UNP සූත්‍රය සහ බෙදුම්වාදය

මැතිවරණ කොමිසන් සභාවඇතුලේ ගොඩක් අය නොදන්න සිද්ධියක් ඊයේ සිදුවුණා.. නොවැම්බර් 6 වැනිදා කොළඹ දිස්ත්‍රික්කය භාරව සිටින නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් බලහත්කාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැතිවරණ ලියවිලි වල ඡායාපිටපත් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් විසින් ලබාගත් තිබ්බා. මේ ලබා ගත්තේ නියෝජ්‍ය කොමසාරිස් වරයාගේ බලවත් විරෝධය මැද්දේ.

එක්සත් ජාතික පක්ෂයට කඩේයන පක්ෂය වෙනුවෙන්ව පුවත්පත්වලට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියන, මැතිවරණයක් එපා කියා උසාවි ගිය ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික සහ බෙදුම්වාදී කොටි සංවිධානයටත් එක්සත් ජාතික පක්ෂයට දැඩි ලෙස ඇඟලුම් පවත්වන කැනඩාවේ පුරවැසි, ඇල්පිටිය  ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ගාල්ල දිසාපතිවරයාට තිත්ත කතාවෙන් බැණවැදුණු මේ ආචාර්ය රත්නජීවන් හූල් ඊයේ දවසේ තවත් ද්‍රෝහී ක්‍රියාවක් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොවී තිබියදී මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු අනෙකුත් නිලධාරීන් ඔහු ඉල්ලා සිටියේ ගෝඨාභය මහතාගේ නාම යෝජනාව  ප්‍රතික්ෂේප කරන ලෙසයි.

කිසිදු නීතිමය පදනමක් නැතිව ගෝඨාභය මහතාගේ නාම යෝජනාව  ප්‍රතික්ෂේප කළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රයේ ප්‍රකාශ කර අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් සම්පූර්ණ සහය දුන්නා. රත්නජීවන් හූල් ගේ වියරුව සම්පූර්ණයෙන් පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ප්‍රමාද වී හෝ සහාය දුන් මහින්ද දේශප්‍රිය ඇතුළුව මැතිවරණ කොමිසමේ සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය!

මහාචාර්ය රත්නජීවන් හූල් වැනි පක්ෂග්‍රාහී පුද්ගලයන් මැතිවරණ කොමිසන් සභාව වැනි ස්වාධීන ආයතනයක තවදුරටත් තබාගත හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි.

59 Viewers