• Home »
  • Sinhala »
  • LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත යහපාලන ආණ්ඩුවෙන්..

LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත යහපාලන ආණ්ඩුවෙන්..

unnamed2015 දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ 30/1 යෝජනාවලයට පාදකවූ ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන වාර්ථාව ( the OISL report )’ මගින් එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කන්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට උත්සාහ කරනු ලැබ ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා මුලසුන හෙබවූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමිනි.

ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් යන විද්වතුන් දෙදෙනාගේ තර්කය වූයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඊට පෙර ලංකාවේ යුධ තත්වය ‘ත්‍රස්තවාදය සමඟ සටන (combatting terrorism )’ ලෙස හඳුන්වා ලෙස හඳුන්වා හී තිබුනද මානවහිමිකම් කොමසාරිස්වරයා විසින් 2015 සැප්තැම්බර් 15දා ලබා දුන් ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන වාර්ථාවේ (the OISL report )’ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ ”රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කන්ඩායමක් (non-state armed group) ‘ ලෙස මිස ‘ත්‍රස්වාදී කන්ඩායමක් ( terrorist group ) ලෙස නොවන බවය. මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත්‍රස්ථාවාදයට මුදලින් ආධාර කල අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන ( UN Global Counter Terrorism Strategy) ’ යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවයි. ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් තර්ක කලේ ශ්‍රී ලංකාවේ අනාගත රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන( UN Global Counter Terrorism Strategy) යටතේ එල් ටි ටීයට අදත් උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිලිබඳවද පරීක්ෂණයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරන ‘ප්‍රති යෝජනාවක් ( Counter Resolution)’ ඉදිරිපත් කල යුතු බවය.

එවැනි තත්වයක් යටතේ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමින මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරණ අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන් එදා එල් ටී ටි ඊ යට මුදල් සැපයූවන් නිසා, කොටි ත්‍රස්ථවාදීන් විසින් සිදු කල සියලු මනුෂ්‍ය ඝාතන වලට වග උත්තර බඳින්නට සිදුවන බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය

සැප්තැම්බර් 20 දා ජිනීවාහීදි පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප්‍රිකානු හා ආසියනු රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමල ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.



58 Viewers