TO THOSE WHO WANT TO BRING RANIL BACK TO POWER..

දැන් පක්‍ෂය හිස මත තබාගෙන රනිල්ව නැවත බලයට ගෙන ඒමට උද්ඝෝෂණය කරන දහස් ගණන් ජනතාවට තමන් එසේ කිරීම තුළින් තම උපන් භූමියට ද්‍රෝහි වන්නේ කෙසේදැයි පහදා දීමට කැමැත්තෙමි. මන්ද එකී උද්ඝෝෂණ වලට සහභාගි වන බොහෝ දෙනා රනිල් දිගටම බලයේ සිටියානම් රටට සිදුවන විපත සම්බන්ධයෙන් නොදන්නා නිසාය. එනම්

(අ.) ජිනීවා 30/1 යෝජනාවට රට පවා දෙමින් සම අනුග‍්‍රහය ලබා දෙමින් එහි නිර්දේශ කර ඇති පරිදි 2019 මාර්තු මස වන විට ද්‍රවිඩ සංධානයට අවශ්‍ය ලෙස රට පෙඩරල් කරන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සියලූ පියවර ගෙන අවසන්ය. (මෙයට ජවිපෙ මංත‍්‍රීවරු 06 දෙනාගේද පූර්ණ සහය තිබුණි)

(ආ.) ඉන්දියාව තුලනය කිරීමට ලංකාවේ සියලූම උපක‍්‍රමික මර්මස්ථාන එනම් මත්තල ගුවන් තොටුපල, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය සහ අක්කර 700,000 ක ඉඩම් ප‍්‍රමාණය ඉන්දියාවට ලබා දීමට නියමිතව තිබුණි. (රනිල් විසින් හම්බන්තොට වරාය චීනයට ලබා දීම ගැන ඉන්දියාව වැඩිපුර දැඟලූවේ නැත්නේ තමන්ට ඊට වඩා සිය ගුණයක් ලබා දීමට රනිල් පොරෝන්දු වී සිටි බැවිනි)

(ඇ.) ප‍්‍රකෝටිපති දෙමළ ඩයස්පෝරාව ඇතුළු මහා ධන කුවේර විදේශිකයන්ට අප රටේ ඕනෑම ඉඩමක් සින්නක්කර මිලදී ගැනීමට අනුමැතිය ලබා දෙන පනත සම්මත කර අවසන්ය. (මෛත‍්‍රිපාල ජනාධිපති, මහින්ද අගමැති රනිල් එලවා දැමීමට මූලික හේතුවක් වූයේ එයයි.)

මීට අමතරව රනිල්ගේ පාලන කාලය තුළ ඩොලර් මිලියන 1400 ක සෘජු විදේශ ආයෝජන රටට අහිමි විය. රාජ්‍ය ණය කෝටි 900,000 කින් ඉහළ ගියේය. මහා බැංකු මංකොල්ලයෙන් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් රටට අහිමිවිය. එය පියවා ගැනීමට මහජනයා මත නොඉසිලිය හැකි ආකාරයේ බදු පැනවිය. ලංකාව ලෝකයේ ¥ෂිතම රටවල් 04 ට එක්වූයේ රනිල්ගේ පාලන කාලයේය.

රට මෙවන් තත්ත්වයකට ඉතා කෙටි කාලයක් තුළ පත්කළ රනිල්ව එලවා දැමූ පසු ඔහුව නැවතත් පත්කළ යුතු යැයි කියමින් යමෙක් පෙළපාලි යයි නම් ඔහු හෝ ඇය කවර ගණයට අයිති කෙනෙක් දැයි මවු බිමට ආදරය කරන කුඩා දරුවකුට වුව වැටහෙන කරුණකි.

REAR ADMIRAL SARATH WEERASEKERA

308 Viewers