෙනස් වුනා අම්මෙ….අපේ ටීම් එක ට ලොකු counter Attack එකක් ආව…මට කකුලට වෙඩි වැදින අම්මේ…ඇවිද ගන්න බැරි අපෙ කොල්ලො ඔක්කොම ඩවුන් position උන්නෙ….ඒ තරමට වෙඩි තියනව ටෙරාල.ඔලුව උස්සන්න බෑ…..අපේ කොල්ලොන්ට මාව අරන්Withdrawal වෙන්න අමාරුයි…මම උන්ට කිව්ව මාව දාල පලයන් කියල…උන් මගේ නියෝග පිලි පැද්දෙ නෑ අම්මෙ..උන් මාව දාල ගියේ නෑ..

    එක කොල්ලෙක් එක සැරෙටම නැගිටල…මාව කරෙ තියාගෙන එක පාරටම දුවන්න ගත්ත …ඌ මාව cover එකකට අරන් ආව…මීටර 300 විතර පස්සෙ ..හැබැයිඅම්මෙ …මම වෙනුවෙන් ඌත් වෙඩි කෑව…එක අතක් වැල මිටට උඩින් වෙන් වෙන්නම් ඌට වෙඩි වැදිල….කොහොම හරි අපි දෙන්නව safe position එකකටගෙනවට පස්සෙ පිටි පස්සෙන් Team එකක් ඇවිල්ල අපිව ට්‍රැක්ටරෙකට පටවන් අපේ ලයින් එකට අරං එද්දි මොනවදෝ කරුමෙකට ට්‍රැක්ටරයට අඩි කීපයක් දුරින්ආටියක් වැටුන අම්මේ..

    ට්‍රැක්ටරෙ උන්න තුවාලකාරයන් ගෙන් භාගයක් විතර මැරුණ මගෙ පණ බේරල වෙඩි කාපු කොල්ලත් ඒ මැරුන උන්ගෙ ගොඩෙ කියල මම දන්නෙ මාස ගානකටපස්සෙ අම්මෙ…

    මට සිහිය එද්දි මම හිටියෙ රෝහලක.එක කකුලක් දනහිසට පහලින් ඉවත් කරල අනෙක් කකුල කලවය ගාවින් ඉවත් කරල….වම් අත වැල මිට ගාවින් ඉවත්කරල….ඔලුවෙ පැත්තක් හිස් කබල නෑ…අම්මගෙ කිරි පොවල අතක් පයක් නොකඩ හදපු පුතා ඇදක් උඩ මිනිස් භාගයක් විදියට ඉන්නව..මම විලාප තියල අඩන්නහැදුව අම්මෙ..එත් කිසිම සද්දයක් කටින් පිට උනේ නැහැ…මට මුලු ලෝකෙම නැති උනා අම්මෙ…..මට මම කවුද ? මොනාද ? කරන්නෙ කියල හිතා ගන්න බැරිඋනා…මට මතකයි අම්ම ආව….මට අම්ම කියන කිසි දෙයක් ඇහුනෙ නෑ අම්මෙ….සත්තයි මම ඇඩුව …ඒ උනාට අම්මට එක ඇහුනෙ නෑ අම්මෙ…

    මම අවුරුදු ගානක් ඉස්පිරිතාලෙ හිටියා.මගෙ අම්ම හැමදාම මාව බලන්න ආව…අම්මා එන හැමදාම ඇඩුවා අම්මගෙ කදුළු එකතු කලා නම් කදුළු මුහුදක් වෙනවඅම්මෙ..ඇයි අම්මේ මෙතරම් මට ආදරේ…?

    රණවිරු සෙවනේ මම ඉන්න කොට මට හිතෙනව මගෙ ජීවිතෙ මොකටද කියල අම්මෙ…..මට කියල කිසිම දෙයක් කර ගන්න බෑ..මගෙ අම්මෙ….ඔයාලා කියන කිසිදෙයක් ඇහෙන්නෙ නෑ….මම හිතන කිසි දෙයක් ඔයාලට කියා ගන්න බෑ අම්මෙ….අම්ම කාලයත් එක්ක හැමදාම වගෙ අඩපු ඇස් දෙකට ආව කදුල හිර කරන්උන්න.හැබැයි ඒ බොහොම ආයාසයෙන් අම්මෙ..මම ඒක දැනන් උන්න

    අද මාව කාලෙකට පස්සෙ ෆුල් යුනිෆෝම් දාල ලෑස්ති කලා රණවිරු සෙවනෙ කොල්ලො…

    මම ඇහුව මොකටද කියල…උන් මට කිව්වා හමුදාවෙ කට්ටියක් ගමනක් යනව කියල….තව රණවිරු සෙවනෙ කොල්ලො දෙන්නෙක් එක්ක මාව හමුදාවෙ වෑන්එකකට දාගෙන වාහනය යනවා…කාලෙකින් පාරක ගිහින් නෑ..රට හරියට වෙනස් වෙලා.මට හිතා ගන්න බැරි උනා කොහෙද යන්නෙ කියල..මම ඇහුවට කිසිකෙනෙක් කිව්වෙ නෑ අම්මේ.

