අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද?
“ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියන් එළියටත් බයයිලු ” අලි සබ්‍රි පිළිබඳ ගැටළුව හදුනා ගන්න වෙන්නෙ එහෙම.
අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද . නැත්නම් බදුර්දීන් වගේ කෙනෙක් වෙයිද කියන්න තවමත් කල් වැඩියි . ඒ කොහොම උනත් පසුගිය දශක දෙකේ මුස්ලිම් දේශපාලනඥයන් ගේ හැසිරීම ගැන බලන කොට සිංහලයට ඔවුන් පිළිබඳව ඇතිවන සැකය අසාධාරණයි කියලා කියන්නත් බෑ.
ගෙවීගිය 20 වසරක කාලය ගත්තොත් පත්වුණු බහුතරයක් මුස්ලිම් ඇමතිවරු ජාතිවාදය මත පදනම්ව තම ජාතියට පමනක් සේවය කලයුතුය යන ආකල්පයෙන් කටයුතු කරපු ආකාරය අපි දැක්කා .
රාවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාව සිටි සමයේ සිදුවූ බව පැවසෙන නීති විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ අක්‍රමිකතාවය පිළිබඳව තවමත් ඇත්තේ අභිරහසක් . බදුර්දීන් ඇමතිවරයා නැගෙනහිර පළාතේ සිදුකල අරාබිකරණය මිනිසුන්ට තවමත් අමතක නෑ.
එහෙයින් අලි සබ්‍රී පිළිබඳව මේ මොහොතේ එල්ල වන විරෝධය හුදු ජාතිවාදී කෝණයකින් විග්‍රහකර ගැනීම සුදුසු කාරණයක් නොවන්නේ ඔහුගේද සමහර හැසිරීම් බහුතර සිංහලයාගේ සැකයට පාත්‍රව ඇති බැවින් …
1 කොවීඩ් රෝගී තත්වයෙන් මියයන මුස්ලිම් වැසියන්ගේ ආදාහනය පිළිඉඳව අල් ජසිරා රූපවාහිනියට ඔහු ලබාදුන් බව පැවසෙන ප්‍රකාශය .
2 දෙරණ රූපවාහිනීයේ චතුර සමග පැවැත්වූ සම්මුබ සාකච්ඡාවේදී ෂරියා නීතිය කාති උසාවි ළමා විවාහ ශරියා විද්‍යාල යනාදී මේ වන විට සමාජයේ කථිකාවට භාජනය වී ඇති කරුණු පිළබඳව එතරම් සැලකිල්ලට නොගත යුතුය යන්න හැගවෙන ආකාරයෙන් ඔහු කල ප්‍රකාශය.
3 උප්පැන්න සහතිකයෙන් ජාතිය සහ ආගම ඉවත් කිරීම ඉතා අගය කොට මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම .
ඉහත කරුණු දෙස බැලීමේදී නව අධිකරණ ඇමතිවරයාට එල්ලවන විරෝධතායේ යම් සාධාරණ තාවයක් නැතැයි කෙනෙකුට කිව නොහැක.
අලි සබ්‍රිට විරෝධය දක්වන බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ” එක රටක් එක නීතියක් ” යන තේමාව යටතේ ඉදිරියේ දි සිදුකරනු ලබන ව්‍යවස්ථා සංශොධන ක්‍රියාවලියට ඔහුගෙන් බාධාවක් වේද යන්නයි . එහෙත් විද්වත් මතයට අනුව එවැනි බලපෑමක් සිදුකිරීමට අධිකරණ ඇමතිවරයාට කිසිදු හැකියාවක් නැත. ඔහුගේ විෂයපථය වන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ යල්පැනගිය නීති යාවත්කාලීන කිරීම ආදිය වේ.
විරෝධතා මධ්‍යයේ වුවද ජනාධිපතිතුමා අලි සබ්‍රීට අධිකරණ ඇමැති ධූරය පිරිනමන්නේ බලවත් විශ්වාසයකින් යුක්තව විය යුතුය . ඔහු ලවා අධිකරණ ක්ෂෙත්‍රයේ පවතින යම් ව්‍යාකූල තත්ත්වයන් සමනය කරවා ගෙන රට ඉදිරියට ගෙනයන ජාතික වැඩ පිළිවෙලට අධිකරණ ක්ෂෙත්‍රයද දායක කරගත හැකියැයි ජනාධිපතිතුමා විශ්වාස කරනවා ඇත එහෙයින් ජනාධිපතිතුමා පිළිබඳව පූර්ණ විශ්වාසයෙන් මෙම ගැටළුව දෙස බැලීම සාධාරණය මන්ද ඔහු කුමන බලවේගයකට වුවද ජාතික රාජ්‍ය විනාශ කිරීමට ඉඩ නොදෙන බවට බලවත් විශ්වාසයක් අපට ඇත.
ජනාධිපතිතුමාගේ එම විශ්වාසට උපරිම සාදාරණක් ඉටුකිරීම දැන් අලි සබ්‍රී අධිකරණ ඇමතිවරයා ගේ පරම වගකීම වේ . ඔහු එම භූමිකාව ඉටුකරන ආකාරය අනුව කදිරගාමර් කෙනෙක් වෙනවාද නැතහොත් රාවුෆ් හකීම් කෙනෙක් හෝ බදුර්දීන් කෙනෙක් වෙනවාද යන්න අනාගතය විසින් තීරණය කරණු ඇත.මුස්ලිම් දේශපාලඥයන් පිළිබඳව විශේෂයෙන් මහ සමාජයේ පවතින සැක සංකා දුරුකොට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ හදවත්වල ජීවත්වනවාද නැතහොත් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවාද යන්න දැන් ඔහුම තීරණය කල යුතුය .
අවසාන වසයෙන් කිව යුත්තේ අප ගිනි පෙනෙල්ලෙන් බැට කෑ බව සැබෑ වුවද දැන් කනාමැදිරියන් එළියට බියවිය යුතු නැත. එමෙන්ම යකා කියන තරම් කලුද නැත . යකා කලු වුවද කම් නැත මක්නිසාද යත් එවැනි යකුන් දමනය කිරීමට සමත් විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි දක්ෂ යකැදුරන් ද ජනතාව විසින් තොරා පත්කර එවා ඇත.
Pathirana Jayawardene
62 Viewers