• Home »
  • Sinhala Articles »
  • අපේ ගොඩක් මිනිස්සු අතීතයෙන් පාඩම් ඉගෙනගන්න පාටක් පේන්නෙ නෑ

අපේ ගොඩක් මිනිස්සු අතීතයෙන් පාඩම් ඉගෙනගන්න පාටක් පේන්නෙ නෑ

යුද්දෙ කාලෙ කේන්ද්‍රීය ප්‍රශ්නය උනේ ඒක, ඉතින් ඒක 2009 ඉවර උනාම දවස ගානෙ අපේ හමුදාවෙ රණවිරුවන්ගෙ මරණ ගෙවල්වලට එන එක නැවතුනා, අතපය කකුල් කැඩිල සදාකාලික අබ්බගාතයින් වෙන එක නැවතුනා, කොලඹ ඇතුලු ප්‍රදේශයවල බෝම්බ පුපුරන එක නැවතුනා, සහ තවබොහේ දේ මිනිස්සුන්ට ලැබුන. ඊට පස්සෙ අපිට නැතුව තිබුනු යටිතල පහසුකම් වැඩිදියුණු වෙන්න පටන් ගත්ත, ආර්ථිකය ශක්තිමත් උනා, මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඇති. අර අතීතය කොටින්ම අමතක උනා.

අර කේන්ද්‍රීය ප්‍රශ්නය අහවර උන නිසා ඒ කාලෙ විදින නිදහස, ආර්ථික පන්නරය ලබාගත්ත බව අමතක උනා. ඒක නිසා කිසිම වැදගැම්මක් නැති සිල්ලර ප්‍රශ්නවලින් රජයක් බිහිකරගත්ත 2015දී. ඊට පස්සෙ මොකද උනේ කියල කියන්න දෙයක් නෑ නේ.

දැන් 2020. දැන් වෙද්දි කේන්ද්‍රීය ප්‍රශ්නයක් වෙන්නෙ කොරෝනා සහ එහි සමාජීය බලපෑම. අනිත් කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික ආරක්ශාව 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක. හැබැයි දැන් මොකක්ද වෙන්නෙ, අර කේන්ද්‍රීය ප්‍රශ්න දෙකම ගොඩක් දුරට අහවර කරගන්න තත්වෙට ඇවිල්ල නිසා මිනිස්සුන්ට මතක නෑ. ඇත්තටම කොරෝනා පාලනය නොකර ඉන්දියාව, ඇමෙරිකාව (වගේ රටවල් දෙස බලන්න) වගේ උනා නම් බොහෝවිට අපේ ගෙවල්වලත් සුදුකොඩි නොදාම මිනී පුච්චන්න තිබ්බ, නිදහසේ බෝඩ් උස්සගෙන ඉන්නව තියා ගෙදරට කන්න හාල් හුන්ඩුවක් ගේන්න යන්න බැරි තත්වයක් ඇති වෙන්නෙ තිබුන.

බුද්ඪි අංශ ශක්තිමත් නොකර, ආරක්ශාව තරනොකරනම් තව බෝම්බ පුපුරන්න තිබ්බ (ඓවැනි දෙවැනි ප්‍රහාරයක් සැලසුම්කරල කියල හොයාගෙන තිබුන මතක විදියට). ඕව උනේ නෑ (වෙන්නත් එපා කියල ප්‍රාර්ථනා කරනව), ඒක නිසා ආයිත් අර 2015ට කලින් වගේ සිල්ලර ප්‍රශ්න වගයක් ගෙනැල්ල මිනිස්සු අන්දන්න හදනව, මොකද මේතාක් දුරට අපිට කේන්ද්‍රීය ප්‍රශ්නයක් නැති තැනට මේ රජය කටයුතු කරල තියෙන නිසා.

ඒක නිසා මිනිසුනේ, අතීතයෙන් පාඩම් ඉගෙනගන්න.

කේන්ද්‍රීය ප්‍රශ්නය/ප්‍රශ්න විසදන්න පුලුවන් නායකත්වයක් ඇති මේවෙලාවෙ, ඒක ඉස්සරහට කරන්න පුලුවන් පිරිසක් එම නායකත්ව පිලෙන් තෝරගන්න.



46 Viewers