ආගමික සංහිඳියාව
…පසුගිය සතියේ කුරුන්දිය සහ අද උදෑසන හැව්ලොක් පාර….
අද උදේ හැව්ලොක් පාරේ හැව්ලොක් සිටි ආසන්නයේ දැඩි වාහන තදබදයකි..
ඒ ආසන්නයට පැමිණෙන විට දහස් ගණනක පෙරහැරක් පාරේ වම් පසින් ඉදිරියට එයි..
පොලිස් නිලධාරීන් පෙරහැරට වඩා තව අඩි හත අටක් පාර මැද්දට දිග පේළියක් ව සිට ගනිමින් පෙරහරට පහසුව සකසති..
මගේ වාහනය මදක් අඟල් කිහිපයකින් අඩි ගණනක ඈත්වීමට මෑතින් පෙරහැර දෙසට ළංවී ගමන් කරනවාත් සමගම පොලිස් නිලධාරියකු වාහනයේ බඳට අතින් වැරෙන් ගසා “තව අයින් කරගෙන යනවා” යැයි ඔහුට උරුම වූ කාරුණික භාෂාවෙන් දත් විලිස්සා සිනහසී, අහිංසක ලෙස ඇස් ලොකු කර, මට උපදෙස් දුන්නේ ය..
මම එතුමාගේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් වාහනය පාර මැදටම ගතිමි..
පෙරහැර පදිකවේදිකාවේ ගමන් කරද්දී පදික වේදිකාවෙන් අඩි ගණනාවක් පමණ තවත් මෑතකට ඉඩ හසර සලසමින් පොලිසිය ඔවුන්ට ඉතාමත් හොඳින් පහසුව සහ ආරක්ෂාව සලසා දෙමින් කටයුතු කළේය..
බොහොම සන්තෝෂය.. අගය කළ යුතුය..
මේ ද්‍රවිඩ ජනතාවගේ හින්දු ආගමික පෙරහැරකි..
පවත්වන්නේ රටේ අගනුවර වූ කොළඹ ය..
හැමෝටම දැන් වහ කදුරු වී ඇති සිංහල බෞද්ධයාගෙන් අබ මල් රේණුවකින් ප්‍රශ්නයක් නැත..
යන්නට තියෙන ගමන පරක්කු වුනත්
මැදිහත් සිතින් උපේක්ෂාවෙන් වාහන පෝලිමේ හිමින් හිමින් යමින් පෙරහැරට ප්‍රමුඛත්වය දී සිය ගමන් බිමන් යති..
අපට තිබෙන ප්‍රශ්නය නම් මේ කෝවිල් දේවාල ශතවර්ෂ ගණන් පරණ ඒවා නොවේ….
ඊට පසුකාලීනව අගනුවර තැනුණ ඒවාය… නමුත් ඒවාට අදාල ආගමික කටයුතු කිසිදු ප්‍රශ්නයකින් තොරව කරගෙන යන්නට ඉඩකඩ තිබේ…
නමුත් උතුරු නැගෙනහිර වසර දහස් ගණනක් පැරණි බෞද්ධ ශිෂ්ටාචාරයේ සුවිශේෂී ස්ථාන වල සිය ආගමික කටයුතු පැවැත්වීමටත් එම ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමටත් උතුරේ අන්තවාදීන් ද්‍රවිඩ දේශපාලනඥයන් සහ ඔවුන් පසුපස යන අන්තවාදී සමහර ද්‍රවිඩ ජනතාව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙරට බොහෝ නායකයන් දරන නිද්‍රාශීලී භාවයයි..
එවැනි ස්ථාන වල ආගමික කටයුතු වල නිරත වීමට යන බෞද්ධ ජනතාවට ආරක්ෂාව සැලසීම කෙසේ වෙතත් ගැටුම් ඇති වෙතැයි පන්නා දැමීමට නම් කටයුතු කරනු සමහර අවස්ථාවල දැක ගත හැකිය…
පන්නා දැමිය යුත්තේ ඉතිහාසයේ කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධකයන් නොමැතිව එම ස්ථානවලට අයිතිය කියමින් ගැටුම් ඇති කරන්නට එතනට කඩා වදින එවුන් මිස ආගමික කටයුතුවල නිරත වීමට එතනට යන අය නොවේ…
අද වන විට ඔවුන්ගේ අන්තවාදී කටයුතුවලට මෙරට සමහර තානාපති කාර්යාලවල නිලධාරීන්ද එළිපිට සහයෝගය දක්වන තත්ත්වයට පත්ව සිටිති…
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේද ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සහ අසමාන සැලකීමට සාධාරණයක් ඉටුකරන ලෙසයි….
අසමාන සැලකීම් ඇත්තේ කාට ද යන්න ඇස් පනා පිට පෙනෙද්දී ඒ ඇත්ත තත්ත්වය ගැන අපේ නායකයන්ට කොන්ද කෙලින් තියාගෙන නිවැරදිව අදහස් ප්‍රකාශ කර නොහැක්කේ ඇයි..
අන්තවාදී ද්‍රවිඩ දේශපාලන නායකයන් දිගින් දිගටම බොරුව කීමට බියක් නොදක්වද්දී අපේ දේශපාලන නායකයන් එක් වරක් හෝ ඇත්ත කීමට බියක් දක්වන්නේ ඇයි දැයි නොදනිමු….
81 Viewers