අබෞද්ධ නාඩගම් කාරයෝ

සාමාන්‍යයෙන් මම ෆේස්බුක් එකේ එක එක ජාතියේ මෝඩයො දැකල තියනවා. හැබැයි දයාවතීගෙ මනුස්සය කියන දෙබස් අහල හාමුදුරුවරුන්ට උපදෙස් දෙන එවුන් තරම් රට හරක් ටිකක් නම් දැකලම නෑ

නාඩගමේ කියන විදිහට බුදු පිළිම හදන එක වැරදී. ඒ ලොජික් එකට අනුව සමාධි පිළිමය, අවුකන පිළිමය ඉඳන් ඔක්කොම බොරු වැඩ. බුදුදහම හරියට නොදන්න අයටයි, සිංහල බෞද්ධ විරෝධී සෙට් එකටයි ඉතින් මෙහෙම එකක් අහුඋනාම ඊට වඩා එකක් නෑ.

නමුත් ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවට වගේම ආමිස පූජාවටත් එකවගේ සුදුසයි. වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා නිර්මාණය කියන්නේ ලොකු පින්කම්. බුදු දහම මතු පරපුරටත් ආරක්ෂා වෙන්නේ මේ ආමිස පූජා එක්ක බැඳුනු ශාසනය( සිංහල බුද්ධාගම) ආරක්ෂා වුනොත් පමණයි.

මේ නාට්‍ය ඇතුලු රැඩිකල් එන්ජීඕ ප්‍රොජෙක්ට් වලින් කරන්නේ රටේ තියන මේ සංස්කෘතික හර පද්ධතිවලට ගහන එක. මහා ලොකුවට පන්සල් හදල වැඩක් නෑ කියන, ප්‍රතිපත්ති පූජා, බෞද්ධ දර්ශනය ගැන කතා කරන බහුතරයක් ප්‍රතිපත්ති පූජා තියා පන්සිල්වත් ගන්න උන් නෙමෙයි. (අනික බුදුදහම කියන්නේ දැනුමෙන් ඔබ්බට ගියපු ගැඹුරු ඉගැන්වීමක් මිස දර්ශනයකුත් නෙමෙයි)

ඒ නිසා මේකෙ තිර රචකයගෙ පෞද්ගලික මත බුදු බණ කරගන්නෙ නැතුව කතාව බලනවනම් පාඩුවේ බලන්න.

නාඩගම්කාරයෝ තිර රචනය – සද්ධාමංගල හියුස්
අධ්‍යක්ෂණය – ජයප්‍රකාශ් සිවගුරුනාදන්
නිෂ්පාදනය/ විකාශනය – සුබාෂ්කරන් අලිරාජා

නම් ටික බලලවත් ඇත්ත තේරුම් ගන්න



173 Viewers