අපේ පෝරුතොට පියතුමා
(Courtesy of Diwaina)
කතෝලික සභාවේ ඉතාමත් ජනපි‍්‍රය පැවිදි චරිතයක් ඊයේ (16 දා) රටට අහිමි විය.
හෙතෙම මාධ්‍ය මිත්රයෙකි. නිතර ඔහු මාධ්‍ය සමගම ජීවත් විය.
අර්නස්ට් පෝරුතොට නම්වූ මෙම පැවිදි උතුම් කතෝලික සභාවේ සිටින සිංහලකම, කලාව අගය කරන පියතුමන්ලා අතරින් කැපී පෙනෙන සුවිශේෂ චරිතයක් යැයි කියතොත් මා නිවැරදිය.
අර්නස්ට් පෝරුතොට පියතුමාගේ වියෝව මට අසන්නට ලැබුණේ ඊයේ (16 දා* අලූයම කතෝලික ලේඛකයෙකු වූ සිරිල් එෙඬ්රමුල්ල මහතාගෙන්ය.
නෝමන් හරි වැඬේ අපේ පෝරු පියතුමා මිය ගිහින් යැයි ඔහු දුරකථනයෙන් පැවසුවේය.
පෝරුතොට පියතුමාව අප ආදරයට ඇමතුවේ පෝරු පියතුමා යනුවෙන්ය.
පෝරුතොට පියතුමා කාලයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවිය. ස්වර්ගස්ථ වන විට එතුමා 88 වැනි වියේ පසුවිය.
පියතුමා කතෝලික මීසම්වල වැඩිපුර සේවයට යොදා ගනු ලැබුවේ යතුරුපැදියකිනි.
එතුමා පෑලියගොඩ දෙව්මැදුරේ 70 දශකයේ සිටි කාලයේදී ගමන් බිමන් ගියේ ස්කූටරයෙනි. එවකට ඇත්ත පත්‍රයේ මා සේවය කළ අවධියේදී පත්‍රයට අවශ්‍ය කරන නත්තල් ලිපි මෙන්ම පාස්කු ලිපි, විනාඩි කීපයක් තුළදී පත්‍රයට ලියා දීමට තරම් කි‍්‍රයාශිලී වූ පෝරු පියතුමා, වරක් වෙසක් උළෙලට බත් පාර්සල් බෙදාදීමේ පුණ්‍ය උත්සවයක් සංවිධානය කළේය.
මෙම උත්සවයේ ඡුායාරූප වාර්තාවන් සඳහා පියතුමා ‘ඇත්ත’ පත්‍රයට ඇරයුම් කළේය. අප එම අවස්ථාවට ප්‍රමාද වී යෑමේදී උත්සවය අවසන් වී තිබිණි.
ඇත්ත පත්‍රයේ මිතුරන් ප්‍රවෘත්තිය නැතිව ආපසු යැවිය නොහැකි යැයි කී පෝරුතොට පියතුමා අසල පිහිටි හෝටලයකින් නැවත බත් පාර්සල් කිහිපයක් ගෙන්වා ගෙන පුද්ගලයන් පිරිසක් ගෙන්වා එම පාර්සල් ඔවුන්ට පිරිනැමුවේය. අපට අවශ්‍ය පින්තූරය රැුගෙන පසුදා පත්‍රයේ පළ කිරීමට හැකි වූයේ එසේය.
කොල්ලෝ උඹ කෑවද කියමින් පල්ලියේ කෝකියා ලවා කෑම ලෑස්ති කිරීමට පවා අපේ පෝරු පියතුමා කාරුණික විය.
අර්නස්ට් පෝරුතොට පියතුමා දෙව්මැදුරේ පැවති දේශනවලදී තේමාව කරගනු ලැබුවේ නැති බැරි පුද්ගලයන්ට පිහිට වෙන අවවාද බව මට මතකය.
පෝරුතොට පියතුමා මර්සලින් ජයකොඩි පියතුමාට දෙවැනි නොවන චරිතයකි. පියතුමා පන්සල්වල වඩාත් ජනපි‍්‍රය වී තිබිණි. ඇතැම් අවස්ථාවලදී දෙව්මැදුරේ මංගල්‍යය දින අල්තාරය ගොක් කොළ වලින් අලංකාර නිර්මාණ ඉදිරිපත් කර සරසමින් පවා එතුමා හොඳ නිර්මාණ ශිල්පියෙකු විය.
පෝරු පියතුමා මීසම්වල පදිංචි දුප්පත් ජනයා නිතර ඇසුරු කළේය. පියතුමා කුඩා අවධියේදී පැවිදි වීමට පේරුම් පුරා තිබුණි. පල්ලියේ පූජාව පවත්වන ආකරායට මව් පිය සහෝදර සහෝදරියන් මිතුරන් සමග නිවසේ දේව පූජා පවත්වන ආකාරය පිළිබඳ දේශනා කරමින් පියතුමා ජනතාව දැනුවත් කළේය.
පෝරුතොට පියතුමා මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුතුමා යනුවෙන් මා සඳහන් නොකිරීම වරදක් යැයි සිතේ. ඥානාර්ථ ප්රදීපයේ
දිප්පිටිගොඩ වාර්තාකරු ලෙස සේවය කිරීමට මට පෙරමග කියා දුන්නේ පෝරුතොට පියතුමාය. පියතුමනි ඔබට මොක් සුව පතමි.
නෝමන් පළිහවඩන
90 Viewers