අල්තාරය ඉදිරිපිට කාඩිනල්තුමා ගේ නිදහස් දින ප්‍රකාශය…..
ඊයේ දිනයේදී, අප ජාතියක් ලෙස ලද නිදහසේ,77 ත් වන සංවස්තරය රාජ්‍ය අනුග්‍රහණයෙන් පවත්වන ලදි.
ඊට සමගාමීව, රටේ සමහර ආගමික ස්ථාන හා විවිධ ප්‍රදේශයන් හා එතෙර දේශයන් හී ද මෙම නිදහස ශ්‍රීලාංකීකයන් විසින් සැමරු බව අප මාධ්‍ය තුළින් දුටුවේය.
නමුත් බොරැල්ලේ සියළු ශාන්තුවරයන් ගේ දේවස්ථානයේ, ශ්‍රීලංකා කතෝලික සභාව, මැල්කම් රන්ජිත් කාඩිනල් උතුමාණන් හා සමග පවත්වන ලද දේව මෙහෙය, මාගේ හදවතේ යම් තැනක ඉතා ගැඹුරින් සනිටුහන් වන ලදි.
අන් සියළු ආගමික සිද්දස්ඨාන වල, ලද නිදහසට හා ශ්‍රීලංකාවේ ඉදිරි අනාගතයට සෙත් පැතීමක් සිදු වුවද, කතෝලික සභාවේ දේව මෙහෙය යම් විශේෂිත වූ අර්ථයක් ගෙන දුන්නේය.
අද අප රටේ කතෝලික ප්‍රජාව අඩු වැඩි වශයෙන් 9 – 11% පමණ අගයක් ගනු ඇතැයි පැවති සංඛ්‍යාලේඛනයන්ට අනුව විශ්වාස කළ හැකිය.
එසේනම්, කාදිනල් හිමිපාණන්, නව ව්‍යවස්ථාවක් නව රජය ගෙන ආ යුතු යැයි ස්ථිරවම එම දේව මෙහෙය අතර තුර ප්‍රධාන මාතෘකාව බවට එය පත් කරමින්, කතෝලික සභාව දෙමළ ඩයස්පොරාකරණයකිරීමකට ඔහු ලක් කළේ කාගේ අවශ්‍යතාවය ට ද????
එය සමස්ථ ශ්‍රීලංකා කතෝලික සභාවේම ස්ථාවරය ද???
මෙය අප නිවැරදිව කියවා ගත යුතුව ඇත.
අතීතයේ ඊලාම් යුද්දය පැවති යුගයේ, සමහර කතෝලික ආගමික නායකයින් හැසිරුණ ආකාරය අනුව අතීත විශ්ලේෂණයක් සිදු කිරීමේදී, මෙතුමාගේ ක්‍රියා කලාපය ගැන යම් කුතුහලයක් මා තුළ පැන නැගෙන්නේ නිරායාසයෙනි.
එම ක්‍රියා කාලපය එතුමාගේ පෞද්ගලිකත්වය ද නැතිනම් සමස්ත ශ්‍රීලාංකීය කතෝලික සභාවේම පොදු ස්ථාවරය ද යන්න ඉදිරියේදී අප වටහා ගත යුතුව ඇත.
ව්‍යවස්ථාවේ යම් සංශෝධනයන් අවශ්‍ය නම්, රජයට කිරීමට අවශ්‍ය විධායක හා ව්‍යවස්ථාධායක බලය ජනතාව පවරා දී ඇත.
එසේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්, පැවති පසුගිය රජයන් ද 21 වතාවක් පමණ කලින් සිදු කර ඇත.
එසේනම් කාලානුරුපිකව ව්‍යවස්ථාව යාවත්කාළීන කිරීමට මෙම රජයට ද සදාචාරාත්මක අයිතියක් ඇත.
එය එසේ යැයි කියා, සුළුතර ආගමික නායකයකුගේ හෝ සුළුතර ජනවාර්ගිකයක කොටසකගේ මන දොළ පිනවීමට, කාදිනල්තුමා පවසන ආකාරයට පවතින සමස්ථ ව්‍යවස්ථාවම පුළුස්සා දමා,රටේ බහුතර ජනවර්ගයට, ආගමට හා සංස්කෘතියට පිළිගත නොහැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට යැයි රජයට බලපෑම් කිරීම යෝග්‍ය නොවන බව මාගේ විශ්වාසය වනු ඇත.
මෙම කරුණ අළලා රජයට ජනතා වරම අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගෙනු ඇතැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි.
මන්ද ව්‍යවස්ථාවේ පුර්ණ සංශෝධනයක් කිරීමට හෝ වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ප්‍රථම එහි අන්තර්ගතය, සමස්ත සියළු ජනතාව විසින්ම පිළිගත යුතුව ඇත.
එනම් ජනමත විචාරණයක් පවත්වා ජනතා කැමැත්ත විමසා සිටීම සදාචාරාත්මක ප්‍රජාතන්ත්‍රවාදය වනු ඇත.
නමුත් උතුරේ යුද ගැටුම් අවසන් ව වසර 15 ක් පමණ ගත වී රටේ ජනතාවම මේ වන විට විශාල ආර්ථික ප්‍රපාතයක වැටි ඇති අවස්ථාවක, එයට කඩිනම් විසඳුම් නොසොයා, රජය ව්‍යවස්ථාවකට ප්‍රමුඛත්වය ලබා දීමට යාමේදී, දුෂ්කරතාවයන්ට මුහුණ දීම ඒකාන්තයෙන් සිදු වීමක් වනු ඇතැයි මා විශ්වාස කරමි.
එසේනම් අප රටට අවශ්‍ය දේ කුමක් දැයි තේරුම් ගෙන, ඒ උදෙසා රජයට සහයෝගය දැක්වීමක් කරනවා විනා, මෙවැනි රජය අසීරුතාවයන්ට පත් වන කාරණා ගැන උනන්දු වීම ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් වනු ඇත යන්න මාගේ පෞද්ගලික මතය වනු ඇත.
(දිනේෂ් ද අල්විස්)
05/02/2025
13 Viewers