• Home »
  • Sinhala News »
  • ඇස් මහින්ද හිමි වාර්ෂික රචනා තරගය

ඇස් මහින්ද හිමි වාර්ෂික රචනා තරගය

ඇස් . මහින්ද හිමි අනුස්මරණ රචනා තරඟයේ ජයග්‍රාහි දු දරුවන් හට තෑගී බෙදා දීමේ උත්සවය ඉතා චාම් අන්දමින් කැලණියේ ශ්‍රී පඥ්ඥානන්ද ධර්මායතනයේදී ගෞරවනීය බෙන්ගමුවේ නාලක ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් අගෝස්තු මස 28 වන ඉරු දින පැවැත්වින. එම උත්සවය සඳහා ගරු දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතා, මාධ්‍ය වේදී මතුගම සෙනෙවිරුවන් මහතා ඇතුළු ජයග්‍රාහි දුදරුවන්ගේ දෙමාපියන්, එම දහම් පාසල් නියෝජනය කරමින් ගුරු භවතුන්, ඇස්. මහින්ද හිමියන් විසින් ආරම්භ කරන ලද   නවලංකා දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය තුමිය සමග ගුරු භවතුන් සහභාගී විය. සභාවේ කටයුතු මෙහෙයවන ලද්දේ ශ්‍රී ධර්මාරාම ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ගෞරවනීය කොටපොල මංගල ස්වාමින් වහන්සේ විසිනි.

මැදපෙරදිග හෙළබිම සංවිධානය මගින් සංවිධානය කරන මෙම වාර්ෂික රචනා තරඟාවලිය මෙවර පැවැත්වුයේ සමස්ත ලංකා දහම් පාසල් දුදරුවන් අතරය. ඇස් . මහින්ද හිමියන් විසින් ලක්දිව නිදහස උදෙසා ඉටු කරන ලද මතවාදීමය සටන නිසා ජනතාව යටත්විජිත මොනොභාවයන් ගෙන් මුදවා ජාතික චින්තනය නැවත උද්දීපනය කිරීමට මග පෑදිණ. එදාටත් වඩා වර්තමානයට උන්වහන්සේගේ අදහස් වඩාත් ගැලපෙන බව අදහස් පලකල කතික මහතුන් විසින් ප්‍රකාශ කෙරින.

රචනා තරඟයේදී ඉදිරිපත් වූ නිර්මාණ අතරින් හොඳම රචනා 10 ක ජයග්‍රාහි දරුවන් හට ප්‍රථම ස්ථාන 3 ට ලැප්ටොප් පරිඝනක 3 ද අනෙකුත් ස්ථානයන් සඳහා රු. 10,000 බැගින් ලබා දීමට කටයුතු කෙරින. ඇස්. මහින්ද හිමියන් විසින් පානදුර අළුබෝමුල්ල වීරගහවත්තේ මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ ආරම්භ කල නවලංකා දහම් පාසලේ අභිවුර්ධිය උදෙසා ලැප්ටොප් පරිඝනකයක් ලබා දීමද මෙම උත්සවයේදී සිදු විය.

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් ලක් මාතාව වෙනුවෙන් ඉටු කල සේවය අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් උද්දීපනය කල දේශානුරාගය වර්තමාන දුදරුවන් හට කාවැද්දීම උදෙසා සංවිධානය කල මෙම මහඟු පිංකම හෙළබිම සංවිධානය මගින් ඉටු කරමින් සිටින ජාතික වැඩ සටහන් මාලාවේ තවත් එක අවස්ථාවකි.

ලබන වසරේදීත් හෙළබිම සංවිධානය විසින් ගෞරවනීය බෙන්ගමුවේ නාලක ස්වාමින්වහන්සේගේ අනුසාසකත්වයෙන් යුතුව සමස්ත ලංකා දහම් පාසල් අතර පවත්වන ගද්‍ය සහ පද්‍ය රචනා තරඟයක් ලෙසින් පැවැත්වීමට වීමට නියමිත අතර  අතර ඒ සඳහා ගරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ සහ දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතාගේත් සහයෝගය ආයතන මට්ටමෙන් ලබා දෙන බවට ප්‍රකාශ විය.



88 Viewers