ඉතිහාසයේ සිට ශ්‍රීලංකාවේ ආර්ථිකය වෙනස් වූ අයුරු හා වත්මන් රටේ දේශපාලන තත්වය…..
1977 න් පසු මේ රටේ ආර්ථිකයේ ලොකු වෙනසකට ලක් කරණ ලද්දේ,එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බව පිළිගත යුතු සත්‍යයකි.
දේශීය නිෂ්පාදන නගා සිටවීම වෙනුවට, ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය පවා චීනෙන් ගෙන්නන තැනට අපේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කළේ අසීමිත ආනයන නිදහසක් දුන් ඒ ආර්ථික ප්‍රතිපත්තිය යැයි පැවසුවහොත් එය නිවැරදි යැයි මා විශ්වාස කරමි….
වසර තිහක් පුරාවට මේ රටේ තිබු බෙදුම්වාදී යුද්දය අනෙක් පසින් අපේ ආර්ථිකය විනාශ කරණ ලදි..
2009 දී ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්දය නිම කිරීම, රටේ දේශපාලණයට එක අතකින් ලොකු අස්වැසිල්ලක් වනලදී.
එතනින් යළි අරඹපු සංවර්ධනය (උතුරු වසන්තය ඇතුළු ) යළිත් 2015 දී එතුමා පරාජය කරමින් පැමිණි එක්සත් ජාතික පක්ෂ රජයෙන් පසු පස්සට තල්ලු කර දමණ ලදි.
දළ ජාතික නිෂ්පාදන ඉහළ දැමීම වෙනුවට යළි යළිත් 2015 සිට 2019 දක්වා පත් වූ එක්සත් ජාතික පක්ෂය මුලිකව පිහිට වූ රජය වරින් වර ජාත්‍යන්තර ණය ලබා ගත් අතර වරායවල් ඇතුළු ජාතික සම්පත් විදේශීකයින්ට කුණු කොල්ලයට විකුණා දැමන ලදි.
යහපලාන රජය 2015 ත් 2019 අතර ඇමරිකානු ඩොලර් බිලියන 12 ක පමණ ජාත්‍යන්තර ණය හා බැඳුම්කර අලෙවියෙන් ණය ලබා තිබීමෙන්ම ඔවුන් රටේ ආර්ථිකය ගැන දක්වපු ප්‍රතිපත්තිය හොඳින් පැහැදිලි වෙනු ඇත.
මෙය කෙටි කාලයකදී ඉතිහාසයේ රජයක් විසින් ලබා ගත් වැඩිම ණය ප්‍රමාණය ලෙස සැලකිය හැකිය.
මෙම ඇමරිකානු ඩොලර් බිලියන 12 න් කළ සංවර්ධනයක් හෝ ආයෝජනයක් භෞතිකව දැකීමට නොතිබීම, රටේ විශාල අභාග්‍යයකි.
මේවර (2022 පසු ) අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්, ණය ලබා ගනු ලැබුවේ ඉතිහාසයේ 17 වෙනි වතාවටය , එයිනුත් වැඩි වතාවක් IMF ණය ලබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ වීමෙන්ම , රනිල් වික්‍රමසිංහයන් ඇතුළු එම පක්ෂය, “ණය මගින් රට ඉදිරියට ” යන තේමාව යටතේ කොතෙකුත් දුරට ප්‍රායෝගිකද යන්න පැහැදිලිව දැකීමට ඇත.
මෙහි ඇති ජුගුස්සා ජනකම සිද්දිය නම්, වර්තමානයේ 2025 දී රටේ නායකත්වය ලබා ගැනීමට ජනතා වරමක් අයැදින සමගි ජන
බළවේගයේ නායක වත්මන් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා ද 2015 සිට 2019 දක්වා වූ රට ආර්ථික වශයෙන් පොළොවටම සමතලා කළ හා එහි වරද ඉන් අනතුරුව බලයට පැමිණි ගෝටාභය ජනාධිපතිතුමා ගේ පිටින් ඇරපු යහපලාන රජයේ පංගුකාරයන් වීමමය.