    එක පාරටම මට අපි ඉන්න ප්‍රදේශය පොඩි හුරු ගතියක් දැනෙන්න ගත්ත..මට තේරුනා අපි මෙ ඉන්නෙ අපේ ගෙවල් පැත්තට යන පාරෙ කියල….මට තේරුනා අපිමේ යන්නෙ ගෙදර කියල….එහෙම ගෙදර යන නම් විශේෂ හේතුවක් තියෙන්න ඔන කියල…මම ගිය අනෙක් කොල්ලො දෙන්නට මගේ තියන එකම අතින් ඇනලාමගේ ගොළු භාෂාවෙන් ඇහුවා..උන් මොනවද කිව්ව …මට තේරුනෙ නෑ…..මට තේරුනා ඉංජිනේරුවෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න හිටිය මමගොළුවෙක් බීරෙක් කොරෙක් විදියට මට මාවම නැති වෙලා කියලා…මේ ජිවිතේ මොකට ජීවත් වෙනවද කියල මට හිතුන අම්මෙ..

    වාහනය අපේ ගෙවල්වලට හරවන පලවෙනි අතුරු පාර ගාවට ආවා..මට ඈතින් පේනව සුදු කොඩියක් ..

    මගේ අම්මේ..

    මගේ හදවත් නැවැතුන අම්මෙ…ඇස් වල කදුළු පිරුණා…මම දැනගත්ත අම්මෙ කරදරය වෙලා තියෙන්නෙ අපේ පවුලෙ කෙනෙක් ට කියල..මට කෑගහල අඩන්න ඕනඋනා අම්මෙ ….එත් මට බෑ….වාහනය ගෙදරට හරවන පාර ගාවට ලං උනා..

    අනේ මගේ රත්තරං අම්මෙ..මට අම්මගෙ නම එක්ක පින්තුරයක් දාල ගහපු ලොකු බැනර් එකක් පෙනුනා..අම්ම මාව දාල ගිහින් ද අම්මේ..මට නොකියම..?

    මගේ ජීවිතේ මම මේ ලෝකෙ පලවෙනි හුස්ම ගත්ත වෙලෙත් මම වෙනුවෙන් අඩපු වේදනා විදපු….අන්තිමවතාවට මාව බලන්න ආව වෙලෙත් අඩපු.. මම වෙනුවෙන්හැම වේදනාවක්ම විදපු මගෙ අම්මා..

    අවුරුදු 31ක් මම වෙනුවෙන් දුක සතුට හිනාව කදුල තුලින් ජීවිතය පුරවන් උන්න මගේ අම්ම ….. බය වෙන්න එපා.මගේ රත්තරං අම්මා නිවන් දකිනවා..සත්තයිනිවන් දකිනව අම්මේ…සත්තයි මම අම්මට ආදරෙයි මගේ අම්මේ..

    මම අම්මට පොරොන්දු වෙනවා…අම්මා එපා කියන දෙයක් මම මීට පස්සෙ උපදින කිසිම ආත්මයක කරන්නේ නෑ අම්මෙ..

    අම්මට මුරණ්ඩු වෙන්නෙ නෑ මම….අම්මගෙ ඇහැට කදුලක් දෙන්නේ නෑ අම්මෙ
    ඇත්තමයි මම පොරොන්දු වෙනවා..
    මම මේ දැනන දුක එක්ක අම්මා ළඟට ඉක්මනට එනවා අම්මේ..”






  • The parable of Lute and devolution

    The parable of Lute and devolution

    A very thought provoking pragmatic debate ended today(11th Sept.) between Dr. Dayan Jayatillake(DJ) and Emeritus Professor Dr. G.H.Peiris (GP) in the Colombo Telegraph and in The Island newspaper, concerning the devolution of political power in Sri Lanka. There appears to …




  • Foreign Ministry’s Shocking Silence In Geneva

    Foreign Ministry’s Shocking Silence In Geneva

    The 36th session of the UN Human Rights Council closed just a few days back, on the 29th of September. At that session, there were allegations of genocide, systematic discrimination, rape and torture in custody, extrajudicial killings and militarization leveled …