• Home »
  • Sinhala »
  • UNHRC ඉදිරියේදී යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් විරෝධතා…

UNHRC ඉදිරියේදී යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් විරෝධතා…

unnamed
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී, කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට එරෙහිව විශේෂ යෝජනා කිහිපයක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

ඊට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උද්ඝෝෂණයක් සහ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද යුද අපරාධ ඡායාරූප ප්‍රදර්ශනයක් සැලසුම් කර ඇත.

මෙකී උද්ඝෝෂණය 2019 මාර්තු 17 වන දින ජිනීවා වේලාවෙන් සවස 2 සිට 5 දක්වා, සිවිස්ටර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේදී පැවැත්වේ.

මේ සඳහා, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, පෝලන්තය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය ඇතුළු බොහෝ යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පැමිණෙන බවට වාර්තා වී ඇත. ග්ලෝබල් ශ්‍රී ලංකන් ෆෝරුම් (Global Sri Lankan Forum), ලන්ඩන් ශ්‍රී ලාංකීය බලය, යුක්තියට හඬක් ඇතුළු සංවිධාන ගණනාවකගේ දායකත්වය මීට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ රණවිරුවන්ගේ ජීවිත වලට තීරණාත්මක මෙම අවස්ථාවේදී, යුරෝපයේ වෙසෙන සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට සහ දේශහිතශී සවිධාන වලට මෙම උද්ඝෝෂණය සඳහා ආරාධනා කර සිටී.

විමසීම් :

ජයරාජ් පළිහවඩන – +447515727933
චතුර අවන්ත +447581171693

141 Viewers