මොවුන් දෙදෙනාගෙන් කෙනෙකු ඉංග්‍රීසියෙන් ණය ලබා ගන්නවා යැයි පවසන අතර අනෙකා තව ණය ලබාගෙන දැනට තිබෙන ණය ගෙවා දමා රට
සංවර්ධනය කරනවා යැයි පවසන්නේ ජනතාව මෝඩයින් යැයි සිතාගෙන දැයි මා නොදනිමි.
මොවුන්ට ණයට කෑම ඇරුණු කොට වෙන කිසිම විකල්පයක් නොමැති ගානය.
2022 අරගලයේ ප්‍රතිපලය වූයේ 2015 සිට 2019 දක්වා මේ රට ණය බරින් මිරිකා දැමූ යහපලානේ ජනතාව ප්‍රතික්ෂේප කළ
නායකත්වයම නැවත බලයට ගෙන ඒමය.
එසේ නම් ජනතා විමුක්ති පෙරමුණ මුලීකත්වය ගෙන දේශීය හා විදේශීය NGO සංවිධාන මගින් මෙහෙයවූ “අරගලය ” ජනතා වුවමනාවක් ද නැතිනම් පෞද්ගලික වුවමනාවක් දැයි අපට දැන් හොඳින් වැටහෙනු ඇත.
නැවත 2022 දී, “අරගලයෙන්” පත් වූ නායකත්වය සූපුරුදු ණය ලබා ගැනීම්වල හා දේපොළ විකුණා දැමීමේ ප්‍රතිපත්තිය මත සිට වත්මනේ රට පාලනය කරමින් සිටිනවා පමණක් නොව, හරියට 2020 දී ජනතාව ඔහු ප්‍රතික්ෂේප කළ වරදට, දඬුවමක් වශයෙන් බදු බරින් ජනතාව සුන්නත්දූළි කර දමමින් සිටින බව නම් හොඳින් පෙනී යයි.
මේ කිසිවකු නිසි ආර්ථික දැක්මක් ඇතිව සිටින බව නම් ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ගෙන් හෝ කතාවෙන් පෙනෙන්නට නැත.
සමගි ජනබල වේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සිතා සිටින්නේ, රටේ ආර්ථිකය හැසිරවීම යනු සරුවත් විකුනනවා වගේ “ටොයිස්” වැඩක් කියාය.
ජනතා විමුක්ති පෙරමුණ වරක වේදිකාවේ, මේ කිසිඳු ගත් ණයක් ඔවුන් බලයට පත්වීමෙන් අනතුරුව නොගෙවන බව මහත් උජාරුවෙන් හා තේජසින් යුක්තව අප්පුඩි හා විසිල් හඬ මාධ්‍යයේ ප්‍රකාශ කරණ ලදි.
ඒ ඔවුන් ආර්ථිකය ගැන සිතා සිටින තරමය. එදා 1988/89 යුගයන්හී, තුන්ඩු කැබැල්ලෙන් කඩසාප්පු හා අනෙකුත් රෝහල්, පාසැල් ඇතිලු සමාජීය වැදගත් ස්ථානයන් වසා දැමුවා සේ හා T 56 පෙන්වා ග්‍රාම සේවක ලවා හැඳුනුම් පත් එකතු කළා සේ, චන්ඩි කමින් ජාත්‍යන්තර ණය ද නොගෙවා සිටිය හැකි බවය.
වරක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාගේ දයාබර පියානෝ වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ශූරීන්, මුදල් ඇමති කම ඕනෑම Taxi කාරයකුට කළ හැකි බව නුගේගොඩ දේශපාලන වේදිකාවක දී ප්‍රකාශ කරණ ලදි..
ඒ අනුව සජිත් මැතිතුමා ද සිය පියාගේ අඩි පාරේ යමින් එය එසේ යැයි සිතා සිටිනවා විය හැකිය..
මෙය, අනාගතේ වෙන්ඩ ජනපතිලා ගේ ආර්ථික විද්‍යාව පිළිබදව ඇති පුළුල් දැක්ම හා දැනුමය.
