ELECTIONS COMMISSIONER’ AND THE SINHALA BUDDHIST TRADITIONS .

..අර පනත සම්මත කරගත් අය පන්සල් හැරෙන්න අනෙක් ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් ඔය කියන තහනම කළා නම් අපට ප්‍රශ්නයක් නැහැ. එහෙත් පන්සල් ගැන එහෙම නීතියක් සම්මත කර ගන්න බැහැ. එය මෙරට සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බුද්ධාගමට මෙරට විශේෂිත තැනක් හිමි වෙනවා.

මේ රට හදන්නට ගිහියන්ට උපදෙස් දුන්නෙ හාමුදුරුවරු. ඒ කෙළේ පන්සලේ දී. මැකොස හදන්නෙ පනතක් ගැන කියමින් ඒ සම්ප්‍රදායට විරුද්ධ වීමට. ඒ සම්බන්ධයෙන් පනත සම්මත කරගත් අය වැරදියි.

අනෙක් වගන්ති බොහොමයක් පැත්තකින් තියල මැකොස අදාළ වගන්තිය අකුරට ම ක්‍රියාත්මක කිරීමට වළි කනව නම් ඒකත් වැරදියි.

දේශපාලනඥයන්ට පන්සලේ දි දේශපාලනය කරන්න පුළුවන් ද බැරි ද කියන එක තීරණය කරන්න ඕන හාමුදුරුවරු.

ඒ කොහොම වුණත් හාමුදුරවරුන්ට පන්සලේ දී ගිහියන්ට මැතිවරණය පිළිබඳ අනුශාසනා කිරීම පනත් මගින් තහනම් කිරීම මෙරට සම්ප්‍රදායට විරුද්ධයි.

මැකොස හා පනත් සම්මත කර ගත්තවුන් කුමක් හිතුවත් ඉංගිිරිසින් ඇතැම් අවස්ථාවල දී සිංහල බුද්ධාගමේ විශේෂත්වය පිළිගෙන තියෙනවා. උදාහරණයකට සිද්ධස්ථාන ඉදි කිරීම සම්බන්ධයෙන්.

මා ඒ නීතිය කිහිප වරක් ම උපුටා දක්වා දක්වා තිබෙනවා. එහෙත් එය නැවතත් උපුටා දක්වන්නේ සිංහල බුද්ධාගමේ විශේෂත්වය පැහැදිලි කිරීම සඳහා.

Section 16 of the “Declaration of British Sovereignty” dated 21/11/1818 and ordinance no 4of 1892.

“As well the priest as all the ceremonies and processions cessions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations” 

ඉංගිරිසින් අන්‍යාගමික සිද්ධස්ථාන රැකීමට බැඳී සිටියේ ඒ සිද්ධස්ථාන ඉදිකිරීමට ආණ්ඩුකාරයාගෙන් අවසර ගෙන තිබුණි නම්. හාමුදුරුවරුන්ට දේශපාලනයේ දී රජුන් තැනීමට ගිහියන්ට අනුශාසනා කිරීමට වූ සම්ප්‍රදාය එලෙස ම රකින්න ඕන. ඒ සිංහල බුද්ධාගමට ඇති විශේෂත්වය.

මැකොස කියන පනතෙ අදාළ වගන්තිය සම්ප්‍රදාය විරෝධියි. මීළඟ පාර්ලිමේන්තුව ඒ පනත වෙනස් කරන්න ඕන.

DR NALIN DE SILVA

141 Viewers