• Home »
  • Sinhala »
  • ඉතිහාසයට එක්විය යුතු වීර කතා…

ඉතිහාසයට එක්විය යුතු වීර කතා…

මහනුවර දී උපත ලැබූ සාලිය අලදෙණිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය ඔහුගේ පියා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වතු අධිකාරි වරයකු විය.

1989  දී  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ නිලධාරියකු ලෙස පාඨමාලාව හදාරා 22v බලකායේ දෙවැනි ලුතිනන්වරයකු ලෙස හමුදා සේවයට එක් විය.

1990 වසරේ මැයි මාසය වන විට මාන්කුලම ප්‍රදේශයේ කොකාවිල් හි පිහිටුවා ඇති රූපවාහිනී සම්ප්රේෂණ කුළුණ ට ආරක්ෂාව සැපයූ අනෙක් කඳවුරු වලින් ඈත්ව වෙන්න පිහිටා ඇති කුඩා කඳවුරක භටයින් 58 දෙනෙකු සමගින් ඔවුන්ට අණ දෙමින් ක්‍රියා කිරීමට  දෙවැනි ලුතිනන් සාලිය අලදෙණිය ට සිදු විය.

1990 ජුනි පස්වැනිදා මේ කුඩා කදවුර වට කළ විශාල එල් ටී ටී ත්‍රස්තයන් පිරිසක් දැවැන්ත ප්‍රහාරයක් ඇරඹුවේ එම රූපවාහිනී සම්ප්රේෂණ කුළුණ අත්පත් කරගැනීම සඳහාය.

එය ඔවුනට ඉතාම වැදගත් ස්ථානයක් විය.

මෙම කඳවුරට පිටතින් ලැබෙන ආධාර වළක්වමින් ල්ටීටීඊය වටකර ප්‍රහාර එල්ල කළ අතර මෙම ප්‍රහාරවලින් සමහර සෙබළුන් මරණයට පත් වී තවත් සෙබළු තුවාල ලබද්දී කදවුර අතනොහැර සාලිය අලදෙණිය සිය සෙබලුන් මෙහෙයවීය.

අවසානයේ පතුරන් පමණක් නොව ආහාර ජලය ද ක්‍රමයෙන් අඩු වන්නට විය….

මේ අතර මේ දිනවල ම  නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 කට රජය විසින් එල්ටීටීයට යටත් වෙන ලෙස අණ කළේය එම නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී බොතේජු මහතාගේ දැඩි විරුද්ධත්වය මත රජය එම නියෝගය නිකුත් කළේය.

අවසානයේ යටත් වූ පොලිස් නිලධාරීන් ලවා වලවල් කප්පවා එම වලවල්වලට ම දමා ඔවුන් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය

එවන් තත්ත්වයක් යටතේ ඉතුරු වූ ඉතා සුළු භට පිරිසක් සමග දෙවැනි ලුතිනන් අලදෙණිය එල්ටීටීයට යටත් නොවී සටන් කළේය.

ජූනි 11 වන විට තත්වය ඉතාම භයානක විය…

කදවුර අතහැර සිය ජීවිතය බේරා ගෙන පසුබැස එන ලෙසට ඉහලින් අණ ලැබිණි….

එහෙත් තුවාල වී සිටින්න සගයන් එහි දමා අත්හැර පසුබැසීමට සාලිය අලදෙණිය කිසිසේත් කැමති වූයේ නැත.

තුවාල නොලබා පසුබැසීමට හැකි තත්ත්වයේ සිටි සෙබළුන්ට පසු බැසීමට අණ කළ ඔහු ඉතිරි තුවාල ලබා  පසුබැස ගත නොහැකිව සිටින සිය සහෝදර සෙබළුන් අතනොහැර ඔහු කඳවුරේ රැඳුණේය.

අවසාන පතුරම් කිහිපයක් අවසාන වී ගෙන යද්දී ඔහු සිය අණදෙන මූලස්ථානයට පැවසූයේ එල්ටීටීඊ ත්‍රස්තයන් කදවුරට ඇතුළුවූවාට පසු ගුවනින් ප්‍රහාර එල්ල කර තමා සමගින්ම කදවුර ම විනාශ කරන ලෙසය.
1990 ජූලි 21 වැනිදා පෙරවරුවේ ඒ අනුව ගුවනින් එල්ලූ ප්‍රහාරයකින් විශාල ත්‍රස්ත පිරිසක් ද සමගින් දෙවන ලුතිනන් සාලිය අලදෙණිය ද ජීවිතක්ෂයට පත්විය.

හමුදා නිලධාරියෙකුට පිදෙන ඉහලම වීර පදක්කමවූ පරම වීර විභූෂණ පදක්කමෙන් ඔහු සම්මාන ලැබීය.

රස්සාවක් නැති කමට කන්න බොන්න නැති කමට හමුදාවට බැඳුන උන් යැයි රණවිරුවන්ට අපහාස කරන අපේ  අයට හොඳ පිළිතුරක් වන්නේ සාලිය අලදෙණියයි.

ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහුට සිය පියාගේ සමාජ සම්බන්ධතා මතින් මෙන්ම ඉතා පැහැදිලිවම වැවිලි ක්ෂේත්‍රයේ ඉහළ තනතුරකට පහසුවෙන් යාමට තිබිණි.

ඒ යුගයේ තරුණයෙකුට ඉතා සැප පහසු සහ විනෝදකාමී ජීවිතයක් හිමිකරගත හැකි රැකියා වූයේ වතු අධිකාරි ධුරයයි.

නමුත් මේ ශ්‍රේෂ්ඨ තරුණයා ඒ සියල්ල අත්හැර සිය මවුබිමේ ආරක්ෂා වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට එක් වී අවසානයේ ඉතිහාසගත වීරෝදාර ක්‍රියාවලියකින් සිය ජීවිතය පූජා කළේ ය.

රටකට ඉදිරියට යාමට  නම් රටකට ආදරය කරන ගරු කරන මිනිසුන් බිහි කළ යුතුය.

ඒ සඳහා පාසැල් දරුවන්ට මානසික බලපෑමක් කළ යුතුය.

කපිතාන් සාලිය අලදෙණිය වැන්නන්  ගේ ජීවිත කතා සහ වීරෝදාර ක්‍රියා පාසල් පෙළ පොත් වලට ඇතුළත් කළ යුතු දුර්ලභ සිදුවීම්ය.



36 Viewers