දැනට රට කරවන ජනපතිගේ ආර්ථික දැනුම හා දැක්ම, වත්මන් ජනතාවගේ ජීවන වියදම් අංකයෙන් හා රටේ කර්මාන්තකරණ හා අපනයන කේෂ්ත්‍ර පත් වී ඇති ඉරණමෙන් ද දළ ජාතික නිෂ්පාදනයේ 2022/23 වාර්ෂික දර්ශකයෙන් ද (GDP Annual Turnover ) රට ගෙනියන දිශාව හොඳින් අධ්‍යනය කිරීමට හැකියාව ඇත.
රටේ වත්මන් ආර්ථිකය මෙවැනි දිශාතියකට ගමන් කිරීමේදී හා විකල්ප දේශපාලන යාන්ත්‍රනය, එය දෙස බලන සරල කෝණය අධ්‍යනය කිරීමෙන්, ශ්‍රීලංකාව ඉන්න සිතෙන රටක් දෝයි යන සැකය අප හදවත් තුළ ගැඹුරින් කිඳා බසිනු ලබයි.
එදා 2019 වර්ෂයේ , රටේ 69 ලක්ෂයක් එක හඬින් පොදුජන පෙරමුණේ නොහොත් පොහොට්ටුවේ අපේෂකත්වය දින වූයේ රට එක්සේසත් කිරීමේ අදිටනින්ය.
නමුත් කොරෝනා උවදුර වැනි අනපේක්ෂිත වසංගතයකින් රට වැසි යද්දී, 2015 සිට 2019 දක්වා විනාශ වූ ආර්ථිකයකින් හෙම්බත් වූ රටක් හා අභ්‍යන්තර හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් කඩාකප්පල් කිරීමට මාන බලන රටක් එක ඉරියව්වක තබා ගැනීම කොතරම් අසීරු කරුණක් ද යන්න සාමාන්‍ය බුද්දියක් ඇති කෙනෙකුන් හට හොඳින් ගම්‍ය වන කරුණකි.
අපේ රටට ද 2022 දී අත්වුයේ ඉහත සඳහන් සියළුම අභාග්‍ය සම්පන්න සිදුවීම් ගොන්නක් එක ස්ථානයකට කේන්ද්‍රගත වුවාසේ හෝ හිරු රශ්මිය කාචයක් හරහා එක් ස්ථානයකට නාඹි ගත වූ විට ගින්නෙන් දැල් වී යනවා සේ සමාන සිදුවීමකි.
නමුත් 2019 බිහිවූ පොදුජන පෙරමුණු රජය, 2020 හා 2021 දී ඇතිවූ වසංගතයට සමානුපාතිකව යම් සාදනීය පියවරවල් ලෙස,4% පොලියට කර්මාන්ත හා ව්‍යාපාරිකයින් වෙත ණය ලබාදීම, පීඩනයට ලක් වූ ජනතවට රුපියල් 5000/= දීමනාව දෙවරක් ලබා දීම (තුන් වන වර දීමට යාමේදී, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ බලවත් විරෝදය මත මැතිවරණ කොමිෂන් සභාව මගින් වලක්වන ලද බව මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කළ යුතු යැයි මා නිගමනය කරනුයේ, එතුමාගේ ඇති ජනතාවාදී බව පෙන්වීමටය.)
2019 දී පොදුජන පෙරමුණ අතට පත් වූ හිස් භාණ්ඩාගාරයකින්, වසංගතයට අවශ්‍ය බෙහෙත් හා සෞඛ්‍ය පහසුකම් සපයන අතරතුර, කළ මෙවැනි උපකාරයන්, අප කෘතගුණ සලකන ජාතියක් වශයෙන් අමතක නොකළ යුතුය.
අද තිබෙන වත්මන් දේශපාලන තත්වය නම්, කිසිදු පක්ෂයකට 50% සීමාව ඉක්මවා චන්ද ලබා ගැනීමේ දුෂ්කරතාවයක් ඇති වී ඇති බව පෙන්නුම් කිරීමකි.
එජාප ය, සජබ හා ජවිපෙ, ඔවුන්ගේ පසු ගිය හා වත්මන් චන්ද පදනම් ගැන විග්‍රහ කිරීමේදී, මෙම ඉලක්කය සපිරීම අපහසු කටයුත්තක් නොව කොහෙත්ම නොහැකි කටයුත්තකි.
