උතුරේ මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මුලීක අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ සංදේශයක්
අද දිනයේදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානයට භාරදෙනු ලැබුවා. 13 ව්‍යවස්ථා සංශෝධනය සහ සංහිදියාව ගැන කතා කරන ආණ්ඩුවත්, අනෙකුත් පක්ෂවත් ජාත්‍යන්තර සංවිධාන කිසිවෙක් උතුරේ තමන් උපන්බිමේ සරණාගතයන් බවට පත්වු සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන අවධානයක් යොමුකරන්නේ නෑ. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් විසින් ගම්වලට පැනලා සිංහල පවුල් කෑලි කපලා ඝාතනය කලාට පස්සේ ඒ මිනිස්සු ගම්බිම් දාලා ගියා. 1982 සංඝණනය අනුවත් මන්නාරම දිස්ත්‍රික්කයේ 8000 වැඩි සිංහල ජනගහනයක් ජීවත් උනා. සිංහල පාසල් පහක් තිබුණා. පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිම යුද්ධයෙන් අවතැන් වු සිංහලයන්ට අදාල වෙලා නෑ. ඒ ජනතාව තම ධෛර්‍යයෙන් පදිංචි වෙන්න හැදුවත් දරුවන්ට පාසල් නෑ. රැකියා අවස්ථාවන් නෑ. ආගමික කටයුතු කරන්න පන්සලක් නෑ.හදා ගන්න පන්සලට ගිනි තියනවා. හදා ගන්න පාසලට ගුරුවරු නෑ. පහසුකම් නෑ. අඩුම ගානේ මැරුණම වළදාන්න සුසාන භුමියක් නෑ. හිටපු සිංහල ම්නිසුන්ගේ ඉඩම් අයිතිවාසිකම් බලපත්‍ර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලවල පැහැදිලිව තියෙනවා. අන්තවාදී රාජ්‍ය නිළධාරින් ඒ ලේඛණ හංගනවා. විනාශ කරනවා. ව්‍යාජ ලේඛණ හදලා වෙනත් අයට පවරනවා. සංහිඳියාව සහ බලය බෙදිම කියලා බලය දෙන්නේ මේ අන්තවාදි දේශපාලන නායකයන්ට සහ රාජ්‍ය නිළධාරින්ට නම් එවැනි සංහිඳියා ක්‍රියාවලියක් ගැන සිංහල මිනිස්සුන්ගේ විශ්වාසයක් ඇතිවන්නේ නෑ. සංදේශය භාරදෙමින් දේශප්‍රේමි ජාතික පෙරමුණේ ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයාට කරුණු පැහැදිලි කලා.
මේ අවස්ථාවට සිසු සවිය සංවිධානය නියෝජනය කරමින් කෝසල පත්තිනිගේ, එකමුතු භූමිපුත්‍ර පෙරමුණේ අජිත් රණසිංහ ,සාන්ත සේණාධීර,සුහද ප්‍රියදර්ශණ ,සමන් තිලක ලංකා ජනතා පක්ෂයේ මධුභාෂණ, සිංහල දීප ජාතික පෙරමුණේ ටික්කම මහින්ද, දේජාපය නියෝජනය කරමින් මතුගම සෙනෙවිරුවන් ඇතුළු ක්‍රියාකාරින් රැසක් සහභාගි උනා.
9 Viewers