ඒ උදෙසා ඔවුන් තනිතනියෙන්,
(01) එජාප 49% ක නව චන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය,
(02) සජබ 30% ක නව චන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය.
(03) ජවිපෙට 48% ක නව චන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුව ඇත.
පොදුජන පෙරමුණ ඔවුන් පෙර ලබා ගත් 51% න් 15% ඔවුන්ට අහිම් ඇතැයි උපකල්පනය කළහොත් ලබා ගත යුතු වන්නේ අහිමි වූ ප්‍රතිශතය පමණි.
එසේනම් පොදුජන පෙරමුණ සිටින්නේ, ඉහත දේශපාලන පක්ෂ සියල්ලටම වඩා, 51% ට ලන්වීමට හැකි අඩු සම්භාවිතාවකය.
සංක්‍යාළේඛණ එය එසේ විස්තර කිරීමේදීත්, බිම් මට්ටමෙන් උද්ගත වී ඇති ප්‍රයෝගික තත්වය නම්, ශ්‍රීලංකාවේ වත්මන් දේශපාලන පක්ෂ හෝ නායකයින් කිසිවෙකුට 2025 හෝ නුතන ජනාධිපතිවරණයක දී 50% ඉක්මවා යෑමට නම් ඉතා දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වන බවය.
යම් හෙයකින්, රටේ අභිවෘධිය ගැන සිතා හෝ , එජාපය, සජ්බ හා පොදුජන පෙරමුණ යන දේශපාලන පක්ෂ ත්‍රිත්වය හා අනෙක් කුඩා පක්ෂයන් ද සමග යම් සංධාන ගත වීමකට ලක්ව එකට කුමණ හෝ මැතිවරණයකට තරඟ වදී නම් එය ඉතාමත් ශක්තිමත් සංදාණයක් වීම වැලක්විය නොහැකි වනු ඇත.
මෙයිනුත් එය සාර්ථක සන්ධානයක් වීමට නම් අනෙකුත් පක්ෂ සියල්ල පොදුජන පෙරමුණ හා එක් විය යුතුයැයි මා අවධාරණය කරනුයේ, පොදුජන පෙරමුණ මැතිවරණ චන්ද පදනම් ප්‍රතිශතයේ ඉහලින්ම සිටීම හා පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය, මා ඉහත සඳහන් කළ එක් එක් පක්ෂයන්ගේ ප්‍රතිපත්ති හා දැක්මන්ට එහා ගිය ප්‍රයෝගික බවකින් හෙබ වීම නිසාවෙනි.
මෙය හුදෙක් මා පෞද්ගලිකව දකින දේශපාලන මතය වන අතර මීට හාත්පසින් වෙනස් මතයක් එම දේශපාලන පක්ෂයන්හි නායකත්වයට ඇතැයි මා විශ්වාස කරමි.
නමුත් තන්හාවන්ත කමට මා ඉහත නම් සදහන් කළ යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් මෙම සිද්ධාන්ථයෙන් ඔබ්බට ගොස් මුළු දොඩම් ගොඩම බාධා ගැනීමට ගිය හොත්, කිසිවෙකුත් කිසි කලෙක බලය දීමට එකඟ නොවන දෙවැනි පාර්ශවයක් මෙම තත්වය මත ඉදිරියට ඒමට ඉඩ ඇති මුත් කිසිවෙකුට රජයක් තනිව පිහිටීමට නම් හැකියාවක් නොලැබෙනු ඇතැයි මා විශ්වාස කරමි.
ඒ කෙසේ වෙතත් පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් ඉහල චන්ද පදනමක් තුළ තවමත් ඇති බැවින්, ඕනෑම මැතිවරණයකදී, එම පක්ෂය තීරනාත්මක බවද සිහියේ තබා ගත යුතුය.
කෙසේ හෝ කවුරුන් හෝ ප්‍රභල දැක්මකින් එදා වසර තිහක සිවිල් යුද්දය නිමා කරා සේ ඉදිරිපත් වී මෙම ආර්ථිකය යතාර්ථයක් කළ යුතුව ඇති බව නම් අපට හොඳින් හැඟෙන කරුණකි.
(දිනේෂ් ද අල්විස් )
54 Viewers